ශ්‍රී මහා බෝ මළුවෙන් මතුවූ සඳකඩ පහන යළි පස#
ශ්‍රී මහා බෝ මළුවෙන් මතුවූ සඳකඩ පහන
යළි පස් දමා වසා දමයි
අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
http://www.divaina.com/2009/11/13/news06.html
අනුරාධපුර ජයශ්‍රී මහා බෝධියේ වැලිමළුවේ ශෛලමය ප්‍රාකාර බැම්ම අසල සිදු කළ කැණීමකදී අඩි එකහමාරක් පමණ ගැඹුරු පොළවේ පස්වලින් යටවී තිබී පසුගියදා මතුවූ විශේෂ ගණයේ සඳකඩපහන එම ස්ථානයේම පස්වලින් වසා දමා තිබේ.
විධිමත් කැණීමක් සිදු කර සඳකඩපහන ඇතුළු එම ස්ථානයේ ඇති බවට අනුමාන කරන වෙනත් පුරාවස්තූන් මතු කරගන්නා තෙක් පෙරේදා (11 දා) සවස සඳකඩපහන නැවත පස් දමා වසා දැමූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් "දිවයින"ට පැවසීය.
ජයශ්‍රීමහා බෝ වැලි මළුවේ ශෛලමය ප්‍රාකාර බැම්ම අසල ඉදිකිරීමට යෝජිත අනිමිස ලෝචන පූජාව පිළිබිඹු කෙරෙන ප්‍රතිමා ගෘහය ඉදිකිරීමට අත්තිවාරම් කැපීමේදී එම සඳකඩපහන පොළොව යට තිබී මතුවිය.
එය මෙතෙක් හමු නොවූ සුවිශේෂී ගණයේ සඳකඩ පහනක් බවද පුරාවිද්‍යා නිලධාරීහු පෙන්වා දෙති.