රයිගම රාජධානිය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ඕවා ඔක්කොම කුඩු කරලා පල්ලි හදලා තිබ්බේ බන්. හොරණ පාර හදලා තියෙන්නේම පන්සල මැද්දෙන්. ලංකාවේ තිබ්බ ලොකුම පිරිවෙනක්. වීදාගම තවත් එකක්. පට්ට ලොකු පන්සල්. අද පොඩි පන්සල්. හොරණ පොකුණුවිට පන්සල් ටික ඉතුරු උනා. පතහවත්ත වීදාගම පල්ලි හැදුවා පන්සල් මැද්දේ.

    පරංගි තමා. කතෝලික පල්ලිය කතෝලික මිනිස්සු පට්ට අඩු හොරණ වගේ පලාතක තියෙයිද? කතෝලික නොවුන වරදට සිංහල ගම් පිටින් පරංගි ගිනි තිබ්බා.
    😔
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පානදුර පැත්තට එනකොට ටවුන් ඒක පහු වෙලා පොඩි කන්දක් තියෙන්නේ එක ඉවර වෙනකොටම වම් අත පැත්තේ. බෝඩ් එකක් තියෙනවා පුරාවිද්‍යා එකෙන් දාපු.
    Ah mn dannawa place eka.
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    bgRleKcfsISwBshp_cover.raigam-korale.jpg

    මේ කොයි යන්නේ – රයිගම් යන්නේ කියන කවි පදය ඔබටත් මතක ඇති. එය පැරණි සැහැලි කවියකට අයත් පද දෙකක්. මේ සැහැලිවල සඳහන් රයිගම කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රා. ලේ. කොට්ටාසයේ තමයි, පිහිටා තිබෙන්නේ. පුරාණයේ විශාල පෙදෙසක පැතිරුණු රයිගම, අද රයිගම් කෝරළය නම් කුඩා ප්‍රදේශයකට සීමා වෙලා. රයිගම රාජධානියේ තොරතුරු යම් පමණකට අපට පවසන නටබුන් කිහිපයක් අදත් පවතිනවා. නමුත් හුඟදෙනෙක් ඒවා ගැන දන්නේ නැහැ. කොළඹ සිට බණ්ඩාරගම හරහා රයිගම රාජධානිය පිහිටි ස්ථානයට දුර කි. මී. 45ක් පමණ වෙනවා.

    රයිගම රාජධානිය​

    2nBgKBXftz4qCZ4S_1-%281%29.JPG
    මාළිගාබිමේ ඉදිකළ පුෂ්කරාරාම විහාරය- කුසුම්සිරි විජයවර්ධන
    ඓතිහාසික ග්‍රන්ථවල රයිගම ගැන සඳහන් වන්නේ රාජග්ගාම, රෛග්‍රාම යන නම්වලින්. කවීශ්වර නම් පඬිවරයකු රචිත මයුර සංදේශයේ රයිගම් පුරය වර්ණනා කොට තිබෙනවා. මුලින්ම රයිගම රාජධානියක් ලෙස ආරම්භ කළේ නිශ්ශංක අලකේශ්වර හෙවත් අලගක්කෝණාර නම් ප්‍රභූ රාජයා විසින්. මෙලෙස රාජධානිය ආරම්භ කළ දිනය නිශ්චිත නැතත්, කුරුණෑගල 5 වැනි විජයබාහුගෙන් පසු (ක්‍රි. ව. 1341න් පසු ව) එය ආරම්භ වූ බව පේනවා. එකල කුරුණෑගල රාජධානියේ බලය දුර්වල වීම නිසා මෙලෙස ප්‍රාදේශිය රාජධානියක් බිහි වී තිබෙනවා. මෙකල අලකේශ්වර මන්ත්‍රී රයිගමත්, උඩරට බුවනෙකබාහු ගම්පොළ නුවරත්, ආර්ය චක්‍රවර්තී යාපනයේත් පාලනය ගෙන ගිය බව අලකේශ්වර යුද්ධය නම් පුරාණ ග්‍රන්ථයේ දැක්වෙනවා. 14-15 වැනි සියවසේ දී රටේ නිරිතදිග සහ දකුණු ප්‍රදේශය මුළුමනින් ම පාලනය කළේ රයිගම රාජධානියෙන්. රයිගම රාජධානියේ සීමා කළුතර, ගාල්ල, මාතර යන වත්මන් දිස්ත්‍රික්ක තුළ පැතිර තිබුණා. ඊට පසු රයිගම අලකේශ්වර පරපුරේ කිහිප දෙනෙකු ම පාලනය කළා.

    ඉබන් බතුතා​

    etvrwdwMpFJLQ8qI_2.jpg
    දේශ සංචාරක ඉබන් බතුතා වෙනුවෙන් මාලදිවයින නිකුත් කළ කාසියක් -museu.ms
    1344 දී රට රටවල සංචාරය කරන අතරතුර ලංකාවට පැමිණි ඉබන් බතුතා තම ගමන් විස්තරයේ අලකේශ්වරගේ රයිගම රාජධානියට ගිය බව ද සඳහන් කරනවා. මේ ඉබන් බතුතාගේ සටහනක්- “රජුට ඇලි ඇතෙක් සිටියේ ය. මා ලොව අන් කිසි තැනක ධවල හස්තියක් දැක නොමැත. රජතෙමේ උත්සව අවස්ථාවල දී ඇලි ඇතා, රතු මැණික් ආදියෙන් සරසා ඌ පිට යයි. රටේ රදලවරු මේ රජුට විරුද්ධ ව කැරලි ගසා රජුගේ ඇස් අන්ධකර රජුගේ පුත්‍රයාට රජකම දුන්හ.” මෙකල යාපනේ ආර්යචක්‍රවර්තී රජු මෙම ප්‍රදේශවලින් ද බදු අය කිරීමට පටන් ගත් අතර, රයිගම බලකොටුවේ සිටි අලකේශ්වර ඔවුන්ට පහර දී එලවා දැමූ බව ද ඉතිහාසයේ සඳහන් වෙනවා.
    වර්ෂ 1411 වන විට රයිගම පාලනය කරමින් සිටියේ වීර අලකේශ්වර කුමරු යි. ක්‍රි. ව. 1411 දී චීන නාවික සෙන්පති “ෂෙන්-හෙ” සිය නාවික සේනාව සමග දෙවැනි වරට බේරුවල වරායට පැමිණෙනවා. ඒ වතාවේ ඔවුන් පැමිණෙන්නේ වීර අලකේශ්වර බලයෙන් පහ කිරීමේ සියලු සැලසුම් සකස්‌ කරගෙන යි. මේ වතාවේ දීත් වීර අලකේශ්වර “ෂෙන්-හෙ”ට විරෝධය පළකරනවා. නමුත් චීන හමුදාව රහස්‌ මාර්ගයකින් බේරුවල සිට රයිගමට ඇතුළු වී රාත්‍රි කාලයේ මාළිගාවට ප්‍රහාරයක්‌ එල්ල කොට වීර අලකේශ්වර පැහැරගෙන චීනයට රැගෙන යනවා.
    ඊට පසු රයිගම රාජධානියේ පාලන බලය හිමිවන්නේ පසු ව කෝට්ටේ රාජධානිය බිහි කළ හය වැනි පරාක්‍රමබාහු කුමරුට යි.
    y3JvPziF7Tqrm87k_3.JPG
    පතහ හෙවත් පොකුණ සංරක්ෂණය කිරීමට පෙර- කුසුම්සිරි විජයවර්ධන
    කෝට්ටේ සයවැනි පැරකුම්බා (1411 – 1461) රජුගේ ගුණ වැයුමට කවියෙකු විසින් ක්‍රි .ව. 1450 ත් 1460 අතර රචිත ප්‍රශස්ති කාව්‍යයක් වන පැරකුම්බා සිරිතේ පද්‍යවල කියවෙන පරිදි පැරකුම්බා නිරිඳු රයිගම් පුරවරයේ සූසැට බරණින් සැරසී සිද්ධ ඔටුනු පැළැඳ, ලෝ සසුන බබුළුවමින් සූර්ය වංශය සරහමින් ශක්‍ර දේවෙන්ද්‍රයා මෙන් වාසය කර තිබෙනවා. රාජාවලිය පවසන්නේ බුද්ධ වර්ෂයෙන් එක්වාදහස් නවසිය සුසාළිස් අවුරුද්දක් ගිය සඳ ශ්‍රී පරාක්‍රමබාහු රජු තුන් අවුරුද්දක් රයිගන් නුවර වැඩ හිඳ පසු ව ජයවර්ධන කෝට්ටයට වැඩම වූ බව යි.

    රාජධානියේ අවසානය​

    pvXyTI9720zAhXpn_4.JPG
    කබොක් ගලින් කළ පොකුණු බැම්ම- කුසුම්සිරි විජයවර්ධන
    රාජාවලියේ ‘විජයබා කොල්ලය’ ලෙසින් හැඳින්වෙන කෝට්ටේ හයවැනි විජයබාහු රජු (ක්‍රි. ව. 1513 – 1521) මරා ඔහුගේ පුතුන් තිදෙනා වන මායාදුන්නේ, රයිගම් බණ්ඩාර සහ බුවනෙකබාහු රාජ්‍යය පැහැර ගැනීමේ මාළිගා කුමන්ත්‍රණයෙන් පසු හත්වන බුවනෙකබාහු රජු (ක්‍රි. ව. 1521 -1551) ජයවර්ධනපුර අගනුවර කර ගනිමින් මුළු රටේ ම පාලකයා ලෙස කිරුළු පළදිනා. රයිගම් බණ්ඩාර රයිගම් නුවර ද මායාදුන්නේ තමන් විසින් ම කළ සීතාවක නුවර ද යන ප්‍රදේශ රාජ්‍යය කළ බව මහාවංශයේ සඳහන් වෙනවා. ඒ දක්වා ප්‍රාදේශිය රජවරු 10 දෙනෙකු මේ භූමියේ වරින් වර රජකම් කොට තිබෙනවා. රාජධානිය අවසන් වූයේ 16 වැනි සියවසේ පෘතුගීසි ආක්‍රමණවලින්. පාලනයට පුතෙක් නොමැති ව රයිගම් බණ්ඩාර මිය ගිය අතර, ඊට පසු සීතාවක මායාදුන්නේ රජු රයිගම රාජධානිය ද සීතාවකට ඈඳාගෙන, රයිගම ධනය කොල්ල කෑ බව ද සඳහන් වෙනවා. ඉන්පසු ව, රාජධානියේ ගොඩනැඟිලි, පොකුණු, කොටු පවුරු ආදිය නටබුන් වී තිබෙනවා.

    රයිගම මාළිගය​

    0w7KpGHg1kiOsA8v_5.jpg
    මාළිගා බිම වටා යන ප්‍රාකාරය- lankaweb.com
    බණ්ඩාරගම – හොරණ මාර්ගයේ කොතලාවල හන්දියෙන් දකුණට ඇති පාරේ ටික දුරක් ගිය විට, කබොක් ගලින් නිර්මිත විශාල පවුරකින් වට වූ ශ්‍රී පුෂ්කරාරාමය දැකගත හැකියි. එම විහාර භූමියේ මෑතක දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් පිළිසකර කළ විශාල පොකුණක් ද පිහිටා තිබෙනවා. පුරාණ රයිගම රාජධානියේ රජ මැඳුර ඇතුළු ගොඩනැඟිලි පැවති බිම වශයෙන් සැලකෙන්නේ මේ විහාර බිම යි.

    මාළිගා බිම පුදබිමක් වෙයි​

    V09GD3XEI6zMGbX3_6.JPG
    විහාරයේ ධර්ම ශාලාව – කුසුම්සිරි විජයවර්ධන
    අක්කර හතරහමාරක් විශාල නටබුන් බහුල ව පැවති මෙම ස්ථානයේ විහාරයක් ගොඩනැඟුණේ 1817 දී යි. මේ පන්සල ආරම්භ කොට ඇත්තේ නාරංගස්පිටියේ සුදස්සි ස්වාමීන් වහන්සේ බව පැවසෙනවා. මේ විහාරයට අමතර ව ඉංග්‍රීසි පාලන සමයේ බුදු දහම නඟා සිටුවීමට උන්වහන්සේ අවට තවත් පන්සල් රාශියක් ආරම්භ කර තිබෙනවා. ඒ සියල්ල හඳුන්වන්නේ “පතහවතු සඟ පරපුර” නමින්. ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පය හෙළි කරන ධර්ම ශාලාවක්, සංඝාවාස මන්දිරයක්, සහ විහාරයක් මෙහි පවතිනවා.

    පතහ වත්ත​

    7zAMJis40Bn1q2sx_7.jpg
    සංරක්ෂිත පොකුණ-serendib.btoptions.lk
    අක්කර කාලක් පමණ විශාල පතහක් (පොකුණක්) පැවති නිසා මේ විහාර පිහිටි බිම පතහවත්ත ලෙසින් හඳුන්වනවා. රාජකීයයන් ස්නානය කිරීමට යොදාගත් බව සැලකෙන මෙම පතහ කබොක් ගල් ප්‍රාකාර යොදා ඉදිකර ඇති නිර්මාණයක්. මෙම පොකුණ පසුගිය කාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කැණීම් කර සංරක්ෂණය කර තිබෙනවා. කබොක්ගල් නිර්මාණ පිළිබඳ ව හොඳම උදාහරණ දක්නට ලැබෙන ස්ථානයක් වන්නේ රයිගම මාළිගා බිම යි.

    ප්‍රාකාරය​

    TKFa82Bye7JqVXfl_8.JPG
    වැසිකිළි ගලක නටබුන්- කුසුම්සිරි විජයවර්ධන
    මාළිගාව පිහිටි ඇතුළු නුවර වටා යන සේ කබොක් ගල්වලින් ප්‍රාකාරයක් ඉදිකර තිබෙනවා. එය මේ ස්ථානයේ දැකිය හැකි ප්‍රධාන ස්මාරකය යි. මේ ප්‍රාකාරය එය මතින් අශ්වයෙකුට ගමන් කිරීමට තරම් පළල යි. කෝට්ටේ බලකොටුව වටා ද මෙවැනි ප්‍රාකාරයක් තිබුණත්, අද එය බොහෝ ස්ථානවලින් විනාශ වෙලා.
    අනුමාන කෙරෙන්නේ ප්‍රභූරාජ අලකේශ්වර යාපනයේ ආර්ය චක්‍රවර්ති රජු හා යුද වැදීමට පෙර, එනම් 1360-1370 අතර මේ පවුර ද ඉදිකරන්නට ඇති බව යි. 1970 දී මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා. ප්‍රාකාරය 1980 දශකයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර තිබෙනවා. අඩි 8ක් පමණ උසැති මේ ප්‍රාකාරය අඩි 6ක් පළල යි. මයුර සංදේශයේ මේ ප්‍රාකාරයත් ඒ සමග වූ දිය අගලත් විස්තර වෙනවා. මොණරිඳු දූත ගමනේ යෙදුණු දෙවැනි දින රාත්‍රිය ගතකොට ඇත්තේ මේ මාළිගා සංකීර්ණය තුළ බව මයුර සංදේශයේ කියවෙනවා.
    ගඟසිරිපුර සිට දෙවිනුවරට මයුරා යන මග එවකට අලගක්කෝනාර ප්‍රභූ රාජයා විසූ රයිගම් පුරවරය පසුකර ගමන් කරයි. මයුර සන්දේශ කවියා එම රයිගම්පුරය මෙසේ වර්ණනා කරයි.
    ලෙස තෙවිකුම් රුපු නොතැකුම් විකුම් කොට
    තුඟු තුරුගුම් බල සැලසුම් සෙන් පිහිට
    ලොව සිරිතුම් ඇම පැවතුම් කළ දිගට
    නිතිමනරම් වදු රයිගම් පුරවරට

    වෙනත් නටබුන්​

    QOvz19OTpGLQuxSO_9.JPG
    ශෛලමය නටබුන්- කුසුම්සිරි විජයවර්ධන
    විහාර භූමියේ විසිරී තිබූ පුරාවස්තු අතර කැඩී බිදී ගිය අලි හිස්, වැසිකිලි ගල්, පළිඟු පාෂාණය වැදගත් වෙනවා. බොහෝ නටබුන් කාලයාගේ ඇවෑමෙන් විනාශ වී ගොස් ඇති බව යි පෙනෙන්නේ. අඩ පියුමක් සහිත පැරණි සඳකඩ පහණ දැනට මෙම රාජ මහා විහාරයේ බුදු මැදුරට පිවිසෙන ස්ථානයේ දැකගත හැකියි. විහාරයේ ආරක්ෂිත ව තබා ඇති ශෛලමය ඇත් හිස මාළිගයේ වහලින් ගලා එන ජලය පිටකිරීමට තිබූ නිමවුමක් බවට යි අනුමාන කෙරෙන්නේ. දෙපසට ම පා තැබිය හැකි වන අයුරින් පා සටහන් හතරක් ඇති වැසිකිළි ගල ද පන්සල් භූමියේ නටබුන් අතර දැකගත හැකියි. එසේ ම නිරිත දෙසින් හා දකුණු දෙසින් රජ මැදුරට ජලය සැපයූ ළිං දෙකක සලකුණු ද දකින්න පුළුවන්. 19 වැනි සියවසේ දී වර්තමාන විහාරය ඉදිකිරීමේ දී තැන තැන විසිර තිබු ගල්කණු හා ගල් පුවරු රාශියක් විහාර ගොඩනැඟිල්ල ඉදිකිරීමට යොදාගත් බව පේනවා. ඒ නිසා පැරණි සාධක රැසක් අද වන විට මැකී ගිහින්.

    රාජකීය භාණ්ඩාගාරය​

    අද භාණ්ඩාගාරය ගැන ඓතිහාසික මූලාශ්‍ර නැතත් රයිගමට නුදුරු බණ්ඩාරගම භාණ්ඩාගාරය තිබෙන්නට ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. බණ්ඩාරගම යන නාමය ලැබී ඇත්තේ භාණ්ඩාගාර ගම යන අර්ථයෙන් බව පැවසෙනවා.

    උයන්වත්ත වැව​

    8hpteWIOfFOOoZ6e_10.JPG
    වැවේ සුන්දරත්වය – කුසුම්සිරි විජයවර්ධන
    මාළිගයට තරමක් නුදුරින් පිහිටි මේ වැව පුරාණයේ දී අක්කර 140ක් විශාල ව පැවති බව සැලකෙනවා. අද එහි විශාලත්වය අක්කර 68ක් පමණ වෙනවා. වැවෙන් කුඹුරු අක්කර 350කට ජලය සැපයෙනවා. මේ වැව අලකේශ්වර රජ සමයේ නිර්මාණය කළ බව ජනප්‍රවාද පවසනවා. වැවට සමීප ව එකල රාජකීය උයන් පිහිටා තිබූ නිසා මෙයට උයන්වත්ත වැව යන නම ලැබී තිබෙනවා. මෙය ප්‍රදේශය සුන්දර කිරීමට ද සමත් ජලාශයක්.

    -Roar-

    https://www.lankadeepa.lk/Rasawitha/දග-ඉතහසයකට-උරමකම-කයන-බණඩරගම/57-519217
    ape gama ban :)
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413

    Very interesting! TFS Bro :love: