ශ්‍රී ලංකන් ගුවන් සමාගමට Australia තවත් හිසරදයක්.

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,493
    3,240
    113
    ශ්‍රී ලංකන් ගුවන් සමාගමට තවත් හිසරදයක්.

    ඕස්ට්‍රේලියාවේ ජෙට්ස්ටාර් (Jetstar) ගුවන් සමාගම 2026 අගෝස්තු 25 සිට මෙල්බර්න් සහ කොළඹ අතර සතියකට ගුවන් ගමන් වාර තුනක් ආරම්භ කිරීමට නියමිතයි.

    ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට වඩා 33%ක් දක්වා අඩු මිලට ගුවන් ටිකට්පත් අලෙවි කරයි.

    මෙල්බර්න් සිට පිටත්වන පළමු ගුවන් ගමන සඳහා දැනටමත් සියලු ආසන වෙන් වී අවසන්ය.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,490
    2,948
    113
    Tourism වල උන්නතිය වෙනුවෙන් Srilankan Airlines ආණ්ඩුව තියගෙන බදු සල්ලි පොම්ප කරන්න තීරණය කරා... දැන් හරි නේ වැඩේ... Competition ආවා විතරයි, හික් ගෑවෙනවා...
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    IMG_1297.jpeg


    Not gonna spend more than 20 hours back-and-forth :no:. The first and third options would be better.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    Jetstar වල යනවට වඩා හොදයි ලැන්ඩ්මාස්ටරෙක යනවා. නග්ගනකන් ශුවරුත් නැ බස්සනකන් ශුවරුත් නැ ඇගෙ තියෙන ලෙ ටික පිච්චෙනවා ගාන අඩු උනාට. ඩොමෙස්ටික් නම් මෙලො රහක් නැ.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    ඉස්සර ජෙට්ස්ටාර් කිව්වම චාටර්. සෑහෙන්න ෆ්ල්යිට්ස් කැන්සල්, රිස්කේඩුල් වෙනවා. සිඩ්නි ගියපු දෙතුන් සැරයක්ම ආපු එන ෆ්ලයිට් එක රිස්කේඩුල් උනා. එදා ඉදන් ටික කාලයක් යනකල් ජෙට්ස්ටාර් ගියේම නැහැ, එක්කෝ වර්ජින්, නැත්නම් Quantas.
    එත් 2022 දී ජෙට්ස්ටාර් වල leadership එක වෙනස් උනා. කාලයක් තිස්සේ හිටපු CEO අයින් වෙලා කලින් Quantas එකේ හිටපු CEO (Stephanie Tully) ජෙට්ස්ටාර් එක ටෙක් ඕවර් කලා. එදා ඉදන් හොදයි, අන්තිම අවරුදු 3 දී මම ගියපු කිසිම flight එකක අවුලක් උනේ නෑ. ඉස්සර ටේක් ඔෆ් කරද්දී හැමදාම පරක්කු වෙලා, අන්තිම මොහොතේත් බෑග් ඩ්‍රොප් කරන්න දෙනවා. දැන් එහෙම නෑ , බෑග් ඩ්‍රොප් එක විනාඩි 45 ට කලින් close කරනවා.අනික දැන් ෆ්ලයිට්ස් නුත් එහෙම පරණ නෑ. ඔක්කොම වගේ අලුත් එයා බස් 320 එහෙම තමයි තියෙන්නේ.
    මෙහෙමයි ඉතින් ජෙට්ස්ටාර් කියන්නේ බජට් ප්‍රයිස් එයාලයින් එකක්. එකෙන් ශ්‍රී ලන්කන් එයවේස් එකේ, කටාර් එයවේස් එකේ දෙනවා වගේ කන්න බොන් දෙන්නේ නෑ. පැය 2-3 වගේ ෂෝර්ට් ඩිස්ටන්ස් වලට හොදයි. කන්න බොන්න දෙන්නේ නැති නිසා කෑම ටිකක් අරන් නැග්ගම පාඩුවේ යන්න පුළුවන්, ගානත් ශේප්. වෙලාවට යනවා. අනික Club Jetstar members ලට හොද deals දෙනවා.මේ ලගදි මට Tokyo deal එකක් සෙට් උනා return ticket එක totally free (සකුරා කාලේ නෙවේ ඉතින් off season ). උන් දෙන තරම් ලාබෙට වෙන එකම එයාලයින් එකකටවත් දෙන්න බෑ. මම දැක්ක Auckland වලදී, ඒ වෙලාවේදී අනෙක් Airlines වල counters වල එකෙක්වත් නෑ සෙනග, එත් ජෙට්ස්ටාර් කවුන්ටර්ස් වල line දිගේ පිරෙන්න සෙනග. :yes: :yes:

    P.S - මෙහෙම දේකුත් තියෙනව. ජෙට්ස්ටාර් වල ටිකට් එකේ (ගොඩක් වෙලාවට ඩොමේස්ටික් ) 7KG hand luggage එකක් විතරයි දෙන්නේ. book කරද්දී checked luggage එකක් ඇඩ් කරගන්න ඕනේ. එතකොට ප්‍රයිස් එක බලන්න ඕනේ අනික් එය ලයින් එක්කත්. සමහර වෙලාවට බෑග්ස් ඇඩ් කලාම අනික් ඒවාට වඩා ගැන වැඩිවෙනවා නම් වෙන එකක් දාන එක ලාබයි. එක ඉතින් බුක් කරන එකා දැනගන්න ඕනේ. එත් 95% වෙලාවට ඔය ඔක්කොම ඇඩ් කරලත් ජෙට්ස්ටාර් ටිකට් එක ලාබයි..
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,421
    14,337
    113
    35
    Spain
    මන් ගුවන් යානයක ගිහින් නැහැ බන්, ඔහොම ඩිරෙක්ට් යන්නේ නැති එකක කොහොමද වැඩේ වෙන්නේ? පළමු නැවතුමෙන් බැහැල වෙන එකකට නගිනවද? නැත්නම් ඒ ගුවන් යානයම ගමනාන්තයටම යනවද?
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,490
    2,948
    113
    මන් ගුවන් යානයක ගිහින් නැහැ බන්, ඔහොම ඩිරෙක්ට් යන්නේ නැති එකක කොහොමද වැඩේ වෙන්නේ? පළමු නැවතුමෙන් බැහැල වෙන එකකට නගිනවද? නැත්නම් ඒ ගුවන් යානයම ගමනාන්තයටම යනවද?
    ගොඩක් වෙලාවට පළමු නැවතුමෙන් බැහැල වෙන එකකට නගිනව
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,582
    2,454
    113
    මන් ගුවන් යානයක ගිහින් නැහැ බන්, ඔහොම ඩිරෙක්ට් යන්නේ නැති එකක කොහොමද වැඩේ වෙන්නේ? පළමු නැවතුමෙන් බැහැල වෙන එකකට නගිනවද? නැත්නම් ඒ ගුවන් යානයම ගමනාන්තයටම යනවද?

    ehenam uba bottuwen da spain giye? :P
     
    • Haha
    Reactions: Inigo Montoya

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,133
    113
    adala nene
    මන් ගුවන් යානයක ගිහින් නැහැ බන්, ඔහොම ඩිරෙක්ට් යන්නේ නැති එකක කොහොමද වැඩේ වෙන්නේ? පළමු නැවතුමෙන් බැහැල වෙන එකකට නගිනවද? නැත්නම් ඒ ගුවන් යානයම ගමනාන්තයටම යනවද?
    bus gemunugen ahapan
     
    • Haha
    Reactions: Inigo Montoya

    Similar threads