ඉස්සර ජෙට්ස්ටාර් කිව්වම චාටර්. සෑහෙන්න ෆ්ල්යිට්ස් කැන්සල්, රිස්කේඩුල් වෙනවා. සිඩ්නි ගියපු දෙතුන් සැරයක්ම ආපු එන ෆ්ලයිට් එක රිස්කේඩුල් උනා. එදා ඉදන් ටික කාලයක් යනකල් ජෙට්ස්ටාර් ගියේම නැහැ, එක්කෝ වර්ජින්, නැත්නම් Quantas.
එත් 2022 දී ජෙට්ස්ටාර් වල leadership එක වෙනස් උනා. කාලයක් තිස්සේ හිටපු CEO අයින් වෙලා කලින් Quantas එකේ හිටපු CEO (Stephanie Tully) ජෙට්ස්ටාර් එක ටෙක් ඕවර් කලා. එදා ඉදන් හොදයි, අන්තිම අවරුදු 3 දී මම ගියපු කිසිම flight එකක අවුලක් උනේ නෑ. ඉස්සර ටේක් ඔෆ් කරද්දී හැමදාම පරක්කු වෙලා, අන්තිම මොහොතේත් බෑග් ඩ්‍රොප් කරන්න දෙනවා. දැන් එහෙම නෑ , බෑග් ඩ්‍රොප් එක විනාඩි 45 ට කලින් close කරනවා.අනික දැන් ෆ්ලයිට්ස් නුත් එහෙම පරණ නෑ. ඔක්කොම වගේ අලුත් එයා බස් 320 එහෙම තමයි තියෙන්නේ.
මෙහෙමයි ඉතින් ජෙට්ස්ටාර් කියන්නේ බජට් ප්‍රයිස් එයාලයින් එකක්. එකෙන් ශ්‍රී ලන්කන් එයවේස් එකේ, කටාර් එයවේස් එකේ දෙනවා වගේ කන්න බොන් දෙන්නේ නෑ. පැය 2-3 වගේ ෂෝර්ට් ඩිස්ටන්ස් වලට හොදයි. කන්න බොන්න දෙන්නේ නැති නිසා කෑම ටිකක් අරන් නැග්ගම පාඩුවේ යන්න පුළුවන්, ගානත් ශේප්. වෙලාවට යනවා. අනික Club Jetstar members ලට හොද deals දෙනවා.මේ ලගදි මට Tokyo deal එකක් සෙට් උනා return ticket එක totally free (සකුරා කාලේ නෙවේ ඉතින් off season ). උන් දෙන තරම් ලාබෙට වෙන එකම එයාලයින් එකකටවත් දෙන්න බෑ. මම දැක්ක Auckland වලදී, ඒ වෙලාවේදී අනෙක් Airlines වල counters වල එකෙක්වත් නෑ සෙනග, එත් ජෙට්ස්ටාර් කවුන්ටර්ස් වල line දිගේ පිරෙන්න සෙනග.
P.S - මෙහෙම දේකුත් තියෙනව. ජෙට්ස්ටාර් වල ටිකට් එකේ (ගොඩක් වෙලාවට ඩොමේස්ටික් ) 7KG hand luggage එකක් විතරයි දෙන්නේ. book කරද්දී checked luggage එකක් ඇඩ් කරගන්න ඕනේ. එතකොට ප්‍රයිස් එක බලන්න ඕනේ අනික් එය ලයින් එක්කත්. සමහර වෙලාවට බෑග්ස් ඇඩ් කලාම අනික් ඒවාට වඩා ගැන වැඩිවෙනවා නම් වෙන එකක් දාන එක ලාබයි. එක ඉතින් බුක් කරන එකා දැනගන්න ඕනේ. එත් 95% වෙලාවට ඔය ඔක්කොම ඇඩ් කරලත් ජෙට්ස්ටාර් ටිකට් එක ලාබයි..