ශ්‍රී ලංකන්

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ශ්‍රී ලංකන් ඉන්දියාවට ගමන් වාර වැඩි කරන හැඩ


    මෙවර ලෝක ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒම සදහා තව තවත් ශක්තිය හා ධෛර්්‍යය ලැබේවායි ජනපති මහින්ද රාජපක්ෂ මහතා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සුභ පතමින් සදහන් කර ඇත.


    කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී විශේෂ අමුත්තන්ගේ කුටියේ සිට ඊයේ නවසීලන්තය සමග වු තරගය නැරුඹූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, එහිදි ලද විශිෂ්ට ජයග්‍රහනයට සුභ පතමින් ක්‍රීඩකයින්ට මේ බව පවසා ඇත.

    ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ අවසන් මහා තරගයට පැමිණි තෙවැනි අවස්ථාව මෙය වූ අතර 1996දී ලෝක ක්‍රිකට් කිරුළ මවු බිමට රැගෙන ඒමට සමත්විය.

    මේ අතරේ ලබන 02 දා ඉන්දියාවේ පැවෙත්වෙන අවසන් තරඟයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබිමත් සමගම ඉන්දියාව දක්වා වූ ගුවන් ගමන් වාර ගණන දෙගුණ කරන බව ගුවන්සේවා ඇමැති පියංකර ජයරත්න මහතා පවසයි.

    මේ වන විට දිනකට මුම්බායි ගුවන්තොටුපළ දක්වා ගුවන් ගමන් වාර දෙකක් පවතින බවද අවශ්‍යතාව මත එහි ධාරිතාවය වැඩි කරලීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සූදානම් යැයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාවේ පැවති තරඟ නැරඹිම සදහා විශාල විදේශ ක්‍රීඩා ලෝලින් පිරිසක් පසුගිය දිනවල මෙරට සංචාරය කළේය.
     

    Similar threads