ශ්‍රී ලංකාවට ආවේනික මිරිදිය මසුන් සංරක්ෂණය
මහ සයුරෙන් වටවූ මේ සුන්දර දිවයින විශාල ජෛව විවිධත්වයකින් යුතු අද්විතීය භූ කලාපයක් බව අවිවාදයෙන් පිළිගැනේ.
ජෛව විවිධත්වය යනුවෙන් අදහස් කරන්නේ ජීවයේ අසීමිත වූ විවිධත්වයයි.එම අසීමිත විවිධත්වය කෙසේද යත් එක් ජීවී විශේෂයක් සැලකුවද ඔවුන් අනික් ජීවී විශේෂ වලින්ද එම විශේෂයෙ තනි ජීවින් අතරද පුළුල් වෙනස්කම් ඇත.රටක ජෛව විවිධත්වය යනු අව්රුදු මිලියන ගනනාවක පරිනාමීය ක්‍රියාවලියේ හා අව්රුදු දහස් ගනනක ඒවායේ උපයෝගීතාවන්ගේ ප්‍රතිපලයකි.එයින් බලන කල රටක සංස්කෘතික අනන්‍යතා හා ආර්ථික සම්පත් වලටත් වඩා වැඩි වටිනාකමක් ජෛව විවිධත්වයට තිබේ.මෙය කිසිදා නොසන්සිදෙන ප්රවාහයකි.එහි සම්භවය හෝ අවසානය පිළිබද කිසිවෙකුට ප්‍රමානාත්මකව කිව නොහැකි තරමටම එය සංකීර්ණය.
අපේ මිරිදිය මත්ස්‍ය සම්පත මේ සාරවත් ජෛව විවිධත්වයේ එක් සාරවත් පැතිකඩකි. එහෙත් අපේ ජෛව ප්‍රජාවන් ලක් වී ඇති පරිහානියට පත්වීමේ ක්‍රියාවලියට මිරිදිය මත්ස්‍ය ප්රජාවද ලක්වී ඇති බව කනගාටුවුන් උවද කියන්නට සිදුවී තිබේ.
වසර දහස් ගනනක් තිස්සේ ආරක්ෂාවී තිබූ අපේ සම්පත් මෙතරම් වේගයෙන් පරිහානියට පත්වෙමින් තිබෙන කාලයක් ඉතිහාසයේ මින් පෙර කිසිකලෙක ඇති නොවූවග පරිසරවේදීහු කියාපාන සත්‍යයකි.
අප ජීවත් වෙන මේ පරිසරය අපට අයත් පරවේණියක් නොවන බවද එය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කල යුතු හෙට දිනයේ උරුමයක් බවද කිවයුතුය. සියලු සොබා සම්පත් අනාගතයේ උරුමයන් ය. ඔබ මා එහි තාවකාලික භාරකරුවන් පමනක් බව හොදින් මතක තබාගත යුතුය. අප සැමගේ යුතුකම් වගකීම් වන්නේ පරිසරය, ගහකොල, මත්ස්‍ය සම්පත ඇතුලු සතාසිව්පාවා සංරක්ෂණවාදීව ආරක්ෂා කිරීමයි.
දිනෙන් දින පරිහානියට පත්වෙමින් පවතින මෙම වටිනා ජෛව සම්පත අනාගතය වෙනුවෙන් රැකගැනීමෙහි ලා ඔබෙන් ලැබියයුතු සම්මාදම ගැන ඔබව දැනුවත් කිරීම මෙම ලිපියේ මූලික අරමුණයි.
ඉතා පොහොසත් ශාක හා සත්ව ප්රජාවකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ සාරවත් බව මැනවින් කියාපාන හොදම නිදර්ශකයකි. ආවේනික ජීවීන් කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉහල ආවේණික තත්වයක් පැවතීමයි.ශ්‍රී ලාංකික අපට වැදගත් වන්නේ එම ආවේනික ජීවීන් ස්වාභාවික හමුවනුයේ අපේ රටේ පමනක් වීමය.
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් ගැන සලකා බැලූවිට ඉන් 35.1%ක් පමණ ආවේණික මසුන් වේ විවිද හේතු මත ලංකාවට හදුන්වාදුන් මසුන් අතහැර දේශීය මසුන් ගැන පමණක් සලකා බැලුවහොත්. මෙම ආවේනික මසුන්ගේ ප්‍රතිශතය 44.6% වැනි ඉතා ඉහල අගයක් ගනී. මේ අනුව හැගීයන්නේ ලංකාවට ඉතා පොහොසත් ආවේණික මිරිදිය මසුන් සම්පතක් පවතින බවය. නමුත් වර්තමානයේ විවිද හේතු නිසා ඔව්න්ගේ පැවැත්මට අවදානම් සහිත තත්වයක් උදාවී ඇත.මෙම තර්ජන හමුවේ සමහර මසුන් විශේෂ සීග්‍රයෙන් වදවීයාමට මුහුනපා ඇත. ආවේණික මත්ස්‍යයෙකු ලංකාවෙන් වදවීයාම තවත් අතකින් එම මත්ස්‍යයා මුලු ලෝකයෙන්ම තුරන්වී යාමකි.
ඒ අනුව ලෝක සංරක්ෂණය සංගමය ( IUCN- Tha world conservation Union ) මගින් නිකුත් කරන ලද ලංකාවේ තර්ජනයට ලක්වූ ශාක හා සතුන්ගේ ලැයිස්තුව 1999 නිකුත් කර ඇත.එහි ආවේණික මිරිදිය මසුන්ගෙන් විශේෂ 9 ක් ජාතික වශයෙන් අධික ලෙස තර්ජනයට ලක්වූ විශේෂ ලෙසත්,23 ජාතික වශයෙන් තර්ජනයට ලක්වූ විශේෂ ලෙසත් දක්වා ඇත.සමස්ථ ලෝකයම සලකා බැලූ විට. විශේෂ 3 ක් උග්‍ර ලෙස වදවීයාමේ තර්ජනයට ලක්වූ විශේෂ ලෙසත්, විශේෂ 5 ක් වදවීයාමේ තර්ජනයට ලක්වූ විශේෂ ලෙසත් දක්වා ඇත.
සංරක්ෂණය යනු අනාගත පරපුරේ පරිභෝජනය සදහාද ඉතිරි කරමින් ස්වාභාවික සම්පත් තිරසාර ලෙස පරිභෝජනය කිරීමයි.මෙය ජෛව විවිධත්වයේ ඕනෑම අංගයක් සම්පූර්නයෙන් ආරක්ෂා කර තැබීමේ සිට ජෛව සම්පත් තිරසාර සීමාවන් ඇතුලත පරිහරණය කිරීම දක්වා වූ සියලුම මනුශ්‍ය ක්‍රියාකාරකම් ආවරනය කිරීමයි.
මේ තත්ව යටතේ ලංකාවේ ආවේනික මිරිදිය මසුන්ගේ ආරක්ෂාව පිළිඹද නීති රීති 1993අංක 49 දරන වනසත්ව හා වෘක්ශලතා ආරක්ශක සංශෝධන පනත මගින් සම්පාදනය කර ඇත. මෙම පනත මගින් ආවේණික වදවීයාමේ තර්ජනයට ලක් වූ මසුන් රැසකට නීතිමය රැකවරන ලබාදී ඇත.
යම් හෙයකින් එම මත්ස්‍යයෙකු දැන දැන මැරීම,තුවාල සිදුකිරීම,එවැනි සතෙකුට හානි කිරීම, අල්ලා ගැනීම එකතු කිරීම හෝ, බිත්තර හෝ කැදලි ගැනීම,මරනලද අල්ලාගන්නා ලද මත්ස්‍යයෙකු හෝ එවැනි මත්ස්‍යයකුගේ කොටසක් ලගතබාගැනීම, එවැනි මත්ස්‍යයකු ප්‍රවාහනය, විකිනීම , ප්‍රදර්ශනය කිරීම, වේලීම, කල්තබා ගැනීමට සකස් කිරීම යන ඉහත කී වරදකට වරදකරු වීමේදී රු 10000. නොඅඩු 20000 ට නොවැඩි දඩයකට හෝ. අව්රුදු 2 කට නොඅඩු අව්රුදු 5 කට නොවැඩි සිරදඩුවමක් හෝ යටත් වේ.
නීති සම්පාදනයට අමතරව ලංකාවේ ආවේණික මසුන්ගේ සංරක්ෂණයට. ක්‍රියාත්මක වූ සහ ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රායෝගික වැඩපිලිවල් කීපයක් ද වේ.
එමගින් මාගේ (2006 උසස්පෙල ව්‍යාපෘතිය) වූ ආවේනික මිරිදිය මසුන් විශේෂ 4 ක් නව පරිසරයකට හදුන්වාදීමේ ව්‍යාපෘතිය සාර්තක ප්‍රතිපල අත්කරගෙන ඇතිබව සතුටින් ප්‍රකාශ කර සිටිමු. ඒයටතේ ලේ තිත්තයා, බුලත් හපයා, දෙපුල්ලියා, තල්කොස්සා යන මත්ස්‍ය විශේෂ කෘතීම තත්ව යටතේ අභිජනනය කොට ගම්පොල හා නාවලපිටිය ප්‍රදේශයේ (මහවැලි ගගේ ඉහල පෝශක ප්‍රදේශයේ) පිරිසිදු වතුර සහිත අතු ගංගා කීපයකට මුදාහරින ලදී. එතැන් සිට වසර 16 වන තුරුත් එම මසුන් සැලකිය යුතු ගහනයක් පවත්වා ගනිමින් ව්‍යාප්ත වී ඇති බව දකින විට මා හට ඇතිවන්නේ ඉමහත් ප්‍රීතියකි.
තවත් සංරක්ෂණ ක්රමෝපායක් වන්නේ පරිබාහිර සංරක්ෂණයයි.මෙහිදී තර්ජනයට ලක්වූ මසුන් විශේෂයන්ගේ ගහනයන් කෘතීම තත්වයන් යටතේ මත්ස්‍යාගාර වල පවත්වාගෙන යාමයි.මේ මගින් ඉතා සීමිත ස්වාභාවික ව්‍යාප්තියක් දක්වන මසුන්ගේ ඉතිරිව ඇති ජාන සංරක්ෂණය කල හැකි අතරම කෘතීම තත්වයන් යටතේ බෝකර ගහනය ඉහල නංවා ගැනීමටත් අවශ්‍ය වූවහොත් ස්වාභාවික පරිසරයකට නැවත හදුන්වාදීමත් හැකියාව ලැබේ.දැනටමත් මේ යටතේ උග්‍ර ලෙස තර්ජනයට ලක්වූ විශේෂ කීපයක් දෙහිවල ජාතික සත්ව උද්‍යානය මගින් සංරක්ෂණය කරමින් පවත්වාගෙන යනු ලබයි.
නමුත් පරිබාහිර සංරක්ෂණය මේ සදහා ඇති හොදම පිළිතුර නොවනබව මතක තබා ගත යුතුය.
මීට අමතරව ලංකාවේ තර්ජනයට ලක්වූ ජීවීන් සංරක්ෂණය සදහා පවතින රජයන් විසින් ගෙන ඇති තවත් පියවරක් වන්නේ ආරක්ශිත ප්‍රදේශ නම්කිරීමයි.ආරක්ශිත ප්‍රදේශවල සිදුකල හැකි මනුශ්‍ය ක්‍රියාකාරකම් සීමාකෙරෙන බැවින් මේ මගින් තර්ජනයට ලක්වූ ජීවීන් ගේ පැවැත්ම තහවුරු වේ යැයි බලාපොරොත්තු වේ. ලංකාවේ මුලු භූමි ප්‍රමාණයෙන් 12.2% ආරක්ශිත ප්‍රදේශ ලෙස නම් කර තිබුනත් ලංකාවේ තර්ජනයට ලක්වූ මිරිදිය මසුන් හා ආවේනික මිරිදිය මසුන් විශාල වශයෙන් ව්‍යාප්තව ඇති තෙත් කලාපයේ පිහිටා ඇත්තේ මුලු ආරක්ශිත ප්‍රදේශ ප්‍රමානයෙන් 3.6% වැනි ඉතා සුළු ප්‍රමාණයක් ය මේනිසා ආවේණික මසුන් සංරක්ෂණය වෙනුවෙන් ආරක්ශිත ප්‍රදේශ නම්කිරීමෙන් එතරම් ප්‍රතිපලක් අත්වී නැතිබව පෙනෙන්නට ඇත. සිදුවිය යුත්තේ ඉතා සීමිත ව්‍යාප්තියක් දක්වන විශේෂ වල වාසස්ථාන ආවරනය වන් පරිදි ආරක්ශිත ප්‍රදේශ පිහිටුවීමයි.
සෑම විටම සංරක්ෂණයේ නියම අරුත බැදී ඇත්තේ සංරක්ෂණ ක්‍රියාවලිය මගින් අදාල වන ජීවීන්ටත් මිනිසාටත් යන පාර්ශවයන් දෙකටම ඉන් වාසිදායක තත්වයක් ඇතිවීම මතය. යම් සංරක්ෂණ ක්‍රියාවලියක් මගින් මිනිසාට කිසිදු වාසියක් හෝ ප්‍රතිලාභයක් අත් නොවේනම් එම සංරක්ෂණ ක්‍රියාවලියේ පැවැත්ම අස්ථාවර වේ.
සංරක්ෂණයේ පලමු පියවර විය යුත්තේ අදාල ජීවීන් පිලිබදව මහජනතාව දැනුවත් කර සංරක්ෂණයේ ඇති වැදගත් කමත්. ඉන් ඔවුනට ගත හැකි ප්රතිලාභ ගැන සිතන්නට පෙලඹවීමය.
මේ ලිපිය මගින් ලංකාවේ ආවේණික මිරිදිය මසුන් පිළිඹදව මහජනතාව දැනුවත් කිරීමේ කාර්යභාරය ඉතා සුළුවෙන් හෝ ඉටුවෙනු ඇතිය යන්න මාගේ බලාපොරොත්තුවයි.
හැබැහින්ම දැන් ඔබට වැටහෙනවා ඇති ගංගා ඇලදොල වල. ජීවත්වන ආවේනික මසුන්ගේ වටිනාකම! ඔබ ඔවුන් රැක ගැනීමට වෙර දැරුවවහොත් මතු දිනක ඔබේ දරු මුනුපුරන්ටද. එහි ඇති වටිනාකම කියා දීමටත් ඔවුන්ද සංරක්ෂණ ක්‍රියාවලියට දායක කර ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත.
තවද ලංකාවේ වර්ධනය වෙමින් පවතින නව ප්රවනතාවක් වන පාරිසරික සංචාරක කර්මාන්තය යටතේ ජීවත් වන දුර්ලභ ආවේණික මිරිදිය මසුන් දෙස් විදෙස් සංචාරකයන් වෙත ප්‍රදර්ශනය කිරීම ආශ්රිත නව පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් අපට දියුනු කල හැකිවනු ඇත.
මේ සියල්ල සිදුකිරීමට නම් ස්වාභාවික පරිසරයේ අපේ ආවේණික මසුන් ඉතිරි විය යුතුය.මේ සදහා එම මසුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීමත්,පැවැත්මට තර්ජනය වියහැකි සාධක ඉවත් කිරීමත් සිදුකල යුතුය. ආවේණික මසුන් බොහොමයක්ගේ පැවැත්ම දියපාරේ සෙවන සමග තදින් භද්ධ වී පවතී. මේ නිසා විනාශවූ දියපාරවල ඉවුරු දෙපස ගස් සිටුවා සෙවන කිරීම මගින් වඩාත් හිතකර පරිසර පද්ධතියක් නිර්මානය කල හැකිය.තවද ආවේණික මසුන්ගේ පැවැත්මට මාරාන්තික පහරක් වන සමහර හදුන්වාදෙන මසුන්ගේ අධික ගහනයන් පාලනකිරීම හෝ ඔවුන් අපේ ජලජ පද්ධති තුලින් ඉවත් කර දැමීමසදහා යම් වැඩපිලිවලක් ආරම්භ කල යුතුව ඇත.
copied Niwanka Thilina (Aquascaper)
