ශ්‍රී ලංකාවට ඔස්කාර් සම්මානයක්

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    ශ්‍රී ලංකාවේ අන්තරායක රසායනික ද්‍රව්‍යවලින් ආරක්ෂා වීම පිළිබඳ ප්‍රතිපත්තියට ලොව හොඳම ප්‍රතිපත්ති පිළිබඳ ඔස්කාර් සම්මානය ලෙස සැලකෙන ''2021 අනාගත ප්‍රතිපත්ති සදහා වූ සම්මානය ''හිමිව ඇතැයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා කොමසාරිස් කාර්යාලය කියයි.


    2021 අනාගත ප්‍රතිපත්ති සම්මාන උළෙලේ ශ්‍රී ලංකාවට හිමි සම්මානය හා වෙනත් ජයග්‍රාහී ප්‍රතිපත්ති සදහා සම්මාන පිරිනැමීම ලබන 6 වැනි දින අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරේ.


    ශ්‍රී ලංකාවේ 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත සහ 1997 සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ජාතික ප්‍රතිපත්ති හා ක්‍රියාකාරී සැලැස්ම, මෙම සම්මානය දිනා ගැනීමට හේතු වී ඇතැයි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.


    මිනිස් සෞඛ්‍යයට හා පරිසරයට රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීමෙන් ඇතිවන අහිතකර බලපෑම් අවම කරන වඩාත් ඵලදායී ප්‍රතිපත්ති මෙම සම්මාන ප්‍රදානයේදී සැලකිල්ලට ගෙන තිබේ.


    ලොව මෙතෙක් අත්කර ගෙන ඇති සියදිවි නසාගැනීම් අනුපාතයෙහි විශාලතම අඩුවීමට ශ්‍රී ලංකාවේ ඉහත සඳහන් ප්‍රතිපත්ති දෙක හේතු වී ඇති අතර එමඟින් වසර 20 ක් තුළ එක් ජීවිතයක් සඳහා සෘජු රජයේ වියදම ඇමරිකානු ඩොලර් 50 ටත් අඩු මුදලකට ජීවිත 93,000 ක් පමණ බේරාගෙන ඇතැයි .


    ලෝක අනාගත කවුන්සිලය ප්‍රදානය කරනු ලබන මෙම ත්‍යාගය, මෙම වසරේ දී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන , ජාත්‍යන්තර රසායනික කළමනාකරණය සඳහා උපායමාර්ගික ප්‍රවේශය ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය, එක්සත් ජාතීන්ගේ පුහුණු හා පර්යේෂණ ආයතනය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ හවුල්කාරිත්වයෙන් යුතුව, මයිකල් ඔටෝ පදනමේ සහ ජුවා පදනමේ ද සහාය ඇතිව සංවිධානය කරනු ලැබේ.


    මෙම සම්මාන ප්‍රදාන උළෙලට සහභාගී වීමට සහ 2021 අනාගත ප්‍රතිපත්ති සම්මානය සඳහා වන ජයග්‍රාහී ප්‍රතිපත්ති පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා www.worldfuturecouncil.org/chemicals වෙත පිවිසෙන්නැයි බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    It's true ... but for totally different reasons....

    Special Award Highly Hazardous Pesticides​

    Sri Lanka: Control of Pesticides Act No. 33 (1980, amended in 1994, 2011, 2020) and National Policy and Action Plan on Prevention of Suicide (1997)​

    Sri Lanka had one of the world’s highest suicide rates, and pesticide poisoning accounted for more than two thirds of all cases. The Pesticides Act ensures that only least hazardous pesticides are available. It has been used to ban a total of 36 HHPs. Sri Lanka’s pesticide regulations have contributed to one of the greatest decreases in suicide rates ever achieved in the world. The country’s suicide rate has been reduced by 70 percent, particularly in rural villages and among children and youth. The bans saved about 93,000 lives over 20 years at a direct government cost of less than USD 50 per life. Whilst at the same time, Sri Lanka has maintained its agricultural productivity. Internationally, the Sri Lankan experience recommends the banning of HHPs as one of the most cost-effective approaches for suicide prevention.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    ජනාධ්පතිතුමගේ වැඩපිළිවලට දෙස් විදෙස් ප්‍රශංශආ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Well, at least it's an award for a real achievement, unlike the "best finance minister" award
     
    • Like
    Reactions: NRTG