ශ්‍රී ලංකාවට සුපිරි විනෝද උද්‍යානයක්

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,179
    1,416
    113
    ශ්‍රී ලංකාවට සුපිරි විනෝද උද්‍යානයක්

    සිංගප්පූරුවේ ලැයිස්තුගත විනෝද උද්‍යාන (theme park) සංවර්ධකයෙකු සහ ක්‍රියාකරුවෙකු වන Sim Leisure Group විසින් සිය නවතම විනෝද උද්‍යානය ශ්‍රී ලංකාව වෙත ගෙන එන බව නිවේදනය කර සිටී. මේ සම්බන්ධයෙන් මුල් වරට අනාවරණය කරමින් සිංගප්පූරුවේ The BUSINESS TIMES කියා සිටිනේනේ මේ සඳහා ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත වැවිලි සමාගමක් වන ඇල්පිටිය ප්ලාන්ටේෂන් සහ Sim Leisure Group අවබෝධතා ගිවිසුමකට එළඹ ඇති බවයි.

    ඇල්පිටිය වැවිලි සමාගම යනු මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන එයිට්කන් ස්පෙන්ස් හි අනුබද්ධිත සමාගමකි.

    The BUSINESS TIMES පවසන්නේ මෙම අවබෝධතා ගිවිසුමට අනුව අදාළ භූමි භාගය ඇල්පිටිය වැවිලි සමාගම විසින් සපයනු ලබන බවත් Sim Leisure සිය Escape සන්නාමය යටතේ මෙම විනෝද උද්‍යානය ක්‍රියාත්මක කරනු ලබන බවත්ය. මේ සඳහා අවශ්‍ය මූලික අනුමැතීන් ලබා ගත් පසු, එළඹෙන මාර්තු මාසයේ දී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට Sim Leisure අදහස් කර තිබේ.

    දෙපාර්ශවයම මෙම මස අගදී ගනුදෙනුව සඳහා නිශ්චිත ගිවිසුමක් අත්සන් කිරීමට අපේක්ෂා කරයි. මෙම ව්‍යාපෘතිය සඳහා විශේෂයෙන් සංස්ථාපනය කරනු ලබන Venture Valle සමාගමේ ඒකාබද්ධ හවුල්කරුවන් ලෙසින් මේ අනුව Sim Leisure සහ ඇල්පිටිය වැවිලි සමාගම පත්වනු ඇත.

    source- https://bit.ly/37FfUXC
     
    • Like
    Reactions: malakadss