ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය ISIS ත්‍රස්තයින් ගැන තොරතුරු රැසක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය ISIS ත්‍රස්තයින් ගැන තොරතුරු රැසක්

    ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය ISIS ත්‍රස්තයින් ගැන තොරතුරු රැසක්​









    ඉන්දියාවේ අහමදාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයින් සිව්දෙනා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට පවා සූදානමින් සිට ඇති බව ගුජරාට් පොලිස්පති විකාෂ් සාහේ මහතා පවසයි.
    ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ගුජරාට් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ත්‍රස්තයින් සිව්දෙනා මීගමුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

    ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තය තුළ ප්‍රහාරයක් දියත් කිරීමේ සූදානමින් මෙරට සිට අහමදාබාද් නගරය වෙත පැමිණි ශ්‍රී ලාංකික ISIS ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් සිව්දෙනෙකු අහමදාබාද් සර්ධාර් පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඉරිදා රාත්‍රීයේ අත්අඩංගුවට පත්වුණි.
    ගුජරාට් ත්‍රස්ත මර්දන බලකාය මගින් අත්අඩංගුවට ගත් ඔවුන් ඊයේ පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඉදිරිපත් කළ අතර එහිදී තොරතුරු රැසක් අනාවරණ කෙරුණි.

    ඒ අනුව අත්අඩංගුවට පත් 33 හැවිරිදි මොහොමඩ් නුස්රත් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා මීගමුවේ පදිංචිකරුවෙකි.
    අත්අඩංගුවට පත් අනෙක් ත්‍රස්ත සාමාජිකයින් වන්නේ 27 හැවිරිදි මොහොමඩ් නෆ්රාන්, 43 හැවිරිදි මොහොමඩ් රශ්ඩීන් සහ 35 හැවිරිදි මොහොමඩ් ෆාරිෂ් යන කොළඹ නගරයේ පදිංචිකරුවන් ය.

    ඔවුන් මෙරට සිට චෙන්නායි හරහා අහමදාබාද් නගරය වෙත ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකින් පැමිණ ඇති බව වාර්තා වෙයි.
    දෙමළ භාෂාව පමණක් භාවිත කරන අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සිව්දෙනාගෙන් ප්‍රශ්න කර ඇත්තේ, භාෂා පරිවර්තකයෙකු හරහාය.
    ඔවුන් සතුව තිබී ජංගම දුරකථන, දෙරටේ මුදල් සහ ගුවන් බලපත්‍ර මෙන්ම එක් අයෙකුගේ ගමන් මල්ල තුළ ISIS සංවිධානයේ කොඩියක් ද හමුවී තිබේ.
    මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස පාකිස්තානයේ සිට ක්‍රියාත්මක ISIS ත්‍රස්ත සංවිධානයක නායකයෙකු වන අබූ නම් නමැත්තා සමාජ මාධ්‍ය තුළින් පසුගිය පෙබරවාරි මසදී පමණ හඳුනාගෙන ඇති අතර ඔවුන් පසුව දැඩි ISIS මතධාරීන් ලෙස පත්ව ඇති බව වාර්තා වෙයි.

    එමෙන්ම අබූගේ උපදෙස් මත ඉන්දියාව තුළ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම්කර ඇති අතර ඔවුන්ට මෙරට මුදලින් රුපියල් ලක්ෂ 4ක මුදලක්ද ලබාදී ඇති අතර මොවුන් මරාගෙන මැරෙන ප්‍රහාරයකට පවා සූදානමින් සිට ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.
    මොවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී අහමදාබාද් නගරයට ආසන්න නානාචිඩෝලා ප්‍රදේශයේ සඟවා තිබු අවි ආයුද සම්බන්ධ තොරතුරු එරට ආරක්ෂක අංශ වෙත නිරාවරණය වී තිබේ.

    පාකිස්තානයේ නිෂ්පාදිත පිස්තෝල 03ක් සහ ඒ සඳහා යොදාගන්නා උණ්ඩ රැඳවුම් 20ක් සොයාගෙන ඇත.
    අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයින් සිව්දෙනාට එරෙහිව රැස්කළ වාචික සහ පර්වේෂණීය සාක්ෂි මත පදනම්ව එරට දණ්ඩ නීති සංග්‍රහය, නීත්‍යානූකූල නොවන ක්‍රියාකාරකම් වැළැක්වීමේ පනත සහ නීතිවිරෝධී අවිආයුධ පනත ප්‍රකාරව ඉදිරියේදී නීතීමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
    මේ අතර ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයින් පිළිබඳව අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් මාධ්‍යවේදීන් තොරතුරු විමසා තිබුණි.

    එහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ අවශ්‍ය උපදෙස් නිකුත් කළ බවත් පියවර ගනිමින් සිටින බවත්ය.
    මේ අතර ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේ, අත්අඩංගුවට ගත් ISIS ත්‍රස්තවාදීන් සිව්දෙනා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සමාජිකයින් ලෙස මීට පෙර කටයුතු කර ඇති බවය.

    ජාතික තවුහිද් ජමාත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂිම් ප්‍රමුඛ ත්‍රස්තවාදීන් අයත් වු සංවිධානයයි.
    එම සංවිධානය 2019 පාස්කු ප්‍රහාරයෙන් පසුව තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත්කෙරුණි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ISIS ලගෙන් රට බේරගන්න රාපස්සලාට බෑ. කලින් බෝම්බෙ ගහපු එවුන් අල්ලගන්නව කියල සිංහනාද කරලා ආවට අල්ලගන්න බැරි උනා :rofl: @2osama @N A K A M U R A @netudara
     
    • Dislike
    Reactions: Chamithacc

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ISIS ලගෙන් රට බේරගන්න රාපස්සලාට බෑ. කලින් බෝම්බෙ ගහපු එවුන් අල්ලගන්නව කියල සිංහනාද කරලා ආවට අල්ලගන්න බැරි උනා :rofl: @2osama @N A K A M U R A @netudara
    හරි දැන් පච අනුර අල්ලයි නේ🤩
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,880
    113
    Colombo, Sri Lanka
    සම්මයේ ආගමේ පුජාවකට ගිහින් තියෙන්නේ. මේගොල්ලෝ නිකන් බොරුවට කලබල වෙලා 😛
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ISIS ලගෙන් රට බේරගන්න රාපස්සලාට බෑ. කලින් බෝම්බෙ ගහපු එවුන් අල්ලගන්නව කියල සිංහනාද කරලා ආවට අල්ලගන්න බැරි උනා :rofl: @2osama @N A K A M U R A @netudara
    මචං මේ රාජ්පාක්ෂ රාජපක්ෂ කියලා පුක දෙන්න හදන්න එපා. ගියා පාරත් ඕක කියලා ගහලා යනකම් දන්නේ නැහැ . මතක නෑ 2015/19 බබා කරපු විදිය මුන්ව.

    අයේ ලංකාවේ බෝම්බයක් ගැහුවොත් නම් රාජපක්ෂලා ත පුකෙන් යන්න වෙන්නේ .



    මොකෙක් හරි ගහන්න ඉන්නවා නම් අනිවරෙයන් අල්ලන්න ඕනේ එකත් අපිට අල්ලගන්න බැරිවුණු එක ලොකු කෙස් එකක්.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මොකෙක් හරි ගහන්න ඉන්නවා නම් අනිවරෙයන් අල්ලන්න ඕනේ
    98 පාරක් කියලා අල්ලගන්න බැරි උනා කියන්නේ වැඩක් නෑ. මොකෝ උඹ මම ගිහින් අල්ලන්න ද
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    kudu business seen ekatata gihilla eththe, ISIS kiyala oppu wela nehe, potta nowfer ge puthath innawalu
    අඩෝ සිරා ද. පොට්ට නව්ෆර් ට ගෑනු ගොඩක් හිටියා නේ. මා එක්ක වැඩ කරපු එකෙකුත් වුගේ ළමයෙක් පුතෙක්. වූ නම් පෙන්න කුඩු නෙමේ වගේ 😬😬😬😬😬😬
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මචං මේ රාජ්පාක්ෂ රාජපක්ෂ කියලා පුක දෙන්න හදන්න එපා. ගියා පාරත් ඕක කියලා ගහලා යනකම් දන්නේ නැහැ . මතක නෑ 2015/19 බබා කරපු විදිය මුන්ව.

    අයේ ලංකාවේ බෝම්බයක් ගැහුවොත් නම් රාජපක්ෂලා ත පුකෙන් යන්න වෙන්නේ .



    මොකෙක් හරි ගහන්න ඉන්නවා නම් අනිවරෙයන් අල්ලන්න ඕනේ එකත් අපිට අල්ලගන්න බැරිවුණු එක ලොකු කෙස් එකක්.
    උඹ මොකද්ද ඔය කියවන්නේ? සාටක පොන්න රැලට හීන් නූලෙන් කඩේ යනවද?
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    98 පාරක් කියලා අල්ලගන්න බැරි උනා කියන්නේ වැඩක් නෑ. මොකෝ උඹ මම ගිහින් අල්ලන්න ද
    බෝම්බ සින් එකට ගිහින් නම් ලොකු අවුලක් කුඩු නම් කමක් නැහැ.

    මුන් ඉන්දියාවට ගහන්න ගියපු නිසා නේ අහු වුනේ නිකමට මෙහෙ ගහන්න හිටියා නම් දැනට ගහලත් ඉවරයි .


    අපේ බුජ්ජි අංශයක් ඉන්නේ සොසල් මිඩීයා වල රණිලාට මයිනට බනින වුන් අල්ලනයි. දමිතා ගේ ජංගියේ පාට අල්ලන🤮🤮🤮🤮
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේකට සම්බන්ධ නෑ.. අතුරු කතාවක්.

    2019 ඉන්දියාවෙ මහමැතිවරණයෙන් මෝදි විශිෂ්ඨ ජයක් ලැබුවා. කලාපයේ වර්ධනය වේගන එන ඉස්ලාම් අන්තවාදය, ISIS Theme එකෙන් අසල්වැසි ලංකාවෙදි පිපිරුණා. මේ develop වුන Islamic threat එකෙන් ඉන්දියාව ආරක්ෂා කරන්න, හින්දු මතධාරී මෝදිට ලොකු රැල්ලක් ආවා..

    2024 ත් මෝදි ඉල්ලනවා.. 🙄
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    @N A K A M U R A

    menna mun ISIS neweilu, thope anduwa boru kiyala


    ඒයි දෙමළ පොන්‍නයා ඉන්දියාව ඵක්ක කුඩ්ඩොන්ව ISIS කරලා මහන්සිද?🤣

    ඉන්දියාවෙන් තොට කීයක් දුන්නද පරයා ඔය පච නිව්ස් ඵක පතුරවන්න..

    රට මාරු වුනාට කොටියගේ පුල්‍ලි මාරු වෙන්නෙ නෑ නේ..🤣🤣🤣