ශ්‍රී ලංකාවෙන් නව සර්ප විශේෂයක්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ශ්‍රී ලංකාවෙන් නව සර්ප විශේෂයක්

    ශ්‍රී ලංකාවෙන් නව සර්ප විශේෂයක් සොයා ගනියි

    Dryocalamus_chithrasekarai-novataxa_2020-Wickramasinghe_Vidanapathirana_Pushpamal_et_Wickramasinghe--%2540SnakesofSL.jpg


    The-paratype-of-Dryocalamus-chithrasekarai-sp-nov-in-life-not-collected-showing-A.png

    ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා නොවූ නව සර්ප විශේෂයක් ගාල්ල කන්නෙළිය වනාන්තරයෙන් සොයාගැනීමට මෙරට පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.

    මෙම සර්ප විශේෂය ඩ්‍රයිකැලමස් චිත්‍රසේකරයි Dryocalamus chithrasekarai ලෙස සත්ත්ව විද්‍යාත්මකව නම්කර ඇත.

    මේ සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාව 2020 මාර්තු මස 06 වැනි දින ප්‍රකාශයට පත්වූ ජාත්‍යන්තර සූ සැක්ටා සඟරාවේ ප්‍රසිද්ධියට පත්කර තිබේ. පර්යේෂණය සිදුකර ඇත්තේ මෙන්ඩිස් වික්‍රමසිංහ සහ නෙතූ වික්‍රමසිංහ යුවළ ඇතුළු කණ්ඩායමක් විසිනි.

    එම කණ්ඩායමේ අනෙකුත් පර්යේෂකයන් වන්නේ දුලාන් රංග විදානපතිරණ, විෂාන් පුෂ්පමාල් මහත්වරුන්ය.

    පර්යේෂකයන් පවසන්නේ මෙම සර්ප විශේෂය මේ වනවිට කන්නෙළිය රක්ෂිත වනාන්තරයෙන්, ශ්‍රී පාද අඩවිය වනාන්තරය, රූණ කන්ද සහ දෙනියාය වැනි තෙත් කලාපයේ ස්ථාන කිහිපයකින් ද වාර්තා වී ඇති බවයි.

    උරගයන් හා උභයජීවීන් සම්බන්ධයෙන් වසර ගණනාවක සිට පර්යේෂණ සිදුකරන ලද මෙම කණ්ඩායමට මුල්වරට මේ විශේෂයේ සර්පයකු හමුවී ඇත්තේ 2009 වර්ෂයේ දී ය. ඒ වනවිට ශ්‍රී ලංකාවෙන් ඩ්‍රයිකැලමස් නමැති සර්ප ඝනයට අයත් විශේෂ දෙකක් සත්ත්ව විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබිණි.

    ඉන් එක් විශේෂයක් වූයේ දකුණු ඉන්දියාවේ සහ මියන්මාරයේ ද වාර්තා වී ඇති ඩ්‍රයිකැලමස් ග්‍රැසිලිස් නමැති විශේෂයයි. මේ විශේෂ ශ්‍රී ලංකාවේ සිටින බව 1888 වර්ෂයේ දී විලියම් හේලි නමැති පර්යේෂකයකු විසින් වාර්තා කර තිබිණි. අනෙක් සත්ත්වයා වූයේ ඩ්‍රයිකැලමස් නිම්පා නමැති විශේෂයකි. එම විශේෂය මෙරට වියළි කලාපයෙන් මෙන්ම ඉන්දියාවෙන් ද වාර්තා වී තිබූ බැවින් මෙරටට ආවේණික විශේෂයක් වූයේ නැත.

    ''අපිට මේ සර්පයා මුල්වරට හමුවූ අවස්ථාවේ හිතුවේ ගැසිලිස් කියන විශේෂයේ සත්ත්වයෙක් කියා. නමුත් ඒ සතා ඇතැම් ලක්ෂණවලින් ගැසලිස්ට වඩා වෙනස් වූ නිසා අපි ඒ ගැන සොයා බැලුවා. මෙහි දී පෙනී ගියේ අපට හමුවී ඇත්තේ මෙතෙක් සත්ත්ව ලෝකයේ වාර්තා වී තිබූ ඩ්‍රයිකැලමස් ග්‍රැසිලිස් නමැති විශේෂය නොව අලුත් විශේෂයක් බව.

    වෙතත් වැඩිදුර මේ ගැන සොයා බැලීමේ දී පෙනී ගියා විලියම් හේලි විසින් ශ්‍රී ලංකාවේ දී වාර්තා කර ඩ්‍රයිකැලමස් ග්‍රැසිලිස් නමැති සර්ප විශේෂය ඇත්තටම ගැසිලිස් කියන විශේෂය නොව අපිට හමුවූ සත්ත්ව විශේෂයමයි කියා. ඒ අනුව අපට විශාල කාර්යයක් තිබුණා. මේ විශේෂය නව විශේෂයක් බව තහවුරු කිරීමට. ඒ අනුව අපි පර්යේෂණ සිදුකළා. ඒ අනුව පැහැදිලියි මේ නව විශේෂයක් බව. ඒ ගැන සකස් කළ පර්යේෂණ වාර්තාව දැන් ප්‍රසිද්ධියට පත්ව ලෝකයට අලුත් විශේෂයක් ලෙස මේ සත්ත්වයා පිළිගෙන තිබෙනවා." මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    කන්නෙළිය වනාන්තරය තුනී ලෑලි නිෂ්පාදනය සඳහා කැපූ කාලයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගා කම්කරුවෙකු ලෙස අනියම් පදනම යටතේ සේවයට එක්ව සිටි එන්.එච්.චිත්‍රසේකර මහතා පසුව 2008 වර්ෂයේ දී ස්ථිර සේවකයකු වුව ද කන්නෙළිය රක්ෂිතය රැකගැනීම සඳහා විසි වසරක් පමණ එක දිගට කැපවී සිටි ඔහුට උපහාර පිණිස මෙම නව සර්ප විශේෂය නම් කිරීමට පර්යේෂකයෝ කටයුතු කළහ. ඒ අනුව ඩ්‍රයිකැලමස් චිත්‍රසේකරයි Dryocalamus chithrasekarai යනුවෙන් අලුත් සර්ප විශේෂයට නම් තබා ඇත.

    ඩ්‍රයිකැලමස් විශේෂයේ සර්පයන් ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ බ්‍රයිඩ්ල් ස්නේක් Bridle Snake යනුවෙනි. සිංහල බසින් මොවුන්ට රදනකයා යනුවෙන් පවසයි. ඒ අනුව අලුතෙන් සොයාගත් සර්ප විශේෂය ඉංග්‍රීසි බසින් Chithrasekara Bridle Snake චිත්‍රසේකර බ්‍රයිඩල් ස්නේක් ලෙසත් සිංහල බසින් ''චිත්‍රසේකරගේ ගැට රදනකයා" ලෙසත් හැඳින්වීමට හැකි බව පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයකු වන විෂාන් පුෂ්පමාල් මහතා පැවසීය.

    මෙම නව සර්ප විශේෂය විෂ රහිත හෙවත් නිර්විෂ සර්පයෙකි. නමුත් ශ්‍රී ලංකාවේ සිටින මුදු කරවලා නමැති මාරාන්තික විෂ සහිත සර්පයාගේ පැටවුන් ද චිත්‍රසේකරගේ රදනකයා නමැති නව විශේෂයට සමානකමක් දක්වයි. එබැවින් ගැමියන් මුදු කරවලාගේ පැටවුන් යැයි සිතා මේ අහිංසක නිර්විෂ සර්පයන් නිකරුණේ මරා දැමීමට ඉඩ ඇති බව පර්යේෂකයෝ කියති. එමෙන්ම ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන දාර කරවලා නමැති විෂ රහිත සතුන්ගේ පැටවුන්ටද මේ සර්ප විශේෂය රූපමය වශයෙන් සමාන බවක් දක්වයි.

    තෙත් කලාපයේ වනාන්තරවල ජීවත්වන චිත්‍රසේකරගේ ගැට කරවලා ශ්‍රී ලංකාවට ආවේණික විශේෂයකි. වනාන්තර පරිසරයට ඉතා සංවේදී ඔවුන්ගේ පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා ජනතාව නිසි පරිදි දැනුම්වත් කිරීමත් වනාන්තර ආරක්ෂා කිරීමත් අත්‍යාවශ්‍ය කරුණකි.

    මේ නව සොයාගැනීමත් සමග ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සර්ප විශේෂ සංඛ්‍යාව 105ක් බවට පත්වෙයි.



    source
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මේ වගේ සර්පයෝ කි දෙනෙක්ගෙන් නම් රෙදි වැල් ගැට ගහන්න ඇත්ද!:nerd:
     
    Last edited:

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,384
    208
    63
    iya hutto ube paiye katha...nil wela gihin...hama welema athe gahanwa neda?:baffled:


    When word spread that a “Penis Snake” was discovered in Brazil in 2011, the news was met with some skepticism. The snake, as shown in photos circulated on the internet, does in fact resemble the human male genitalia. But is this real or just a hoax?


    THE “PENIS SNAKE” IS REAL.
    This bizarre looking “snake” isn’t a snake at all, but actually a snake-like amphibian (a caecilian) with the scientific name of Atretochoana eiselti. It was discovered after engineers drained a hydroelectric dam which spans a river connected to the Amazon in 2011. Scientists were aware of the species from an older specimen held in a Vienna museum, but it wasn’t until the discovery of live specimens that the creature gained internet notoriety.

    In addition to its resemblance to a human male’s anatomy, the “penis snake” is also blind and lacks lungs, forcing scientists to speculate that they may breathe through their skin.

    The term “penis snake” is merely a nickname, and it isn’t the first snake-like creature to be called by this name. The resemblance to a penis varies from photo to photo, and some who have seen them in person refer to them as a “floppy snake” instead.

    Penis-Snake-2-300x225.jpg

     

    Similar threads