ශ්‍රී ලංකාවෙන් බිහිවුනු හොඳම පිතිකරු -Best Batsman ever Pr

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ශ්‍රී ලංකාවෙන් බිහිවුනු හොඳම පිතිකරු -Best Batsman ever Pr

    නිකමට හිතුනා මත විමසීමක් කරන්න මේ වෙනකම් ශ්‍රී ලංකාවෙන් බිහිවුනු හොඳම පිතිකරු කවුද කියන එක බලන්න. මේකෙදි ඔයාල vote එකකුත් දාලා comments තියෙනවා නම් ඒවත් දාලා යන්න. ලංකාවට ටෙස්ට් වරම් ලැබුනට පසුව ක්‍රීඩා කල පිතිකරුවන් තමයි මේ මත විමසුමට යොදා ගත්තේ.

    එත් එක්කම පොඩි අදහසක් එකතු කරන්නත් කැමතියි. ඒ තමා stats මතම තීරණය කරන්න අමාරුයි පිතිකරුවෙකුගේ දකෂතා. පිතිකරුවෙකුගේ average එක කොච්චරද, runs කොච්චර ගහලා තියෙනවද, කොච්චර 100 ඒවා ගහලා තියෙනවද කියන එකෙන්ම පිතිකරුවෙක්ගේ දකෂතා ගැන අවසන් නිගමනයකට එන්න අමාරුයි. ඒවත් සාධක විදිහට ගන්න පුළුවන්. නමුත් තවත් සාධක තිබෙනවා සලකා බැලිය යුතු. විශේෂයෙන්ම වැඩි දෙනෙක්ගේ අවධානයට යොමු නොවෙන හා stats විදිහට සදහන් නොවන. නමුත් cricket ක්‍රීඩාවේදී අතිශයින් වැදගත්. ඒවායින් කිහිපයක් සඳහන් කරනවා නම්

    • තරඟ දිනවන ඉනිම් ක්‍රීඩා කිරීමේ හැකියාව
    • පීඩයන යටතේ වුවත් තම කණ්ඩායම ජයග්‍රහනය කරා ගෙනයාමේ ඇති හැකියාව
    • අවස්ථාවට අනුව තමාගේ ක්‍රීඩා කරන ශෛලිය හසුරුවා ගැනීමේ ඇති හැකියාව
    • ඕනෑම රටක ඕනෑම තනනිල්ලක ඕනෑම පන්දු යවන්නෙක්ට සාර්ථකව මුහුණ දී ලකුණු රැස් කරීමේ ඇති හැකියාව
    • පුද්ගලික දකෂතා පසෙකලා කණ්ඩායම පෙරට තබාගෙන ක්‍රීඩා කිරීම
    • අවශ්‍යම මොහොතක(finals,semis,knock-out match) ලකුණු රැස්කිරීමේ ඇති හැකියාව
    • එම ක්‍රීඩකයා ක්‍රීඩා කල යුගය(era) සහ එවකට අප කණ්ඩායමක් වශයෙන් අනෙක් රටවලට සාපේක්ෂව කොයි ස්ථානයක සිටියද කියන එක
    • ඔහු රැස් කරන ලකුණු කොයි තරම් දුරට කණ්ඩායමේ ජයග්‍රහණයට එවහල් වෙනවද කියන එක
    • ඔහු කෙරේ අන් ක්‍රීඩකයන්ට වගේම ප්‍රේක්ෂකයන්ට ඇති විශ්වාසය

    ඔය මට හිතුනු කරුණු කිහිපයක් විතරයි. ඔය සඳහන් කල දේවල් ගොඩක් වැදගත් හොඳ පිතිකරුවෙක්ගෙන් ශ්‍රේශ්ට පිතිකරුවෙක් වෙන් කරලා හදුනා ගන්න.

    එහෙනම් ඔය කිව්ව කරුණුත් සැලකිල්ලට ගෙන ඔයාලගේ අදහසුත් එකතු කරලා අපි මේක කරලා බලමු කට්ටියගේ මතය මොකද්ද කියලා..
     
    • Like
    Reactions: hichchi malli

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    s7.jpg

    Kumar-Sangakkara-photo+%252812%2529.jpg
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    දක්ෂතම පිතිකරුව නම්......
    1. මහේල
    2. අරවින්ද
    3. සංගා

    හැබැයි දක්ෂතම ක්‍රීඩකය නම් සනත් ජයසූරිය. ඒ ගැන නම් කිසිම විවාදයක් නෑ.
     
    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo

    • තරඟ දිනවන ඉනිම් ක්‍රීඩා කිරීමේ හැකියාව
    • පීඩයන යටතේ වුවත් තම කණ්ඩායම ජයග්‍රහනය කරා ගෙනයාමේ ඇති හැකියාව
    • අවස්ථාවට අනුව තමාගේ ක්‍රීඩා කරන ශෛලිය හසුරුවා ගැනීමේ ඇති හැකියාව
    • ඕනෑම රටක ඕනෑම තනනිල්ලක ඕනෑම පන්දු යවන්නෙක්ට සාර්ථකව මුහුණ දී ලකුණු රැස් කරීමේ ඇති හැකියාව
    • පුද්ගලික දකෂතා පසෙකලා කණ්ඩායම පෙරට තබාගෙන ක්‍රීඩා කිරීම
    • අවශ්‍යම මොහොතක(finals,semis,knock-out match) ලකුණු රැස්කිරීමේ ඇති හැකියාව
    • එම ක්‍රීඩකයා ක්‍රීඩා කල යුගය(era) සහ එවකට අප කණ්ඩායමක් වශයෙන් අනෙක් රටවලට සාපේක්ෂව කොයි ස්ථානයක සිටියද කියන එක
    • ඔහු රැස් කරන ලකුණු කොයි තරම් දුරට කණ්ඩායමේ ජයග්‍රහණයට එවහල් වෙනවද කියන එක
    • ඔහු කෙරේ අන් ක්‍රීඩකයන්ට වගේම ප්‍රේක්ෂකයන්ට ඇති විශ්වාසය
    ඕවා ඔක්කොම සලකනවා නම්
    1.අරවින්ද
    2.සනත්
    3.සංගා
    4.මහේල
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අරවින්ද තමයි ඒක අදටත් අර්ජුන පවා පිළිගන්න දෙයක්
    සංගලා කොච්චර හොද වුනත් final එකක් ආවම පීඩනය දරාගන්න බෑ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අරවින්ද තමයි ඒක අදටත් අර්ජුන පවා පිළිගන්න දෙයක්
    සංගලා කොච්චර හොද වුනත් final එකක් ආවම පීඩනය දරාගන්න බෑ

    ඒකනම් හරි මචන් සන්ගලට ලොකු පීඩනයක් ආවාම කරන්න අමාරැයි ....එහෙම බැලුවාම ඉතින් අරවින්ද තමා
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඕකේ ආයේ අහන්න දෙයක් නෑ අරවින්ද තමා. ඒවගේ කෙනෙක් ආයේ ලංකාවට බිහි වෙන්නේ නම් නෑ.
    දැන් ලෝකේ ඉන්න සුපිරි පිතිකරුවෝ කියන උන් අරවින්දගේ ලගින් තියන්නත් බෑ.

    :):):)

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඒකනම් හරි මචන් සන්ගලට ලොකු පීඩනයක් ආවාම කරන්න අමාරැයි ....එහෙම බැලුවාම ඉතින් අරවින්ද තමා

    aravinda 2003 world cup eke brett leeta gahana 6 paarawal tika nam supiri thamai. ape eketawath ohoma baya nathuwa gahanna be taamath..
    :):):)