ශ්‍රී ලංකාවේ ආවේණික පක්ෂීන් - 1

ChampB

Member
Apr 12, 2015
137
19
0
Kandy
ශ්‍රී ලංකාවේ ආවේණික පක්ෂීන් - 1

මෙන්න මගේ පළමුවැනි දායකත්වය...

අද අපි කතා කරන්න හදන්නේ ලංකාවට ආවේණික පක්ෂීන්,එහෙමත් නැත්නම් ලංකාවේ විතරක්ම ඉන්න කුරුල්ලෝ ගැන.කුරුල්ලෝ කියන්නේ ගොඩක් අය ආස කරන විෂයක් නිසයි මේ නූල දන්නා හිතුවේ..
ලංකාව කියන්නේ මේ ලෝකේ තියෙන ජෛව විවිධත්ව උණුසුම් ස්ථාන 34න් එකක්(Biodiversity hot-spot).මේ පුංචි දූපත ඇතුලේ තියෙනවා කියලා නිම කරන්න බැරි තරම් වටිනා සම්පත් අති විශාල ප්‍රමාණයක්.(වල්ලපට්ටා,වන අලි,කිඹුල් හුණෝ,රතු කෝමාරිකා ජාවාරම් වෙන්නෙත් මේක නිසාම තමයි):angry::angry::angry::angry:
සපුෂ්පක ශාක,අපුෂ්පක ශාක,මීවණ ,ක්ෂීරපායින් ,කුරුල්ලන්,උරගයෝ,උභය ජීවියෝ,.......තව ඔය ලොකු,පොඩි ,එකී,මෙකී,නොකී ඇති විශාල ජීවින් ප්‍රමාණයක් මේ මිහිතලයේ පැවැත්ම සමබරව පවත්වාගෙන යාමට උපකාරී වෙනවා.:yes::yes::yes:

හරි.....ලංකාව තුල පක්ෂි විශේෂ 444කට ආසන්න ගණනක් වාර්තා වෙලා තියෙනවා:):):).මේ අතරින් විශේෂ 203ක් මෙරටට පැමිණෙන සංචාරක පක්ෂීන්.පක්ෂි විශේෂ 236ක් මෙරට නේවාසික පක්ෂීන්.තවත් කුරුළු විශේෂ සුළු ප්‍රමාණයක් කලාතුරකින් ලංකාව තුලදී වාර්තා වෙලා තියෙනවා.

ලංකාවේ ඉන්න නේවාසික කුරුල්ලන්ගෙන් විශේෂ 33ක් ලංකාවට ආවේණිකයි.ඒ කියන්නේ අපි ලෝකේ මොන රටකට ගියත් මේ 33 දෙනවා නම් බලාගන්න බෑ..:no::no::no:
දැන් අපි බලමු කව්ද මේ කස්ටිය කියලා........


1.හබන් කුකුළා - Sri Lanka Spur Fowl - Galloperdix bicalcarata
272198739.jpg


ඉතාම කුලෑටි සතුන් වන අතර තෙත් කලාපීය වනාන්තරවල හා ගංගා ආශ්‍රිත වනාන්තර වල ජෝඩු වශයෙන් ජීවත් වේ.තදින් හඬ නගන නමුත් දැක ගැනීම අසීරු වන්නේ ඉතා හොඳින් සැඟවී සිටීමට හා මඟ හැර යාමට දක්ෂ නිසාය.රූපියව වලි කිකිළියට සමාන වන නමුත් පපු පෙදෙසේ ඇති සුදු හා කළු පැහැ පැල්ලම් වලින් වෙන් කර හඳුනා ගත හැක.දෙදෙනාම එක්ව ක්‍රමයෙන් වැඩිවෙන ස්වරයකින් නාද කරයි.

2.වළි කුකුළා - Sri Lanka Jungle Fowl - Gallus lafayetii
272198763.jpg


ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියාය.බහුල ව්‍යාප්තියක් පෙන්නුම් කරයි.වියලි කලාපීය වනෝද්‍යාන තුල උදෑසන පහසුවෙන් දැකගත හැකි නමුත්,තෙත් කලාපීය වනාන්තර තුළදී කලබලකාරී හැසිරීමක් දක්වයි.පිරිමි සතුන් රන්වන් පැහැ පිහාටු සහිත ගෙලක් දරයි. ගැහැණු සතුන් දුඹුරු පැහැයක් ගනී.

3.ශ්‍රී ලංකා මයිලගොයා - Sri Lanka Wood Pigeon - Columba torringtoni
torring.jpg
[/url][/IMG]

කඳුකර වනාන්තර කලාප තුල වාසය කරයි.නමුත් අවුරුද්දේ සමහර කාල වලදී සිංහරාජය වැනි කදිම වන ව්‍යාප්තියක් සහිත පහතරට වනාන්තර වලට පිවිසේ.කලාතුරකින් ගෙවතු වලදීද හමුවිය හැක.නිල් පැහැයට හුරු අළු පැහැ පිහාටු සහිත වන අතර ගෙල පිටුපස සුදු-කළු පිහාටු රටාවකට පිහිටයි.

4.පිට රතු බටගොයා - Pompadour Green Pigeon - Treron pompadora
green.jpg
[/url][/IMG]

පිරිමි සතුන් කැපී පෙනෙන දම් පැහැති පිහාටු සහිත පියාපත් දරයි.ගැහැණු සතුන් නීල කොබෙයියන්ට සමාන වන නමුත් ඊට වඩා කොළ පැහැතිය.ලංකාව පුරාම හමුවන අතර අර්ධ-නාගරික ප්‍රදේශ වලින් පවා වාර්තා වේ.ඉතා දුර පියෑඹිය හැකි පක්ෂියෙකි.

5.ලංකා ගිරාමලිත්තා - Sri Lanka Hanging Parrot - Loriculus beryllinus
image.jpg
[/url][/IMG]

තරමක් සුලභව තෙත් කලාපයේ සිට මධ්‍ය කඳුකරය දක්වා ව්‍යාප්තව ඇත.වියළි කලාපයේ ගල්ඔය ප්‍රදේශයෙන් පවා වාර්තා වෙයි.පිරිමි සතුන්ගේ හිසෙහි රතු පැහැ පැල්ලමක් දරයි. කුඩා ශරීරයක්, කොළ පැහැති පිහාටු හා රතු පැහැ හොටක් සහිත වන අතර තියුණු ස්වරයකින් යුත් නාදයක් නගයි.

6.ලංකා අළු ගිරවා - Layard’s Parakeet - Psittacula calthropae
hfd.jpg
[/url][/IMG]

තෙත් කලාපයේ හා ඉහළ කඳුකරයේ ඉතා හොඳින් පවතින වනාන්තර වල ජීවත් වන අතර රංචු ලෙස ආහාර සොයා යයි.ගැහැණු සතුන් අඳුරු පැහැ හොටක් දරයි.මරාමිණි (Emerald) පැහැ පිහාටු තීරුවක් ගෙල වටා දැකිය හැකිය.

7.වත රතු මල්කොහා - Red Faced Mal Koha - Phaenicophaeus pyrrhocephalus
ghk.jpg
[/url][/IMG]

ඉතා උසැති ගස් සහිත සිංහරාජය, මොරපිටිය, කිතුල්ගල වැනි වනාන්තර වලට සීමා වී ඇත.සැමවිටම වෙනත් පක්ෂි විශේෂ සමඟ මිශ්‍ර වී ආහාර සොයා යයි(Mixed-species feeding flocks).සාමාන්‍යයෙන් නිහඩව සිටින නමුත් තියුණු ස්වරයකින් හඬ නැගිය හැක.දැකගැනීමට අසීරු විශේෂයකි.රතු පැහැති මුහුණත්,කළු පැහැති පිට සහ වලිගයත්,සුදු පැහැති උදරයත් නිසා පහසුවෙන් හඳුනා ගත හැක.

8.බට ඇටි කුකුළා - Sri Lanka Green-billed Coucal - Centropus chlororhynchos
fhgjt.jpg
[/url][/IMG]

සිංහරාජය,කිතුල්ගල,මොරපිටිය වනාන්තරවල ද, සුළු ප්‍රමාණයක් බෝධිංගල වනාන්තරය තුලද හමුවේ.බොහෝවිට ලංකාවේ වඩාත්ම තර්ජනයට ලක් වූ පක්ෂි විශේෂය විය හැක.වඩාත් සුලභ මහ ඇටි කුකුළාට සමාන වන නමුත් හොටය ඇත් දළ පැහැයක් ගනී.

9.පඬුවන් බස්සා - Serendib Scops Owl - Otus thilohoffmanni
ghfghgj.jpg
[/url][/IMG]

2001 වසරේදී මුල් වරට දැක 2004 වසරේදී විද්‍යාත්මකව නම් කරන ලදී.රතුවන්-දුඹුරු පිහාටු වැස්ම හා තනි ස්වරයකින් යුත් නාදය නිසා සෙසු බස්සන්ගෙන් වෙන්කර හඳුනාගත හැක...පිරිමි සතුන් තැඹිලි පැහැති ඇස් ද,ගැහැණු සතුන් කහ පැහැති ඇස් ද දරයි.කණ අසල පිහාටු රොද (ear tufts) නොපිහිටයි.
කිතුල්ගල,සිංහරාජය වැනි ඝන වනාන්තරවලට සීමා වී ඇති නමුත් කලාතුරකින් ද්විතික වනාන්තරවලත් හමුවේ.


10.ලංකා පිටතඹල වන-බස්සා - Chestnut Backed Owlet - Glaucidium castanonotum
image.jpg
[/url][/IMG]

පහතරට තෙත් කලාපය තුල හා කඳුකරය ආශ්‍රිතව හමුවේ.මෙම විශේෂය අප ඇස්තමේන්තු කරන පමණට වඩා සුලභ වීමට වැඩි ඉඩකඩක් පවතී.දිවාචර වේ.පැහැදිලිව හඬ ඇසුනත් සිටින තැන සොයාගැනීම අපහසුය.දුඹුරු පැහැති පිට හා අළු-සුදු මිශ්‍ර සිහින් තීරු දරන හිස නිසාත් පහසුවෙන් හඳුනාගත හැක.

11.අළු කෑදැත්තා - Sri Lanka Grey Hornbill - Ocyceros gingalensis
mnhnk.jpg
[/url][/IMG]

ගැහැණු සතුන් කහ පැහැ පැල්ලමක් දරන අඳුරු පැහැ හොටයක් ද, පිරිමි සතුන් හොටය මුල තද පැති පැල්ලමක් දරන කහ පැහැ හොටයක් දරයි.සැම කලාපයකම ව්‍යාප්තව සිටී .කටෝර නාදයක් සහිතය.අළු පැහැති පිටක් හා සුදු පැහැ බඩ ප්‍රදේශයක් දරයි.කුඩා ශරීර ප්‍රමාණය හා හොටයේ ඉහළ පොරෝ තලයක් වැනි කොටස නොමැති නිසා පොරෝ කෑදැත්තාගෙන් වෙන්කර හඳුනාගත හැක.

12.රන්-නළල් කොට්ටෝරුවා - Sri Lanka Yellow Fronted Barbet - Megalaima flavifrons
hjkhk.jpg
[/url][/IMG]

පහතරට තෙත් කලාපයේ හා කඳුකරය ආශ්‍රිතව ජීවත් වේ.කඳුකරය ආශ්‍රිත තේ වතු හා වගා බිම් වල සුලභව හමුවේ.කොළ පැහැ සිරුරකින්, කහ පැහැ නළලකින් හා ලා නිල් පැහැති මුහුණකින් යුතු වේ.

13.රතු-නළල් කොට්ටෝරුවා - Ceylon Small Barbet - Megalaima rubricapilla
nhfjhj.jpg
[/url][/IMG]

'පොප්-පොප්-පොප්' යන හඬක් නගයි.කුඩා ප්‍රමාණයේ සිරුරක් දරයි.පහතරට හා කඳුකරයේ ගෙවතු ආශ්‍රිතව පවා හමුවේ.එසේම කොළඹ-මහනුවර ආදී නගර වලදීද දැකගත හැකිවීම විශේෂත්වයකි.රුක්වාසී විශේෂයකි.ඉදුණු පලතුරු මත යැපෙයි.ඉතාම අලංකාර වර්ණ සහිත මුහුණක් දරයි.

14.මහ රතු කෑරලා - Crimson-backed Flameback - Chrysocolaptes stricklandi
hkgjljh.jpg
[/url][/IMG]

ඝන වනාන්තර හා ඉතා හොඳ ශාක ස්ථරයක් සහිත ගෙවතු වලත් වාර්තා වේ.පහතරට තෙත් කලාපයේ හා මධ්‍ය කඳුකරයේ සිටී.ගසකින් තවත් ගසකට පියඹා යනවිට තියුණු හඬක් නගමින් කෑ ගසයි.අනෙක් කෑරලුන් ගෙන් වෙන්කරගැනීමේදී මහ රතු කෑරලා ගේ ඇත් දළ පැහැති හොටය වැදගත් වේ.ගැහැණු සතුන්ගේ හිසෙහි පිහාටු කිරුළ කළු පැහැති වන අතර සුදු පැහැති පිහාටුද කිහිපයක් පිහිටයි.

15.බඩ රතු වැහි-ලිහිණියා - Red Rumped Swallow - Hirundo hyperythra
kjgkh.jpg
[/url][/IMG]

තද රතු-දුඹුරු පැහැති උදරීය පෙදෙස මගින් අනෙක් සංක්‍රමණික වැහි-ලිහිනින්ගෙන් වෙන්කර හඳුනාගත හැකිය.එසේම උදරීය පෙදෙසේ පැහැදිලි රේඛා කීපයක් දැකගත හැක.දිවයින පුරාම හමුවන අතර තැනිතලා බිම් වල කෘමීන් පසුපස එළවා යමින් ආහාරයට ගනු දැකගත හැක.

16.වන කොවුලැස්පතියා - Ceylon Wood Shrike - Pondicerianus affinis
khkhgjf.jpg
[/url][/IMG]

වියළි කලාපීය කටු පඳුරු සහිත වන ලැහැබ් වල හමු වේ.එසේම හේන් වල හා යාබද වනාන්තර වලත් හමුවේ.ගැහැණු හා පිරිමි සතුන් රූපීයව සමානය .තද අළු පැහැති පිටක් හා ලා පැහැ උදර ප්‍රදේශයක් ඇත.

මෙහි තොරතුරු හා සේයා රූ සියල්ල උපුටා ගනු ලැබූවේ ගෙහාන් ඩි සිල්වා විජේරත්න මහතාගේ 'Endemic Birds of Sri Lanka' පොතෙන් වන අතර ඒ සඳහා ඒ මහතාට විශේෂ ස්තුතිය හිමිවේ.

දෙවෙනි කොටසත් පුළුවන් ඉක්මනට දාන්නම්.ජයවේවා!!
වැඩේ හොඳයි නම් සලකලා යන්න...
:):):):):)
 
Last edited: