ශ්‍රී ලංකාවේ උද්ධමනය 2.8 %දක්වා පහතට

Rough

Member
Jun 23, 2014
463
39
0
ශ්‍රී ලංකාවේ උද්ධමනය 2.8 %දක්වා පහතට

ශ්‍රී ලංකාවේ උද්ධමනය 2.8 %දක්වා පහතට

cbsl.jpg



කලාපීය වශයෙන් ආර්ථික ජයග්‍රහණ රැසක් ලබා තිබෙන ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 2.8 දක්වා පහත වැටී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාතර්මේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයට අනුව පසුගිය මැයි මාසයේ පැවැති සියයට 3.2 ක උද්ධමන අගයට සාපේක්ෂව ජූනි මාසය අවසන් වනවිට මේ රටේ උද්ධමනය සියයට 2.8 දක්වා පහත වැටී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව නිකුත්කළ නවතම වාර්තාවක් මඟින් පවසයි.

කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (2006/07=100) විචලනය මඟින් ගණනය ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත මේ අගය වාර්තා කරන අතර පසුගිය ජූනි මාසය දක්වා ගෙවීගිය මාස 65ක කාලයේ දී උද්ධමනය අඛණ්ඩව තනි ඉලක්කමක පැවති බවද ශ්‍රී ලංකා මහ බැංකුව සිහිපත් කරයි.

මෙසේ උද්ධමනය පහළ මට්ටමක පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ලද විචක්ෂණ ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති මඟින් සාධනීය බලපෑමක් ඇති වූ බවද එම බැංකුව පවසයි. වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමනය ද පසුගිය වසරේ ජූනි මාසයේ සිට පෙන්නුම් කළ පහළ යාමේ උපනතිය අනුව යමින් මේ වසරේ මැයි මාසයේ පැවැති සියයට 5.3 අගය ජූනි මාසයේ දී සියයට 4.9 දක්වා තවදුරටත් පහත වැටී තිබේ.