ස්කර්වියෝ ඩා වින්සි කියලා කෙනෙක් නේ ද මේ
"උඹලට කොහෙද මේවා කළු කැත කොට සිංහලයෝ" කිව්වේ ඩයල් එක නේ?
ස්කර්වියෝ ඩා වින්සි කියලා කෙනෙක් නේ ද මේ
ලූලා නැති වලට කනයා පණ්ඩිතයාමහාචාර්ය කේ. ඇන්. ජයතිලක.
මහාචාර්ය ඩේවිඩ් ජේ කලුපහන.
මහාචාර්ය වයි. කරුණාදාස.
මහාචාර්ය නලින් ද සිල්වා.
මහාචාර්ය කේ. ඇන් ජයතිලක බුඩිස්ට් ලොජික් ගැන කතාකලා. බුදුදහම "බුද්ධිවාදයෙන්" ඈත්කරගෙන "ආනුභූතිකවත්වයට" බරකරමින් බුදුදහම ඉන්ටර්ප්‍රිට් කලා. මෙහිදී මෙතුමා ඥානවිභාගය ගැන කතාකරනවා. මෙතුමගෙ "early Buddhist theory of knowledge" පොත ඔන්ලයින් තියනවා pdf එකක් හැටියට. කියවලා බලන්න. ඒ වගේම මෙතුමා ඔස්ට්‍රියානු ජාතික දාර්ශනිකයෙකු වන විට්ගන්ස්ටයින් යටතෙ ඉඳලා තියනවා.
මහාචාර්ය ඩේවිඩ් ජේ කලුපහන, කේ ඇන් ජයතිලකගෙ ගෝලයෙක්. මෙතුමා මහායානය සහ ථේරවාදය උඩුයටිකුරු කරපු කෙනෙක්. සාම්ප්‍රදායික මතයට අනුව නාගර්ජුන ස්වාමීන්වහන්සේ කියන්නෙ මාධ්‍යමක සම්ප්‍රධායෙ පෙරගමන්කරු. උන්වහන්සේගෙ මූලමාධ්‍යමකකාරිකාව තමා මාධ්‍යමක සම්ප්‍රධායෙ පදනම. සරලව කිව්වොත් මහායානයෙ මූලික භික්ෂුවක් තමා නාගර්ජුනපාදයන්. නමුත් මහාචාර්ය කළුපහනට අනුව මේක නිවැරදි මතයක් නෙමෙයි. ඔහුට අනුව මූලමාධ්‍යමකකාරිකාව අර්ථදැක්වෙන්නෙ වෙනත් ආකාරයකට. ඔහුට අනුව නාගර්ජුන කියන්නෙ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ වගේ රිෆෝර්මර් කෙනෙක්. ඒ කියන්නෙ පශ්චාත්කාලීන බෞද්ධ නිකායන් මුල් බුදුදහමෙන් බැහැරට යනකොට (සාර්වාස්තිවාද අභිධර්මය) ඒක වලක්වලා නැවත් බුද්ධ වචනය ඉදිරියට අරන් තහවුරු කරන්න උත්සහ ගත් කෙනෙක්. මේක මෙතෙක් නාගර්ජුන ස්වාමීන්වහන්සේ සම්බන්ධව තිබුණු සියලුම මතවාද වලට එරෙහිව යන්නක්. සම්පූර්ණයෙන්ම නව්‍ය මතවාදයක්.
මහාචාර්ය වයි කරුණාදාස ගැන නම් මම වැඩිදෙයක් කියන්න දන්නෙ නැහැ. නමුත් ඔහු බොහෝදෙනෙක් විසින් පිළිගන්නා මහාචාර්යවරයෙක්.
මහාචාර්ය නලීන් ද සිල්වාගෙ දේශපාලන මතවාදය බැහැරට තබලා ඔහුගෙ ඉන්ටලෙක්චුවල් එන්ටර්ප්‍රියිස් එක සලකලා බැලුවොත් ඔහුගෙ මතවාදය බොහොම ශක්තිමත්. ගොඩදෙනෙක් එතුමාට බනිනවා ඔහුගෙ දේශපාලන මතවාදය නිසා. මටත් ඒ ගැන මහලොකු ප්‍රිය බවක් නැහැ. නමුත් ඔහුගෙ දාර්ශනික මතවාද කියවන්න ඒක බාධාවක් කරගත යුතු නැහැනෙ.
Edited - typo





හරියටම හරි! හැබැයි ඒ එකකින්වත් ඔය මුලින් කී තුන්දෙනා දාර්-ශානිකයෝ කියල කියන්න බැහැ.
ඔය සියලු දෙනා බුදුදහම විවිධ දාර්-ශානික කෝණවලින් විග්‍රහ කරපු අය.
- ජයතිලක අනුභූතිවාදය මුල් කරගෙන බුදුසමය විග්‍රහ කරන්න හැදුවා.
- කළුපහන ඒක තවත් ඉස්සරහට ගෙනිහින් ඔබ කිව්වා වගේම ශූන්‍යතාවාදී සිද්ධාන්ත (ඇත්තටම කළුපහන ඔය ශූන්‍යතාවාදය කියන වචනය පාවිච්චි කරන්නේ නැහැ මතක හැටියට) කියල අපි සාමාන්‍යයෙන් හඳුන්වන ඉගැන්වීම් මුල් බුදුසමයෙන් වෙනස් නැහැ කියල කිව්වා.
- මෙතන කියවෙන්නේ නැති අසංග තිලකරත්න තවත් ඉස්සරහට ගිහින් නිවන අවාච්‍ය දෙයක්ය කියන මතවාදය ප්‍රතික්ෂේප කළා.
- කරුණාදාස ථෙරවාද අභිධර්-මය පදනම් කරගෙන ථෙරවාද ඉගැන්වීම් පවා අනුභූතිවාදී බව කිව්වා. (කළුපහන මේ මතයට විරුද්ධයි.)
මේ රිප්ලයි එකෙන් කියවෙන්නෙ,
මහා ලොකු දාර්ශණිකයට තමන්ගෙ දේශපාලන දැක්ම "hasithayad හොඳ දැක්මක් කියලා හිතන විදිහට" හදාගන්න බෑ.
මමත් ඔහුගෙ දේශපාලන පාක්ශිකත්වය අනුමත කරන්නෙ නැහැ. නමුත් ඒ නිසා ඔහුගෙ අනෙක් මත මම ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ.
පොර බිල්ඩ් කරපුව මොනවද බන් තියෙන්නෙ?ඒ බිල්ඩ් කරල තියෙන තියරි වලට අපි නිකන් විකාර කිව්වට පොර ඔය සමහර ඒව නන් පේපර්ස් ලියල පබ්ලිශ් කරල තියෙන්නෙ හොද ජර්නල්ස් වල ඒව ඇක්සෙප්ටබල් තියරි නිසා