ශ්‍රී ලංකාවේ පිරිමින් මෙතරම් ගැහැණුන්ට අ
ලංකාවේ කොයි තරම් මවුගුණ ගීත ගැයෙනවද? “ගෙදර බුදුන් අම්මා” වගේ වචන ඇහෙන, ශ්‍රී ලාංකීය සංස්කෘතියේ හැටියට ගැහැණියට ප්‍රධාන තැනක් තිබෙනවා යැයි කියන ශ්‍රී ලංකාව මීට වසර කිහිපයකට පෙර දකුණු ආසියානු කලාපයේ ගැහැණියට පොදු ප්‍රවාහනයේදී වැඩියෙන්ම ලිංගික හිරිහැරයන් කිරීමේ ලැයිස්තුවේ මුලටම ආපු බව ඔබ දන්නවාද? හැම කොල්ලෙක්ම මෙහෙම නෙවෙයි. හැම කොල්ලෙක්ම ගැහැණියකට ලිංගික අපරාධ කරන්නට හිතන්නේ නැහැ, ඇත්ත. ඒත් සමහර විටකදී ඔබ නොහිතා කරන දෙයක්, නොහිතා කියන දෙයක් මේ ගැහැණියට සිදුවන අකටයුතුකම් වැඩි කරන්න උදවු කරන බව ඔබ මොහොතකට හරි හිතුවාද?
1. ලිංගික අපරාධයන්
අපේ රටේ සතියකට නෙවෙයි, දිනකට ලිංගික අපරාධයන් කිහිපයක්වත් සිදුවුණු බව ප්රවෘත්ති වලින් අහන්නට තරම් අපි අවාසනාවන්ත වෙලා තියෙනවා. පසුගිය කාලවල සිදුවුණු අමානුෂික ලිංගික අපරාධයන් සහ ඝාතනයන් යළි සිහිපත් කළ යුතු නැහැ. ඒත් ගැහැණියකට බයක් හැකක් නැතුව යන්න එන්න වාතාවරණයක් කවදද හැදෙන්නේ? මේකට එක පිළියමක් පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ, මේ අපරාධයන් සිදුවන්නේ ගැහැණුන් නිසා බව කීම.
ඒත් අමතක කරන්න එපා, ලංකාවේ මේ ලිංගික අපරාධයන්ට ලක් වෙන්නේ සරාගී විදියට ඇඳගෙන යන කාන්තාවන් නෙවෙයි. වයසට ගිය වැඩුමල් කාන්තාවන්ටත්, හය හතර නොදත් කුඩා දැරියන්ටත් මේ තිරශ්චීන අපරාධයන්ගේ ගොදුරු බවට පත් වෙන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි තව දුරටත් ගැහැණියගේ ඇඳුමේ දිග පළල හොයමුද, එහෙමත් නැතිනම් ප්රශ්නය ඇතිවෙන්නේ කොතනින්ද කියලා බැරෑරුම්ව හිතමුද?
2. මේ ජෝක් ටිකත් හිරිහැරද බ්‍රෝ?!
මේක ශ්‍රී ලංකාවේ සුලභ තත්වයක්. ගැහැණු ළමයෙක්ට පාරක තනිව යන්න හෝ පොදු ප්‍රවාහන මාධ්‍යයක තනිව යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ? බොරු කියලා හිතනවද? ජනාකීර්ණ තැනක පැය බාගයක් විමසිල්ලෙන් ඉඳලා බලන්න තනිව යන ගෑණු ළමයින්ට මොන තරම් හිංසනයන් සිද්ධ වෙනවද කියලා. මෙතන තියෙන ප්‍රශ්නේ ‘ආ නංගී’ කියාගෙන කාර් එකකින් ඔලුව එලියට දාලා කෙල්ලෙක්ට කෑ ගහගෙන යන එක කොළුකමට කරන දෙයක් විදියට සාධාරණීකරණය කරන එක. එතකොට ඊලඟට එන ‘ ආ නංගී ගාණ කීයද?’ කියලා අහන එකත් සාමාන්‍යකරණය වෙනවා. ඒ වගේම තමයි ඇස් වලින් ගිලින්න වගේ බලාගෙන ඉන්න එක.
මේක හිරිහැරයක්ද?
ඔව්, ඒකත් ලිංගික හිරිහැරයක් තමයි. එතනින් එහාට පස්සෙන් එන එක, බලෙන් නවත්වා කතා කරන එක, අසභ්‍ය විහිළු මේ ආදී හැම කරුණක්ම එදිනෙදා දෙයක් බවට ලඝු වෙනවා. අන්න ඒ නිසායි අපි කියන්නේ අර මුලින් කියපු අහිංසක, කොළුකමට කරන වැඩක් වගේ පෙන්න තියෙන දේ පවා නැවතිය යුතුයි කියලා! ගැහැණියකට හිනා වෙලා දරාගන්න පුලුවන් මනුස්ස කමට කරන විහිළුවක් ඇරෙන්න, එතනින් එහාට යන ඕනෑම විදියට ලිංගික හැඟවුමක් තියෙන ක්‍රියාවක් අසහනකාරයින්ගේ වැඩ, ගැහැණියට සිදුවන අතවර, හිරිහැර කියලා ගණන් ගන්න වෙනවා!
3. ජැක් ගහන අය්යලා වැහි වැහැලා!
සාමාන්‍යයෙන් ලංකාවේ බස් රථයක හරි දුම්රියේ හරි ඇහැට කණට පේන යුවතියකට තනියෙන් යනවා කියන්නේ කොයි තරම් අප්‍රසන්න අත්දැකීමක්ද කියන එක දන්නේ ගැහැණුන් විතරයි. ජැක් ගැහීමේ ඉඳලා අඟ පසඟ අත ගෑම දක්වා පිරිමින් ගැහැණුන්ට කරන ලිංගික හිංසනයන් වෙනස් වෙනවා. ඉනුත් නොනැවතී සමහරු පස්සෙන්ම එන අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා. මේ වගේ දේකට ගැහැණියක් කථා කළහම ‘සැපට යන්න නම් කාර් ගන්න’ කියන අයියලාත් ඕනෑ තරම් ඉන්නවා. මෙතනදී පිරිමින්ගෙන් එල්ල වෙන චෝදනාවක් තමයි කෙල්ලන්ට බස් එකකදී ඇඟේ ගෑවුණත් වැරදියි කියන එක. මතක තියාගන්න, ගැහැණියක් අපහසුතාවට පත්වෙන විදියට පිරිමියෙක් ඇඟේ ගෑවෙන හෝ හැප්පෙන වෙලාවක තමයි ඇය විමසිලිමත් වෙන්නේ. ඒක හැබෑ අත් වැරදීමක් නම් ‘සමාවෙන්න’ කියලා එතනින් පොඩ්ඩක් එහාට වෙලා ඉන්න. එතකොට එතනින් එහාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
භයානකම කාරණය තමයි ‘නොකියා හිටියට ගැහැණුන් මේ දේවලට කැමතියි’ කියලා පිරිමින් අතර, විශේෂයෙන්ම ගැටවර වියේ සිටින්නන් අතර මතයක් ගොඩ නැඟී තිබීම! ඒක සාවද්‍යයි. කිසිම ගැහැණියක් කැමති වෙන්නේ නැහැ තමන්ට ලිංගික හිංසනයක් වෙනවාට.
දැන් බස්වල ස්ටිකර් ගහලා තියෙනවා ‘ලිංගික හිංසනයට විරුද්ධ වීමට ඔබට අයිතියක් ඇත’ කියලා. මේ දේවල් ගැන පැමිණිලි කරන්න අවස්ථාවන් හදලා තියෙනවා. ඒත් තවමත් මේ දේවල් නැවතිලා නැති එක කණගාටුවට කාරණයක්.
4. අන්තර්ජාලයේ සිදුවන ලිංගික හිරිහැරයන්
තමන් එක්ක චැට් කරන්න නො එන කෙල්ලෙක්ට අමු තිත්ත කුණුහරුපෙන් බැනලා මෙසේජ් කිරීමේ ඉඳන් තමන්ගේ නිරුවත් ඡායාරූප කාන්තාවන්ට ඉන්බොක්ස් කිරීම දක්වාත්, තමන් එක්ක අමනාප වුණු කෙල්ලගේ ෆේස්බුක් ගිණුම් හැක් කිරීමේ ඉඳන් අති පෞද්ගලික අන්තර්ගතයන් අන්තර්ජාලයට මුදාහැරීම දක්වාත් මේ හිංසනයන් වෙනස් වෙනවා. මෙතනදී දකින්න පුලුවන් සුලභ කාරණය තමයි මේ වගේ සිදුවීමකට අදාළ වෙන කාන්තාවගේ වැරැද්දක් නිසා පළිගැනීමක් විදියට මෙවැනි දේවල් සිදුවෙනවා කියන තැනට මේ අන්තර්ජාල හිංසනයන් ලඝු කෙරෙන එක. ගොඩක් වෙලාවට අපිට දකින්න පුලුවන් කාන්තාවන්ට ද්වේෂ කරන මනෝභාවයකින් යුක්ත පිරිමින් මේ විදියට මේ කාන්තාවන්ට සිදුවෙන හිරිහැරයන් සාධාරණීකරණය කරන්න උත්සාහ කරන එක. ඒක ඒ අයගේ ආකල්පමය අවුලක්!
5. ගැහැණිය කොන් කිරීම පිරිමිකම නොවේ!
මේ කියන්නේ discrimination කියලා කියන, ගැහැණිය ගැහැණු වීම නිසාම යම් යම් තැන්වලදී සිදුවන කොන් කිරීම ගැන. මේක පටන් ගන්නේ ගෙදරදී අයියාට මාළු කෑලි දෙකක් දීලා නංගීට එක මාළු කෑල්ලක් දීමේ ඉඳන්, අය්යාගේ වැරදි නොසලකා හැරලා නංගිගේ වැරදි වලට දඬුවම් කිරීමේ ඉඳන්. මේ කොන් කිරීම තමයි සේවාස්ථාන වල ගැහැණියව කොන් කිරීමේ, හිරිහැරයට බඳුන් කිරීමේ සිට පොදුවේ ගැහැණිය පහත් කර සැලකීම දක්වා ඉදිරියට යන්නේ.
ලංකාවේ සමහරු අරාබි රටවල ගැහැණුන්ට තියෙන තැන ගැන උද්යෝගයෙන් හෙළා දැක කථා කලත්, ඒ අයම ලංකාවේම ගැහැණිය පහත හෙළන්න දායක වෙනවා. ගැහැණියකට පිරිමි ආස කරන ඇඳුමක් ඇඳීමට බල කිරීමේ සිට, ගණිකාවට ගණිකාව නොකියා ස්ත්‍රී ලිංගික ශ්‍රමිකයින් කියලා අමතන්නේ මොන බම්බුවටද කියලා අහන එක දක්වා මේ කොන් කිරීම දිගු වෙනවා. ඒ වගේම තමයි ලිංගික අපරාධයක් ‘ස්ත්‍රී දූෂණයක්‘ කියා හැඳින්වීම පවා මේ කාන්තාවට බියෙන් සැකෙන් ජීවත් වෙන්න වෙලා තියෙන සංස්කෘතිය හැදෙන්න වක්‍රාකාරයෙන් බලපානවා!
දැන් ඔබ හිතා බලන්න. ඔබ ජීවිත කාලය ඇතුළතදී කොතෙක් වරක් ගැහැණියව නොසිතා හෝ කොන් කිරීමකට ලක් කර තිබෙනවාද? ඇයව පහත හෙළා කතා කර තියෙනවාද? ඇය ලිංගික වස්තුවක් ලෙසින් සලකා කථා කර හෝ තිබෙනවාද? මේ හැම ක්‍රියාවක්ම අනාගතයේ සිදුවන ලිංගික අපරාධයන්ට වක්‍රාකාරයෙන් රුකුල් දෙන බව ඔබ සිතුවාද?
6. වඩාත් සුන්දර ලෝකයක්
මේ ටික කෙලින්ම අදාළ වෙන්නේ ගැහැණියටයි. ගැහැණුන් සහ පිරිමින් වෙනස්, ඒකේ ආයි කතා කරන්න දෙයක් නැහැ. ඒත් කවුරු කොහොම කිව්වත් ගැහැණිය සහ පිරිමිය කියන්නේ යින්ග් සහ යැන්ග් වගේ තමයි. ඉතින් අද ලෝකය, අද ශ්‍රී ලංකාව ගැන කතා කරනකොට බැලූ බැල්මට සමාජ, ආර්ථික තලයන් වලදී පිරිමියා හා එක් පෙළට හිටියත්, තවමත් බීගෙන ගෙදර එන පිරිමියාගෙන් ගුටි කන ගැහැණුන් කොතෙකුත් මේ සිරිලක ඉන්නවා. ඔබත් ගැහැණියක් නම් ඒ ගැන හඬ අවදි කරන්න. ගැහැණියට පිරිමින්ගේ ලෝකයකින් සම තැන් ඉල්ලන්නට අවශ්‍ය නොවෙන ලෝකයක් වෙනුවෙන් හඬ නගන්න. ගැහැණියගේ සුන්දරත්වය අශ්ශීලත්වයේ ඇසින් නොව මනුෂ්‍ය ඇසකින් බලා රස විඳිය හැකි ලෝකයක් වෙනුවෙන් හඬ නගන්න.
පිරිමින් මතක තබාගන්න. ගැහැණිය කිසිම අයුරකින් අපහසුතාවයට පත් නොකර ගැහැණියට ගෞරවයෙන් සැලකීම නියම පිරිමි කමයි!

Last edited:
BUMP
samahara ganu innawa bn epa karapu. lagin yanna ba orawanawa.