ශ්‍රී ලංකාවේ රත්තරං මතුවේ

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ශ්‍රී ලංකාවේ රත්තරං මතුවේ

    පූගොඩින් රත්තරන් ඉල්ලමක් මතුවෙලා: පවුමක් රු. 54000ක මිලට---

    කැළණි ගෙඟ් පූගොඩ සිට කුමාරිමුල්ල ප්‍රදේශය දක්වා ප්‍රදේශයෙන් රත්තරන් මතු වී තිබේ. මෙය ආරම්භ වී දැන් දින 10 ක් පමණ වන බව පැවසේ. ශ්‍රී ලංකාවේ රත්තරන් ඉල්ලමක් මෙසේ හමුවී ඇත්තේ ප්‍රථම වතාවට ය.

    560273_357592270972611_219430344788805_952015_364062369_n.jpg


    සිව් දෙනෙක් එක් වී දිනක් තිස්සේ මහන්සි ගරා ගන්නා ප්‍රමාණයෙන් රත්තරන් පවුමක් පමණ ලබා ගත හැකි බව ප්‍රදේශ වාසීහු පවසති. මේ වන විට ගැහැණු පිරිමි දහසක් පමණ එක් රොක් වී රත්තරන් ගරන බවත් මෙම පිරිස් එකතු කරගන්නා රත්තරන් මිශ්‍ර පාෂාන කොටස් රත්‍රන් වෙළෙඳුන් පැමිණ මිලදී ගන්නා බවත් පූගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිසිර අජිත් මහතා පවසයි.

    රත්‍රන් වෙළෙඳුන් කිසියම් රසායනික ද්‍රවයක් යොදා පාෂාන කොටස් වලින් පිරිසිදු රත්‍රන් වෙන්කර ගන්නා බවත් එසේ ලබා ගන්නා රත්‍රන් පවුමක් රුපියල් 54000 කට මිලදී ගන්නා බවත්, මන්ත්‍රීවරයා පවසයි. මෙම පූගොඩ රත්තරන් හොඳම රත්තරන් බව වෙළෙඳුන් පවසා තිබේ.

    මේ සම්බන්ධයෙන් පතල් හා කැණීම් කාර්යාංශය හෙට සොයා බැලීමක් කරන බව පවසයි.

    ස්තූත්යි (ලංකා ඊ නිව්ස් -2012.මැයි.22, ප.ව.10.30)