ශ්‍රී ලංකාවේ ලොකුම සමාගම්

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ශ්‍රී ලංකාවේ ලොකුම සමාගම්

    මීට ටික කාලයකට පෙර ලෝකයේ වටිනාම සමාගම වන ඇපල් සමාගමේ වෙළඳපොළ ප්‍රාග්ධනය, එහෙමත් නැත්නම් Market Cap එක ඩොලර් ට්‍රිලියනය ඉක්මවා ගිය බව ඔබත් දන්නවා ඇති.

    ඇමෙරිකාවේ කොටස් වෙළඳපොළේ ගනුදෙනු කරන සමාගම්වල විශාලත්වය ඒ වගේ වෙද්දී ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළේ ගනුදෙනු කරන විශාලම සමාගම් ගැනත් හොයලා බලන්න අපි තීරණය කළා.

    වෙළඳපොළ ප්‍රාග්ධනය ඩොලර් බිලියනය ඉක්ම වූ සමාගම් දෙකකුත්, රුපියල් බිලියන 100 ඉක්මවූ සමාගම් හතරකුත් කොළඹ කොටස් වෙළඳපොළ සතුයි.







    ශ්‍රී ලංකා දුම්කොළ සංස්ථාව (CTC) - ඩොලර් බිලියන 1.57



    tl0tL4O0t2fT2xcd_1.jpg




    කාලයක් තිස්සේ කොටස් වෙළඳපොළේ මුල් තැන සිටි ජෝන් කීල්ස් සමූහය අභිබවා ඉදිරියට එන්න මේ වන විට ශ්‍රී ලංකා දුම්කොළ සංස්ථාව (Ceylon Tobacco Company PLC) සමත් වී තිබෙනවා. මේ වන විට එහි වෙළඳපොළ ප්‍රාග්ධනය රුපියල් බිලියන 249.1ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.57ක්. 2017 වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව ඔවුන්ගේ ආදායම, මේ වසරේ දෙවන කාර්තුවේ ආදායම විශාල ලෙස වැඩි වීම නිසා එහි කොටස් මිල ගණන් පසුගිය කාලය තුළ වේගයෙන් ඉහළ ගියා. අද වන විට ශ්‍රී ලංකා දුම්කොළ සංස්ථාවේ කොටසක වටිනාකම රුපියල් 1330ක සීමාවට පැමිණ තිබෙනවා.







    ජෝන් කීල්ස් සමූහය (JKH) - ඩොලර් බිලියන 1.22




    yafeLpr6NT2KfHCh_2.jpg







    බොහෝ කාලයක් තිස්සේ කොළඹ කොටස් වෙළඳපොළේ වටිනාම සමාගම වූ ජෝන් කීල්ස් සමාගම (John Keells Holdings PLC) මේ වන විට වෙළඳපොළ ප්‍රාග්ධනය අතින් දෙවන තැන සිටියත් එයට රුපියල් බිලියන 194.2ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.21ක පමණ වටිනාකමක් හිමියි. ජෝන් කීල්ස් සමූහය ශ්‍රී ලංකාව තුළ ඩොලර් බිලියනය ඉක්ම වූ වෙළඳපොළ ප්‍රාග්ධනයක් හිමි සමාගම් දෙකෙන් එකක් ද වනවා. මීට ටික කාලයකට පෙර එහි වටිනාකම රුපියල් බිලියන 230ක සීමාවට ආසන්න වුණත් මේ වසරේ දෙවන කාර්තුවේ ඔවුන්ගේ ආදායම් පහත වැටීමත් සමග කොටස් මිලත් පහත වැටී තිබෙනවා. අද වන විට ජෝන් කීල්ස් සමූහයේ කොටසක වටිනාකම තිබෙන්නේ රුපියල් 140ක සීමාවේ.







    කොමර්ෂල් බැංකුව (COMB) - ඩොලර් බිලියන 0.72



    WceTxTrHCm9kzfbZ_3.jpg






    ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික බැංකු ආයතනය වන කොමර්ෂල් බැංකුව (Commercial Bank of Ceylon PLC) කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රාග්ධනය අතින් තුන්වන තැන හිමි කරගෙන සිටිනවා. රුපියල් බිලියන 114.3ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 0.73ක වටිනාකමක් හිමි එහි කොටස් වටිනාකම පසුගිය කාලය පුරාවට කෙමෙන් කෙමෙන් පහළ බැසීමේ ප්‍රවණතාවක් දකින්න පුළුවන්. කොමර්ෂල් බැංකුවේ කොටසක මිල මේ වන විට රුපියල් 122ක සීමාවේ පවතිනවා.







    ඩයලොග් ආසියාටා (DIAL) - ඩොලර් බිලියන 0.70



    XlSirTy7dMW2bWtT_4.jpg






    මිලියන 10ක් ඉක්ම වූ පාරිභෝගික පිරිසක් හිමි, මෙරට සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තයා වන ඩයලොග් ආසියාටා සමාගම (Dialog Axiata PLC) මේ වන විට කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රාග්ධනය අතින් සිව් වන තැන තිබෙන්නේ රුපියල් බිලියන 111.5ක් හෙවත් ඩොලර් බිලියන 0.71ක වටිනාකමක් හිමි කර ගනිමින්. පසුගිය කාලය පුරාවටම කෙමෙන් කෙමෙන් ඉහළ යන ප්‍රවණතාවක් සහිත ඩයලොග් ආසියාටාහි කොටසක වටිනාකම මේ වන විට රුපියල් 13.70ක සීමාවේ පවතිනවා.




    උපුටාගත්තේ මෙතනින්





    මගේ රෙප් පවර් එක 16 වෙලා අද..:)

    රෙප් දුන්න නොදුන්න,කමෙන්ට් කරපු නොකරපු හැමෝටම මගේ හද පිරි මෙව්වා එක...:love::rolleyes:



    Number-16.png
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ශ්‍රි ලංකාවට දුම්කොළ සංස්ථාවක් නැ තියෙන්නෙ දුම්කොළ සමාගමක්,ලංකාවේ කාලකන්නිම සමාගම් අතරේ එක සමාගමක්,වැඩ කරන උන්ටත් ආයේ ආත්මයක් නැ කියලයි මට නම් හිතෙන්නෙ.
     
    • Like
    Reactions: comx