ශ්‍රී ලංකාවේ සම්මත කාලය

L Style

Well-known member
  • Nov 20, 2010
    1,487
    339
    83
    Kandy
    ශ්‍රී ලංකාවේ සම්මත කාලය

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1995 අංක 35 දරණ මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා පනතට අනුව කාලය හා සංඛ්‍යානය පිළිබඳ ජාතික ප්‍රමිතීන් මිනුම් ඒකක,ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවට අයත්වන ජාතික මිනුම් විද්‍යාගාරය තුල පවත්වාගෙන යයි.

    ජාත්‍යන්තර සම්මත වේලාව (Coordinated Universal Time - UTC) යනු මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා අධ්‍යක්ෂගේ අධීක්ෂණය යටතේ 2011වසරේ සිට ශ්‍රී ලංකාව තුල පවත්වාගෙන යාමට නියමිත කාල පරිමානයකි. ඒ අනුව ශ්‍රී ලංකාවේ සම්මත කාලය, ජාත්‍යන්තර සම්මත වේලාවට වඩා පැය 5කුත් මිනිත්තු 30ක් ඉදිරියෙන් ස්ථාපිත කරනු ලැබේ. මෙය සාමාන්‍ය මහජනතාව කෙරෙහි සැලකිය යුතු ප්‍රායෝගික බලපෑමක් ඇති නොකරන නමුත්, මෙලෙස ශ්‍රී ලංකාව පුරා සම්මත කාලය වශයෙන් නිශ්චිත ඒඛීය වේලාවක් භාවිතා කිරීම, නිරවද්‍ය වේලාව මත රඳා පවතින මහජන හා ව්‍යාපාරික සේවා වලට වාසිදායක වනු ඇත.

    ජාත්‍යන්තර සම්මත වේලාව (UTC) යන්න කාලය සඳහා නෛතික පදනම ලෙස ප්‍රංශයේ පිහිටි කිරුම් හා මිනුම් පිළිබඳ ජාත්‍යන්තර කාර්යාංශය (BIPM) මගින් හදුන්වා දී ඇත. මෙහිදී කාලය පිළිබඳ මිනුම් ලබා ගැනීම සඳහා, ලෝකය පුරා ස්ථාපිත කර ඇති කාලය පිළිබඳ මිනුම් විද්‍යාගාරවල පරමාණුක ඔරලෝසු මගින් ලබා ගන්නා දත්ත සමායෝජනය කෙරේ.

    පරමාණුක ඔරලෝසු ඇසුරින් ලබා ගන්නා කාලය පිළිබඳ මිනුම් පෙන්වනුයේ ඉතා කුඩා විචලනයකි. නමුත් පෘථිවි භ්‍රමණයෙහි දෛනිකව සිදුවන වෙනස්කම් හේතුවෙන් නක්ෂත්‍රීය නිරීක්ෂණ වලට අනුව ලබා ගන්නාග්‍රිනීච් වේලාව සැළකිය යුතු විචලනයක් පෙන්වන බැවින්, ග්‍රිනීච් වේලාව ලෙස ලැබෙනුයේ කාලය පිළිබඳ මධ්‍යන අගයකි.ග්‍රිනිච් මධ්‍ය වේලාව හා ජාත්‍යන්තර සම්මත වේලාව අතර කාල වෙනස තප්පරයකින් කොටසක් පමණ කුඩා වුවත්, මෙම වෙනස යම් විද්‍යාත්මක කරුණු වලදී වැදගත් වේ. උදාහරණ වශයෙන් පරිගණක මඟීන් සිදුකරනු ලබන අධිවේගී දත්ත හුවමාරුව සහ සමකාලික කරණ දැක්විය හැකිය. එමෙන්ම පෘථිවිය වටා කක්ෂගතව ඇති චන්ද්‍රිකා මඟීන් විකාශය කරනු ලබන ගුවන්තරංග මත පදනම්වූ ගෝලීය නියාමන පද්ධතිය (Global Positioning System - GPS) ද ජාත්‍යන්තර සම්මත වේලාව මත රඳා පවතී.


    Synchronize your computer time with http://sltime.org