ඇත්ත .. කාලයත් එක්ක සිරස ලංකාවේ මාධ්‍ය රටාව වෙනස් කරා. හැබැයි මතක තියා ගන්න .
ඒ වෙනසට අහු වෙන්න ජනතාව මෝඩ වුනු බව !
අද සිරස ගැන මෙහෙම කතා බහක් ඇති වුනත් , එදා සිරස මුල් කාලේ පටන් ගන්නකොට ,
මට මතක හැටියට අර මුල්ම ඉන්දියන් මෙගා එක(සුජාතා ද කොහෙද) පෙන්නපු කාලේ තමයි රටේ සිරස වෙනුවෙන් විරුද්දත්වයක් ඇති උනේ . එත් ඒක ඇති වුනේ රටේ බොහොම සුළු පිරිසක් අතර විතරයි , අනෙක් අය හැමෝම ඒකට අහු වුනා .. ඊට පස්සේ මහ ගෙදර , ප්‍රවීනා , වසුදා , බ්ලා බ්ලා බ්ලා .... පෙන්නලා සිරස අපේ මිනිස්සුන්ගේ චින්තන ශක්තිය ආක්‍රමණය කරන්න පටන් ගත්ත . මම නං හිතන්නේ නෑ ඕක සිරසේ වැඩ කරන උන් හිතා මතාම කරපු දෙයක් කියල .. උන් කරේ ජනතාව වැඩි රුචිකත්වයක් දක්වන දේ පෙන්වීම විතරයි . ජනතාවගේ මාධ්‍ය සාක්ෂරතාවය ඔය සිරස පටන් ගන්න කාලේ හොඳ තැනක තිබ්බ නං අද මෙහෙම වෙන්නේ නෑ ...
තාමත් අපේ රටේ මිනිස්සුන්ගේ සාක්ෂරතාවය අතින් ඉහල උනාට දේශපාලන/සමාජ ඥානය අතින් මිනිස්සු දුප්පත් , දේශපාලනය පිස්සු කෙලිනකොට ඒ දේශපාලනයෙන් පාලනය වෙන මිනිස්සු පිස්සු කෙලින එක අහන්නත් දෙයක් නෙවෙයි , ඉතින් ලංකාවේ ගොන් ජනතාව වාතයක් යවන්න වෙන මහන්සිය තරම්වත් මහන්සියක් නොවී අන්දන්න පුළුවන් බව කිලී මහරාජට තේරුම් යනකොට ඒ බව තේරුම් අරන් හැදෙන තැනට අපේ ජනතාව මෙහෙයවන්න පුළුවන් නායකයෝ බිහි නොවීම තමා ලංකාවේ අඩුපාඩුව .