ණය ගත්තට කමක් නැහැ. ගන්න ණය කළමණාකරනය කරගන්න පුලුවන් නම්. එහෙම එකක් වුන බවක් වත්, වෙන බවක් වත් පේන්න නැහැ. ඒකයි අවුල.
මේ ආනයන සීමා දාගෙන කරන වැඩ හින්දා අපිට ඇත්තටම සහන ණය දෙන්නත් කවුරුත් කැමති නැහැ. සරලව කිව්වොත්, බැංකුවකින් පවා පහසුවෙන්ම ණය ගන්න පුලුවන් පොහොසතාට මිසක් දුප්පතාට නෙවෙයි නේ. ඉතින් දුප්පතාට ණය ගන්න වෙන්නේ බරපතල කොන්දේසිවලට සහ ගොඩක් වෙලාවට ඉහළ පොළියකට යටත් වෙලා. වෙනදා වගේ ටක් ගාලා ණයක් අරන් රෝලක් ගහගන්න අපිට බැරි වෙලා තියෙන්නේ මේ නිසා.
ඒ නිසයි මේ වගේ විනිමය හුවමාරුවලට රජය යොමුවෙලා තියෙන්නේ. කෙටි කාලීනව යම්තාක් දුරකට හොද පියවරක් වුනත්, දිගු කාලීනව කොහෙත්ම හොද පියවරක් නෙවෙයි. මධ්‍ය කාලීන ඉදන් දිගු කාලීන වෙනකන් සැළසුම් හදන්න වුවමනායි දැන් ඉදන්ම.
විනිමය හුවමාරු ගැන හොද පැහැදිලි කිරීමක් මෙතන තියෙනවා, කියවන්න-