ශ්‍රී ලංකාව ණයකාරයෙක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    ශ්‍රී ලංකාව ණයකාරයෙක්

    නිදහසින් පසු ශ්‍රී ලංකාව ණයකාරයෙක් වුණේ මෙහෙමයි :no::no:

    1948 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස් වූයේ පළමු වරට මෙරට අග්‍රාමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු රජයක් පිහිටුවමිනි.

    මෙම රජය යටතේ 1950 වසර වන විට රුපියල් මිලියන 654 ක ණයක් පැවති එක්සත් ජාතික පක්ෂ රජය විසින් ගෙවීමට පැවති අතර එය රුපියල් මිලියන 529 ක දේශීය ණයවලින් සහ රුපියල් මිලියන 125 ක විදේශීය ණයවලින් සංයුක්ත විය.

    1954 වසරේ දී රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 1,164ක් වූ අතර පූර්ව වර්ෂය වූ 1953 දී එම අගය වාර්තා වූයේ රුපියල් මිලියන 1,249 ක් ලෙසිනි. එතෙක් මෙතෙක් ඉතිහාසයේ පෙර වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ණය බර අඩු වූ එකම වසර ලෙසින් 1954 වසර සැලකිය හැකි අතර මේ දක්වා දිගින් දිගටම පූර්ව වසර හා සැසඳීමේ දී ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණය වසරින් වසර වර්ධනය වන ස්වභාවයක් විනා අඩු වීමක් නම් වාර්තා වී නොමැත.

    1972 වන විට ශ්‍රී ලංකාවේ මුළු ණය රුපියල් මිලියන 8,689 කි. එය 1977 වන විට රුපියල් මිලියන 24,985 ක්වූ අතර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් එය සියයට 68.6 ක අගයක් ගනු ලැබීය. 1950 වන විට ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් සියයට 16.9 ක් විය.

    1994 වන විට ශ්‍රී ලංකාවේ මුළු ණය බර දළ දේශීය නිෂ්පාදිතය මෙන් සියයට 95.1 ක අගයක් ගනු ලැබූ අතර එම අගය වාර්තා වූයේ රුපියල් මිලියන 550,931 ක් වශයෙනි.

    2001 වසරේ දී පළමුවරට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයට වඩා ඉහළ අගයක් ගත්තේ ප්‍රතිශතාත්මකව සියයට 103.3 ණය ප්‍රමාණයක් වාර්තා කරමිනි. ඒ වන විට ගෙවීමට තිබූ මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 1,452,706 කි.

    2012 වසර වන විට මෙම ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙසින් සියයට 68.7 දක්වා අඩු වූ අතර ඒ වන විට ගෙවීමට තිබුණු මුළු ණය රුපියල් මිලියන 6,000,112 කි.

    2016 වසර අවසානයේ දී ශ්‍රී ලංකාවේ මුළු ණය රුපියල් මිලියන 9,387,303 ක් දක්වා වර්ධනය වී ඇති අතර එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් සියයට 79.3 කි. මෙය දේශීය ණය රුපියල් මිලියන 5,341,507 කින් හා දේශීය ණය රුපියල් මිලියන 4,045,796 ක් ලෙසින් සටහන් වේ.
    :no::no:

    18_S_Appendix09.jpg
    :no::no::dull::dull:
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Godak Stats Waradi Ponnayo.. Godak Gatta Naya , Investment Widihata thamai Record karala thibbe. Eka Nisa Thawa Thawa Naya Ganna Puluwan una. Danuth Godak Gatta Naya Investment Widihata Pennane. Thawa Naya Ganna. Ethakota Lankawe Balance Sheet eke Naya Gatta ewa thiyenne Assets widihata, Liability widihata nemei.