ශ්‍රී ලංකාව තුළ අතථ්‍ය මුදල් භාවිතය පිළි&#3510

Crypto Max

Member
Mar 31, 2018
52
14
0
ශ්‍රී ලංකාව තුළ අතථ්‍ය මුදල් භාවිතය පිළි&#3510

ශ්‍රි ලංකා මහා බැංකු නිවේදනය:- උපුටා ගැනීම :- https://www.cbsl.gov.lk/si/පුවත්/ශ්...දල්-භාවිතය-පිළිබඳ-ව-මහජනතාව-දැනුම්වත්-කිරීමයි

ශ්‍රී ලංකාව තුළ හා ජාත්‍යන්තර වශයෙන් අතථ්‍ය මුදල් (Virtual Currencies) පිළිබඳ ව තිබෙන උනන්දුව වැඩි වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට යොමු වී ඇත.

ඩිජිටල් තාක්ෂණය යොදා පෞද්ගලික ව නිකුත් කරන ලද වටිනාකම් සහිත ඒකකවලට “අතථ්‍ය මුදල්” යන යෙදුම පොදුවේ භාවිත වන අතර ඒවාට ආවේණික ගිණුම් ඒකක ද ඇත. අතථ්‍ය මුදල් සඳහා පොදු උදාහරණ වන්නේ බිට්කොයින් (Bitcoin), ලයිට්කොයින් (Litecoin) සහ එතීරියම් (Ethereum) වැනි අප්‍රකාශිත විද්‍යුත් මුදල් (Cryptocurrencies) ය. මෙම අතථ්‍ය මුදල් මහ බැංකු විසින් නිකුත් කරන ලද මුදල් නො වේ.

අප්‍රකාශිත විද්‍යුත් මුදල් වැනි අතථ්‍ය මුදල්, ගනුදෙනු බලාත්මක කිරීම සඳහා පුද්ගලයන් ඝෘජු ව සම්බන්ධ වී විමධ්‍යගත ලෙස සේවා සැපයිය හැකි වන අයුරින් ඩිජිටල් ජාල භාවිත කරයි. එම මුදල්වල වටිනාකම පිළිබඳ ව සහතික කිරීමට සහ එම ගනුදෙනු නියාමනය කිරීමට මහ බැංකුව වැනි කේන්ද්‍රස්ථ අධිකාරියක් නොමැති වීම හේතුවෙන් ඒවා භාවිතා කරන්නන් අතර හෝ ගනුදෙනු ආශ්‍රිත ගැටලු ඇති වීමේ දී ඒ සඳහා මැදිහත් වන වගකිව යුතු පාර්ශ්වයක් නොමැත. අතථ්‍ය මුදල්වල වටිනාකම තීරණය වනුයේ සමපේක්ෂණ මත වන අතර එයට පාදක වූ වත්කම් හෝ ඒ සඳහා බලපවත්වන නියාමන රාමුවක් නොමැත. මේ නිසා ඒවායේ වටිනාකම විශාල වශයෙන් උච්චාවචනය විය හැක. ඒ හා සමාන ව ම, නීතිවිරෝධී කටයුතු සඳහා අතථ්‍ය මුදල් භාවිතා කිරීමේ සම්භාවිතාව ද ඉහළ යා හැකි ය. තව ද, අතථ්‍ය මුදල් භාවිතය මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩ පැවැත්වීමේ නීති උල්ලංඝනය වීමට ද අවකාශ ඇත. එම නිසා, වර්තමානයේ දී අප්‍රකාශිත විද්‍යුත් මුදල් භාවිත කිරීමෙන් පාරිභෝගිකයන්ට මෙන්ම රටේ ආර්ථිකයට ද මූල්‍යමය, මෙහෙයුම්, නීතිමය, පාරිභෝගික සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව යන අංශවලින් සැලකිය යුතු අවදානමක් ඇති කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු ආයතනයකට හෝ සමාගමකට අප්‍රකාශිත විද්‍යුත් මුදල් ඇතුළු අතථ්‍ය මුදල් සම්බන්ධ ව ක්‍රියාමාර්ග ගැනීමට බලපත්‍ර ලබා දී හෝ බලය පැවරීමක් කර නොමැති බව සහ කිසිදු ආයතනයකට මූලික කාසි අර්පණයන් (Initial Coin Offerings- ICOs) සඳහා බලය පැවරීමක් කර නොමැති බව ද මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ.

Published Date:
Monday, April 16, 2018

  • Like
Reactions: araki and Shadow_01

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපේ මෝඩයන්ට මේ කියල තියෙන දේ තේරෙයිද මන්ද..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපේ මෝඩයන්ට මේ කියල තියෙන දේ තේරෙයිද මන්ද..

    :baffled:

    දැන් උබට තේරුණා විදියට කියලා දීපන්කො :D
     
    Crypto Max

    Member
    Mar 31, 2018
    52
    14
    0
    අපේ මෝඩයන්ට මේ කියල තියෙන දේ තේරෙයිද මන්ද..

    මටත් කියන දේ හරියට පැහදිලි නෑ. එකයි අනිත් අයෙගේ අදහස් දැන ගන්න පොස්ට් එකක් දැම්මේ
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මටත් තේරුනේ නැහැ බන් :rofl::rofl: කොහොමද ගෙදරට ඇවිත් කුදලාගෙන ගියොත් :P:P
    සැප තමයි. ඊට කලින් GT ට කියල නූල් ටික මකා ගන්න වෙනව.

    මචන් Eng එකත් කියෙව්ව, සිංහල එකත් කියෙව්ව. සිරාවටම තේරෙන්නෑ. දෙමළ ඒකෙ කොහොමද දන්නෑ තියෙන්නෙ.

    මචන් දැනට තියෙන මුදල් නෝට්ටු ත්‍රස්තවාදීන් බාවිතා කරන්නැද්ද ? :confused::confused:

    CB එක ඇලෝසියස් කාරය යි රවියයි බිදින්න C**** Cu**** යොදාගත්තද දැන් නෑ.

    අපි C**** Cu**** ගැන නෙවි කථා කරන්නෙ. :P:P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සැප තමයි. ඊට කලින් GT ට කියල නූල් ටික මකා ගන්න වෙනව.

    මචන් Eng එකත් කියෙව්ව, සිංහල එකත් කියෙව්ව. සිරාවටම තේරෙන්නෑ. දෙමළ ඒකෙ කොහොමද දන්නෑ තියෙන්නෙ.

    මචන් දැනට තියෙන මුදල් නෝට්ටු ත්‍රස්තවාදීන් බාවිතා කරන්නැද්ද ? :confused::confused:

    CB එක ඇලෝසියස් කාරය යි රවියයි බිදින්න C**** Cu**** යොදාගත්තද දැන් නෑ.

    අපි C**** Cu**** ගැන නෙවි කථා කරන්නෙ. :P:P

    කෝකටත් ටික කාලයක් කටයි,*** වහන් ඉන්න වේවි.. India උනත් ලොකු case ඇද්ද නිසා,මෙහෙත් කරයි,අපි දැන් ඉන්දියා වල ප්‍රන්තයක්නේ :rofl::rofl: :dull::dull:
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,006
    12,376
    113
    Behind u :p
    awlak naa, cc aragena wena lost walata un wagakiyanne naa kiyalane kiyanne,
    + un katawath ico karanna oficialy permission dila naa kiyala kiyanawa
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    europe union ekath cryptocurrency accept karala thiyenawa future currency eka widiyata. ape ratawal inna moda pakayala danne aluthin ena dewal gana ohoma ewa kiyanna thama..

    labbe central bank eka thama paypal accept karala dunne na
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මූලික කාසි අර්පණයන් (Initial Coin Offerings- ICOs)

    මොන බූරුවද මේ වචන හදන්නෙ :growl:
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    874
    720
    93
    ශ්‍රි ලංකා මහා බැංකු නිවේදනය:- උපුටා ගැනීම :-

    ශ්‍රී ලංකාව තුළ හා ජාත්‍යන්තර වශයෙන් අතථ්‍ය මුදල් (Virtual Currencies)

    ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු ආයතනයකට හෝ සමාගමකට අප්‍රකාශිත විද්‍යුත් මුදල් ඇතුළු අතථ්‍ය මුදල් සම්බන්ධ ව ක්‍රියාමාර්ග ගැනීමට බලපත්‍ර ලබා දී හෝ බලය පැවරීමක් කර නොමැති බව සහ කිසිදු ආයතනයකට මූලික කාසි අර්පණයන් (Initial Coin Offerings- ICOs) සඳහා බලය පැවරීමක් කර නොමැති බව ද මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ.

    Published Date:
    Monday, April 16, 2018

    මහ බැංකුව මොන ලබ්බක් කරන්නද බන් ICO එක්ක. ICO තියා IPO වත් පාලනය කරන එක මහ බැංකුවේ වැඩක් නෙමෙයි. මහා බැංකුවට ඕනනම් පුළුවන් Forex මෙහෙන් යවන එකට නීති දාන්න. ICO ගැන නීති දානවනම් එක කරන්න ඕනි විනිමය හා සුරැකුම්පත් කොමිසම (SEC).
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔහොම දේකට support එක තියා ඉතින් paypal වත් support එකක් තියෙද. එහෙම එකේ මොන digital currency ද.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    කෝකටත් ටික කාලයක් කටයි,*** වහන් ඉන්න වේවි.. India උනත් ලොකු case ඇද්ද නිසා,මෙහෙත් කරයි,අපි දැන් ඉන්දියා වල ප්‍රන්තයක්නේ :rofl::rofl: :dull::dull:

    මේ තියෙනෙ https://timesofindia.indiatimes.com...ies-challenged-in-hc/articleshow/63868562.cms

    දැන් අපේ උනුත් හෙට අනිද්ද copy / paste පාරක් දාවි.