ශ්‍රී ලංකාව භූකම්පන කලාපයට ළං වෙයි

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ශ්‍රී ලංකාව භූකම්පන කලාපයට ළං වෙයි

    ශ්‍රී ලංකාව භූකම්පන කලාපයට ළං වෙයි

    භ්‍රමිකම්පා, අනතුරු දකුණ ආසියාවේ ජන ජීවිත කම්පනයට පත් කර තිබේ. වසර 81 කට පසු ඉන්දු - යුරේසියානු භූ තලය සක්‍රීය වීමෙන් නේපාලයේදී මියගිය ගණන දස දහසකට ආසන්නය. භූ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී ඇත්තේ ඊළඟ භූමිකම්පාව සිදුවන දිනය සහ තැන නොව එම භූමිකම්පාවෙන් මියයන ප්‍රමාණය අවම කරගන්නේ කෙසේද යන්න පිළිබඳවය. කෝටි හත්සියය (700) ඉක්‌මවා ගොස්‌ ඇති ලෝක ජනගහණය පෘතුවිය මත ඇති කරන පීඩනයට එරෙහිව සොබා දහම අකාරුණික ලෙස ක්‍රියාත්මක වී තිබේ. දකුණු ආසියාවේ මානවයාගේ අනාගතය භූමිකම්පා මත තීරණය වන තැනට පත්වෙමින් තිබේ.

    ඇමරිකා එක්‌සත් ජනපදයේ භූ විද්‍යා සමීක්‍ෂණ ආයතනයේ (USGS) දත්තවලට අනුව 1905 වසරේ සිට 2015 දක්‌වා ගත වූ සියවස තුළ භූමිකම්පා අනතුරුවලින් දකුණු ආසියාවේ තුන් ලක්‍ෂ පනස්‌ දහසක්‌ ( 350,000) පමණ මියගොස්‌ තිබේ. හානි වූ දේපළ වටිනාකම රුපියල් බිලියන ගණනකි. ඉන්දියාව, නේපාලය, පකිස්‌ථානය, ඇµaගනිස්‌ථානය, ශ්‍රී ලංකාව මේ ෙ€දවාචකයේ ගොදුරු බවට පත් වූ ප්‍රධාන දකුණු ආසියානු රටවල්ය.

    දකුණු ආසියාවේ ප්‍රධාන භූ තල රේඛා අශ්‍රිතව ශීඝ්‍රයෙන් සිදුවන නාගරීකරණය හේතුවෙන් භූමිකම්පා මරණ ලැයිස්‌තුව දිනෙන් දින ඉහළ යමින් තිබේ. නේපාලයේ මළ සිරුරුවලින් කියාපාන්නේ අවිධිමත් නාගරීකරණයේ ප්‍රතිඵලයන්ය. හෙට දිනයේ වෙනස්‌ විය හැක්‌කේ මේ ප්‍රතිඵල පිට කරන නගරය පමණි.

    භූමිකම්පා ඇතිවන්නේ කෙසේද?

    පෘථිවිය සෑදී ඇත්තේ ප්‍රධාන භූ තල දෙකකිනි. එම භූ තල දෙක නම් සාගර තලය (oceanic plate) සහ මහද්වීපික තලය (continental plate ) වේ. මෙම මහද්වීපික තලය ප්‍රධාන භූ තල අටකින් සහ කුඩා මට්‌ටමේ භූ තල නමයකින් සමන්විතය. මෙම සියලු භූ තල අස්‌ථායි ලෙස නිතර එහා මෙහා ගමන් කරමින් තිබේ. සමහර භූ තල ඉතා වේගයෙන් ගමන් කරන අතර ඇතැම් ඒවා ඉතා සෙමින් ගමන් කරනු ලබයි. මේ වන විටත් ඉන්දියානු භූ තලය වසරකට සෙන්ටි මීටර 5 ක්‌ පමණ උතුරු ආසියාව දෙසට ගමන් කරමින් සිටී. මෙසේ ගමන් කිරීමේදී භූ තල මායිමේ නිරන්තර ගැටීම් ඇති වේ. සමාන බල ඇති තල ගැටීමෙන් කඳු නිර්මාණය වන අතර ප්‍රතිවිරුද්ධ බල සහිත තල ගැටීමෙන් අවාට නිර්මාණය වේ. සමහර භූ තල අක්‍රීය වන අතර ඇතැම් ඒවා ඉතා සක්‍රීය තත්ත්වයේ පවතී. සක්‍රීය භූ තල ගැටීමෙන් ගිනිකඳු උපත ලබයි.

    ලෝකයේ ඉතා සක්‍රීයම භූ තලය ලෙස සැලකෙන්නේ සුමාත්‍රා භූ තලයයි. සුමාත්‍රා භූ තලයේ දිනකට භූමිකම්පා සියයක්‌ පමණ සිදුවන අවස්‌ථාද තිබේ. මෙම භූ තල කම්පනයෙන් බිහිවන ප්‍රචණ්‌ඩ රළ සුනාමි (Tsunami) ලෙස හඳුන්වයි. මෙම රළ පැයට කිලෝමීටර 400 ක පමණ වේගයෙන් ගමන් කරන අතර මීටර් 20-30 උසකට මුහුදු රළ නිර්මාණය කරනු ලබයි. 2004 වසරේ දෙසැම්බර් 26 දින ශ්‍රී ලංකාවට බලපෑවේ මෙවැනි සුනාමියකි.

    සෑම මොහොතකම පොළොව අභ්‍යන්තරයේ භූ තල ගැටීම් සිදුවේ. මෙම ගැටීම් පොළොව ආසන්නේ සිදු වෙද්දී ඇති කරන බලපෑම ඉතා හානිදායකය.

    ඒ වාගේම ගැඹුරු පොළොවේදී සිදුවන භූමිකම්පාවලින් ඇති කෙරෙන පසුකම්පන (Aftershock) නොසිතූ මොහොතක මානව ජනාවාස මත දැඩි බලපෑම ඇති කරනු ලබයි. පසුගියදා (මැයි 12දා) නේපාලයේ දෙවැනි වර සිදු වූ භූ කම්පනය අප්‍රේල් 25 වැනිදා සිදු වූ මුල් භූ කම්පනයේ පසුකම්පනයක්‌ ලෙස භූ විද්‍යාඥයෝ සලකනු ලබයි. මෙම පසුකම්පන වසර ගණනාවක්‌ පුරා පැවතිය හැකිය. ශ්‍රී ලංකාවේ 2004 සුනාමි ව්‍යසනයට බලපෑ මූලික භූ කම්පනය ලෙස භූ විද්‍යාඥයන් සලකනු ලබන්නේ 1833 වසරේ ඉන්දුනිසියාවේ ක්‍රකටෝවා (Krakatoa) ගිනි කන්ද පුපුරා යැමය. මෙය ලෝක ඉතිහාසයේ හඬ නැගූ පිපිරීමක්‌ විය.

    තිස්‌හය දහසකට (36000) අධික පිරිසකට මරණය උරුම කරදුන් මෙම පිපිරීමෙන් සල්µර් ටොන් මිලියන 20 ක්‌ පමණ වායුගෝලයට එකතු වී තිබේ. ගිනි කඳු දුම වායු ගෝලයට මුසුවීමෙන් අවුරුදු 5 ක්‌ පුරා ලෝක උෂ්ණත්වය සේන්ටි්‍රගේඩ් අංශක 1.2 (1.2C) පහළ ගොස්‌ තිබිණි.

    ශ්‍රී ලංකාව භූ කම්පන කලාපයට ළංවෙයි

    ශ්‍රී ලංකාවට දකුණු දෙසින් කිලෝ මීටර් 500-700 අතර දුරකින් ඉන්දු - ඔස්‌ටේ්‍රලියානු භූ තලයේ නවතම භූ විභේදන කලාපයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ භූමිකම්පා අනතුරු ඉහළ යා හැකි බව භූ විද්‍යාඥයෝ අනතුරු අඟවති.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥ ජෙ Hෂ්ඨ මහාචාර්ය සී. බී. දිසානායක, මහාචාර්ය කපිල දහනායක, මහාචාර්ය විල්බට්‌ කෙහෙල්පන්නල යන භූ විද්‍යාඥයන් මේ අවදානම් කලාපය පිළිබඳ වාර්තා ඉදිරිපත් කොට ඇත්තේ බොහෝ කලක සිටය. ඉන්දු - ඔස්‌ටේ්‍රලියානු භූ තලය විභේදනය වීම ඇරඹෙන්නේ වසර මිලියන පනහකට පමණ පෙර සිටය. ඉදිරියටත් වසර මිලියන දහයක්‌ පමණ මෙම විභේදනය සිදුවිය හැකි බව ඔවුහු අනතුරු අඟවති.

    කොළොම්බියා විශ්වවිද්‍යාලයට අනුබද්ධ Lamont Doherty පෘථිවි නිරීක්‍ෂණාගාරයේ (LDEO) භූ විද්‍යාඥ ඡේම්ස්‌ කොක්‌රන් (James Cochran) පවසන්නේ නියත වශයෙන්ම ඉන්දු ඔස්‌ටේ්‍රලියානු භූ තහඩුව විභේදනය වනු බවයි. මෙම විභේදනයෙන් ආසියාව තවදුරටත් හිමාලය සහ ටිබෙට්‌ සානුව දෙසට තල්ලු වී යා හැකි බව ඔහු පවසයි.

    මෙම භූ තල විභේදනයේ ඇති වන අස්‌ථායි භූ කලාපයේ දැනටමත් නිර්මාණය වී ඇති බව පවසන භූ විද්‍යාඥ, මහාචාර්ය සී. බී. දිසානායක මහතා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නායයැම් ඉහළ යැමට මෙම තත්ත්වය දැඩිව බල පෑ හැකි බව පවසයි.

    ඉන්දු ඔස්‌ටේ්‍රලියානු භූ තලයේ නව විභේදන කලාපය බිහිවීම ඇතැම් භූ විද්‍යාඥයෝ බැහැර කරනු ලබති. එනමුත් ඇමරිකා එක්‌සත් ජනපදයේ භූ විද්‍යා සමීක්‍ෂණ පර්යේෂණ ආයතනය (USGS) පැහැදිළිවම ඔවුන්ගේ භූ විභේදන සිතියම්වල මෙම නව කලාපය සලකුණ කර ඇත. එම කලාපය ශ්‍රී ලංකාව සමීපයේ පිහිටා ඇති බවද එම වාර්තාවල සඳහන්ය.

    අප කළ යුත්තේ කුමක්‌ද?

    1615 අප්‍රේල් 14 වන දින කොළඹ නගරයේ සිදු වූ දැවැන්ත භූමි කම්පාවකින් දෙසිය දෙනකු පමණ මියගොස්‌ නිවාස 700 ක්‌ පමණ බිමට සමතලා වීමේ සිද්ධියක්‌ පෘතුගාලයේ ලේඛනාගාර වාර්තාවල සඳහන් වේ. 1616 ලිස්‌බන් නගරයේ මුද්‍රණය වූ කුඩා පොතක මෙම වාර්තාව ඇතුළත්ව තිබී ඇත. ඒ වගේම 1814 ජුනි 14 වැනිදා මඩකලපුවේද 1976 තංගල්ලේද, 1979 බදුල්ල, පස්‌සර යන ප්‍රදේශවල ද 2012 වසරේ අම්පාර ප්‍රදේශයේද භූමිකම්පා සිදුව තිබේ.

    2012 භූ කම්පනය හේතු වූයේ ඉන්දු ඔස්‌ටේ්‍රලියානු භූ තලය මත ඇති වූ ගැටීමකි. මෙම භූ කම්පනයේ බලපෑම බංගලාදේශය, ඉන්දියාව, ඉන්දුනිසියාව, මැලේසියාව, මාලදිවයින, සිංගප්පූරුව, ලංකාව, තායිලන්තය ආදී රටවලටද බල පෑ අතර කම්පනයේ බලපෑමෙන් ඇති වූ හෘද රෝගවලින් 10 දෙනකු පමණ මිය ගියේය.

    රික්‌ටර් මාපක 5 හෝ 6 අතර විශාල භූමිකම්පාවක්‌ ශ්‍රී ලංකාවේ සිදු වුවහොත් ගොඩනැඟිලිවලට බරපතළ හානි සිදුවිය හැකි බව භූ විද්‍යාඥයෝ පවසති.

    එමෙන්ම රික්‌ටර් මාපක 7 ට වැඩි භූ කම්පාවක්‌ ශ්‍රී ලංකාවේ බටහිර සිට නැගෙනහිර දෙසට විහිදෙන භූ කම්පන කලාපයේ සිදු වුවහොත් සුනාමි තත්ත්වයක්‌ ඇති වීමේ අවදානමක්‌ පවතී. එමෙන්ම රට අභ්‍යන්තරයේ සිදු වන භූ කම්පාවකින් බරපතළම හානිය සිදුවිය හැක්‌කේ මධ්‍ය කඳුකර ප්‍රදේශයටය.

    මධ්‍ය කඳුකරය අශ්‍රීත පිහිටා ඇති ජලාශවල බැමිවලට බරපතළ හානි සිදුවීමේ අවධානම ඉතා ඉහළය. 2007 ජුනි මාසයේ තිස්‌සමහාරාම ප්‍රදේශයේ භූ චලන 4 ක්‌ සිදුවිය. මෙම ප්‍රදේශයේ ලුණුගම්වෙහෙර ජලාශය පිහිටා ඇති බැවින් මෙම ජලාශය පිළිබඳව නිරන්තර අවධානයක්‌ යොමු කර තිබීම ඉතා වැදගත්ය.

    පෙර සූදානම

    පෘථිවියේ භූ චලන නිරීක්‍ෂණය කිරීම සඳහා නවීන තාක්‍ෂණික උපකරණ යොදා ගැනීම කෙරෙහි භූ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී ඇත. චන්ද්‍රිකා දත්ත සමඟ GPS (Global Positioning System) තාක්‍ෂණය, ලෝකයේ ආර්ථික අතින් පොහොසත් රටවල යොදාගනිමින් අත්හදාබැලීම් සිදු කරයි. නිරන්තරයෙන් භූමිකම්පා සිදුවන ඇමරිකාවේ කැලිෙµdaනියා ප්‍රාන්තයේ භූ කම්පන මරණ අවම කරගැනීමට ඨඡී තාක්‍ෂණය සමත්ව තිබීම දකුණු ආසියානු වැසියන්ට සතුටුදායක ප්‍රවෘත්තියක්‌ විය හැක. නමුත් ආර්ථිකයේ දිළිඳු භාවය ඔවුන්ගේ සතුට උදුරාගෙන තිබේ.

    ශ්‍රී ලංකාවේ කඳුකර අශ්‍රිතව ඨඡී උපකරණ සවිකිරීමෙන් අනාගතයේ සිදුවන භූමිකම්පා පිළිබඳව දත්ත ලබාගත හැකිය.

    මෙම ඨඡී තාක්‍ෂණය මගින් වායු ගෝලයේ කැළඹීම් නිරීක්‍ෂණය කිරීමට හැකිවීම හේතුවෙන් ස්‌භාවික විපත්වලින් සිදුවන හානි අවම කර ගැනීමටද හැකිය. මෙය මිල අධික ව්‍යාපෘතියකි. මෙවැනි ව්‍යාපෘති රටේ ආර්ථිකය මත තීරණය වනු ඇත.

    දකුණු ආසියානු දේශපාලන අධිකාරිය ස්‌භාවික විපත් අවම කර ගැනීම වෙනුවෙන් පොදු සම්මුතියකට එළඹීම ඉතා කඩිනමින් සිදු කළ යුතුය ඇත. ශ්‍රී ලංකාවේ භූ විද්‍යාඥයන් සහ ඉන්දියානු භූ විද්‍යාඥයන් ඒකාබද්ධව පර්යේෂණ සිදු කිරීමෙන් ඉදිරියේදී දැවැන්ත භූමිකම්පාවලින් සිදුවන මරණ අවම කරගත හැකි වනු ඇත. දේශපාලන න්‍යාය පත්‍ර පසෙක තබා ආසියානු දේශපාලන නායකයන් පෙරමුණට පැමිණීම තවත් පමා කළ යුතු නැත.

    සාමාන්‍යයෙන් භූමිකම්පාවකින් මිනිසුන්ට හානි සිදුවන්නේ නැත. ඉන් බරපතළම හානි සිදුවන්නේ ගොඩනැඟිලිවලටය. එබැවින් ගොඩනැඟිලි ඉදිකිරීමේදී ශ්‍රී ලංකාවේ වාස්‌තු විද්‍යාඥයන් භූමිකම්පා පිළිබඳව අවධානය යොමු කර සැලසුම් සකස්‌ කරන්නේ නම් ඉදිරියේදී දැවැන්ත විනාශයක්‌ වළකා ගත හැකිය. ඇමරිකාවේ කැලිෙµdaනියා ප්‍රාන්තයේ පැරණි ගඩොල් ගොඩනැඟිලි දහස්‌ ගණනක්‌ කඩා ඉවත් කර ඒ වෙනුවට වානේ තහඩු සහ කොන්ක්‍රීට්‌ යොදා ඉදිකිරීම් සිදු කිරීමෙන් භූමිකම්පා මරණ අවම කර ගෙන තිබේ. ජපානයද ඔවුන්ගේ සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ කලාව වෙනුවට භූමිකම්පාවන්ට ඔරොත්තු දෙන නිවාස ඉදිකිරීමෙන් හානි අවම කරගෙන තිබේ. අවාසනාවකට ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධයෙන් සංවාදයක්‌ පවා නොතිබීම අනාගතයේ දැවැන්ත විනාශයකට මුල පිරීමකි.

    භූමිකම්පාවකට පෙර සූදානම

    * ගිනි නිවන උපකරණයක්‌, ප්‍රථමාධාර පෙට්‌ටියක්‌, බැටරියෙන් ක්‍රියා කරන ගුවන් විදුලි යන්ත්‍රයක්‌, විදුලි පන්දමක්‌ සහ අමතර බැටරි ඔබත් නිවසේ තබාගන්න.

    * ප්‍රථමාධාර දීම පිළිබඳව ඉගෙන ගන්න.

    * ගෑස්‌ සහ විදුලිය ඉක්‌මණින් අක්‍රීය කරන ආකාරය ඉගෙන ගන්න.

    * භූකම්පනයකින් පසු ඔබේ පවුල හමුවන ස්‌ථානයක්‌ සැලසුම් කරගන්න.

    * නිවසේ රාක්‌ක මත බර වස්‌තු තැබීමෙන් වළකින්න.

    * ලී බඩු ශීතකරණ, පොළොවේ ආධාරක මත රඳවා තබන්න.

    * භූමිකම්පාවකදී මුහුණ දීම සම්බන්ධයෙන් පාසලේදී හා රැකියා ස්‌ථානයේදී සැලසුම් කරන්න.

    භූමිකම්පා අතරතුර

    * සන්සුන් වන්න. ඔබ නිවසේ ඇතුළත සිටී නම් ඇතුළත සිටින්න. පිටත සිටීනම් පිටත සිටින්න.

    * ඔබ නිවසේ ඇතුළත සිටී නම් එම නිවසේ මැදට වන්නට තිබෙන බිත්ති ආසන්නයේ රැඳී නොසිටින්න. ඔබ රැඳී සිටිය යුත්තේ දොර මාවතේය.

    * ශක්‌තිමත් ලී භාණ්‌ඩ තිබේ නම් ඒවා යටට ගමන් කරන්න.

    * පිටත දොරවල් හා ජනේල ආසන්නයේ රැඳී නොසිටින්න.

    * ඔබ එළිමහනේ සිටී නම් විදුලි රැහැන් නොමැති විවෘත ප්‍රදේශයකට යන්න.

    ගොඩනැඟිලි අසල සිටීමෙන් වළකින්න.

    * ගිනිපෙට්‌ටි, ඉටිපන්දම් භාවිතයෙන් වළකින්න. මන්ද කැඩීගිය ගෑස්‌නළවලින් ගිනි ගැනීම් ඇති විය හැක.

    * ඔබ මෝටර් රථය ධාවනය කරමින් සිටින්නේ නම් වහාම මෝටර් රථය නවත්වන්න. භූමිකම්පාව අවසන් වනතුරු මෝටර් රථය තුළ රැඳී සිටින්න.

    * විදුලි සෝපාන භාවිත නොකරන්න.

    භූමිකම්පාවෙන් පසු

    * තුවාලකරුවන්ට හැකි ඉක්‌මණින් ප්‍රථමාධාර ලබාදෙන්න.

    * ජලය, ගෑස්‌, විදුලි රැහැන් පරීක්‍ෂා කරන්න.

    * නිවසේ දොර ජනෙල් විවෘත කර ඉවතට යන්න.

    * ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න. හදිසි අවස්‌ථාවකදී හැර ජංගම දුරකථනය ක්‍රියාත්මක නොකරන්න.

    * කැඩුණු ගොඩනැඟිලි ආසන්නයෙන් ඉවතට යන්න.

    * මුහුදු වෙරළෙන් ඉවත්ව යන්න. භූමිකම්පා නතර වූවද සුනාමි අවදානම පහව යන්නේ නැත.

    * පසුකම්පන ඇතිවිය හැකි බැවින් අවධානයෙන් සිටින්න.

    2004 සුනාමි ව්‍යවසනයේදී දැවැන්ත විනාශක්‌ සිදු වූ බැවින් ශ්‍රී ලාංකියන් මෙම කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය ඔක්කොමත් කරලා මතක ඇතුව ගෙදර රක්ෂණය කරගනිල්ල. කඩාගෙන වැටුනොත් හිතපන්කෝ ආපහු හදන හැටි. ගත්ත ලෝන් ගෙවාගන්න බැරුව ඉන්න වෙලාවේ.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    පුලුවන්නම් මේකේ අර රතු පාටින් දාලා තියෙන පෙර සුදානම් වාක්‍ය ටික හැම පාසලකම ,රැකියා ස්ථානවල,මිනිස්සු වැඩිපුර ගැවසෙන තැන්වල දාන්න ඕනේ.සුනාමියේදී උනත් සමහර මිනිස්සු මැරුණේ පෙර සුදානම් නැතුව දන්නේ නැතුව හිටපු නිසා.ජපානේ පොඩි කාලේ ඉදන් ළමයින්ට කියලා දෙනවා ඔය වගේ වෙලාවට මොනවද කරන්න ඕනේ කියලා.මිනිස්සු හැමදාම ඔය දේ දකිද්දී ඒක නිකන්ම ඔළුවට යනවා.ඒක හරියට අපිට අමතක වෙන දේවල් බිත්තියේ ගහලා තිබ්බේ.දෙයක් උනාට පස්සේ දහසක් දේ කතා කරලා වැඩක් නෑ.කර්ම නියාමය අනුව ආයුෂ කොච්චර තිබ්බත් උතු නියාමයට ඒක යටයි.ඒ නිසා අපි හැම දෙනා දැනුවත් කරමු.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    පුලුවන්නම් මේකේ අර රතු පාටින් දාලා තියෙන පෙර සුදානම් වාක්‍ය ටික හැම පාසලකම ,රැකියා ස්ථානවල,මිනිස්සු වැඩිපුර ගැවසෙන තැන්වල දාන්න ඕනේ.සුනාමියේදී උනත් සමහර මිනිස්සු මැරුණේ පෙර සුදානම් නැතුව දන්නේ නැතුව හිටපු නිසා.ජපානේ පොඩි කාලේ ඉදන් ළමයින්ට කියලා දෙනවා ඔය වගේ වෙලාවට මොනවද කරන්න ඕනේ කියලා.මිනිස්සු හැමදාම ඔය දේ දකිද්දී ඒක නිකන්ම ඔළුවට යනවා.ඒක හරියට අපිට අමතක වෙන දේවල් බිත්තියේ ගහලා තිබ්බේ.දෙයක් උනාට පස්සේ දහසක් දේ කතා කරලා වැඩක් නෑ.කර්ම නියාමය අනුව ආයුෂ කොච්චර තිබ්බත් උතු නියාමයට ඒක යටයි.ඒ නිසා අපි හැම දෙනා දැනුවත් කරමු.

    tසුනාමියට පෙර සුදානමක් තිබ්බේ නැත්තේ සිංහලු ඒ ගැන දන්නේ වත් නෑ. කොටින්ම tසුනාමි කියන වචනේ අහලවත් තිබ්බේ නෑ. ඕක ජපන් වචනයක්.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔය ඔක්කොමත් කරලා මතක ඇතුව ගෙදර රක්ෂණය කරගනිල්ල. කඩාගෙන වැටුනොත් හිතපන්කෝ ආපහු හදන හැටි. ගත්ත ලෝන් ගෙවාගන්න බැරුව ඉන්න වෙලාවේ.
    කඩාගෙන වැටෙන්නේ නැතිව ඉරි තලලා ඉතිරි උනත් ඉන්න බයයි නේ.
    දැන් තියෙන තත්වේ හැටියට කැඩිච්ච ගෙදර බාල්ක පරාල කණු විදියට ඉන්දලා රීප්ප වටේට ගහල. ෂීට් වලින් කවර් කරලා. තමයි හදන්න වෙන්නේ.
    :no::no::no::no:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    tසුනාමියට පෙර සුදානමක් තිබ්බේ නැත්තේ සිංහලු ඒ ගැන දන්නේ වත් නෑ. කොටින්ම tසුනාමි කියන වචනේ අහලවත් තිබ්බේ නෑ. ඕක ජපන් වචනයක්.

    ඒක තමා මාත් අදහස් කරේ.අපි බූමිකම්පා වලට මුහුණ දීලත් නෑනේ.වෙන්න කලින් වැඩේ ගැන දැනගමු.බිල්ඩින් නම් ආපහු හදන්න පුළුවන්.මිනිස්සු එහෙමද