-ශ්‍රී ලංකාව භූ කම්පන කලාපයට ළංවෙයි ?-
ශ්‍රී ලංකාව භූ කම්පන කලාපයට ළංවෙයි
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් කිලෝ මීටර් 500-700 අතර දුරකින් ඉන්දු – ඔස්ටේ්රලියානු භූ තලයේ නවතම භූ විභේදන කලාපයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ භූමිකම්පා අනතුරු ඉහළ යා හැකි බව භූ විද්‍යාඥයෝ අනතුරු අඟවති.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥ ජෙ Hෂ්ඨ මහාචාර්ය සී. බී. දිසානායක, මහාචාර්ය කපිල දහනායක, මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල යන භූ විද්‍යාඥයන් මේ අවදානම් කලාපය පිළිබඳ වාර්තා ඉදිරිපත් කොට ඇත්තේ බොහෝ කලක සිටය. ඉන්දු – ඔස්ටේ්රලියානු භූ තලය විභේදනය වීම ඇරඹෙන්නේ වසර මිලියන පනහකට පමණ පෙර සිටය. ඉදිරියටත් වසර මිලියන දහයක් පමණ මෙම විභේදනය සිදුවිය හැකි බව ඔවුහු අනතුරු අඟවති.
කොළොම්බියා විශ්වවිද්‍යාලයට අනුබද්ධ Lamont Doherty පෘථිවි නිරීක්ෂණාගාරයේ (LDEO) භූ විද්‍යාඥ ඡේම්ස් කොක්රන් (James Cochran) පවසන්නේ නියත වශයෙන්ම ඉන්දු ඔස්ටේ්රලියානු භූ තහඩුව විභේදනය වනු බවයි. මෙම විභේදනයෙන් ආසියාව තවදුරටත් හිමාලය සහ ටිබෙට් සානුව දෙසට තල්ලු වී යා හැකි බව ඔහු පවසයි.
මෙම භූ තල විභේදනයේ ඇති වන අස්ථායි භූ කලාපයේ දැනටමත් නිර්මාණය වී ඇති බව පවසන භූ විද්‍යාඥ, මහාචාර්ය සී. බී. දිසානායක මහතා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නායයැම් ඉහළ යැමට මෙම තත්ත්වය දැඩිව බල පෑ හැකි බව පවසයි.
ඉන්දු ඔස්ටේ්රලියානු භූ තලයේ නව විභේදන කලාපය බිහිවීම ඇතැම් භූ විද්‍යාඥයෝ බැහැර කරනු ලබති. එනමුත් ඇමරිකා එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ පර්යේෂණ ආයතනය (USGS) පැහැදිළිවම ඔවුන්ගේ භූ විභේදන සිතියම්වල මෙම නව කලාපය සලකුණ කර ඇත. එම කලාපය ශ්‍රී ලංකාව සමීපයේ පිහිටා ඇති බවද එම වාර්තාවල සඳහන්ය.
අප කළ යුත්තේ කුමක්ද?
1615 අප්‍රේල් 14 වන දින කොළඹ නගරයේ සිදු වූ දැවැන්ත භූමි කම්පාවකින් දෙසිය දෙනකු පමණ මියගොස් නිවාස 700 ක් පමණ බිමට සමතලා වීමේ සිද්ධියක් පෘතුගාලයේ ලේඛනාගාර වාර්තාවල සඳහන් වේ. 1616 ලිස්බන් නගරයේ මුද්‍රණය වූ කුඩා පොතක මෙම වාර්තාව ඇතුළත්ව තිබී ඇත. ඒ වගේම 1814 ජුනි 14 වැනිදා මඩකලපුවේද 1976 තංගල්ලේද, 1979 බදුල්ල, පස්සර යන ප්‍රදේශවල ද 2012 වසරේ අම්පාර ප්‍රදේශයේද භූමිකම්පා සිදුව තිබේ.
2012 භූ කම්පනය හේතු වූයේ ඉන්දු ඔස්ටේ්රලියානු භූ තලය මත ඇති වූ ගැටීමකි. මෙම භූ කම්පනයේ බලපෑම බංගලාදේශය, ඉන්දියාව, ඉන්දුනිසියාව, මැලේසියාව, මාලදිවයින, සිංගප්පූරුව, ලංකාව, තායිලන්තය ආදී රටවලටද බල පෑ අතර කම්පනයේ බලපෑමෙන් ඇති වූ හෘද රෝගවලින් 10 දෙනකු පමණ මිය ගියේය.
රික්ටර් මාපක 5 හෝ 6 අතර විශාල භූමිකම්පාවක් ශ්‍රී ලංකාවේ සිදු වුවහොත් ගොඩනැඟිලිවලට බරපතළ හානි සිදුවිය හැකි බව භූ විද්‍යාඥයෝ පවසති.
එමෙන්ම රික්ටර් මාපක 7 ට වැඩි භූ කම්පාවක් ශ්‍රී ලංකාවේ බටහිර සිට නැගෙනහිර දෙසට jgkවිහිදෙන භූ කම්පන කලාපයේ සිදු වුවහොත් සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතී. එමෙන්ම රට අභ්‍යන්තරයේ සිදු වන භූ කම්පාවකින් බරපතළම හානිය සිදුවිය හැක්කේ මධ්‍ය කඳුකර ප්‍රදේශයටය.
මධ්‍ය කඳුකරය අශ්‍රීත පිහිටා ඇති ජලාශවල බැමිවලට බරපතළ හානි සිදුවීමේ අවධානම ඉතා ඉහළය. 2007 ජුනි මාසයේ තිස්සමහාරාම ප්‍රදේශයේ භූ චලන 4 ක් සිදුවිය. මෙම ප්‍රදේශයේ ලුණුගම්වෙහෙර ජලාශය පිහිටා ඇති බැවින් මෙම ජලාශය පිළිබඳව නිරන්තර අවධානයක් යොමු කර තිබීම ඉතා වැදගත්ය.
පෙර සූදානම
පෘථිවියේ භූ චලන නිරීක්ෂණය කිරීම සඳහා නවීන තාක්ෂණික උපකරණ යොදා ගැනීම කෙරෙහි භූ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී ඇත. චන්ද්‍රිකා දත්ත සමඟ GPS (Global Positioning System) තාක්ෂණය, ලෝකයේ ආර්ථික අතින් පොහොසත් රටවල යොදාගනිමින් අත්හදාබැලීම් සිදු කරයි. නිරන්තරයෙන් භූමිකම්පා සිදුවන ඇමරිකාවේ කැලිෙµdaනියා ප්‍රාන්තයේ භූ කම්පන මරණ අවම කරගැනීමට ඨඡී තාක්ෂණය සමත්ව තිබීම දකුණු ආසියානු වැසියන්ට සතුටුදායක ප්‍රවෘත්තියක් විය හැක. නමුත් ආර්ථිකයේ දිළිඳු භාවය ඔවුන්ගේ සතුට උදුරාගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ කඳුකර අශ්‍රිතව ඨඡී උපකරණ සවිකිරීමෙන් අනාගතයේ සිදුවන භූමිකම්පා පිළිබඳව දත්ත ලබාගත හැකිය.
මෙම ඨඡී තාක්ෂණය මගින් වායු ගෝලයේ කැළඹීම් නිරීක්ෂණය කිරීමට හැකිවීම හේතුවෙන් ස්භාවික විපත්වලින් සිදුවන හානි අවම කර ගැනීමටද හැකිය. මෙය මිල අධික ව්‍යාපෘතියකි. මෙවැනි ව්‍යාපෘති රටේ ආර්ථිකය මත තීරණය වනු ඇත.
දකුණු ආසියානු දේශපාලන අධිකාරිය ස්භාවික විපත් අවම කර ගැනීම වෙනුවෙන් පොදු සම්මුතියකට එළඹීම ඉතා කඩිනමින් සිදු කළ යුතුය ඇත. ශ්‍රී ලංකාවේ භූ විද්‍යාඥයන් සහ ඉන්දියානු භූ විද්‍යාඥයන් ඒකාබද්ධව පර්යේෂණ සිදු කිරීමෙන් ඉදිරියේදී දැවැන්ත භූමිකම්පාවලින් සිදුවන මරණ අවම කරගත හැකි වනු ඇත. දේශපාලන න්‍යාය පත්‍ර පසෙක තබා ආසියානු දේශපාලන නායකයන් පෙරමුණට පැමිණීම තවත් පමා කළ යුතු නැත.
සාමාන්‍යයෙන් භූමිකම්පාවකින් මිනිසුන්ට හානි සිදුවන්නේ නැත. ඉන් බරපතළම හානි සිදුවන්නේ ගොඩනැඟිලිවලටය. එබැවින් ගොඩනැඟිලි ඉදිකිරීමේදී ශ්‍රී ලංකාවේ වාස්තු earth-qවිද්‍යාඥයන් භූමිකම්පා පිළිබඳව අවධානය යොමු කර සැලසුම් සකස් කරන්නේ නම් ඉදිරියේදී දැවැන්ත විනාශයක් වළකා ගත හැකිය. ඇමරිකාවේ කැලිෙµdaනියා ප්‍රාන්තයේ පැරණි ගඩොල් ගොඩනැඟිලි දහස් ගණනක් කඩා ඉවත් කර ඒ වෙනුවට වානේ තහඩු සහ කොන්ක්‍රීට් යොදා ඉදිකිරීම් සිදු කිරීමෙන් භූමිකම්පා මරණ අවම කර ගෙන තිබේ. ජපානයද ඔවුන්ගේ සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ කලාව වෙනුවට භූමිකම්පාවන්ට ඔරොත්තු දෙන නිවාස ඉදිකිරීමෙන් හානි අවම කරගෙන තිබේ. අවාසනාවකට ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධයෙන් සංවාදයක් පවා නොතිබීම අනාගතයේ දැවැන්ත විනාශයකට මුල පිරීමකි.
භූමිකම්පාවකට පෙර සූදානම
ගිනි නිවන උපකරණයක්, ප්‍රථමාධාර පෙට්ටියක්, බැටරියෙන් ක්‍රියා කරන ගුවන් විදුලි යන්ත්‍රයක්, විදුලි පන්දමක් සහ අමතර බැටරි ඔබත් නිවසේ තබාගන්න.
ප්‍රථමාධාර දීම පිළිබඳව ඉගෙන ගන්න.
ගෑස් සහ විදුලිය ඉක්මණින් අක්‍රීය කරන ආකාරය ඉගෙන ගන්න.
භූකම්පනයකින් පසු ඔබේ පවුල හමුවන ස්ථානයක් සැලසුම් කරගන්න.
නිවසේ රාක්ක මත බර වස්තු තැබීමෙන් වළකින්න.
ලී බඩු ශීතකරණ, පොළොවේ ආධාරක මත රඳවා තබන්න.
භූමිකම්පාවකදී මුහුණ දීම සම්බන්ධයෙන් පාසලේදී හා රැකියා ස්ථානයේදී සැලසුම් කරන්න.
භූමිකම්පා අතරතුර
සන්සුන් වන්න. ඔබ නිවසේ ඇතුළත සිටී නම් ඇතුළත සිටින්න. පිටත සිටීනම් පිටත සිටින්න.
ඔබ නිවසේ ඇතුළත සිටී නම් එම නිවසේ මැදට වන්නට තිබෙන බිත්ති ආසන්නයේ රැඳී නොසිටින්න. ඔබ රැඳී සිටිය යුත්තේ දොර මාවතේය.
ශක්තිමත් ලී භාණ්ඩ තිබේ නම් ඒවා යටට ගමන් කරන්න.
පිටත දොරවල් හා ජනේල ආසන්නයේ රැඳී නොසිටින්න.
ඔබ එළිමහනේ සිටී නම් විදුලි රැහැන් නොමැති විවෘත ප්‍රදේශයකට යන්න.
ගොඩනැඟිලි අසල සිටීමෙන් වළකින්න.
ගිනිපෙට්ටි, ඉටිපන්දම් භාවිතයෙන් වළකින්න. මන්ද කැඩීගිය ගෑස්නළවලින් ගිනි ගැනීම් ඇති විය හැක.
ඔබ මෝටර් රථය ධාවනය කරමින් සිටින්නේ නම් වහාම මෝටර් රථය නවත්වන්න. භූමිකම්පාව අවසන් වනතුරු මෝටර් රථය තුළ රැඳී සිටින්න.
විදුලි සෝපාන භාවිත නොකරන්න.
භූමිකම්පාවෙන් පසු
තුවාලකරුවන්ට හැකි ඉක්මණින් ප්‍රථමාධාර ලබාදෙන්න.
ජලය, ගෑස්, විදුලි රැහැන් පරීක්ෂා කරන්න.
නිවසේ දොර ජනෙල් විවෘත කර ඉවතට යන්න.
ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න. හදිසි අවස්ථාවකදී හැර ජංගම දුරකථනය ක්‍රියාත්මක නොකරන්න.
කැඩුණු ගොඩනැඟිලි ආසන්නයෙන් ඉවතට යන්න.
මුහුදු වෙරළෙන් ඉවත්ව යන්න. භූමිකම්පා නතර වූවද සුනාමි අවදානම පහව යන්නේ නැත.
පසුකම්පන ඇතිවිය හැකි බැවින් අවධානයෙන් සිටින්න.
2004 සුනාමි ව්‍යවසනයේදී දැවැන්ත විනාශක් සිදු වූ බැවින් ශ්‍රී ලාංකියන් මෙම කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.
– Divaina

Last edited: