ශ්‍රී ලංකාව රනිල් යටතේ ඉදිරියටම

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රනිල්ගෙ වැඩ පිලිවෙල කෝමෙයි පොන්නයො

    රනිල් බයි රැලට පුකේ ඇරියා ඇරිල්ලක්. විකුණන ඒවා ගන්න එපා අපි ආවම පවරගන්නවා කියපු උන් දැන් දාන ත්‍රෙඩ් බලපන්

    😹 😹 😹


    copyright :Lankadeepa news paper

    ‘ව්‍යාපාර අංශ තුළ රජයට කරන්න රාජකාරියක් නෑ’ යනු නොබෝදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කී කතාව නිදහස් වෙළඳපොළ ආර්ථිකය කෙරේ විශ්වාසය තබන්නවුන්ගේ කනට ඇසෙන මිහිරි සංගීතයක්ම විය. කෙසේ වුවද එම කතාව වාමාශිකයන්ගේ වෘත්තිය සමිති ආදියේ තවමත් සමාජවාදී මතවාදයේ ඇලී ගැලී සිටින ආදානග්‍රාහී බුද්ධිමතුන් අතලොස්සකගේ මෙන්ම ජනමාධ්‍යවේදීන් ස්වල්ප දෙනකුගේද කෝපය ඇවිස්සීමට සමත්වී තිබේ.

    කෙසේ වුව ද ජනමත විචාරණයක් පැවැත් වුවහොත්, ශ්‍රී ලංකා රජය, රාජ්‍ය හිමිකාරිත්වය සහිත ව්‍යවසායන්ගේ අයිතිය නොකඩවා පවත්වාගෙන යා යුතු බවට බොහෝ ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශ කරන්නට හැම අතින්ම ඉඩ තිබේ. රාජ්‍ය හිමි ව්‍යවසාය අකාර්යක්ෂමව, දූෂිතව නොසෑහෙන තරම් පාඩු විඳි නිසා බදු ගෙවන්නන්ගේ බදු මුදල් ඇද ගන්නා, ආයතන බවට පත්ව ඇති වග ප්‍රසිද්ධියට පත්ව තිබුණ ද අපගේ රටේ බොහෝ දෙනා තවමත් පෞද්ගලිකකරණයට අකමැති වීම ඇත්තෙන්ම විරුද්ධාහාසයකි.

    මෙසේ වන්නේ දශක ගණනාවක් තිස්සේ අපගේ මනසට කාවැදී ඇති හිමිකම් පිළිබඳ හැඟීමක් සහ අපට සියලු දේ සම්පදානය කළ යුත්තේ රජය බවට විශ්වාසය අප තුළ පැවතීම බව අයකුට කිව හැකිය.

    අවසාන වශයෙන් රාජ්‍ය හිමි ව්‍යවසාය, රටවැසියාට හිමිවන නමුදු ඒවා ගැන උන්නදුවක් හෝ ඒවායේ මුදල් කළමනා ගැන පසු විපරම් කිරීමට ආසාවක් ඔවුනට නැත. එම නිසා ඒවායේ කාර්යක්ෂම බව මුළුමනින්ම රඳා පවතින්නේ පවතින පාලන ක්‍රමය මතය.

    රාජ්‍ය හිමි ව්‍යවසායවල ඉහළ කළමනාකාරිත්වය තෝරා පත් කර ගැනීමට බලපාන නිර්ණායකය දේශපාලන හිතවත්කමයි. එම නිසා රජයේ දේශපාලනඥයන්ට තමන්ගේ ඥාති මිත්‍රාදීන් ඔවුන්ට පූර්ව සුදුසුකම් හා පළපුරුද්දක් නැතිවිට පවා එම තනතුරු සඳහා පත් කිරීමට අවසර ලැබේ. එවැනි පත් කිරීම් හේතුවෙන් රටටත් එම ව්‍යවසායවලටත් අහිතකර ප්‍රතිඵල අත් වූයේය යන්න සැවොම දන්නා කාරණයකි.

    රාජ්‍ය ආයතන ඇත්තේ තරුණයන්ට රැකියා දෙන්නටමය යන දෘෂ්ටියටම රජ වූ අතර විශ්වවිද්‍යාල උපාධිධාරීන් ද රජයේ රැකියා දිය යුතු ගණයට වැටිණි. බලයට පත්වූ දේශපාලකයෝ තම බලය පාවිච්චි කොට පවතින ඇබෑර්තු සංඛ්‍යාව ද නොතකා තමන්ට පමණට වැඩි සේවක පිරිස් වලින් සියලුම රාජ්‍ය හිමි ව්‍යවසාය පුරවන්නට බලපෑම් කළහ. එසේ රැකියා පත්වීම් ලැබූ බොහෝ දෙනා නිපුණතාව අතින් පහළ මට්ටමක වීම නිසා ගැටලුව තවත් බරපතළ විය. රැකියා ලද විට ඔවුහු වෘත්තිය සමිතිවලට බැඳී ආයතන පාඩු පිට පවත්වාගෙන යද්දිම සාමාන්‍ය පමණට වැඩි වැටුප් හා ප්‍රසාද දීමනා ඉල්ලා සිටියහ.

    ඔවුන්ගේ පෞද්ගලික ආදායම් බදු, රාජය හිමි ව්‍යවසාය විසින් ගෙවාලීමත් වැඩ ප්‍රමාණය සැහැල්ලු වීමත් ඔවුනට අවශ්‍ය විය. අප මුහුණ පා සිටින දරුණු ආර්ථික අහේනිය මාධ්‍යයේ පවා තවමත් බොහෝ දෙනා රජය විසින් ව්‍යාපාර පවත්වාගෙන යා යුතුය යන්න විශ්වාස කිරීම පුදුමයක් නොවේ.

    ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා හොස්පිලට්ස් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ආයෝජන අතහැර දැමීමට බලාපොරොත්තු වන බව මෑතක දී රජය නිවේදනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විපක්ෂ නායක, ජවිපෙ, වෘත්තීය සමිති, ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙක් සහ බුද්ධිමතුන් කිහිප දෙනෙක් ලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකකරණය කිරීමට අපි විරුද්ධ වන්නෙමු’යි කියා සිටියහ. ඔවුන්ගේ විරුද්ධත්වය අසීරු අවස්ථාවක වටිනා දේපොල විකිණීමක දී පාන විරුද්ධත්වයට සමාන වේ.

    මාධ්‍ය හමුවක දී තරුණ ජනමාධ්‍යවේදිනියක් මෙම ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හමුවේ තැබූ විට ඔහු එකනෙහිම ඇයට මහන්තත්වය පානා පිළිතුරක් දෙමින් කියා සිටියේ ‘අපට ණය එහෙමත් බේරන්න තියෙනවනෙ’ කියාය. ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රීලංකා රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිට්ල්ස් යන ආයතන තුනේ කොටස් හිමිකම් අවසන් කරන්නේ ඇයි ද යන්න මාධ්‍ය ඉදිරියේ විග්‍රහ කිරීමට රනිල් වික්‍රමසිංහ හට කදිම අවස්ථාවක් එහිදී ලැබුණ නමුත් ඔහු එම අවස්ථාව අහිමි කරගත් බව මගේ විශ්වාසයයි.

    මගේ අදහසේ හැටියට ආර්ථික හා මූල්‍යකරණය සම්බන්ධයෙන් අපේ රටේ බොහෝ දෙනා නොදැනුවත්ය. තමන්ගේ ක්ෂේත්‍රවල විශේෂඥයන් වන බොහෝ උගත් අය මම දන්නෑ ඔය මුල්‍ය කටයුතු ’හෝ ‘මට තේරෙන්නෙ නෑ ඔය මූල්‍ය කරණ’ යනුවෙන් කියන බව මම දනිමි. පසුගිය දෑ අවුරුද්ද තුළ ආර්ථික අර්බුදය නිසා ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳව බොහෝ තොරතුරු බෙදා හදා ගනිමින් සාකච්ඡා බොහෝ පවත්වනු අපි දුටිමු.

    කෙසේ වුවද තවමත් ඇතැම් කාරණා සම්බන්ධයෙන් අඩු අවබෝධයක් ඇති බවත් නිසි අගය කිරීමක් නොමැති බවත් පෙනේ. රජය එහි ප්‍රතිපත්ති පිළිබඳව විනිවිදභාවය කෙරෙහි වැඩි අවධානයක් දක්වමින් මාධ්‍ය හරහා කරුණු ප්‍රසිද්ධියට පත් කළ යුතුය.

    අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එහෙම කිව්වා, මෙහෙම කිව්වා’ යනුවෙන් රනිල් වික්‍රමසිංහ සහ වෙනත් නිලධාරීන් කියන විට මසිතේ නිතරම හට ගන්නේ දොම්නසකි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත වගකීම පවරනු වෙනුවට ශ්‍රී ලංකා රජය අප විසින් සිදු කරනු ලබන කාර්යන්වල පැවතිය යුතු මුල්‍ය විචක්ෂණශීලීභාවය ගැන කරුණු සාමාන්‍ය දැනුමට ගෝචර වන පරිදි පැවසිය යුතුය.
    ශ්‍රී ලංකාආණ්ඩුව, ශ්‍රී ලංකා ටෙලිකොම්, හිමිකම් විකුණා වසා දැමීම බුද්ධි ගෝචර වන්නේ ඇයි?

    මා හට ලාභදායි ව්‍යවසායන් හි කොටස් විකුණා දැමීම තාර්කික බව පෙනී යන්නේ මූල්‍ය හා සංකල්පීය දෘෂ්ටිය යන දෙයාකාරයෙන්මය. ශ්‍රී ලංකා ටෙලිකොම්, ගත්විට ශ්‍රී ලංකා රජය භාණ්ඩගාරය හා සේවක භාරකාර අරමුදල තුළින් වර්තමානයේ එම සමාගමේ සියයට 50.9 ක පාලන අයිතියක් පවත්වාගෙන යයි.

    මේ වනවිට කොළඹ කොටස් හුවමාරු වෙළඳපොළේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටසක් රු. 94කට පමණ අලෙවි වෙයි. එයින් අදහස් වන්නේ සමාගමේ වටිනාකම රුපියල් බිලියන 168ක් පමණ වන බවයි. එම නිසා ශ්‍රී ලංකා රජයට හිමි කොටස්වල වටිනාකම රුපියල් බිලියන 86ක් පමණ වේ.

    කෙසේ වුවද මේ වනවිට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටසක වෙළඳපොළ මිල රජයේ හිමිකම් විකිණිමේ බලාපොරොත්තුව නිසා පමණට වඩා වැඩි අගයක් ගෙන තිබේ.

    සමාගමේ නවතම වාර්ෂික වාර්තාවට අනුව 2021 වසරේ අග දක්වා වූ අවසාන අවුරුදු 10 තුළ කොටසකට ලැබුණු ඉහළම මිල 2014 වසරේ වාර්තා වූ රුපියල් 57.30ය. කෙසේ වුවද 2022 වසරේ වාර්තාගත ඉහළම මිල රුපියල් 78.90ක් වන අතර පහළම මිල 28.70ක් විය. පාලන හිමිකම් විකුණා දැමෙන නිසා අනිවාර්යයෙන්ම ස්වාධීන තක්සේරුවක් ඒ සඳහා කිරීම අවශ්‍ය වේ. සමාගම්වල අගය තක්සේරු කිරීමේ දී හොඳින් තහවුරු වුණු ක්‍රමවේ ද කිහිපයක්ම භාවිත වේ.

    විකුණා දැමීම ශ්‍රී ලංකා රජයට වාසිදායක බවට මා මතු කරන කාරණය විග්‍රහ කිරීමට රජය විසින් මෙම ගනුදෙනුවට යොදාගත යුතු මිල කොටසකට රුපියල් 65 බවට මම උපකල්පනය කරන්නෙමි. එමනිසා ශ්‍රී ලංකා රජයට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විකිණීමෙන් රු. බිලියන 59.7ක් ලබාගත හැකිය.
    පසුගිය අවුරුදු පහ තුළ මූල්‍ය කාර්ය දර්ශකය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය විසින් ශ්‍රී ලංකා රජය වෙත ගෙවා ඇති ලාභාංශ හා ප්‍රාග්ධන පිරිවැය විස්තර මා පහත දක්වා ඇත.

    image_bad6424c52.jpg


    පෙනී යන ආකාරයට මැනවින් ලාභ ලැබුණ ද ප්‍රකාශයට පත් කොට ඇති ලාභාංශ, සිදු කොට ඇති ඉහළ ප්‍රාග්ධන වියදම් හේතුවෙන් සීමා වී තිබේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    රනිල් බයි රැලට පුකේ ඇරියා ඇරිල්ලක්. විකුණන ඒවා ගන්න එපා අපි ආවම පවරගන්නවා කියපු උන් දැන් දාන ත්‍රෙඩ් බලපන්

    😹 😹 😹
    :lol::lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ශ්‍රී ලංකාව රනිල් යටතේ ඉදිරියටම

    2015 මුල වත්මන් රජය බලයට පැමිණි පසු මේ වන විට රැකියා 400,000 ක් බිහි කලේ යයි කියැවෙන ප‍්‍රකාශ මහ බැංකුවේ නිල වාර්තා අනුව අසත්‍ය බව හෙලිවන්නේ යයි ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.


    මහ බැංකු වාර්තාව අනුව 2014 දි මෙරට රැකියා ප‍්‍රමාණය 8,424,000ක් වී තිබූ බවත් 2016 මහ බැංකු වාර්තාවේ එය 7,948,000 දක්වා පහත වැටී ඇති බවත් පෙන්වා දෙන ඒ මහතා ඒ අනුව වත්මන් පාලනයේ මුල් දෙවසර තුල පමණක් රැකියා 476,000ක් අහිමි වී ඇති බවද කියා සිටී.


    ඒසේම 2014දී රැකියා වියුක්තිය 4.3%ක් වූ අතර 2016දී එය 4.5% තෙක් ඉහල ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවේම සදහන් බවත් අලුතින් රැකියා උත්පාදනය වූයේ නම් එසේ විය නොහැකි බවද ඔහු සදහන් කරයි.


    ආණ්ඩුවට එරෙහිව මහ බැංකුවේ කුමන්ත‍්‍රණයක් තිබේද, බොරු කියන්නේ මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිද නැත්නම් ආණ්ඩුවේ ප‍්‍රධානීන්දැයි ඔහු වැඩි දුරටත් ප‍්‍රශ්න කරයි.


    source : lankacncews




    srilankanpm1-kZ0--621x414@LiveMint.JPG
    😂😂😂
     

    Similar threads