ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රතම වතාවට වන්නියලැත්තෝ උසාවි යති

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    Wannila-Aththo-2020.12.14.jpg



    අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය, පොල්ලෙබැද්ද ගම්මානය ආශ්‍රිත ගල්වලයාය රජයේ වනාන්තරයේ රක්‍ෂිත භූමියේ සිදුවන දැවැන්ත පරිසර විනාශය නතර නොකළහොත් ඊට එරෙහිව තමන් අධිකරණය හමුවට යන බව ආදිවාසී නායක වනස්පති වන්නිල ඇත්තන් සඳහන් කර සිටී. මෙම රජයේ වනාන්තරය දින 30කට අඩු කාලයක් තුළ අක්කර සිය ගණනක් මහා පරිමාණ ඩෝසර් හා යන්ත්‍ර සූත්‍ර යොදා එළිපෙහෙළි කරමින් පරිසර විනාශයක් කරන අන්දම ආදිවාසී නායකයා එම ප්‍රදේශයට ගොස් ඊයේ (13) සියැසින්ම දැක බලා ගත්තහ.

    මේ ගස්කොළන්වලට කතා කරන්න පුළුවන් නම් කතා කරයි මේ ගස්කොළන්වලට මේ සිද්ධ කරලා තියෙන විනාශය ගැන. පොල්ලේබැද්ද, සීතල වන්නිය, හොරිකාන වගේ කඳුපන්තියේ තමයි අපේ පරම්පරාවේ බොහෝ පිරිස් ජීවත් වුණේ. ඒ අයට ජීවත් වෙන්න අයිතිය නැතිවෙලා. කොහෙවත් ඉන්න රට රටවල තියෙන සමාගම්වලට බිමේ අයිතිය ලබාදීලා තියෙනවා. මේක වැරැදියි. ඉක්මනින් මේක නතර කරන්න ඕන. එහෙම නතර කළේ නැත්නම් මම පරිසර යුක්ති කේන්ද්‍රයත් එක්ක එකතුවෙලා අධිකරණ ක්‍රියාවකට යන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.

    එම ප්‍රදේශයේ අක්කර 6,000කට ආසන්න වනාන්තර ඉඩම් ප්‍රමාණයක් කොටස් 15කට බෙදා සමාගම් 15ක් වෙත ආණ්ඩුවේ ඉහළම අයගේ අනුදැනුම ඇතිව මහවැලිය විසින් විකුණා ඇති බවට නිරීක්‍ෂණ චාරිකාවේදී හෙළි වුණා. එසේ විකුණන ලද ඉඩම් විශාල යන්ත්‍ර යොදා එළිපෙහෙළි කිරීම හේතුවෙන් දැවැන්ත පරිසර විනාශයක් සිදුවනවා සේම රඹකැන් ඔය ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලටද හානි වීමෙන් ගැටලු රැසකට ජනතාවට මුහුණපෑමට සිදුවන බව නිරීක්‍ෂණය සඳහා එක්ව සිටි පිරිස් විසින් ආදිවාසී නායක ඇතුළු පිරිසට පෙන්වා දෙන ලදී.

    පොල්ලෙබැද්ද ආදිවාසීන් හා ගම්වාසීන් ආදිවාසී නායක වෙත කළ දැනුම්දීමකට අනුව එම ප්‍රදේශය නිරීක්‍ෂණය සඳහා ආදිවාසී නායක, වනස්පති ඌරුවරිගයේ වන්නිල ඇත්තන් සහ පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා ඇතුළු පිරිසක් නිරීක්‍ෂණ චාරිකාවකට එක්වූහ. ඊට පොල්ලෙබැද්ද ආදිවාසී නායක තලා බණ්ඩාරලාගේ ගුණවර්ධන ඇත්තන් ඇතුළු ගම්වාසීහු රැසක් එක්ව සිටියහ.

    මේ වන විට ආරම්භ කර ඇති ‘මුන්දෙනිආරු’ ජලාශ ව්‍යාපෘතියේ ජලාශයට යාබද ජල පෝෂක ප්‍රදේශය වන්නේද බහුජාතික සමාගම් සඳහා විකුණා ඇති ගල්වලයාය වරාපිටිය, ආශ්‍රිත වනාන්තරය බවට ගම්වාසීහු හා පොල්ලෙබැද්ද ආදිවාසීහු නිරීක්‍ෂණ චාරිකාවකදී පෙන්වා දුන්හ.

    මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශාලතම ජලාශය රඹකැන් ඔය ජලාශය බවත්, ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරන එකම ජලාශයද එය බවත්, අක්කර අඩි 40,000ක ධාරිතාවක් සහිත මෙම ජලාශයෙන් කුඹුරු අක්කර 3,500කට පමණ ජලය ලබා දෙන්නේ රඹකැන් ඔය ජලාශය වන හෙයින්, මහඔය, පොල්ලෙබැද්ද, නිල්ලබ, බැදිරැක්ක, පුලාවල ආදී ගම්මාන රැසකට මෙමඟින් පානීය ජලය සැපයීම ඉදිරියේදී තර්ජනයකට මුහුණ දෙනු ඇති බවත්, වැව ආශ්‍රිතව ඇති වැව් රක්‍ෂිත ඉඩම් බහුජාතික සමාගම් යටතට පවරා කරන වන විනාශය හා බෝග සඳහා යොදන රසායනික හේතුවෙන් රඹකැන් ඔය ජලාශය සම්පූර්ණයෙන් දූෂිත තත්ත්වයට පත්වීමත් වැවේ ජලපෝෂක ප්‍රදේශ අහිමි වීමෙන් දැඩි ජල අර්බුදයකට මුහුණ පෑමට සිදුවන බවත්, එමගින් වැව් ජලයෙන් ගොවිතැන් කරන විශාල සංඛ්‍යාවකට ජල ගැටලු ඇතිවන බවත්, වැවේ මත්ස්‍ය සම්පතෙන් ජීවිකාව ගෙවන ධීවර පිරිසට ගැටලු ඇතිවන බව සංචාරයේදී පෙන්වා දුන්හ.

    “අපි විශේෂයෙන් කනගාටු වෙනවා මේ ප්‍රදේශයේ ජීවත්වෙලා ඉන්න ආදිවාසී ජනතාවට කරන අසාධාරණය ගැන. ඔවුන්ගේ සාම්ප්‍රදායික වාසභූමි, සාම්ප්‍රදායික වගා භූමි සංවර්ධනය කියලා බොරු නමක් දාගෙන අපට ජීවය දෙන, අපට ආහාර දෙන, අපගේ දෙවැනි මව වැනි සමාන පරිසරය විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. මේක සම්පූර්ණයෙන්ම කරන අපරාධයක්.

    මනුෂ්‍ය සංහතියටම කරන දැවැන්ත අපරාධයක් සේම සමස්ත සතා සිවුපාවාට ම කරන අපරාධයක්. මේ අපරාධයට වගකිව යුතු අයට අපි නීතියෙන් දඬුවම් දෙනවා. කවදා හරි අපි බලාපොරොත්තු වෙනවා මේ ස්වභාදහමත් ඒ අයට නිසි දඬුවම් දෙයි කියලා,” යැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා නිරීක්‍ෂණ චාරිකාවෙන් අනතුරුව ප්‍රකාශ කර සිටියේ ය.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ඔය මනුස්සයන්ගේ පරම්පරා උරුමය.එහෙව් උරුමෙන් අයින් කරලා පොල්ලෙබැද්දට ගෙනාවා ස්පිට්ල් මහත්තයා කන්න නැති නිසා.පස්සේ මහවැලිය නිසා ආයේ අයින් කරලා වෙනම පදිංචි කලා.දැන් ඒක විකුනලා කනවා.මේ ආන්ඩුව පිටිපස්සේන් ලොකු යාන්ත්‍රණයක් තියෙනවා.රට සංවර්ධන කරන්න පරිසරය හානි වෙනවා.බහු ජාතික සමාගම් ආවට පස්සේ ආයේ යවන්න බෑ.සාරය උරා බීලා යන්නේ.මස් සැකසුම් කර්මාන්තශාලාවට අවශ්‍ය මස් ටික හොයා ගන්න ෆාම් දාන්නත් ඕනි හැබයි
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:


    @wiky123 @Sinhala King @VAT70
    @chami2015 @N sriyantha @VASSA @laknath123 @dilrasan @sdlrs6 @jayanathek @1118lakmalkumara @Flyboy @mdrc111 @Miami-Vice
    @keerthi.mac @CLAYFACE @jkasunsee @malith08 @thaweesha @chika009 @mcwolfe @buddikagayan @HKavinda @$Gangster$
    @yosh371 @dath kimbula @sachith19920726 @jeewan tk @nvhcc89 @leeroxxroxx @Champ HB @dd nalin @KDH @Vandey
    @thinking_guy @u.saradiyel @BINGU_PUTHA @shameera89 @Posthuman @sj91 @nimeshkd @NK123 @Garrus @Vandetta
    @Pathfinder_A2Z @Anemanda1 @Ship Captain @madmax9 @missaka86 @Nimesh777 @ChaaniAkka @JBLs @Los pollos hermanos
    @KavinduDD @TommyJ @MAD_MAX @රෝසි ආච්චි
    ඔබතුමන්ල හොරෙන් හරි ඇවිත් පුංචිම පුංචි බයි රචනාවක් ලියලා යන්නකෝ
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,681
    10,270
    113
    ලංකාවෙ ඉන්න පාලනයට සුදුසු , පාලනයේ ඉන්නෙ එකම පාලකයා !
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    උබල වන්නිල ඇත්තො ජනාධිපතිවරනෙට ඉල්ලුවොත් ඡන්දෙ දෙනවද ? :unsure:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,926
    113
    වන්නිල ඇත්තෝ ගු ඇන් පි කියාගෙන එකෙක් එයි.


    දඩ මස් ජාවාරමකට හිරේ දායිද දන්නේ නෑ
    utto eke :rofl:
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    1. ගල්වලයාය රක්ශිතය නෙමෙයි කපන්නෙ ඒ අවට කැලෑ ඉඩම්. එතකොට නීතියෙන් පිලිසරණක් නෑ.(අවට රජයේ ඉඩමුත් සවාභාවික්ස් කැලෑවෙම කෑල්ලක් තමයි නමුත් රක්ශිත මායිමෙන් එලියෙ)
    2. මොනව වගා කරන්නද මේ එලි කරන්නෙ?
    3. මොන සමාගම් වලටද දීල තියෙන්නෙ?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    කතා කිරීමෙන් පාලක් නැ ඕවා කරන උන් සහ අනුබල දෙන උන්ගේ පවුල් පිටින් විනාස වෙලා යන්ඩ ඕන අපේ වචනෙන් කිව්වොත් හැදිගැවිලා යන්ඩ ඕන.