ශ්‍රී ලංකා කණ්ඩායමට චෙන්නායි දොර වැසෙයි

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    ශ්‍රී ලංකා කණ්ඩායමට චෙන්නායි දොර වැසෙයි

    මෙන්න බලාපල්ලා. අපි ඉන්දියන් කාරයින්ට JOB දෙනවා. ඒත් අපේ team එකකට චෙන්නයි වල ක්‍රීඩා කරන්නවත් බැ.

    ආසියානු රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන දෙවැනි කොටසේ ආසියානු කාන්තා සත් සාමාජික රග්බි තරගාවලිය මේ මස 20 හා 21 යන දිනවලදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව ඇතත් ඒ සඳහා ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම සහභාගි කර නොගන්නා බවට ඉන්දියානු රග්බි පාපන්දු සංගමය විසින් ඊයේ දන්වන ලද බව වාර්තා වේ.

    ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වෙන මෙම කාන්තා රග්බි තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගිත්වය අවලංගු කිරීමට හේතුව ආරක්‍ෂක හේතූන් බවට ඔවුන් ඊයේ ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයට දන්වා ඇත. දකුණු කොරියාව, නේපාලය, ගුආම්, ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම දෙවැනි කොටසේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව අද උදෑසන ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබිණි.

    චෙන්නායි නුවරදී ශ්‍රී ලංකාව මුහුණ දිය හැකි අනාරක්‍ෂිත තත්ත්වය පාදක කරගනිමින් ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම සහභාගි කරවා ගැනීමට නොහැකි බව තරගාවලියේ සංවිධායකයන් ශ්‍රී ලංකාවට පළමුව දන්වා සිටියේ පසුගිය සඳුදා (15දා)ය.

    ඒ බව තවදුරටත් ඊයේ සනාථ කර ඇති අතර ශ්‍රී ලංකා කාන්තාවෝ මෙම තරගාවලියට සහභාගි වී ඉන් ජයග්‍රහණය කොට නැවැත වරක් ආසියානු සත් සාමාජික පළමු කොටසේ තරගාවලියට සුදුසුකම් ලැබීමට අපේක්ෂාවෙන් සිටියහ.

    http://www.mawbima.lk/66-105672-news-detail.html
     
    Similar threads