ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ආසියානු ශූරතාවලියේ අවසන් තරගයට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හොංකොං කණ්ඩායම ලකුණු 71- 47ක් ලෙස පහසුවෙන් පරාජය කර ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (26) පස්වරුවේ සමත් විය.

    මෙවර තරගාවලිය ඉන්දියාවේ සත්කාරකත්වය යටතේ බැංලෝර්හිදී පැවැත්විණි.

    පළමු අවසන් පූර්ව තරගය ලෙසින් පැවති මෙම තරගයේ කාර්තු 4හි ලකුණු තත්ත්වය 17-9, 19-12, 21-9 හා 14-17ක් ලෙසින් දැක්විණි.

    ආසියානු දැල්පන්දු ශූරතාවලිය මෙවර පැවැත්වෙන්නේ 13වැනි වරට වන අතර, ඉන් ශ්‍රී ලංකාව අද ජයත් සමග අවස්ථා 11කදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබේ.

    ආසියානු දැල්පන්දු තරග බිමේ පෙරළිකාරම කණ්ඩායම ශ්‍රී ලංකාව වන අතර, ඔවුන් අවස්ථා 6කදී ආසියානු දැල්පන්දු කිරුළ ජයග්‍රහණය කර ඇත.

    අවසන්වරට පැවැත් වූ තරගාවලි දෙකේද ශූරියන් වන ශ්‍රී ලංකාව 1989, 1997, 2001, 2009, 2018 හා 2022 වර්ෂයන්හි ආසියානු දැල්පන්දු ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් විය.

    මීට අමතරව සිවුවරක් එනම් 1985, 2012, 2014 හා 2016 වර්ෂයන්දී අනුශූරතාවද ජයග්‍රහණය කර ඇත.

    ශ්‍රී ලංකාවට පසුපසින් වැඩි වාර ගණනක් ආසියානු දැල්පන්දු කිරුළ ජයග්‍රහණය කර ඇත්තේ සිංග්පූරුවයි.

    ඔවුන් අවස්ථා 3කදී ජයග්‍රහණය කර ඇත.

    ඊට අමතරව මැලේසියාව දෙවතාවක්ද, හොංකොං එක් වරක්ද ආසියානු දැල්පන්දු ශූරතාව ජයග්‍රහණය කර තිබේ.

    මේ අතර මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 14ක් සහභාගි වූ අතර, එය වසර 39ක් ආසියානු දැල්පන්දු ශූරතාවලි ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගි වූ අවස්ථාවද මෙයි.

    මීට පෙර වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගි වූයේ 2018 වසරේ සිංගප්පූරුවේ පැවති තරගාවලියටය.

    එවර කණ්ඩායම් 12ක් සහභාගි විය.