ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නව කළමනාකරු ටට්යානාගේ පියා ජෙරොම් 🥴

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    gossiplanka04836.jpg



    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකාරවරයා ලෙස ජෙරොම් ජයරත්න මහතා පත්කර
    ඇති බව වාර්තා වේ. ඔහු කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් සමග සම්බන්ධව සිටි අතර අගමැති බාලපුත් හා විවාහ වී සිටින ටට්යානා ඔහුගේ දියණියකි.

    මෙයට පෙර ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරුවකු ලෙසින් ද කටයුතු කර
    තිබූ ජෙරොම් ජයරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් කාර්ය සාධන මධ්‍යස්ථානයේ ප්‍රධාන
    මෙහෙයුම් නිලධාරිවරයා වශයෙන් ද කටයුතු කරනු ලබයි. කෙසේ වෙතත් මේ වන විට පැවැත්වෙන
    එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයෙන් අනතුරුව පැවැත් වීමට නියමිත බටහිර
    ඉන්දීය කොදෙව් තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය ජෙරොම් ජයරත්න මහතාට
    හිමි වීමට නියමිතව ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි.

    එහිදී ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලියේ නිමාවත් සමඟින් වත්මන් කළමනාකාරවරයා වන


    අසන්ත ද මෙල් මහතා අදාළ තනතුරට සමුදීමට නියමිත අතර, ඉන් අනතුරුව ජෙරොම් ජයරත්න මහතා
    අදාළ තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය
    කොදෙව් සංචාරය සඳහා පමණක් ජෙරොම් ජයරත්න මහතා කණ්ඩායම් කළමනාකාරවරයා වශයෙන් පත් කර
    තිබීමද විශෙෂත්වයකි. ඒ අනුව එම තරගාවලියෙන් අනතුරුව ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා ස්ථීර
    කළමනාකාරවරයකු පත් කිරීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.

    එළැඹෙන පෙබරවාරි සහ මාර්තු මාසයන්හිදී ක්‍රියාත්මක වීමට සැලසුම් කර ඇති ශ්‍රී ලංකා
    කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ටෙස්ට් තරග 2ක්, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට්
    තරග 3ක් සහ විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග 3ක් ඇතුළත්ව ඇත. ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට්
    තරගාවලියට අදාළව පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය ‘සෝබර්ස්-තිසේරා’ කුසලානය වෙනුවෙන්
    පැවැත් වීමට නියමිතය.




    source

    Comments:
    CA05B7AA-52D7-458C-B39B-459C0BA0E6B9.jpeg
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,187
    10,053
    113
    chande denne na kiwwata aye mun chande denawa. lajja nathi jathiyak wela. issra tibba rawana parapure ewunta wada konda pana nathi kallathoni famly ekata yata wela inna wahllu tikak inne.
     
    • Like
    Reactions: Lankaputhra16