ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළකාය

Another_Me

Active member
  • Feb 5, 2016
    299
    213
    43
    ෆෑන් එක යට
    ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළකාය

    ලෝකයේ ප්‍රබල යුධ ශක්තියක් ඇති සියළුම රටවල දකින්නට ලැබෙන, දියෙන් හා ගොඩබිමෙන් එක සේ සතුරු ඉලක්ක වෙත ලඟා වී මොහොතකින් සතුරු ඉලක්ක විනාශ කරන සුවිශේෂී බළකායක් ලෙස මැරීන් බළකාය හදුන්වා දෙන්නට පුළුවන්.
    විශේෂයෙන් ලොව ප්‍රබල මැරීන් බළකායක් වන ඇමරිකානු මැරීන් බළකායේ විශේෂ මෙහෙයුම් පිළිබඳව සමහර විට ඔබ දැනුවත් ඇති. වර්තමානය වන විට ඇමරිකානු මැරීන් බළකායට නොදෙවැනි මැරීන් බළකායක් ශ්‍රී ලංකා නාවික හමුදාව යටතේ ස්ථාපිත කර ඇති බව ඔබ දන්නවාද?
    ඇමරිකානු මැරීන් බළකායේ මඟ පෙන්වීම, ඔවුන්ගේ උපදේශකත්වය හා ඇමරිකානු තාක්ෂණය මත නිර්මාණය වූ ශ්‍රී ලංකා මැරීන් බළකාය පිළිබඳවයි අද ලිපිය.

    මැරීන් බළකාය හෙවත් උභයජීවී බළකාය

    014-8.jpg

    ඇමරිකානු මැරීන් බළකා සෙබළුන් (Islamic Invitation)

    මැරීන් බළකා භටයෙක් ලෙස හදුන්වන්නේ නාවික හමුදා පුහුණුව මෙන්ම පාබල හමුදා බළකායක පුහුණුවද එකලෙස ලැබූ විශිෂ්ඨ ලෙස මුහුදේද, ගොඩබිමේද ඔවුන්ගේ බළකාය විසින් මෙහෙයවන සටනක, ඕනෑම පරිසරයක එකලෙස සටන් කළ හැකි දක්ෂයෙක්. දිය හා ගොඩ එකලෙස සටන් මෙහෙයවන මෙම භටයන් ලොවපුරා හදුන්වන්නේ “උභයජීවී භටයන්” ලෙසයි.
    සාමාන්‍යයෙන් මැරීන් බළකාය රටක නාවික හමුදාවේ එක් කොටසක් ලෙස ක්‍රියාත්මක වන අතර ප්‍රංශයේ හා ඊශ්‍රායලයේ මැරීන් බළකා පාලනය කරන්නේ එරට යුධ හමුදාවයි. නාවික හමුදාවේ කොටසක් නොවන ඇමරිකානු මැරීන් බළකාය ස්වාධීන බළකායක් ලෙස එරට ක්‍රියාත්මක වන්නේ ඇමරිකානු නාවික දෙපාර්තුමේන්තුවට යටත්වයි.
    නාවික යාත්‍රා වල නැගී ගැඹුරු මුහුදේ සිට වෙරළ දක්වා සියළුම මෙහෙයුම්, සියළුම අවධානම් දරා ගනිමින් සතුරු නාවික යාත්‍රා අල්ලා ගැනීම, විනාශ කිරීම, ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම, මුහුදෙන් ගොඩබිම වෙත ගොස් සතුරු ඉලක්ක වෙත ප‍්‍රහාර එල්ල කිරීම, නගරබද, කැළෑ සටන් හා ගංගා ආශ්‍රිත මෙහෙයුම් පිළිබඳවද මෙම බළකාය මනා නිපුණතාවයකින් යුක්ත වෙනවා.

    ශ්‍රී ලංකා මැරීන් බළකාය බිහි වූ ආකාරය

    0214-701x351.jpg

    ඇමරිකානු මැරීන් බළකාය හා ශ්‍රී ලංකා නාවිකා හමුදාව අතර වාර්ෂිකව පැවැත්වෙන පුහුණු සැසියක් (Sri Lanka Guardian)

    දූපත් රාජ්‍යයක් වන අප රටේ බිහිසුණු ත්‍රස්තවාදය ආරම්භ වීමත් සමඟම LTTE සංවිධානයේ අවි ආයුධ පිරවූ නැවු මුහුදු මාර්ගය ඔස්සේ උතුරට ලඟා වන්නට විය. මෙම ක්‍රියාවන් වැලැක්වීම සඳහා මුහුදේ මෙන්ම ගොඩබිමද දක්ෂ ලෙස සටන් කළ හැකි ගරිල්ලා සටන් උපක්‍රම වලින් මනා සන්නද්ධ බළකායක අවශ්‍යතාව තදින් දැනුණි. නමුත් ඒ සඳහා යොදා ගනු ලැබුවේ නාවික හමුදාවෙන් තෝරා ගත් භට පිරිසක් පමණයි.
    යුද්ධය නිමවීමෙන් පසුව එහි ආරම්භක පියවර ලෙසින් 2016 වසරේ මුල් භාගයේදී ‘භූ ජල තරණ‘ ක්‍රියාන්විත පිළිබඳ දින 45 ක විශේෂ පුහුණුවක් ලබා දෙමින් නාවික සෙබළුන් හා නිලධාරීන් 300 කින් සමන්විත ප්‍රථම “භූ ජල තරණ” කණ්ඩායම ආරම්භ වෙනවා.
    ඉන් අනතුරුව අනෙක් රටවලට නොදෙවෙනි හා ලෝකයේ පිළිගත් මැරීන් බළකායක් අපේ රටේ පිහිටුවීම සඳහා යෝජනා වූවත් ප්‍රබල රටවලට පමණක් නිර්මාණය වී ඇති මෙම බළකායේ පුහුණුව හා තාක්ෂණය පිළිබඳව ගැටළු පැන නගිනවා.

    ඇමරිකානු මැරීන් බළකායේ උපදේශකත්වය

    0314.jpg

    ඇමරිකානු මැරීන් භටයෙක් ශ්‍රී ලංකා මැරීන් භටයන් පුහුණු කරමින් (Seithy.com)

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බළකාය ස්ථාපිත කිරීමේ මූලික වූ සිද්ධිය ලෙස 2016 වසරේ මාර්තු 29 වන දින ඇමරිකානු නාවික හමුදාවට අයත් “බ්ලූ රිජ්” යුධ නෞකාවේදී ශ්‍රී ලංකා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා එක්සත් ජනපද නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පැවති හමුව නම් කළ හැකියි.
    මැරීන් බළඇණිය පිහිටුවීම, එහි පුහුණු කටයුතු හා අවශ්‍ය තාක්ෂණය ලබා දීම සඳහා ඇමරිකානු මැරීන් බළකාය එහිදී සහය පළ කරනවා. ඒ අනුව වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු මැරීන් බලඝණය ස්ථාපිත කරනු ලබනවා. මෙම මැරීන් පාඨමාලාව නිමකළ භූ ජල තරණ ක්‍රියාන්විතයන් සදහා විශේෂ පුහුණුවක් ලබා ‍ඇති නිලධාරීන් 6 දෙනා හා නාවිකයන් 158 දෙනා දූපත් රාජ්‍යක් වන අප රටේ ඕනෑම වෙරළ තීරයකට ගොඩබැස සාගරයෙන් පැමිණෙන ඕනෑම සතුරු උවදුරකට ක්ෂණිකව මුහුණ දීමේ නිපුණත්වයකින් යුක්ත වෙනවා.

    ඇමරිකානු පුහුණුව

    0411-701x468.jpg

    ශ්‍රී ලංකා මැරීන් භටයෙකුට උපදෙස් ලබා දෙන ඇමරිකානු මැරීන් භටයෙක් (lankai Tamil Sangam)

    නාවික හමුදාවෙන් මූලික පරීක්ෂණ වලින් අනතුරුව තෝරා ගත් භටයන් 164 දෙනා හට නාවික හා පාබල මූලික පුහුණුවට අමතරව යුධ නැවක සිට බෝට්ටු, හෙලිකොප්ටර්, වායුපායාන හා දිය ගොඩ දෙකම ගමන් කල හැකි වාහන යොදා ගනිමින් වෙරළට ළගා වීමටත් මැරීන් සෙබළුන්ට අත්‍යවශ්‍ය වන කිමිදුම් යුධ උපක්‍රම, පිහිනුම් යුධ උපක්‍රම හා පැරෂුට් භාවිතය පිළිබඳව මාස ගණනක පුහුණුවත් ලබා දී තිබෙනවා.

    0510-701x351.jpg

    ඇමරිකානු මැරීන් භටයින් තම අත්දැකීම් බෙදා ගනිමින් (Sri Lanka Guardian)

    “පුහුණුව යනු යුද්ධයයි- යුද්ධය යනු පුහුණුවයි” යන ඇමරිකානු මැරීන් ආදර්ශ පාඨය අනුකූලව අදියර කිහිපයකින් යුක්ත වූ පුහුණු සැසිවාර වලදී දුර දිගු විහිදුම් සටන් වලදී සන්නිවේදනය පවත්වා ගන්නා ආකාරයත්, සියළුම අවි පිළිබඳව උපාය මාර්ගික දැනුමත්, සතුරු ප්‍රහාර හා සතුරු අවි පිළිබඳව අත්දැකීම් ලබා ගැනීමත් ඕනෑම පරිසර තත්ව යටතේ ඉලක්ක ලබා ගැනීම හා උභයජීවී හැසිරීම් පිළිබඳව ක්‍රමානුකූල පුහුණුවක් මෙම මැරීන් සොල්දාදුවන්ට ලැබෙනවා.
    ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා අවශ්‍ය දායකත්වය ලබාදීම, ශ්‍රී ලංකාව තුළ සහ කලාපය තුළ සිදුවන ස්වභාවික ව්‍යසන සහ ආපදා කළමනාකරණය, ඒ සඳහා සහන කටයුතු සැලසීම හා මානුෂීය සහන සේවා සැලසීම පිළිබඳවද භටයන් විශේෂ පුහුණුවක් ලබා තිබෙනවා.

    ප්‍රථම මැරීන් බලඝණයේ විසිර යාම

    066-701x255.jpg



    මුහුදේ ගැඹුරට ගොස් සතුරාට පහර දීමේ සිට ගොඩබිම ඇතුළත ඕනෑම ගරිල්ලා සටන් ප්‍රහාරයන් දක්වා ක්‍රියා කිරීමට හැකියාව ඇති නාවික හමුදාව යටතේ ඇති මෙම මැරීන් බළකායේ ප්‍රථම බලඝනය විසිරි යන්නේ 2017 වසරේ පෙබරවාරි 27 වනදා මන්නාරම, මුල්ලිකුලම් ශ්‍රී ලංකා නාවික හමුදා වයඹ නාවික ප‍්‍රධාන මූලස්ථානයේ පැවති මැරීන් ලාංජන පැළදවීමෙන් අනතුරුවයි.
    එහිදී මුල්ලිකුලම් වෙරළ තීරයේ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළකාය විසින් සතුරු කඳවුරකට කඩාවැදී මෙහෙයුම් සිදු කිරීම දක්වන සංදර්ශනයක් පවා සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකා මැරීන් බළකායේ වෙබ් අඩවිය විවෘත කිරීමද සිදුවන්නේ මෙදිනයි.
    ප්‍රථම මැරීන් බලඝණයේ නිලධාරීන් හා නාවිකයන් 164 දෙනාගේ විසිර යාමත් සමඟ ශ්‍රී ලංකා මැරීන් බළකාය ලෝකය විසින් පිළිගත් ලාබාලම මැරීන් බළකාය ලෙස වර්තමානය වනවිට කටයුතු කරමින් සිටිනවා.
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    මම හිතන් හිටියේ ඒ දවස්වල හන්දි හන්දි ගානේ ගහපු පෝස්ටර් වල හැටියට අපේ හිටපු රජතුමාගේ ගෝටාබය මහා සෙනෙවියාට විතරයි හමුදාවක් නඩත්තු කරන්න පුළුවන් කියලා ! නමුත් දැන් බලපුවහම අපේ රනිල් මහත්තයා ඇමරිකාවෙන් උදව් ඇරගන සුපිරි වැඩක් කරලා නිහඩව ඉන්නවනේ !!! මං හිතන්නේ උගත් , වැදගත් කම කියන්නේ එකට වෙන්න ඇති !!!