ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලියෙ වි

asheka

Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලියෙ වි

    exxgo.jpg


    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති 3 වන සහ අවසාන එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 3කින් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරන ලදී.

    පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 දැවී ලකුණු 302 රැස් කළ අතර ඩිල්ශාන් සිය 16 වෙනි ශතක වෙනුවෙන් ලකුණු 125ක් සහ කුසල් ජනිත් තම පලමු එක්දින අර්ධ ශතකය ලබා ගනිමින් ලකුණු 56 රැස් කළේ ය.

    එහිදී අබ්දුල් රසාක් කඩුලු 5 දවා ගනිමින් බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පලමුවෙන්ම කඩුලු 200 සීමාවට ලගා විය.

    බංග්ලාදේශ කණ්ඩායම තමන්ට හිමී වූ ජයග්‍රාහී සීමාව වන ලකුණු 184 කඩුලු 7ක් පමණක් දැවී ලබා ගත්තේ ය. අනාමුල් හක් ලකුණු 40 ද නසීර් හුසේන් නොදැවී ලකුණු 33ක් ද ලබා ගත්තේය.

    මෙම තරගයේදී විශේෂ අවස්ථා කීපයක්
    ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 11,000 සීමාව පසුකළ දෙවෙනි ශ්‍රී ලාංකිකයා මෙන්ම ලොව 7 වෙනි ක්‍රීඩකයා වීමට කුමාර් සංගක්කාර සමත් විය.
    අබ්දුල් රසාක් බංග්ලාදේශය වෙනුවෙන් කඩුලු 200 දවා ගත් පළමු පන්දු යවන්නා විය.
    පා දග පන්දු පන්දු යවන්නන්ට දුර්වලතාවයක් දක්වන බංග්ලාදේශ පිතිකරුවන් වෙත ජීවන් මෙන්ඩිස් මෙම තරගාවලියේදී එකදු පන්දුවක්වත් යැවුයේ නැත.
    බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට අමතර ලකුණු 17 ලබා දුන් අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ට වයිඩ් ලකුණු 9 ද සමගින් අමතර ලකුණු 26ක් ලබා දුනි.
    තිලකරත්න දිල්ශාන් ශතක 16 ලබා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ශතක ලබා ගත් පිතිකරුවන් අතුරින් 2 වෙනි ස්ථානයට පත් විය. පළමු ස්ථානයේ සනත් ජයසූරියද, තෙවන ස්ථානයේ මහේල ජයවර්ධනද රැදී සිටී.
    තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මානය ශතක 2ක් ලබා ගත් තිලකරත්න දිල්ශාන්ට හිමි විය.


    එක්ස්ගොසිප් අඩවියෙන්...
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    කස්ටිය දන්නවා ඇතිනේ එක්ස්ගොසිප් එක මොකද්ද කියල නේ?