ශ්‍රී ලංකා මහා බැංකුව

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ශ්‍රී ලංකා මහා බැංකුව

    1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ 1950 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ කේන්ද්‍රීය ස්ථානය උසුලනු ලබන ආයතනයයි. මෙය අර්ධ ස්වාධීන ආයතනයකි. 2002 වසරේදී මුදල් නීති ිපනතට ගෙන එන ලද සංශෝධනවලට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මුදල් හා සැලසුම් අමාත්‍යාංශයේ ලේකම් හා ශ්‍රී ලංකාවේ ජනාධිපති විසින් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ මත සහ ඒ හා සමගාමීව ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ද ඇතිව පත්කරනු ලබන සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත මුදල් මණ්ඩලය මගින් පාලනය කරනු ලැබේ.
    ශ්‍රී ලංකාවේ ඵලදායී සම්පත් සංවර්ධනය වැඩි දියුණු කිරීම සහ දිරිමත් කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රධාන අරමුණු දෙක (2) වන ආර්ථික හා මිල ස්ථායීතාවය හා මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වගකීම දරයි. එමෙන්ම ව්‍යවහාර මුදල් නිකුත් කිරීම හා කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා මහ බැංකුව වගකීම උසුලයි. මීට අමතරව මහ බැංකුව රජයේ බැංකුකරැ මෙන්ම ආර්ථික කටයුතු උපදේශක ද වේ. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එහි නියෝජිතයෙකු ලෙස, සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය, විනිමය පාලන පනතට අනුව විනිමය කටයුතු කළමනාකරණය කිරීම, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම සහ ග්‍රාමීය සංවර්ධනය උදෙසා විදේශාධාර හා රජයේ අරමුදල් මගින් කෙරෙන ණය යෝජනා ක්‍රම පරිපාලනය කිරීම යන නියෝජිත කටයුතු හතරෙහි (4) ද නියැලේ.
    ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපති එහි ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරයි. අධිපති, නියෝජ්‍ය අධිපතිවරැ, සහකාර අධිපතිවරැ සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ කළමනාකරණය සමන්විත වේ. ශ්‍රී ලංකා මහ බැංකුවෙහි දැනට දෙපාර්තමේන්තු 27 ක් ඇත. ඒවා එකිනෙකෙහි ප්‍රධානත්වය අධ්‍යක්ෂවරයෙකු (හෝ ඒ හා සම අයෙකු) විසින් උසුලනු ලබයි. කළමනාකාරීත්ව විගණන දෙපාර්තමේන්තුව සෘජුවම අධිපතිවරයාට කටයුතු වාර්තා කරනු ලබන අතර සෙසු දෙපාර්තමේන්තු සියල්ලෙහිම ප්‍රධානීන් සහකාර අධිපතිවරයෙකු මගින් නියෝජ්‍ය අධිපතිවරයෙකුට හෝ අධිපතිවරයාට හෝ කටයුතු වාර්තා කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටු වු මුල් වකවානුවේම ව්‍යවස්ථාමය කටයුතු ඉටුකරනු සඳහා ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මුදල් මණ්ඩලයට මාර්ගෝපදේශකත්වය ලබා ගැනීම සඳහාත් මහජනතාවගේ දැනුවත් කිරීම ස ඳහාත් දත්ත සම්පාදනය කිරීම හා ආර්ථික පර්යේෂණවල නියැලීම ද කළ යුතුය. බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ බැංකු ආයතන අඛණ්ඩව අධීක්ෂණය හා නියාමනය කළ යුතු වේ.


     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉතිහාසය ලුහුඬින්

    ආර්ථික වර්ධනයට අනුබල දීමට සහ එය දිරිමත් කිරීමට අවශ්‍ය කාර්යක්ෂම මූල්‍ය ප්‍රතිපත්තියක සහ ක්‍රියාශීලී මූල්‍ය අංශයක වැදගත්කම හඳුනා ගැනීම නිසා නිදහසින් පසු රජය විසින් ලංකා මහ බැංකුව පිහිටුවන ලදි.
    මහ බැංකුව පිහිටුවීමට පෙර මහ බැංකු කටයුතු හා සම්බන්ධිත කාර්යයන් 1884 අංක 32 දරන කඩදාසි මුදල් ආඥා පනත යටතේ පිහිටුවන ලද ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය මඟින් මෙහෙයවන ලදී.
    දේශපාලන නිදහස ලබා ගැනීමෙන් පසු සංවර්ධනය වෙමින් පවත්නා රටක සහ නිදහස් ජාතියක අවශ්‍යතා සපුරාගැනීම සඳහා ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය ප්‍රමාණවත් නොවන හා යෝග්‍ය නොවන බවට සලකන ලදී. එමනිසා 1948 ජුලි මස දී එක්සත් ජනපද රජයෙන් ලංකාණ්ඩුව මහ බැංකුවක් පිහිටුවීමට අවශ්‍ය තාක්ෂණික විශේෂඥ දැනුම ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කළේ ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ෆෙඩරල් සංචිත මණ්ඩලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් එක්ස්ටර් මහතා මෙහි කටයුතු කිරීම සඳහා පත් කරනු ලැබී ය.

    spacer.gif
    a_2_s.jpg
    spacer.gif
    1949 නොවැම්බර් මාසයේ දී මහ බැංකුව සඳහා තාර්කික හා නෛතික රාමුව පිළිබඳ එක්ස්ටර් වාර්තාව ලංකාණ්ඩුවට ඉදිරිපත් කරන ලදුව එය පිහිටුවීමට පියවර ගත්තේ ය. 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ ලංකා මහ බැංකුව පිහිටු වන ලද අතර 1950 අගෝස්තු 28 දින එහි මෙහෙයුම් කටයුතු ආරම්භ විය. 1985 දී එය ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස නැවත නම් කරන ලදි.රටෙහි සමස්ත මූල්‍ය, බැංකු කටයුතු හා ණය ක්‍රම පරිපාලනය කිරීමට හා නියාමනය කිරිමට අවශ්‍ය පුළුල් බලතල මහ බැංකුවට පවරන ලදී. එමෙන්ම ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ තනි අයිතිය සහ බලය ද මහ බැංකුවට පවරන ලද අතර රටෙහි ජාත්‍යන්තර සංචිතවල භාරකාරු බවට ද එය පත් වුණි. 1949 මුදල් නීති පනතෙහි සඳහන් කළ ආකාරයට මහ බැංකුවේ අරමුණු වුයේ
    (අ)දේශීය මුදලේ අගය ස්ථාවර කිරීම (මිල ස්ථායිතාව පවත්වාගෙන යාම)(ආ)ශ්‍රී ලංකා රුපියලේ මුහුණත අගය හෝ විනිමය අනුපාතිකයේ ස්ථායිතාව ආරක්ෂා කිරිම (විනිමය අනුපාතිකයේ ස්ථායිතාව පවත්වාගෙන යාම)(ඇ)ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය, සේවා නියුක්තිය හා මූර්ත ආදායම ඉහළ මට්ටමක පවත්වා ගෙනයාම සහ ප්‍රවර්ධනය කිරීම
    (ඈ)ශ්‍රී ලංකාවේ ඵලදායි සම්පත් පූර්ණ වශයෙන් සංවර්ධනය කිරීම සඳහා දිරිගැන්වීම හා ප්‍රවර්ධනය කිරීම
    ඉහත (අ) සහ (ආ) ස්ථායිකරණ අරමුණු ලෙස වර්ග කළ හැකි අතර (ඇ) සහ (ඈ) සංවර්ධන අරමුණු ලෙස වර්ග කළ හැකි ය. මහ බැංකුවට එහි අරමුණු ඉටුකර ගැනීම සඳහා මුදල් ප්‍රතිපත්තිය මෙහෙයවීම සම්බන්ධ ව පුළුල් බලතල මුදල් නීති පනත මඟින් පවරන ලදී. එමනිසා මූල්‍ය ස්ථායිතාව පවත්වා ගෙනයාම මඟින් වක්‍ර ව පමණක් නො ව මූල්‍ය පද්ධතියේ සංවර්ධනය සහ ව්‍යාප්තිය ප්‍රවර්ධනය කිරීම මඟින් හා වැඩි ම සංවර්ධන විභව ඇති ප්‍රදේශවලට ණය ක්‍රම හඳුන්වා දීම මඟින් ඍජු ව ද මෙම අරමුණු ඉටු කර ගැනීමේ දී වැදගත් භූමිකාවක් රඟ දැක්වනු ඇතැයි මහ බැංකුවෙන් අපේක්ෂා කරන ලදී. කෙසේ වුව ද සමහර ආර්ථික තත්ත්ව යටතේ එකිනෙකට විරුද්ධ ව ක්‍රියාත්මක වන අරමුණු දෙක එ නම් ස්ථායිකරණ අරමුණු සඳහා මුදල් සහ ණය වර්ධනය කපා හැරීමට මහ බැංකුවට ඇති අවශ්‍යතාවය හා සංවර්ධන අරමුණු සඳහා මුදල් සහ ණය වර්ධනය ප්‍රසාරණය කිරීමට මහ බැංකුවට ඇති අවශ්‍යතාවය ඉටු කර ගැනීමට ගත් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිසා මහ බැංකුව පටන් ගැන්මේ දී පවරන ලද ස්ථායිකරණ සහ සංවර්ධන අරමුණු එකිනෙක හා ගැටුණි.
    එම නිසා මහ බැංකු කටයුතුවල දී ලෝක ව්‍යාප්ත නැඹුරුතා සහ ජාත්‍යන්තර මූල්‍ය වෙ‍ෙළඳපො‍ෙළහි ශීඝ්‍ර වෙනස්කම්වලට එකඟ ව ආර්ථික ලිහිල්කරණයට සහ තොරතුරු තාක්ෂණයේ සැලකිය යුතු ප්‍රගතියට අනුගාමී ව 2000 වසරේ දී මහ බැංකුව නවීකරණ වැඩසටහනක් ආරම්භ කළේ ය. ඒ අනුව, රටෙහි ඵලදායී සම්පත් සංවර්ධනය දිරිමත් කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අදහස ඇති ව ක්‍රියාත්මක වන මහ බැංකු අරමුණු වනුයේ
    1 )ආර්ථික සහ මිල ස්ථායිතාව පවත්වා ගෙනයාම2 )මූල්‍ය පද්ධති ස්ථායිතාව පවත්වා ගෙනයාම
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හිටපු අධිපතිවරුන්
    01 )ජෝන් එක්ස්ටර් මයා( 1950 සිට 1953 )02 )එන් යු ජයවර්ධන මයා( 1953 සිට 1954 )03 )ඒ ජී රණසිංහ මයා ( 1954 සිට 1959 )04 )ඩී ඩබ්ලිව් රාජපතිරණ මයා( 1959 සිට 1967 )05 )ඩබිලිව් තෙන්නකෝන් මයා( 1967 සිට 1971 )06 )එච් ඊ තෙන්නකෝන් මයා( 1971 සිට 1979 )07 )ආචාර්ය ඩබ්ලිව් රාසපුත්‍ර( 1979 සිට 1988 )08 )ආචාර්ය එච් එන් එස් කරුණාතිලක( 1988 සිට 1992 )09 )එච් බී දිසානායක මයා( 1992 සිට 1995 )10 )ඒ එස් ජයවර්ධන මයා( 1995 සිට 2004 )11 )සුනිල් මෙන්ඩිස් මයා( 2004 සිට 2006 )12 )අජිත් නිවාඩ් කබ්රාල්( 2006 සිට 2015 )
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දැක්ම

    ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය සඳහා දායක වන විශ්වසනීය සහ ක්‍රියාශීලි මහ බැංකුවක් ලෙසින් සිටීම

    අපගේ දැක්ම පැහැදිලිව පෙන්වා දෙනුයේ ශ්‍රී ලංකා මහ බැංකුව අතිශය කැපවීමකින් යුතුව ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය සඳහා දායක වන බවයි. සෞභාග්‍යය යන වදන පුළුල් අරුතක් දනවයි. ගුණාත්මක බවින් ආඪ්‍ය ජන ජීවිතයක් ඉන් ධ්වනිත වේ. එය උදාකර ගත හැක්කේ තිරසාර ලෙස ධනය ඉපිදවීම තුලින් සහ සංවර්ධනයේ ප්‍රතිලාභ භුක්ති විඳීමට ජන සමාජයේ සෑම කොටසකටම ඉඩ සැලසීම මගිනි.
    ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ක්‍රියාවලියට දායකවනුයේ ආර්ථික හා මිල ස්ථායිතාව සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සහතික කරමින් හා ආර්ථික කටයුතු පිළිබඳ රජයේ උපදේශකයා ලෙසින් විචක්ෂණශීලි සහ පූර්ව ප්‍රතිචාරි ප්‍රතිපත්ති නිර්දේශයන් රජයට ලබා දීමෙනි. උසස්ම ඒකාග්‍රතාවයකින් සහ වෘත්තීමය මට්ටමකින් පිරිපුන්ව බැංකුව සිය කාර්යයන් ඉටුකිරීමේ නිරත වනුයේ විෂය මූලික සහ නිර්දේශපාලනික යොමුවකින් යුක්තවීම තුළ ගෞරවයට ද පාත්‍ර වෙමිනි.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපගේ දැක්ම පැහැදිලිව පෙන්වා දෙනුයේ ශ්‍රී ලංකා මහ බැංකුව අතිශය කැපවීමකින් යුතුව ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය සඳහා දායක වන බවයි. සෞභාග්‍යය යන වදන පුළුල් අරුතක් දනවයි. ගුණාත්මක බවින් ආඪ්‍ය ජන ජීවිතයක් ඉන් ධ්වනිත වේ. එය උදාකර ගත හැක්කේ තිරසාර ලෙස ධනය ඉපිදවීම තුලින් සහ සංවර්ධනයේ ප්‍රතිලාභ භුක්ති විඳීමට ජන සමාජයේ සෑම කොටසකටම ඉඩ සැලසීම මගිනි.
    ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ක්‍රියාවලියට දායකවනුයේ ආර්ථික හා මිල ස්ථායිතාව සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සහතික කරමින් හා ආර්ථික කටයුතු පිළිබඳ රජයේ උපදේශකයා ලෙසින් විචක්ෂණශීලි සහ පූර්ව ප්‍රතිචාරි ප්‍රතිපත්ති නිර්දේශයන් රජයට ලබා දීමෙනි. උසස්ම ඒකාග්‍රතාවයකින් සහ වෘත්තීමය මට්ටමකින් පිරිපුන්ව බැංකුව සිය කාර්යයන් ඉටුකිරීමේ නිරත වනුයේ විෂය මූලික සහ නිර්දේශපාලනික යොමුවකින් යුක්තවීම තුළ ගෞරවයට ද පාත්‍ර වෙමිනි.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු
    මහ බැංකුව පිහිට වූ අවස්ථාවේ සිට ම එහි අරමුණු සහ කාර්යයන් වෙනස් වන ආර්ථික වාතාවරණයන්ට අනුකූල ව ක්‍රමයෙන් විකාශය වෙමින් පවතී. මහ බැංකු කටයුතුවල කාලීන ප්‍රවනතා සමඟ යමින් මහ බැංකුවට එය ආරම්භයේ දී ම පවරන ලද මූලික අරමුණු නො වෙනස් ව තබා ගැනීමට සහ බහුවිධ අරමුණු එයින් මුදවා හැරීමට හැකි වන අයුරින් 2002 වසරේ දී මුදල් නීති පනත සංශෝධනය කිරීමෙන් මහ බැංකුවේ අරමුණු වඩාත් විධිමත් කරන ලදී. ශ්‍රී ලංකාවේ ඵලදායී සම්පත් සංවර්ධනය සඳහා උනන්දු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කර ගත් ප්‍රධාන අරමුණු දෙකක් මහ බැංකුවට ඇත.
    dot_grey.jpg
    ආර්ථික සහ මිල ස්ථායීතාව පවත්වා ගෙන යෑම
    dot_grey.jpg
    මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා‍ ගෙන යෑම
    මුදල් නීතිය සංශෝධනයට පෙර, සමහර අවස්ථාවල ගැටළු සහගත වූත් හෝ එකිනෙකට පරස්පර වූත් අරමුණු මහ බැංකුවට තිබුණි.

    මේ අතරතුර, මහ බැංකුවල මූලික අභිමතාර්ථය විය යුත්තේ මිල ස්ථායිතාව පවත්වා ගෙන යාම බව පොදු එකඟත්වයකින් යුක්ත ව ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශ වෙමින් තිබුණි. ස්ථාවර සාර්ව ආර්ථික තත්ත්වයන් මත මිල ස්ථායිතාව තීරණාත්මක ව පදනම් වන නිසා “ආර්ථික සහ මිල ස්ථායිතාව” ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණුවලින් එකක් ප්‍රකාශ කෙරුණි. තව ද, අනෙකුත් රටවල අත්දැකීම්වලින් පෙන්නුම් කළ පරිදි, ආර්ථික ප්‍රත්‍යස්ථිතිය වැඩි දියුණු කිරීමේ දී මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව අතිශයින් වැදගත් සාධකයක් විය. මේ නිසා, ශ්‍රී ලංතා මහ බැංකුවේ තව ප්‍රධාන අරමුණක් ලෙස මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව ද හඳුනා ගන්නා ලදී. මෙම අරමුණු දෙක එකිනෙකට සහසම්බන්ධිත සහ අනුපූරක වේ. මිල ස්ථායිතාව සාක්ෂාත් කර ගැනීමට මූල්‍ය ආයතන හරහා මූල්‍ය ප්‍රතිපත්තිය සම්ප්‍රේෂණය කරන බැවින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සහතික කිරීම මූලික වශයෙන් වැදගත් වේ. මේ නිසා, මෙම අරමුණු දෙක එකිනෙකට බැඳී පවතින අතර මහ බැංකුවට එහි කටයුතු ඉතා කාර්යක්ෂම ව කර ගෙන යාමට මේවා ඉවහල් වේ. ශ්‍රී ලංකා මහ බැංකුවට එහි අරමුණු ඉටු කර ගැනීම සඳහා ස්වාධීන ව කටයුතු කිරීමට ඉඩ ලබා දී ඇත. මෙම කර්තව්‍යයේ දී, ප්‍රතිපත්ති තීරණ ගැනීමේ දී මුදල් අමාත්‍යාංශය සමඟ බැංකුව සමීප ව සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි. එ මෙන් ම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනාධිකාරිය වන මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු ද වනු ඇත.

    ආර්ථික සහ මිල ස්ථායිතාව
    ව්‍යවහාර මුදලේ අගය මිල ස්ථායිතාව මඟින් ආරක්ෂා කරයි. ඒ දේශීය ව සහ අනෙකුත් ව්‍යවහාර මුදල් මඟින් මිල දී ගන්නා දේ අනුව ය. මිල ස්ථායිතාව හෝ මිල ගණන් ස්ථාවර වීම යනු උද්ධමනය පහළ මට්ටමක පැවතීමයි. උද්ධමනය පහළ මට්ටමක පවතින විට ආර්ථිකය හොඳින් ක්‍රියා කරන බව අත්දැකීම් මඟින් පෙන්වා දී ඇති අතර එය පහළ මට්ටමක පැවතීම අපේක්ෂා කෙරේ. මෙ වැනි තත්ත්වයන්හි දී පොලී අනුපාතිකය ද පහළ මට්ටමක පවතී. ආර්ථිකයට එහි උපරිම වර්ධනය ළඟා කර ගැනීමටත් ඉහළ සේවා නියුක්තියක් සඳහා උනන්දු කිරීමටත් එ බඳු වාතාවරණයකින් ඉඩ සැලැසේ. ඉහළ යන සහ උච්චාවචනය වන උද්ධමනයේ අහිතකර ප්‍රතිවිපාකවලින් නිදහස් වීමට පාරිභෝගිකයින් සහ නිෂ්පාදකයින් යන දෙපාර්ශ්වය ම විශ්වාසයකින් යුතු ව ආර්ථික තීරණ ගනී. තිරසාර දිගු කාලීන ආර්ථික වර්ධනය සහ සේවා නියුක්තිය ඇති කිරීමට පහළ උද්ධමනය හෝ මිල ස්ථායිතාව ඉවහල් වේ. උද්ධමනය පාලනය කිරීමට මුදල් ප්‍රතිපත්ති නිර්දේශ මහ බැංකුව උපයෝගී කර ගනී.

    මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව
    ස්ථාවර මූල්‍ය පද්ධතියක් මගින් තැන්පත්කරුවන් සහ ආයෝජකයින් සඳහා සතුටුදායක වාතාවරණයක් නිර්මාණය කරයි. කාර්යක්ෂම මූල්‍ය අතරමැදිකරණයක් සහ ඵලදායී වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වයක් සඳහා පොළඹවයි. එම නිසා, ආයෝජනය සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කරයි. මූල්‍ය පද්ධතියේ (මූල්‍ය ආයතන සහ වෙළෙඳපොළ) ඵලදායී ක්‍රියාකාරිත්වය සහ බැංකු කටයුතු, ව්‍යවහාර මුදල් හා ගෙවුම් ශේෂ අර්බුදවලින් තොරවීම මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව යනුවෙන් අදහස් කෙරේ. බැංකු බිඳ වැටීම්, වත්කම් මිල ගණන්හි අධික වෙනස්වීම් සහ වෙළෙඳපොළ ද්‍රවශීලතාවයේ කඩා වැටීම් හෝ ගෙවීම් පද්ධතියේ අවහිරතා මඟින් මූල්‍ය අස්ථායිතාව ඇති කරයි. ස්ථිර සාර්ව ආර්ථික වාතාවරණය, ඵලදායී නියාමන රාමුව, මනාව සංවිධානය වූ මූල්‍ය වෙළෙඳපොළ, සුමට ව ක්‍රියා කරන මූල්‍ය ආයතන සහ සුරක්ෂිත හා ශක්තිමත් ගෙවීම් යටිතල පහසුකම් යනාදිය මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සඳහා අවශ්‍ය වේ. වෙළෙඳපොළ හා මූල්‍ය ආයතන පරීක්ෂා කිරීම, ගෙවීම් පද්ධතිය අවේක්ෂණය කිරීම සහ අර්බුද නිරාකරණය මඟින් සමස්තයක් ලෙස මූල්‍ය පද්ධතිය තර්ජනවලින් වළක්වාලීම, තර්ජන හඳුනා ගැනීම සහ අවම කිරීම මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා ඉවහල් වේ.


    මහ බැංකුවේ කාර්යයන්
    ආර්ථික උපදේශක හා ශ්‍රී ලංකා රජයේ බැංකුකරු සහ නියෝජිතයෙකු වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ වගකීම් ඉටු කරන ලෙස ම එහි ප්‍රධාන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා පහත සඳහන් කාර්යයන්හි නිරත වේ.

    ප්‍රධාන කාර්යයන්
    dot_grey.jpg
    ආර්ථික සහ මිල ස්ථායිතාව
    dot_grey.jpg
    මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව
    ප්‍රධාන කාර්යයන්ට අනුයාත කාර්යයන්
    dot_grey.jpg
    ව්‍යවහාර මුදල් නිකුත් කිරීම සහ කළමනාකරණය
    නියෝජිත කාර්යයන්
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නියෝජිත කාර්යයන්
    dot_grey.jpg
    අර්ථසාධක අරමුදල කළමනාකරණය
    dot_grey.jpg
    විදේශ විනිමය කළමනාකරණය
    dot_grey.jpg
    රාජ්‍ය ණය කළමනාකරණය
    dot_grey.jpg
    ප්‍රාදේශීය සංවර්ධනය
    dot_grey.jpg
    මුල්‍ය බුද්ධි තොරතුරු
    dot_grey.jpg
    ප්‍රාදේශීය කාර්යාල අධීක්ෂණය