ශ්‍රී ලංකා මාතා, ශ්‍රී ලංකා තායේ සහ ගොබ්බන&#35

monson

Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    ශ්‍රී ලංකා මාතා, ශ්‍රී ලංකා තායේ සහ ගොබ්බන&#35

    ශ්‍රී ලංකා මාතා, ශ්‍රී ලංකා තායේ සහ ගොබ්බන්පිල

    ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට බැරි බවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන උදය ගම්මන්පිල නීති තර්කයක් ගෙන ආවේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ජාතික ගීය දෙමළෙන් ගායනා කළහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ආ හැකි බව ද ගම්මන්පිල කීවේය.

    1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර වැනි පරිච්ඡේදයේ 18 (02) වගන්තිය අනුව දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවකි. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 2(ආ) වගන්තිය මගින් දෙමළ බස රාජ්‍ය භාෂාවක් බවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකතු කළේය.


    1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත් වැනි වගන්තියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ‘ශ්‍රී ලංකා මාතා‘ ගීය වන්නේ ය යනුවෙනි. එහි පදමාලාව හා සංගීතය තුන් වැනි උප ලේඛණයේ දක්වා ඇත. එමෙන්ම එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම දෙමළ පරිවර්ථනයේ හත් වැනි වගන්තියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ‘ශ්‍රී ලංකා තායේ‘ වන බවයි. එහි පදමාලාව හා සංගීතය එහි තුන් වැනි උප ලේඛණයේ සඳහන්වේ.

    සිංහල පරිවර්ථනයේ තුන් වැනි උපලේඛණයේ අප දැනට සිංහලෙන් ගායනා කරන ජාතික ගීය දැක්වෙන අතර දෙමළ පරිවර්ථනයේ ඇත්තේ ‘ශ්‍රී ලංකා තායේ‘ ලෙස ඊයේ නිදහස් උළලේ දී දෙමළ බසින් ගායනා කළ ජාතික ගීයයි.

    දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් නම්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව ‘ශ්‍රී ලංකා තායේ‘ ලෙස ජාතික ගීයේ දෙමළ පරිවර්ථනය දැක්වෙන්නේ නම් ජාතික නිදහස් දිනයේ එය ගායනා කිරීමේ වරද කුමක්ද?

    දෙමළ ජනතායට ද එකම රටක්, එකම ජාතියක් ලෙස ජාත්‍යාලය ඇති වන්නට නම් සිංහලෙන් කියා පළක් නැත. ඔවුන්ට තේරෙන දෙමළ භාෂාවෙන් ගායනා කළ යුතුය. ‘ශ්‍රී ලංකා තායේ‘ යනුවෙන් දෙමළ බසින් ඔවුන් ගායනා කරන්නේ ‘ශ්‍රී ලංකා දෙමළ ඊලම‘ කියා නොව ‘ශ්‍රී ලංකා අම්මා‘ කියාය. ඔවුන් දෙමළ බසින් කියන්නේ ද ‘එක මවකගෙ දරු කැළ ලෙසිනා‘ කියාය. දෙමළ ජනයා දෙමළ ඊලම අත හැර එකම රටක් යන සංකල්පයට පැමිණීම ගැන ගම්මන්පිලලාට ඇත්තේ වෛරයක් විය හැකිය. එසේ නම් නියම බෙදුම්වාදීන් දැන් ඉන්නේ පොදු විපක්ෂයේ ය.

    විශ්වාස භංගයක් ගෙන ආ යුත්තේ ජනාධිපතිට නොව බෙදුම්වාදය ඇති කිරීමට මාන බලන උදය ගම්මන්පිලලාටය.


    001.jpg

    002.jpg

    003.jpg

    004.jpg

    005.jpg


    - http://www.lankaenews.com/news/3475/si

    ගම්මන්පිල දෝෂාභියෝගය හකුලා ගනී

    ජාතික නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවට අදහස් පළ වනවා.

    ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක්ද ගෙන ආ හැකි බවයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසන්නේ.

    මේ අනුව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට එරෙහිව ඉදිරියේදී දෝෂාභියෝගයක් ගෙන එන්නේ දැයි නෙත් නිවුස් උදය ගම්මන්පිල මහතාගෙන් ප‍්‍රශ්න කළා.

    එහිදී හෙතෙම පැවසුවේ වරප්‍රසාද ලබන මන්ත්‍රීවරුන් නිසාත් පාර්ලිමේන්තුවේ ක්‍රියාපටිපාටියේ ගැටලු නිසාත් දෝෂාභියෝගයක් බවට මෙය පදනම් කර ගැනීමට නොහැකි වෙන බවයි. කෙසේවෙතත් මෙම සිදුවීම, මීළඟ වසරේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට පෙර අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන බවත් සඳහන් කළා.


    - http://nethfm.com/article/95668
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    ela machn...godak denektma mewa therenne na ban....samhara adpadu thyenna puluwan languages 2kn national anthem yana eka..but sinhala apeth tamil ayageth languages 2ka athare thiyena sambandathawa awaboda karaganna puluwan hoda awasthawak...

    :):)