ශ්‍රී ලංකා - යුඑන්පි හුටස්පරයේ කෙළවර කුමකš
ශ්‍රී ලංකා - යුඑන්පි හුටස්පරයේ කෙළවර කුමක්ද?
මහින්ද රාජපක්ෂ මහතා මේ මොහොතේ බොර දියේ මාළු අල්ලන්නට උපරිම උත්සාහය දරමින් සිටි. නිමල් සිරිපාල මහතා අගමැති කිරීමට දරන උත්සාහයට ඔහු පෝර දමමින් සිටින්නේ ඒ නිසාය . සිරිපාල අගමැති වුවහොත් ඉන්පසු වැඩි කල් නොගොස් මහා මැතිවරණයකින් ආණ්ඩුව තමන් අතට ගැනීම ඔහුගේ සැලැස්ම බවට කිසිදු සැකයක් නැත.
ඒකාබද්ධ විපක්ෂයේ අය සිරිපාල යටතේ ඇමති කම් ගන්නට සුදානම් නැත්තේ නිකම් නොවේ. ඇමතිකම් අරගෙන වැඩි කලක් යාමට පෙර ඔවුන්ද මහජන අප්‍රසාදයට ලක්වන බව ඔවුන් දන්නා නිසාය . ඔවුන් ඇමති කම් රැගෙන රට කරන්නට සිදුවෙන්නෙත් එක්සත් ජාතික පක්ෂය රට කරවපු ආකාරයටමය .ගත් ණය ගෙවන්නට තිබුණු සබ්බ සකලමනාවම දී ඇති බැවින් ආණ්ඩුවේ භාණ්ඩාගාරය පතුලටම හිඳී තිබේ . එබැවින් එදිනෙදා වියදම් හොයා ගැන්ම සඳහා තෙල් මිල පවා වැඩි කරන්නට ඔවුන්ට සිදුවීමට ඉඩ තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ අය දනිති. . එසේ වුවහොත් පොහොට්ටුවට ලැබුණු 45% , ඊ ළඟ මහා මැතිවරණය එන විට සියයට හතලිහ දක්වා හෝ ඊටත් වඩා අඩුවෙන්නට ඉඩ තිබෙන බව රාජපක්ෂලා දනිති.රාජපක්ෂලාගේ ඉලක්කය පොල්ල රැකගෙන නයා මරන්නටය .
මෛත්‍රිපාල සිරිසේන මහතා රාජපක්ෂලාගේ සටකපට කම් වටහා ගැනීමට නොහැකි මෝඩයෙක් නොවේ. නිමල් සිරිපාලට සහයෝගය දෙන්නේ නම් ඒකාබද්ධ විපක්ෂය ඇමති කම් භාරගත යුතු බව ඔහු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට කිවේ ඒ නිසාය .ඒකාබද්ධ විපක්ෂය ඇමතිකම් භාරගැනීමට සුදානම් නැත්තම් නිමල් සිරිපාල අගමැති කරන්නට ජනාධිපතිවරයා සහය දෙන්නට සුදානම් නොමැති බව පෙනේ. .
Image result for nimal siripala de silva
ජනාධිපතිවරයා ප්රමුඛ ශ්රීලනිපය දැන් පත්ව ඇත්තේ බරපතල අමාරුවකය . හිටි හැටියේම ශ්රීලනිපය දැවැන්ත ප්‍රපාතයකට කඩ වැටීම නිසා පක්ෂය ගොඩ ගැනීමට දහ අතේ නොව සිය අතේ කල්පනා කරන්නට ඔහුට සිදුවී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක් අවසානය ඔහුගේ පාලන කාලයේ අවසානයත් සමග සිදුවීම වැලැක්වීම ඔහු මත වැටී තිබෙන බරපතලම අභියෝගයයි . එය නවත්වාගැනීමට නම් මී ළඟ ජනාධිපතිවරණයේදීද ඔහු ජයගත යුතු වෙයි. එබැවින් මෛත්‍රිපාල මහතා ඒ අරමුණෙන් සිය උපාය උපක්‍රම සකසා ගන්නවාට සැකයක් නැත .
Image result for SLFP head office
රනිල් වික්‍රමසිංහ මහතා මිනිසුන් දිනාගැනීමට දක්ෂයෙකු නොවුනත් බලය තමන් අත රඳවා ගැනීමට දක්ෂයෙකි . විපක්ෂයේ සිටියදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඔහු පන්නා දමන්නට සජිත් ප්රමුඛ කණ්ඩායමක් කුමන දහම් ගැට ගැසුවත් පුළුවන් වුයේ නැත . ඔහු අගමැති කමින් එලවා දමන්නට කවුරු කුමන සුත්තර සහ කුමන්ත්‍රණ කළත් ඔහු අගමැති පුටුව අත්නොහරින්නට අධිෂ්ටාන කරගෙන සිටි.
ජාතික ආණ්ඩුවෙන් එක පක්ෂයක් ඉවත්වූ කළ ඇමතිමන්ඩලය විසුරුණු බැවින් අගමැතිවරයා තව දුරටත් බලයේ සිටිය නොහැකි බව ගමන්පිල මහතා තර්කයක් ඉදිරිපත් කළත් එවැන්නක් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ නැත . නීතිඥයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා එය හොඳින් වටහා ගෙන තිබේ. එවැනි පසු බිමක් යටතේ අගමැතිවරයා අස් කරන්නට ජනාධිපතිවරයාට බලයක් නොමැත .
රනිල් අගමැති පුටුවෙන් තල්ලු කරන්නට හැකි එකම ක්‍රමය අගමැති වරයාට විරුද්ධව පාර්ලිමේන්තුවට ගෙන එන විශ්වාස භංග යෝජනාවක් වැඩි චන්දයෙන් සම්මත කිරීමෙනි. එවැනි හැකියාවක් තිබේනම් හෙට අනිද්දාම ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරනු නිසැකය.
රනිල් අරලියගහ මන්දිරයෙන් පිටව යාමට සුදානම් නැත්තේ විශ්වාස භංග යෝජනාවකින් ඔහුට ජයගන්නට හැකි බවට විශ්වාසයක් ඔහුට තිබෙන නිසා විය හැක රනිල් ගෙදර යැවීමට නම් රනිල් විරෝධී මන්ත්‍රීවරුන් 18 දෙනෙකුගේ සහය විපක්ෂය ලබා ගත යුතුය .
එය පහසු දෙයක් නොවේ.