ශ්‍රී ලන්කන් ගුවන් සේවය සුදු හම තිබූ 50කට සු&#

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ශ්‍රී ලන්කන් ගුවන් සේවය සුදු හම තිබූ 50කට සු&#



    images


    ශ්‍රී ලන්කන් ගුවන් සේවය සුදු හම තිබූ 50කට සුර සැප දී කළු හම තිබූ මගීන් 138 කට බල්ලන්ට බළලුන්ට මෙන් සලකලා: රු. මිලියන 1000 ක් වන්දි ඉල්ලා මගීහු නඩු පැවරීමට යති..

    පසුගිය සිකුරාදා සවස කොළඹ සිට අබුඩාබි බලා ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයක් අයහපත් කාලගුණය කියා ඕමානයේ මස්කට් වෙත ගෙන යෑමෙන් පසු එහි සිටි මගීන් එකසිය ගණනකට ඉතාමත් අසාධාරණ ලෙස බල්ලන්ට මෙන් සැලකීමෙන් නින්දාවට සහ හිරිහැරයට පත් මගීන් විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එරෙහිව මිලියන දහසක වන්දි ඉල්ලා නඩු පැවරීමට යන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    යූඑල් 207 දරණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානය පසුගිය 22 වන සිකුරාදා සවස 6.40 ට කොළඹ කටුනායකින් පිටත්ව ඇත්තේ අබුඩාබි ය බලා ය. එය අබුඩාබියේ ගොඩ බෑමට නියමිතව තිබුනේ එදිනම රාත්‍රී 10.00 ට ය. අබුඩාඩි ගුවන් තොටුපොලේ මීදුම තත්ත්වයක් නිසා එහි ගොඩ බෑම අපහසු යයි ගුවන් නියමු ජානක පෙරේරා නමැත්තා මගීන්ට දැනුම් දී තිබේ. ඉන් පසුව පැය 2 ක් පමණ වනතුරු ද අහසේ කරණම් ගහමින් සිටියා මිස සිදුවන්නේ කුමක්ද යන්න පවා ගුවන් මගීන්ට දැනුම් දී නැත. ඒ වන විට ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ මගීන් 12 ක් ද සාමාන්‍ය පන්තියේ මගීන් 176 ක් ද ලෙස සියළු මගීන් 188 ක් ගමන් කරමින් සිටියහ. පැය 2 කට පමණ පසු දැනුම් දී ඇත්තේ අසල ඇති හමුදා කඳවුරක පිහිටි Al Ail ගුවන් තොටුපොලට ගොඩ බස්වන බවයි.

    Al Ail ගුවන් තොටුපොලට ගොඩ බස්වන ලද නමුත් එය හමුදා කඳවුරක් බැවින් කිසිදු මගියෙකුට යානයෙන් පිටතට යෑමට ඉඩ දී නැත. මගීන් 188 දෙනාම පැය 4 හමාරක් ගුවන් යානයට වී හිඳ තිබේ. ඒ අතරවාරයේ යානයේ තිබූ සියළුම ආහාර පාන වර්ග අහවර වී ඇත. මන්ද යත් ගුවන් ගමන් කාලයට ඇති වන පමණ ආහාර ප්‍රමාණයක් පමණක් රැගෙන යන බැවින් සහ ඒ වන විට යානයට නියමිත ගුවන් ගමන් කාලය අවසන් වී ඇති නිසා ය. Crew Manager ලෙස කටයුතු කර ඇත්තේ ෂෙරීන් පෙරේරා නමැති කාන්තාවකි.

    පසුව නියමුවා දැනුම් දී ඇත්තේ ඕමානයේ මස්කට් ගුවන් තොටුපොල වෙත ගමන් කරන බවයි. ඒ අනුව යානය පසුදා සෙනසුරාදා පාන්දර 3 වන විට ඕමානයේ මස්කට් ගුවන් තොටුපොලට ගොඩ බා තිබේ. මගීන් 188 දෙනා එම ගුවන් තොටුපොලේ ආගමන විගමන කොටසේ කුඩා කාමරයක රැඳීමට සලස්වා තිබෙන අතර හෝටල් පහසුකම් ලබා දී නැත. එම කුඩා කොටසේ ආහාර පාන ලබා ගැනීමේ පහසුකමක් පමණක් නොව පානීය ජලය ලබා ගැනීමේ පහසුකමක් පවා තිබී නැති අතර 188 දෙනෙකුටම තිබී ඇත්තේ එක් වැසිකිලියකි. මගීන් පසුව දැනගත් පරිදි යානයේ සිටි සුදු ජාතික මගීන් 50 ක් දෙනා පමණක් ගුවන් තොටින් ඉවතට රැගෙන ගොස් හොලිඩේ ඉන් හෝටලයේ සියළු පහසුකම් සහිතව නවාතැන් සලසා තිබේ.
    maxresdefault.jpg

    එතැන් සිට යලි අබුඩාබිය බලා හෝ පහසුකම් ඇති ඩුබායි බලා හෝ යන වේලාව සම්බන්ධයෙන් මස්කට්හි සිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් පවසා ඇත්තේ පට්ටපල් බොරු ය. චූලංග සහ හසරංග නමැති නීච නිලධාරීන් දෙදෙනා ඉන් අගතැන් පත් අය වී ඇත. මගීන්ට බොරු කියා පැන යන මේ දෙදෙනා යලි පැමිණෙන්නේ පැය 2, 3 කට පසු ය. අඩුම ගණනේ පානීය වතුර බෝතලයක් හෝ මගීන්ට සපයා නැත. මස්කට් වලට ට්‍රාන්සිස්ට් වීසා නොමැති නිසා ගුවන් තොටේ රෙස්ටොරන්ට් තිබෙන කොටසට යෑමටද ඉඩ දී නැත. පාන්දර 3 ට ගොඩ බට මගීන්ට පානීය වතුර බෝතලයක් සහ සැන්ඩ්විච් පෙති දෙකක් සපයා ඇත්තේ පසුදා දවල් 11 ට ය. එතැන් සිට යලිත් වතාවක් පැය 2 කින් ගුවන් යානයක් වෙන් කරනවා ආදී බොරු කියමින් රාත්‍රී 10 දක්වාම මගීන් 138 ක් පමණ පෙර කී කුඩා කාමරයක හිර කරගෙන සිට ඇත. හිඳ ගැනීමට පවා තිබී ඇත්තේ සැටි කිහිපයකි. බහුතරය බිම නිදා ගෙන තිබේ. සුදු හම තිබූ 50 ක් හෝටල් වලට යවා තිබූ බැවින් එතැන කොටු වී ඇත්තේ 138 ක් පමණ පිරිසකි. ඒ අතර ඉන්දියානු පාකිස්ථාන් ජාතිකයන් පවා හිඳ ඇත. දහවල් ආහාර ලෙස යලි බත් කටක් සහ වතුර බෝතලයක් සපයා ඇත්තේ රාත්‍රී 7 ට ය. අවසානයේ පැය 17 කට පමණ පසු රාත්‍රී 10 ට පමණ ගුවන් යානයකින් අබුඩාබිය බලා යෑමට පහසුකම් සපයා තිබේ. මස්කට් සිට අබුඩාබිය බලා ගුවන් කාලය විනාඩි 35 කි. මෙම විනාඩි 35 වෙනුවෙන් පැය 24 කට ආසන්න කාලයක් දුෂ්කරතාවයට පත් පිරිසට අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්පූර්ණයෙන්ම වගකිව යුතුය.

    SriLankan-Airlines.jpg


    නින්දාවට සහ හිරිහැරයට පත් මගීන් පවසන්නේ සුදු හම තිබූ මගීන් 50 කට හෝටල් පහසුකම් සපයා, සියරැටියන්ද ඇතුළු කළු හම තිබූ අනෙක් 138 දෙනාට බල්ලන්ට බළලුන්ට මෙන් සැලකීම නින්දා සහගත ක්‍රියාවක් බවයි. එපමණක් නොව මගීන් බලාපොරොත්තුව ගුවන් තොටුපොලවල බලා සිටි ඥාතීන් හිතවතුන්ටද නිවැරදි තොරතුරු ලබා දීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය හිතා මතා මග හැර තිබේ.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් රුපියල් මිලියන 1000 ක වන්දි ඉල්ලා නඩු පැවරීමට සූදානම් වන බව ලංකා ඊ නිව්ස් ඇමැතූ සැලකිය යුතු මගීන් පිරිසක් පැවසූහ.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕක විකුනන්න ඕන එකක් රජයට හදිස්සියට use කරන්න එකක් දෙකක් තින මිහින් එක වගේ තියාගෙන විකුණලා දාන්න ඕන ගොටු අල්ලලා රෙද්ද උස්සල job වලට අපු උන් හිටියම ඕවට කෙල වෙනව.
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මමන්ම් ආයේ ජීවිතේට යන්නේ නැ ඔය කාලකණ්ණි ගුවන් සේවේ.මම ලගදිත් ගියා ඕකේ.ජර බර ගානවා flight එක runway එකේ යද්දී.සීට් ගොඩක් ඉරිලා.ඒ මදිවට ලග හිටපු සුද්දට කැම කන්න දිගඇරගන්න tray එක නැ ඉස්සරහ සීට් එකේ.යන්නේ කොහෙද පෙන්නන්නේ නැ ..moving map එක වැඩ නැ ..දැන් ඕකේ ලස්සන කෙල්ලෝ එහෙම නැ එයා හොස්ටස්ලා.ඔක්කොම පන්දමට ආපු නාකි අම්මන්ඩිලා ඉන්නේ.මෙලෝ රහක් නැ.දැන් ඕකට යුරෝපේ ගුවන් සේවා ආරක්ශන අදිකාරියෙන් දීලා තිබ්බ ආරක්ශන සහතිකෙත් අවලන්ගු කරලා තියෙන්නේ කියලා ලගදි පාර්ලිමේන්තුවේ කිවිවා.ඕකෙන් වන්දි ඉල්ලලා නඩු දාලා තේරුමක් නැ ..ඒවත් ගෙවන්න වෙන්නේ රටේ අහින්සක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්..
     

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එරෙහිව මිලියන දහසක වන්දි ඉල්ලා නඩු පැවරීමට යන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ

    මුන්ට කවද්ද ඇත්ත නිව්ස් එකක් වාර්තා උනේ. :lol:

    පුලුවන් තරම් කරන්නේම බොරු පතුරුවලා සල්ලි ගරන එක :growl:

    පර හැත්ත :frown:

    අනේ මුන්ගෙ පුකේ නිවුස් :baffled:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    හිටං ඕකටත් කොමිසොන් එකක් දානව කිව්වෙ ජනවාරි වල

    ඔව් ඉතින් ඔය දැනුත් දාලා තියෙන්නෙ කොමිසොන් ඇති වෙන්න...:lol::lol:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    දැන් ඔය වන්දිය ගෙවන්න වුණා කියලා Sri lankan එකේ එවුන්ගේ මයිලකටවත් දැනෙනවද? නෑ. භාණ්ඩාගාරයෙන් ඒක ගෙවනවා.
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    sirawatama Sri Lankan kiyanne loke tiyena jarama airline eka. Jan 1st ude mawa harola yewwa flight eka overbooking, seats nehe kiyala.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,049
    8,386
    113
    Kotahena
    ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එරෙහිව මිලියන දහසක වන්දි ඉල්ලා නඩු පැවරීමට යන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ

    මුන්ට කවද්ද ඇත්ත නිව්ස් එකක් වාර්තා උනේ. :lol:

    පුලුවන් තරම් කරන්නේම බොරු පතුරුවලා සල්ලි ගරන එක :growl:

    පර හැත්ත :frown:

    අනේ මුන්ගෙ පුකේ නිවුස් :baffled:

    Oya wage news ekak boruwata dammama ahu wenne nathida? mokada flight eke yana minissu godak innawa sinhala aya. 100+ magin gihilla kiyala thiyenne.

    ithin oya magin aththa kathaawa dannawa. rahase korana deyak gena hoyaganna bari deyak gena news ekak boru dammata me wage prasidda ekak boru karala dammama enews karayonta wandi gewanna wenawa nadu daanna puluwan boru prachara karanawa kiyala sri lanka eken.
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    Middle east indan yana eunta ballo ballallu ganata thama salakanne kohomath..posh madine..housemaids lane..middle east inna eungen thama wadima adamayak labenne..unta salakanne nikan wahallunta wage..kisima standard ekak na.. airhostess lata inna eun dakkama appiriyai.. mama nam yanne na..keeyak hari wadipura giyath qatar hari emirates hari yanawa