ශ්‍රී ලන්කියයන් ?

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    ශ්‍රී ලන්කියයන් ?

    ලාංකිකයන් වශයෙන් අප නිතර දකින දෙයක් වන්නේ මිනිසුන් වෙතින් නිතර නැගෙන ඉල්ලීම් වේ,මේවා අයිතිවාසිකම් ලෙස තවත් මුහුණුවරකින් දක්නට ලැබේ.
    මිනිසුන් වෙතින් නැගෙන තවත් කරුණක් වනුයේ රජයෙන් මහා ජනතාව ලෙස තමන්ට ලැබෙන පහසුකම් මද බව හෝ ඒවායේ නඩත්තුව නිසි පරිදි නොවන බවයි.
    එය කෙසේ වුවත් රජයෙන් තමන්ට ලැබෙන මෙම අවම පහසුකම් පවා රැක ගැනීමට ජනතාව තුල ඇත්තේ නොසැලකිල්ලක්.
    මෙය මෙලෙසින් මගේ මනසට නැගෙන්නට වුනේ මෑතකදී අප නගරයේ බස් නැවතුමට සිදුවූ අරුමය දැකීමෙනි.
    වසර 20 කටත් වඩා පැරණි ඉතා අබලන් තත්වයේ පවතී එය මෑතකදී බිත්ති පවා ටයිල් අල්ලා අලංකාරවත් ලෙස අලුත් වැඩියා කරන ලදී.
    නමුත් මාසයක් ගත වීමටත් පෙර ඒවා මත පෝස්ටර් අලව එය නැවත විනාශ කිරීම අරඹන ලදී,දැන් වන විට එය පෙර පරිදිම පෝස්ටර් තට්ටු පිටින් ඇලවී ගොස් පැරණි තත්වයටම පත් වී ඇත.කනගාටුවට කාරණය වන්නේ මෙම පෝස්ටර් වලින්ද බොහොමයක් මනාප සඳහා පොරකන අපේ මන්ත්‍රී තුමන්ලාගේ මුහුණු වීමයි.පොදු ජනතාවගේ සේවයට ගොස් පොදු දේපල වැඩි දියුණු කිරීමට යන අපේ ජනතා නියෝජිතයින්ගේ ආරම්භය මෙලෙසට නම් ඔවුන්ගේ ඉදිරි ගමන ගැන වෙනත් උදාහරණ අවශ්‍ය නොවේ,
    මෙලෙස නුසුදුසු තැන වල පෝස්ටර් ඇලවීමට එන්නේ මන්ත්‍රී තුමන්ලාම නොවිය හැකිය.නමුත් එයට එන ඔවුන්ගේ ගෝල බලයන්ටද මෙහි හොද නරක වෙන්කර හදුනා ගැනීමට මොලයක් ඇතැයි සිතිය නොහැකිය.එසේ තිබුණි නම් මොවුන් මෙලෙස මන්ත්‍රී ගෝල බලයන් ලෙස සේවයට යන්නේද නැත.මේ දැක්වුයේ එක කාරණාවක් පමණි.මේ හැරුණු විට පොදු ස්ථාන වල බුලත් කෙල ගසන ,බුලත් විට කා ඉතිරි හුණු ටික බස් නැවතුම් පොලේ බිත්තියේ උලන ,රාත්‍රියට බස් නැවතුම් පොළ පොදු වැසිකිලිය කරගන්නා අභිමානවත් ජනතාවක් සමග වාසය කිරීමට අප පින් මහිමය ලබා ඇත.
    වසර 2500ක අභිමානවත් ජාතියක උරුම කරුවන් උනත් මෙම පුරුදු අප ජාතියට අතහැරිය නොහැක්කේ කුමන කරුමයකටදැයි සිතෙයි.සරල දෙයක් වුවත් මේවා නීති මාර්ගයෙන් හෝ වැලක්වීමට කටයුතු නොකොළහොත් පොදු දේපල රනින් තනා දුන්නද අත්වන්නේ එකම ඉරණමකි :no::no:

    posters_1.jpg



    මේ මං පාරේ තොටේ යද්දී මගේ හිතට අපු දෙයක් ,මං හිතනවා උඹලටත් එහෙමමයි කියල,​
     
    Last edited: