ශ්‍රී ලාංකිකයන් සඟවාගෙන සිටි ඇමෙරිකානු ඩොලර්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ශ්‍රී ලාංකිකයන් සඟවාගෙන සිටි ඇමෙරිකානු ඩොලර් හුවමාරු කිරීම සදහා මහ බැංකුව මීට මාස කිහිපයකට පෙර ලබා දුන් සමා කාලය තුළ ඇමෙරිකානු ඩොලර් කෝටි 3ක මුදලක් දේශීය වෙළෙඳපොළට පැමිණි බවත්, වර්තමානයේ රුපියල ශක්තිමත් වීමට පටන් ගැනීමත් සමඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් හදිසියේ දේශීය වෙළඳපොළට පැමිණ ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙරේදා (12) පැවසුවේය. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පෙරේ දා පැවැති ජාතික නීති සමුළුව 2023 අමතමිනි. " අර්බුදයක් තුළ නීතියේ කාර්යභාර්ය යන තේමාව යටතේ සමුළුව පැවැත්විණි.



    ඇමෙරිකානු ඩොලරය රුපියල් 400 පසු කරාවි යැයි බලාපොරොත්තුවෙන් ඇතැම් වෘත්තිකයන් සහ අපනයනකරුවන් ඩොලර් මිලදීගෙන එම මුදල් නිවෙස්වල සහ විදේශයන්හි සඟවාගෙන සිටි කාලයක් තිබූ බවද ආචාර්ය වීරසිංහ මහතා පෙන්වා දුන්නේය. ඔවුන් එම ඇමෙරිකානු ඩොලර් උපයා ගත් ආකාරය පිළිබඳව කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව සමා කාලය තුළ ඩොලර් හුවමාරු කිරීමට අවස්ථාව ලබා දුන්නත් ලබා දුන් අවස්ථාව ඔවුන් ප්‍රයෝජනයට නොගත් බවද හෙතෙම සඳහන් කළේය.

    ශ්‍රී ලාංකිකයන් සඟවාගෙන සිටි ඇමෙරිකානු ඩොලර් හුවමාරු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දුන් සමා කාලය නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට ගත්තේ නම්, එම පිරිසට ඔවුන් සඟවාගෙන සිටි ඇමෙරිකානු ඩොලර් වෙනුවෙන් ඉහළ අගයක් ලබා ගැනීමට හැකියාව තිබූ බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

    රුපියල ශක්තිමත් වීමත් සමඟ ඩොලර් සඟවාගෙන සිටි පිරිසට ඔවුන් ගත් වැරදි තීරණය පිළිබඳව වැටහී ඇති බවත් සඟවාගෙන සිටි ඇමෙරිකානු ඩොලර් දේශීය වෙළෙඳපොළේ විකිණීම ආරම්භ කිරීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 50 ක මුදල් ප්‍රමාණයක් වෙළෙඳපොළට හදිසියේ පැමිණ ඇති බවත් වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.

    විමුක්ති එස්. රුද්‍රිගු
     
    • Like
    Reactions: Asmodeus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පව් මෝඩ සිංහලු

    $ හම්බකරාට යාදෙන්නෙ නෑ කියන්නේ ඕකයි 😂

    පොඩ්ඩක් ඇත්නම් පැනික් වෙනවා
    මැනිපියුලේට් වෙනවා 😄
     
    • Haha
    Reactions: negombokollo

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,860
    2,784
    113
    400 kohomath pahu karanawa :P wadi kal noyama... even 500th possible dan nam :lol:
    මචං. ත්‍රෙඩ් එකකට ආවොත් උබ හැමවෙලේම අඩුපාඩු විවෙචන. නෙගටිව් ටෝක්මයි. මේ ඔක්කොම හොරු බව අපි දන්නවා. ප්‍රශ්නයක් තියෙන බවත් දන්නවා, උබේ ඔය සුපිරි මොලෙන් විසදුම් ටිකක් දිපංකෝ. හැම වෙලේම අඩ අඩා වැලපෙන පොන්නයා නොවි
     
    • Haha
    Reactions: crazykavi