මචන් උබම කියපන් කෝ මචන් එක කරන විදිහ?න මචන් මේක මෙහෙම කුණු වෙන්න ඕන රටක් නෙමේ කාලකන්නි පින්ගුත්තරයෝ ටිකක් ඇවිත් මේක විනාශ කරනවා හොදම දේ මුන් ඔක්කොම ඇතුගල දන්නා ඕන. මුන් ඔක්කොම හිරේ යවල
මොකෙක් හරි අලුත් එකෙක් ගෙන්න ඕන හැබෙයි උට ඕන විදිහට නටන්න දෙන්න හොද න
මේක වෙනස් කරන්නම ඕන
උබ ඉන්නවද තාම. සැපැදෑ ??රටේම තැන තැන බෝම්බ ගහද්දි, දුප්පතාගෙ බස් එකට කෝච්චියට ක්ලේමෝ තියද්දි, 'අනේ සර් කන්න නැතත් මේ යුද්දෙ ඉවර කරල දෙන්න' කිව්වා..
යුද්දෙ කරගෙන යන අතරතුර 'නිව්ස් වල කියන්නෙ බොරු, ඇත්තටම මැරෙන්නෙ අපෙ උන්. ඕක කවදාවත් ඉවර කරන්න වෙන්නෙ නෑ' කිව්වා..
තියන සීමිත සම්පත් ටිකෙන් බොහොම අමාරුවෙන් ගේම ගහගෙන, තාඩන පීඩන මධ්‍යයේ යුද්දෙ ඉවර කරල, හය මාසෙකින් තිබ්බ ජනාධිපතිවරණෙදි, 'යුද්ධයෙන් පසු ලැබිය යුතු සංවර්ධනේ ලැබිල නෑ' කිව්වා..
ඉන් පසු සංවර්ධනය කරගෙන යද්දි, 'ඔය සංවර්ධනේ කරන්නෙ අපිට ආදරේට නෙවෙයි, ඕකුන්ට ගසා කන්න' කිව්වා..
ඉස්ලාම් අන්තවාදයක අඳුරු සෙවනැලි මතුවේගන එනකොට, එයට ප්‍රතික්‍රියාවක් විදිහට යම් යම් දේවල් වෙනකොට, 'ඇයි යුද්දෙ නැතුව පාලු ද? රට ආපහු ලේ විලක් කරන්න ඕනෙද?' ඇහුවා..
ඒ අන්තවාදයට තිරසාර ලෙස වැටබඳින්න පූර්ණ සැලසුමක් දියත් කරන්න යද්දි, 'කොරහෙ කිඹුල්ලු දකින ජාතික ආරක්ශාව කන්නද? පාරවල් හදල කන්නද? අපිට ඕනෙ වෙනසක්' කිව්වා..
ජනවාරි 9 වනදා 'මම මහත් සෙනෙහසින් රැකබලාගත් රටේ දරුවන්ගේ අනාගතය, ඔවුන් ගේ මවුවරුන්ගේ නෙතින් කඳුලක් නොවැටෙන සේ, ඔබට ආරක්ශා කරන්නට ලැබේවා' කියල සිනහමුසු මුවින් අරලියගහ මැදුරෙන් නික්ම යනකොට, 'අපි එයාව ජනේලෙ එල්ලුවා' කියල උදම් ඇනුවා..
රටේ අන්තවාදය තව තවත් පැතිරී ඉතිරී යද්දී 'say no to racism' කියල අතේ ගහපු කහ පාට ප්‍රොෆයිල් පික් එක රැල්ලට දාගත්තා..
කුණු කඳු කඩාවැටෙද්දී, ආර්ථිකය කඩා වැටෙද්දී, රණවිරු පවුල් හඬා වැටෙද්දී, රාජ්‍ය සම්පත් විකුණං කද්දී, පෙට්‍රල් පෝලිම් වර්ධනය වෙද්දී, ලයිට් කපා කට්ට කලුවරේ හිඳිද්දී 'මුන් නම් හරියන්නෑ, ඒත් පරණ හොරු නම් කොහොමත් එපා. අපිට ඕනෙ සිස්ටම් චේන්ජ්' එකක් කිව්වා..
මෙහෙම කිව්ව දේශපාලනික කණ්නාඩි වලින්, දේශපාලනික කුහකත්වයෙන් පිරුණු, ඔබගේ හදවත් අද ඔබටම වැරදුනා යන හැඟීමෙන් බර වී ඇති...ඇතැම් විට නැතුවත් ඇති..
අවසානයේ සියගණන් අහිංසකයින් පාස්කු ඉරුදින මෙලොවින් සමුගද්දී, ඒ පරණ හොරා, ඒ නාස්තිකාරයා, ඒ බල ලෝභියා සියල්ලන්ටම කලින් ජනතාව අතරට ගොස් සංවේදී මුහුණින් ජනයා සමග දුක බෙදාගත්තා..
වසර 13කට කලින් කැබිතිගොල්ලෑවෙදිත් මෙහෙමම උනා නේද කියල හිතටත් හොරා මිනිසුන්ගේ අධ්‍යාත්මයටම දැනෙන්න ගත්තා..
ඔබ මේ උතුම් මිනිසාට තවත් අපහාස කරන්න එපා. ඔහුට බලය ඇතත් නැතත්, ජනතා සිත් සතන්හි ඉහලම ස්ථානයේ රැඳී ඉන්නට ජාතියක මරබිය තුරන් කල ඒ පිනම ඇති..
ඔබ දැන්වත් නිහතමානීව පිලිගන්න ඔබට වැරදුනා කියා. ඔබ රටටම වැරැද්දුවා කියා....මතු පරපුරකම අනාගතය අඳුරු කලා කියා. ඔබ ප්‍රමාදයි. දැනටමත් ගොඩක් ප්‍රමාදයි. නමුත් ප්‍රමාද වී හෝ හරි මගට එන්න..
ඈතින් පෙනෙන පහන් එලිය කරා නිහතමානීව ඇදෙන්න. රටක්ම වැනසී ගිය පසු, තමන්ගේ පිම්බී ගිය මාන්නයකින් හෝ මමත්වයකින් වැඩක් නැති බව තේරුම් ගන්න..
මේ මුලු මහත් රටේම අවසාන අවස්ථාව බව හොඳින් ධාරණය කරගන්න..
(Copied)