ශ්‍රී ලාංකික රැඳවියෙකු

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ශ්‍රී ලාංකික රැඳවියෙකු

ශ්‍රී ලාංකික රැඳවියෙකු එංගලන්ත සිරකුටියකදී මරුදකියි

වධ හිංසනයට ලක්වූ බව කියා රටින් පලාගිය බව කියන ශ්‍රී ලාංකික රැඳවියෙකු එංගලන්තයේ සිරකුටියක් තුළදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

කන්දයියා කුගදාස් නමැති 56 හැවිරිදි මොහු එංගලන්තයේ හැම්ෂියර් ප්‍රාන්තයේ වින්චෙස්ටර් බන්ධනාගාර සංකීර්ණයේ HMP කොටසට අයත් සිරකුටියක රඳවා තබා සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මොහු දින කිහිපයක සිට අසනීපයෙන් පසුවූ බව බන්ධනාගාර පාලකවරයා විසින් සවුත්හැම්ටන් හදිසි මරණ පරීක්ෂකයින්ගේ අධිකරණයට දැනුම්දී තිබේ.

එසේම මධ්‍යම හැම්ෂියර් ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂකවරයා විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ මොහු දැඩි ලෙස මත්පැන් පානයට ඇබ්බැහිවීම නිසා රෝගී තත්ත්වයකින් මෙන්ම මීමැස්මොරය නම් රෝගී තත්ත්වයෙන් පීඩාවිඳිමින් සිටිය බවයි.

ශ්‍රී ලංකාවේ ජීවත්ව සිටියදී තමන් දැඩි ලෙස වධ බන්ධනයට ලක්වූ බව පවසමින් 2000 වසරේ සරණාගතයෙකු ලෙස කන්දයියා කුගදාස් එංගලන්තයට පැමිණ තිබේ.


අද‍දෙරන
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මරුසිරා;16867748 said:
කෝ මානව හිමිකම් ? ඕව පොඩි රටවලට විතරද ?

:yes: ඔවුනෙ මචන්. මානව හිමිකම් කඩවෙන්නෙ දුප්පත් රටවල් වලින් විතරයි. සල්ලි, බලය තියෙන රටවලින් මානව හිමිකම් කඩවෙන්නෙ නෑ. අත්තම්මාගේ චීත්තේ මානව හිමිකම් රැකිල්ල කියන්නෙ ඕකට.