ශ්‍රී ලාංකීය විභාග,ක්‍රමයේ වැරැද්ද හා වි&#3482

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ශ්‍රී ලාංකීය විභාග,ක්‍රමයේ වැරැද්ද හා වි&#3482

    ශ්‍රී ලාංකීය විභාග,ක්‍රමයේ වැරැද්ද හා විකල්ප!





    නිමිත්ත : පැමිණිලිකරු,විත්තිකරු හා විනිසුරු එක් අයෙක් වු විට අප කල යුත්තේ සිනාසීමද ඇඬීමද?


    පසුගියදා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවය වෙනුවෙන් පැවති උත්සවය අමතමින් විභාග කොමසාරිස් ‍ජනරාල්වරයා පැවසු අදස් බැඳේ!

    "මේ විභාග දෙකම සාමන්‍යයපෙළ,උසස්පෙළ ගන්ධස්කාර කුනුවෙච්ච් විභාග,කිසිම ප්‍රයෝජනයක් නෑ ජීවිතේට.දැන් මට කව්රුවත් දඬුවම් කරන නෑ මේක මම ම කියන නිසා.
    අප්‍රිකාවේ ගෝත්‍රික සමාජ කිහිපයක හැරුනම මේ වගේ බරපතල නින්දා සහගත ගතානුගතික විභාග ක්‍රමයක් නෑ.
    විභාග කියන උපකරණය මේ දරුවන්ගේ විවිධ හැකියා මනින්න පාවිච්චි කරන මේ උපකරණය මොට්ටම මොට්ටයි. කිසිකෙනෙකුට මේක මුවහත් කරන්න බැහැ"


    විභාගය, නිශ්චිත කාල පරාසයක් තුලදී තමන් කලින් ලබාගත් දැනුම ආශ්‍රයෙන් නිශ්චිත ප්‍රශ්න සංඛ්‍යාවකට පිලිතුරු සැපයීමේ ක්‍රියාවලිය ලෙස අර්ථ දැක්විය හැකියි.. දැනුම මැනීමේ ක්‍රමයක් ලෙස බොහෝ කලක සිටන් භාවිතා වන මෙම ක්‍රියාවලිය අසාර්ථක එකක් ලෙස විද්වතුන් බොහෝ කලක සිට අදහස් දක්වා තිබුනා..මේ ගැන විවිධ මති මතාන්තර තිබුනත් පැහැදිලී නවීකරනයන්/යාවත්කාලීන කිරීම් තුල තවමත් තිබේන වඩා හොඳම නිර්නායකය ලෙස සැලකිය හැකියි..



    මෙහිදි අවධාරනය කලයුතු කරුන නම් විභාගය කිසිසේත්ම සාර්ථක ක්‍රමවේදයක් ලෙස සැලකිය නොහැකිවුවත් පවතින නිර්නායක අතරින් සාපේක්ෂව වඩා ගැලපෙන ක්‍රමය එය වීමයි!සැමවිටම ගැලපෙන ක්‍රමය සාර්ථක නොවීමට පුලුවන!නමුත් පවතින ක්‍රම අතරින් වඩා ගැලපෙන ක්‍රමය අප විසින් ‍තෝරාගත යුතුය.


    ශ්‍රී ලාංකීය විභාග ක්‍රමය බෝහෝ යල්පැනගිය එකක් බව හා එය නව ලොවට කිසිසේත් නොගැලපෙන බව අපට තේරුම් ගියේ බොහෝ කලකට කලිනි..ඒ සම්බන්ධ විවිද කතිකාවත් ගොඩ නැගුනමුත් විභාගය නැමති සංකල්පයට අභියෝග කිරීමේ හැකියාව ඒවාට නොවීය! පාසල් පාදක ඇගයීම්,නිබන්දන වැනි විකල්පයන් ළමයාගේ දැනුම් මට්ටම මැනීම සඳහා ප්‍රමානවත් නොවන බවට මත පලවිය!


    ලංකාවේ විභාග ක්‍රමය අසාර්ථක ඇයි??

    උසස් පෙල නැමැති අතිශය සංකීර්න තරඟකාරී විභාගය දෙසට මොහොතකට යොමු වෙමු!
    විද්්‍යා අංශයෙන් උ.පෙල හදාරීම සඳහා අප පාසලේ නම් අවම වශයෙන් විද්්‍යාවට හා ගණිතය සඳහා Bඑකක් එසේ නැමති නම් C (පරන ක්‍රමය අනුව) අවශ්‍යව තිබුනි..බොහෝ පාසල්වල C (නව)එකකින් වුවද හැදැරීමට හැක.සාපේක්ෂව බැලු කල්හි මෙය යම් ඉහල ලකුනු අගයකි.ලකුනු වශයෙන් ගත් කල සා.පෙල සඳහා 50%කට වැඩිය ලබාගත යුතුව ඇත..

    මෙම ලකුනු MCQ වලට කනා ෂොට් වලින් හෝ කොපි කර ලබා ගත හැකි ලකුනු සංඛයාවක් නොවන බව පැහැදිලිය..

    exam-cheaters.jpg


    අපි දැන් අවසන් ප්‍රතිපල දෙසට යමු..
    ලංකාවේ රසායන විද්යාව කරන දෙදෙනෙකුගෙන් අයෙක් ෆේල් ය(50%) .භෞතික විද්්‍යාවේ තත්ත්වය තවත් අසාධ්‍යය වන අතර එහි සමත් ප්‍රතිශතය 40%කටත් අඩු බව දැක්වේ! සාමාන්්‍ය පෙල ඉහලින් සමත් වී එන සිසුන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් විෂයක් අසමත් වේ නම් පැහැදිලි ප්‍රශ්නයක් කොහේ හෝ තිබේ!එය ඔවුන්ගේ දැනුමේ නම් නොවේ!

    අනෙක් ගැටලුව කාල වේලා සම්බඳව තිබෙන අර්බුධයයි!අද මා දකිනා විදිහට ලංකාවේ විභාග තුලින් සැබැවින්ම මනින්නේ ඉක්මනින් වැඩේ හරියට කරනා පුද්ගලයා මිස දැනුමේ මට්ටම නොවේ..ලබාදෙන ප්‍රශ්න පත්‍රය හදන පුද්ගලයාට හෝ අදාල කාලය තුල එය නිම කල හැකිද යන්න සැක සහිතය.සැබැවින්ම මැනිය යුත්තේ දැනුම නම්, කාල සීමා පසෙක දමා පුද්ගලයාට ඇති තරම් කාලය ලබාදිය යුතුය.



    exam+fever.jpg

    අනෙක් කරුන නම් Z ලකුන පිලිබඳ ඇති අර්බුධයයි..එකෙක් විශ්ව විද්්‍යාල යන විට ලකුනු .001ක් අඩු නිසා අනිකාට යන එන මං නැතිවන්නේ නම් එතනත් පැහැදිලි ගැටලුවක් ඇත.ඔහුට සමාජයේ ‍රැකියාවකට යාමට තරම් පුහුණුවක් හෝ දැනුමක් අප අධ්‍යාපන ක්‍රමයේ කොහේදීවත් ලැබෙන්නේ නැත.එම නිසා දෙවරක් ඇතුලට යාගන්නට බැරිවන 21ක් හැවිරිදි තරුණයා නැවත අර කෝස් මේ කෝස් යැයි පවසමින් ‍රැකියා වෙලඳපොල සඳහා අවැසි දැනුම සොයමින් වයස 24ක් පමන වන තෙක් රස්තියාදු වේ!

    විභාග ක්‍රමය තුල ප්‍රයෝගික පරීක්ශන සඳහා ලබාදෙන්නේද ඉතා අඩු මුලිකත්වයකි.පරිගනකයක් අතින්වත් නො අල්ලා කොලයක පිලිතුරු ලිවීමෙන් IT(තොරතුරු තාක්ෂනය) සමත් විය හැකි එකම රට ලංකාව විය යුතුය!රසායන,භෞතික,ජීව විද්්‍යා සඳහා ප්‍රයොගික පරීක්ශන නොමැතිකමින් වනපොත් කර ගොස් සමත් වෙන පොතේ ගුරාලා බිහිවේ!ගොඩ ඉඳගෙන පීනන හැටි දන්නමුත් වතුරට දැමූ විට ආතල් එක බලා ගත හැක!



    විකල්පය කුමක්ද??


    සැබැවින්ම ලොව මීලඟ විශිශ්ඨතම සොයා ගැනීම සඳහා වූ නොබෙල් ත්‍යාගය හෝ ඇතැම් විට මේ සියවසේ සොයා ගැන්වීම වශයෙන් දිනක විභාගය සඳහාවු විකල්පය ලොව ඉතිහාස ගතවනු ඇත!එය ඒ තරම් අසීරු වනු ඇත.පුද්ගලයෙකුගේ දැනුම මැනීම එසේ මෙසේ දෙයක් නොවේ..දිනක මොලයට කූරක් ගසා මොහු අදාල දේ දන්නවාදැයි සොයා ගත හැකි ක්‍රමයක් පැමිනෙන තෙක් මේ ක්‍රමය භාවිතා කරන්නට සිදු විය හැක..සිදුකල යුතුව ඇත්තේ පවතින තත්වයන්ට අනුකූල වන පරිදි එය යාවත්කාලීන කිරීමයි.


    2.jpg


    කලහැක්කේ මොනවාද?

    මට වඩා මේ ගැන දන්න උගත් බුද්ධිමත් පිරිසක් මේ සඳහා වැ‍ටුප් ලබමින් සිටිති..මට තේරෙනා මේ දෙයම ඔවුන්ට නොතේරීමට හේතුවක් නොමැත.
    අපේක්ෂකයාට ඇතිතරම් කාලය ලබා දීම,ප්‍රයෝගික පරීක්ෂන සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීම,උ.පෙල කොටස් වලින් පැවැත්වීම ( ලන්ඩන්/එඩෙක්සෙල් වල AS Level,A level වශයෙන් කොටස් දෙකකින් පැවැත්වේ)නිබන්ධන පාසල් පාදක ඇගයීම් ඇතුලත් කිරීම මා දකින අයුරින් කල හැකි යාවත්කාලීන කිරීම් වේ!
    මා පෙර සටහන් කල පරිදි උගත් පිරිසට මීට වඩා දෙයක් සිතිය හැක.



    කොමසාරිස් තුමාට ලියා දන්වන වග නම්
    !
    පමා වී හෝ ඔබ තුමා යතාර්තය තේරුම් ගැනීම පිලිබඳව අපි සතු‍ටු වෙමු!
    ඔබට එය තේරුම් යන විට බොහෝ පිරිසක් ක්‍රමයේ වැ‍රැද්දෙන් බැට කා අවසානය..
    මේ සියල්ල ඔබගේ වැරදි නොවන බව අපි දනිමු..
    එය සමස්ත විභාග ක්‍රමයේ වැ‍රැද්දකි..
    නමුත් අපට ඇති ගැටලුව නම් ක්‍රමය වැරදිනම් එය වෙනස් කිරීමට බලයලත් ඔබ තුමා ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්නයි!
    කමක් නැත..ඔබ නොදැන සිටියා විය හැක(අපි එලෙස උපකල්පනය කරමු)..
    නමුත් දැන් ක්‍රමය වැරදි බව ඔබ හොඳින් දන්නා නිසා
    එම ක්‍රමය වෙනස් කිරීමට ඔබතුමා ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න අප බලාපොර්තුවේ නෙත් දල්වා බලා සිටිමු!
     
    Last edited: