27-4. පරලොව විශ්වාස නොකරන්නාවූ ඔවුනට ඔවුන්ගේ ක්රියා අලංකාර කළෙමු. එනිසා ඔවූහු අන්ධ ලෙස (මංමුළාවේ) හැසිරෙති.
27-5. ඔවුනටය නපුරු දඬුවම. තවද පරලොවෙහි අන්ත පරාජිතයෝද ඔවූහුමය.
27-6. (නබි මුහම්මද්ණී) සර්ව ප්රාඥ සහ සර්වඥවූ අල්ලාහ්ගෙනි නියතවශයෙන් නුඹට මෙම කුර්ආනය ලැබෙනුයේ.
27-14. ඔවුන්ගේ හදවත් එය පිළිගත් නමුත්, අසාධාරණය සහ පුහුමාන්නය නිසා ඔවූහු ඒවා ප්රතික්ෂේප කළහ. එනිසා කැරලිකාරයින්ගේ අවසානය කෙසේවී දැයි බලනු.