ශ්‍රී සිද්ධාර්ත ගෞතම චිත්‍රපටයේ මුහුරත්

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    මම මචන් ෆිල්ම් 1 බැලුව ඇත්තටම ලස්සනයි බුධාලම්බන ප්‍රීතිය වැඩිවෙනවා... ඒත් අපි ඉගෙනගෙන තියන විදිහට වැඩ සමහර තැන් වෙනස් සමහර විට අපි ඉගෙනගෙන තියන විදිහ වැරදි ඇති. ඒත් ඒක ෆිල්ම් 1 ලස්සන වැඩි කරන්න කරපු දෙයක් නම් මම එකට එකග නැහැ. මොකද බුද්ධ චරිතයේ තවත් ලස්සන කරන්න තරම් දෙයක් නැති නිසා. පුළුවන් අය හැමෝම ගිහින් ෆිල්ම් 1 බලන්න ලස්සන ෆිල්ම් 1 ක්. තෙරුවන් සරණයි .....!

    :yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම ඉරිදා ‍ෆිල්ම් එක බැලුවා..ඒ නිසා මට කියන්න සිද්ද වෙනවා ‍ෆිල්ම් එක මම බලාපොරොත්තු උන තරම් සුපිරි නෑ කියලා...‍ෆිල්ම් එකට ඇක්ට් කරපු නලු නිලියෝ පුලුවන් උපරිමෙන් සාධාරණය කරන්න උත්සාහ කරලා තිබුනා..ඉන්දියන් නලු නිලියන් ගේ නම් ඇක්ට් උපරිමෙන්ම තිබුනා..ඒ වගේම අපේ නලු නිලියන් ගෙනුත් බුද්ධදාස(අඳුරුතුමන්),රන්ජන් රාමනායක(සුද්ධෝදන රජු),සාරංග(චන්න ඇමති) ,දුෂ්‍යන්ත(ඉන්නේ විනාඩි දෙකක විතර කොටසකට ඒත් ඒ විනාඩි දෙක සුපිරියටම ඇක්ට් එක කරනවා..) ඒ ඇරුණම රොෂාන් ගේ නම් ලද බොලඳ ඇක්ට් එකක් තියෙන්නේ මම දන්න නන්ද කුමාරයාගෙනම් එච්චරම ලද බොළඳකමක් නෑ.. අපි දන්න අපි අහලා තියෙන කතාවම තමා තියෙන්නේ..

    ඒත් මේ කතාව මීටත් වඩ හොඳට කරන්න තිබුනා නේ කියලා අවංකවම බලනකොට හිතුනා..බැක්ග්‍රවුන් වලට මීට වඩා සෑහෙන්නම සාධාරණයක් කරන්න තිබුනා "Green Screen" ටෙක්නික්ස් යොදා ගත්තා නම්..ඒ වගේම මේ කතාව ඉංග්‍රීසි යෙන් හඬ කවලා තමයි ඔරිජිනල් කොපි එක හදලා තියෙන්නේ ‍ෆිල්ම් හෝල් වල යන්නේ සිංහලෙන් ඩබ් කරපු එක..ඩබින් නම් අන්තිමයි..මට ඒ ‍ෆිල්ම් එක බලද්දි රූපවාහිනියේ ඩබින් මීට වඩා සෑහෙන්නම ඉදිරියෙන් කියලා හිතුනා...ඒ වගේම ඇනිමේෂන් වගේ ජාතියක් යොදාගෙන තියෙනවා ඊට හොඳයි ඒ ටික ‍ෆිල්ම් එකේ නැති උනා නම්..(යමාමහ පෙලහර පෑ අවස්ථාවට..) ‍ෆිල්ම් එකට තව සෑහෙන්න අවශ්‍ය කට්ටිය අරගන්න තිබුනා..ඒ වගේම වේෂ නිරූපනය සමර තැන් වල සවුත්තු කරන් තිබුනා..අපි දන්න කතාවම රූප රාමූ වීමක් විතරයි වෙලා තිබුණේ..

    මම දන්න විදියට යසෝදරා දේවියගේ හ සිදුහත් කුමරා අතර අසීමිතම ආදරයක් තිබුණා..කල්ප ගානක් තිස්සේ එන බැඳීමක්..ඒ දේ එච්චරම තදට බලන මිනිහට වදින්නේ නම් නෑ...(මම කියන්නේ බදන් දඟලන ඒවා නෑ කියන එක නෙමෙයි..අසීමිත අවංක හා කැප උන ආදරය ප්‍රකාශ කරන්න කිස් කරන දර්ශන හෝ වැළඳ ගැනීම් අවශ්‍යම නෑ..)සට්න් ශිල්පීය ක්‍රම නම් අනේ මන්දා..

    ඒත් මේ ‍ෆිල්ම් එක ඉවර වෙනකොට "යසෝදරාවත" කවි පෙල නිරෝෂා විරාජියන් ඉතාමත් ලස්සනට හිතට වදින්නම ගායනා කරනවා ඒ දර්ශනවලට අදාලව වීඩීයෝකුත් යනවා මට ‍ෆිල්ම් එකේ දැනෙන්නම හිතට වැදුණේ ඒ විනාඩි ගාන විතරයි..:yes::yes::yes:

    ඒකත් උපරිම සාර්ථකමටමක තිබුනේ නෑ..එහෙම නම් සින්දුව ඉවර කෙනකොට බලන්න ආපු මිනිස්සුන්ගේ ඇස් වල එකක් කඳුළක් හරි තියෙන්න ඕන.මට නම් කදුළු නැතතත් දුක හිතුනා ඒ නිර්මාණයත් අපේක්ෂා කර තරම් හොඳ නොවීම නිසා..ඒත් චාටර් ම නම් නෑ..චරිත වලට අගෞරවයක් නොවෙන්න සීරු මාරුවට ඇක්ට් කරලා තියෙනවා..සමහර විට මේ නිර්මාණයට අනවශ්‍ය විදියට ඇඟිලි ගැසීම් උනා ද දන්නේ නෑ එහෙම දේකුත් බලනකොට හිතුනා..

    කොහොම හරි අපිට ලෝකෙට සෑහෙන්නම ඇඟට දැනෙන්න වදින්න කරන්න තිබුන දෙයක් තවත් අවස්ථාවක් අපෙන් ගිලිහී ගියා...ඒත් ඒ ‍ෆිල්ම් එක අතරතුර "වීර පැරකුම්" සම්බන්ධ Credit view එකක් ගියා..ඒ නිර්මාණය නම් සෑහෙන්න දෙයක් කරාවි කියලා බලාපොරොත්තු තියාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා..
    ඒත් මම දරන මතයට අනුව නම් අපේ ලංකාව රජ කතා නොගහ ඉන්නවා නම් හොඳයි..

    මොකද අපේ හිත් වල අපි ඒ කතාවලට අදාලව ලොකු ප්‍රතිරූපයක් අපි ඔය කතා දන්න පුංචි කාලේ ඉඳන්ම හිතේ ඇඳන් ඉන්නවා..උදාහරණයක්..විදියට දසමහා යෝදයන් ගැන හිතන්න ‍ෆිල්ම් එකක් ගහලා බොඩි බිල්ඩර් ලා ටිකක් එක්ක කාඩ්බෝඩ් එහෙමෙහේ විසි කරනවා දැක්කම අපිට මොකෝ හිතෙන්නේ... අනේ "වීර මද්දුම බණ්ඩාර" ,"වීර විහාරමහා දේවී" ටෙලිනාට්‍ය පෙලත් එන්න යන්නේ මේ විදියට නම් නොගහ ඉන්න එක හොඳා...

    මේ කතාව වෙලාවක් තියෙන අය ගිහින් බලන්න බෞද්ධයින් විදියට අපි ඒ කතාව බැලිය යුතුයි..මොකද අපේ ආගමට ලොකෙන්ම ගැරහීම එල්ල වෙන වකවානුවක..ඒ ආගම වෙනුවෙන් මේ විදියට හරි කැපවෙලා උත්සාහ කරලා යමක් ලෝකෙට දෙන්න උත්සාහ කල එක අගයන්න ඕන..ඒ වගේම iifa වලට ලංකාවට ගියොත් ආයෙ ඉන්දියාවේ පණ පිටින් ඉන්න නෙමෙයි කියන යුගයක..ලංකාවටම ඇවිත් පුරා මාය 10කට ආසන්න කාලයක් ඒ වෙනුවෙන් මුදලට එහා ගිය කැප වීමක් කර ඒ විදේශ නලු නිලියන් හටද සුදුසු ඇගයීම ලැබිය යුතුයි.මේ වෙද්දිම ඒ දේ ලැබිලා..ඉතින් මේ ගැන හොයන යාලුවන්ට කියන්න තියෙන්නේ බලනවා නම් මේකේ English ඩබ් කොපි එක බලන්න සෛංහල ඩබ් එකට වඩා සෑහෙන්න ඉස්සරහින් තියෙයි..

    වැඩ පාඩු කරන් නම් යන්න එපා..ඒ වගේම දවාලක යනවා නම් හොඳ A/C තියෙන හෝල් එකකට යන්න EAP නුගේගොඩ තියෙන හොල් එකකට ගිහින් බැල්කනි ටිකටි අරන් කාපු කට්ට නම් වෙන එකෙක් වත් කන්න එපා..මම නම් මලාට ආයේ ඒ හෝල් එකට යන්නේ නෑ..:no::no::no:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    මචං උඹ කියන කතාව ඇත්ත. නමුත් උඹ ඔය කියන විදියට Animation කෑලි දාලා එහෙම ගහන්න නම් සෑහෙන්න ගාණක් යනවා මචං. තාම අපේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ඇනිමේශන් අමාරුයි, ස්ටුඩියෝස් නෑ. පිට රටකට ගිහින් ස්ටුඩියෝ එකකින් ඒවා කරන්න ගියොත් ආයේ ලොවෙත් ලංකාවත් එක්ක විකුණන්න ඕනේ. දන්නවා ඇතිනේ ඒ වගේ ෆිල්ම් එකක් ගහන්න අවම 25 millions Dollars වත් ඕනේ(ඒ වගේ පිට රට ෆිල්ම් එකක සාමාන්‍යය වියදම බලලා කිව්වේ). ඒ අතින් මේ වියදම් කරන විදියට මීට වඩා දෙයක් කරන්න අමාරුයි. මොනවා වුනත් මෙයාලා දරපු උත්සාහය වටිනවා. මටත් බලන්න ගියාම එච්චර කික් එකක් තිබ්බේ නෑ. මම නම් කියන්නේ මේ වගේ එකක් ෆිල්ම් එකක් වගේ ගහන් නැතිව TV Series එකක් වගේ ගියා නම් හොඳයි. මොකද ගොඩක් කෑලි මිසින්. හැබැයි කතාවට අඩු පාඩුවක් කරලා තිබ්බේ නෑ. කරලා තිබ්බෙත් පොඩි වෙලාවක ෆිල්ම් එකක්නේ. ලංකාවේ හැටියට හොඳයි. මේවා ඉතින් ලොකු ලොකු ෆිල්ම් එක්ක සංසන්ඳනය නොකරනවා නම් තමා හොඳ :yes::yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    reputation_neg.gif
    ශ්‍රී සිද්ධාර්ත ගෞතම... 02-25-2013 09:38 PM patta belli.... :p
     
    ඒක ඇත්ත මචෝ..ඒත් මේ ‍ෆිල්ම් එකට කියලා එහෙම ලොකු ඇනිමේෂන් වලට යන්න ඕන නෑ..ඒවගේම තමා Green Screen තාක්ෂණය කියන්නේ ‍ෆිල්ම් නිෂ්පාදනය අඩු වියදමකින් කරන්න යොදා ගන්න එක විදියක් එතකොට අදාල බැග්.ලොකේශන්ස් රූපමය විදියට හදලා ගන්න පුලුවන් මේ ‍ෆිල්ම් එකේ තැන් 8ක විතර එහෙම අවස්ථා තිබුනා ඒත් යොදා ගෙන තියෙන පසුතල දැක්ක ගමන් වැඩේ අහු වෙනවා..
    ඔය ‍ෆිල්ම් එකට කියලා ඇනිමේෂන් යොදා ගන්න වෙන අවස්ථාවලට තිබුනේ සටන් ටිකයි.අර බුදුවීමට අදාල ටිකයි.ඒ දර්ශනයත් නැති උනා නම් මීට වඩා හොඳයි...
    ඇත්ත අපේ වගේ රටකට දරන්න අමාරුයි..මේක ටීවී සීරිස් එකක් විදියට ගියා නම් සෑහෙන්නම දෙයක් කරගන්න තිබුනා නම් තමයි..ඒත් අනේ මන්දා..