ශ්‍රී_ලංකාවේ_ගණිකාවෝ

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ශ්‍රී_ලංකාවේ_ගණිකාවෝ

    capture3yb2.jpg


    මා අසා ඇති පරිදි ලොව පැරණිම වෘත්තිය ගණිකා වෘත්තිය ය. ගණිකා වෘත්තියේ ආරම්භය/ අතීතය හෝ විකාශනය පිළිබඳ මෙලෝ හසරක් මා නොදන්නා නමුත් එහි වර්ථමාන තත්වය පිළිබඳ අත්දැකීම් දිනෙන් දින එකතුවන බැවින් ඒ ගැන ලිවීමට සිතුනි.

    මා දැන් කොළඹ පදිංචි වී වාගේ සිටියත් මා වැඩිකාලයක් ගතකලේ ගාල්ලේ ය. මා එහි සිටින කාලේ පටන් මාගේ හොඳම මිතුරන් අතර එක් අයෙකුට අපූරු හැකියාවක් තිබිණ. ඒ දිනවල මට ඒ හැකියාව මැජික් ය. ඔහු කාන්තාවක් දෙස බලා ඇය ගණිකා වෘත්තියේ යෙදෙන්නියක් දැයි නැත්දැයි කිය යි.ඔහුත් සමඟ ගාල්ල නගරයේ තරමක් සවස් භාගයේ ඇවිදීමට සිදුවුවහොත් ඔහු අනිවාර්යයෙන්ම ගණිකාවන් යැයි කියා කාන්තාවන් දෙතුන් දෙනෙකුවත් පෙන්වයි. ඔහු එසේ කීවත් එවකට මා එය පිලිගත්තේ නැත. කොළඹ නගරයේ මෙවැනි කාන්තාවන් වෙසෙන බව අසා තිබුනත් ගාල්ල නගරය පිලිබඳ මාගේ හැඟීම ඒ තරම් නොවීය. අනෙක එසේ ඔහු පෙන්වන කාන්තාවන්ට රූ සපුවක් තබා ප්‍රියමනාප පෙනුමක්වත් නැතිවා මෙන්ම ඔවුන් පිරිසිදුකම ගැනවත් තකන අයබව නොපෙනුනි. මගේ සිතිවිල්ල අනුව නම් කිසිදු පාරිභෝගිකයෙකු එවැනි බාල තත්වයේ භාණ්ඩයක් මිල දී ගනු නොමැති බව යි. නමුත් ඒ සිතිවිල්ල සීමා වූයේ ටික කාලයකට පමණි.

    දිනක් මධ්‍යම රාත්‍රියට ආසන්න වේලාවක මමත් තවත් මිතුරන් කිහිපදෙනෙකුත් නගරයේ පෝස්ටර් වගයක් ඇලවීමට ගියෝ ය.අප දුම්රිය මඟට ඉහලින් වූ පාලමේ පෝස්ටර් ඇලවීමට ඒ මතට පැමිනි විට එහා කෙලවරේ සරමක් පොරවාගත් තරබාරු මිනිසෙක් බිම වැතිරී සිටිනු දක්නට ලැබිනි.

    ඒ මිනිසා දුටු මා කලින් සඳහන් කල මිතුරා එක්වරම “අඩෝ.......!!! “ කියාගෙන ඉදිරියට දිව ගියේ ය. සිදුවන්නේ කුමක් දැයි යන වැටහීමක් මට නොතුබුනු මුත් අපිත් ඉබේටම වාගේ “අඩෝ, මරනෝ යකෝ.......!!! “ කියාගෙන ඔහු පස්සේ දිව ගියෙමු. ඒ ඇසුනු මිනිසා එක් වරම නැගිට පස්ස නොබලා පාලමේ අනෙක් පසට දිව ගියේ ය. ඒ මිනිසා ගිය පසු දුටු දර්ශනයෙන් අපි සියළු දෙනාම පාහේ අපහසුතාවයට පත් විය. ඒ මිනිසාට යටවී සිටියේ හරිහැටි ඇඳුමක් ඇඟේ නැති, අප්‍රසන්න, කාල වර්ණ, මැදිවියේ කාන්තාවකි. ඇයට එක්වරම සිදුවූ දේ සිතාගැනීමට බැරිවා සේ මඳක් අපහසුවෙන් නැඟිට මිනිසා දිවු දෙසට දිව ගියා ය.
    සියල්ලෝම මද වේලාවක් යනතෙක් නිහඬ ය.

    “උඹ මොකද බං එක පාරටම දිව්වේ. කොහොම ද ඔය සීන් එක දැනගත්තේ ? “ මා හඬ අවදි කලෙමි.

    “කවුද බං ඕක නොදන්නේ. මෙතන ඕවට හරි ප්‍රසිද්ධ යි බං.“

    ඒත් මගේ හිතට නම් සැනසීමක් නැත. හිත ඇතුලේ ප්‍රශ්න ගොන්න කි. ඇයි මුන් මෙහෙම ඉන්නේ...? කසාදයක් කරගන්න බැරි එවුන් ද...? ඇයි මේ ගෑනු මෙහෙම තමන්ගේ ආත්මයම විකුණගෙන කන්නේ...? වෙන රස්සාවල් නැත් ද මේ ලෝකේ...? ඒ මදිවට ප්‍රසිද්ධියේ...? ඒත් ඒවා ඇහුවොත් මිතුරන් මට කින්ඩි දමනු ඇත. ඒ නිසා ඒ සිදුවීම එතනම වළ දමා ආවෙමි.

    ඉන් බොහෝ කලෙකට පසු මම දෙහිවල බෝඩිමක නවාතැන් ගත්තෙමි. බෝඩිම ඇත්තේ ගාලු පාරෙන් මුහුද දෙසට වූ පටු මාර්ගයක ය. ඒ මාර්ගය දෙපසම උස් තාප්ප ගසා ඇත. එක් පසෙක ඇත්තේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලය කි. මාර්ගය කෙළවර වන්නේ වෙරළෙනි. දහවල් කාලයේ ඒ මාර්ගයේ ඇවිදින විට දකින, බිම වැටී ඇති දේ වලින්ම මේ පටු මාර්ගය රාත්‍රියේ ගමන් කිරීමට එතරම් සුදුසු නොවන බව මම තේරුම් ගත්තෙමි.
    මම ආහාර ගන්නේ බෝඩිමේම මිතුරන් සමඟ ගාලු පාරට ගොස් එහි ආපනශාලාවකින් ය.



    දිනක් රාත්‍රී 8ට පමණ අපි ආහාරය ගෙන නැවත බොඩිමට ඒමට පටු මාර්ගයට පිවිසෙන විට තරුණයෙක් එක්වරම කලබල වී අපදෙසට එනු දුටු වෙමු. ඉන් මීටර් කිහිපයක් එහා ලේන්සුවක් අතට ගත් කාන්තාවක් සිටියා ය. තාප්පයට හේත්තු වී සිටි ඇය අප දුටු වහා කලබල වී, අයාසයෙන් සන්සුන් වීමට උත්සහ දරනු පෙනින. පසුව හැමදාම වාගේ ගාලු පාරෙන් එම පටු මාර්ගයට පිවිසෙන තැන එම කාන්තාව දැක ගත හැකි විය. ඇය සැමවිටම අතේ ලේන්සුවක් කරකවමින් සිටින්නී ය. ඉන් දවස් දෙක තුනකට පසුව මා නොසිටි දිනයක මිතුරෙක් එම කාන්තාවම එම ස්ථානයේම වෙනත් අයෙකු සමඟ අදාල කාර්යයේ නිරතවනු දැක ඇත. ඇය නම් සැබවින්ම යක්ෂනියකට සමාන අංග ලක්ෂන දරන්නී ය. කාල වර්ණ රැලි ගැසුනු සම, බිඳුනු නාසය, දත් හැලුනු මුඛය දැකීමටත් අප්‍රිය සහගත ය. එහෙත් එදා මා දුටු තරුණයා තරමක් කඩවසම්, අවුරුදු 25ක පමණ පුද්ගලයෙකි. අනෙක ඒ වනවිට වේලාව රාත්‍රී 8 වත් පසුවී නැත. ඒ ගැන නම් පුදුම ය.

    ඇත්තටම ඇයි මෙහෙම අසහනකාරයෝ බිහිවෙන්නේ? තමන්ගේම කියලා සම්බන්ධතාවක් ගොඩනඟා ගන්න මේ මිනිස්සුන්ට ඇති නොහැකියාව මොකක් ද? තමන්ගේම කෙනෙකුගෙන් ලබන ආත්මීය බැඳීමට වඩා මේ බැඳීමේ ඇති විශේෂත්වය කුමක් ද? මේ ගැහැණුන්ට මේ හැර වෙනත් රැකියාවක් ඇත්තේම නැත් ද? මේවා නම් මට තවමත් ප්‍රශ්ණ ය.

    ගණිකා වෘත්තිය සමාජයටම පිලිලයකි. සමාජ රෝග පැතිරයන්නේ ද මෙවැනි අනියම් වූ අනාරක්ෂිත ඇසුර නිසා ය. අපගේ තරුණ පරපුර මේ නිසා විනාශයට පත්වනු බලා සිටිය හැකි ද? ආදරය, වගකීම් මත පදනම් වූ ආත්මීය බැඳීමක් කෙතරම් වටිනවා ද?

    අද බෝඩිමේ මා හැර කිසිවෙක් නොසිටි නිසා මා තනිවම බෝඩිමෙන් පටු මාර්ගය දිගේ ආවෙමි. කාන්තාවක් මා දෙසට දිව එනු මා ඈත දීම දුටුමි. ඇය පිටුපස තවත් සිව් දෙනෙක් දිව එයි. ඉදිරියෙන් ආ කාන්තාව හඳුනා ගැනීමට අපහසු වුවත් පිටුපසින් ආවේ පොලිස් නිළධාරීන් තිදෙනෙක් හා පොලිස් කාන්තාවකි. තවත් මා අසලට එන විට, ඉදිරියෙන් ආවේ මා පෙරකී යක්ෂණියක් වන් කාන්තාව බව පෙනින.

    ටික වේලාවකින් ඇය මා පසුකර මුහුද දෙසට දිව ගියා ය. පොලිස් නිලධාරීන් ඇය පසුපස වේගයෙන් දිව ගියෝ ය.


    ගත්තේ
    http://kurullablog.blogspot.com/2011/05/blog-post.html?m=1
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    capture3yb2.jpg


    මේ ඉන්නේ ක්‍රිස්ටිනා කල්දේරා නේද. .නැද්ද මෙයාගේ මුකුත් :rolleyes: