ශ්‍රී_ලාංකික_අනන්‍යතාව

signshop

Well-known member
  • May 30, 2011
    12,203
    8,959
    113
    Dubai
    ශ්‍රී_ලාංකික_අනන්‍යතාව

    මේක කියවලා බලන්න. මේ හැම දෙයක්ම වෙන්නේ අපිට ආදරේට නෙවෙයි කියලා මතක තියා ගන්න

    ඉන්දු ලංකා පාලම හා ශ්‍රී ලාංකික අනන්‍යතාව

    fea.jpg


    ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාලමක්‌ තැනීමට කරනු ලබන යෝජනාව ශ්‍රී ලාංකික අනන්‍යතාවය ගරු කරන අගය කරන ශ්‍රී ලංකාව නොබෙදුන රටක්‌ ලෙස අනාගත වසර 2500 දීත් පැවතිය යුතු යයි හදවතින්ම සිතන පතන සෑම ශ්‍රී ලාංකිකයකු විසින්ම ප්‍රතික්‌ෂේප කළ යුතුය.

    මෙම යෝජනාව 2002 දී පමණ ශ්‍රී ලාංකික නායක පාර්ශ්වයකින් යෝජනා කරනු ලැබූවත් බොහෝ ශ්‍රී ලාංකිකයන් එය අමතක කර දැමුවේ එය සිදු නොවන්නක්‌ බව විශ්වාස කළ බැවිනි. එහෙත් දැන් ඉන්දීය රජයේ ඇමැතිවරයකු මෙම ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර සංවිධානයකින් ව්‍යාපෘති ආධාර පතන බව වාර්තා වෙයි. පවතින රජයේ සමහරුන්ද මෙම පාලම් යෝජනාවට කැමැත්තක්‌ දක්‌වන බව කරන කතාවලින් නිගමනය කළ හැක.

    ශ්‍රී ලංකා විදේශ සේවයෙහි කීර්තිමත් තානාපතිවරයකු වූ කල්‍යානන්ද ගොඩගේ මහතා මෙම යෝජනාවට විරුද්ධ වන්නේ රටට සිදුවන හානිය ගැන වෘත්තීයමය අවබෝධයක්‌ ඇති බැවිනි. ආචාර්ය දයාන් ජයතිලක මහතා විසින්ද, පාලමෙන් රටට ඇතිවිය හැකි භයානක විපාක පෙන්වා දෙනු ලැබිණ. ලංකා පරිපාලන සේවයේ ප්‍රවීණ නිලධරයකු වූ විශ්‍රාමික තිස්‌ස දේවේන්ද්‍ර මහතාද මෙහි විපාක ජාත්‍යන්තර උදාහරණ දක්‌වමින් විස්‌තර කළේය.

    මෙම පාලම් ව්‍යාපෘතිය ගැන නිගමනයකට පැමිණීමේදී අප පැරැණි ඉතිහාසයත්, නුතන ඉතිහාසයත් උගන්වන පාඩම් අප අමතක නොකළ යුතුයි. අනුරාධපුර යුගයේ සිට පොළොන්නරු යුගයේ අවසානය දක්‌වාම අප රට දකුණු ඉන්දීය ආක්‍රමණ විසිදෙකකට පමණ භාජන විය. සමහර ආක්‍රමණිකයෝ අප රටෙහි කොටසක්‌ අනුරාධපුර රාජධානිය ඇතුළුව වසර දෙකක පමණ කාලයක්‌ දක්‌වා අත්පත් කරගෙන පාලනය කළහ. මාඝ නමැති කෲර ආක්‍රමණිකයා කළ විනාශය අතිශය ෙ€දනීය විය. මෑත ඉතිහාසය දෙස බලන විට ගුවනේ සිට පරිප්පු දැමීම ඉන්දියාවේ ආක්‍රමණික නැඹුරුව මනාව විදහා පාන්නකි.

    ඒ කෙසේ වෙතත් ලංකාව ඉන්දියාව සමග නොකැඩෙන බැඳුමකින් බැඳී ඇත. ඒ ශේ්‍රෂ්ඨ භාරතීය පුත්‍රයෙකු වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ නෛර්යානික ධර්මය නිසාමයි. ඉතිහාසය තුළ පැවති එමෙන්ම නූතන ජනිත හේතු නිසාද ඉන්දියා ශ්‍රී ලංකා මිතුදම කිසි දිනෙක නොබිඳෙනු ඇත. වසර 2500 කට අධික කාලයක්‌ තිස්‌සේ මෙම මිතුදම වර්ධනය වූයේ පාලමක්‌ නැතිවමය.

    ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින කිලෝමීටර් විසිපහක පමණ මුහුදු බෙදුම ඒ අයුරින්ම අප දෙරට ඉදිරියටත් වෙන්කර තැබිය යුතුමය. ස්‌වභාව ධර්මයා විසින් අප දෙරටට ත්‍යාග කරනු ලැබූ එම බෙදුම අප දෙරටෙහි මිතුදම වර්ධනය කිරීමේ ප්‍රධානම සාධකයක්‌ ලෙස මම විශ්වාස කරමි. ඉන්දු - ශ්‍රී ලංකා මිතුදම ඉදිරියටත් ආරක්‌ෂා වන්නේද, ඉන්දීය ජනතාවගෙන් සුවිශේෂී ලෙස වෙනස්‌ වූ ශ්‍රී ලාංකීය ජනතා අනන්‍යතාව ඉදිරියටත් ආරක්‌ෂා වන්නේද මෙම කුඩා වුවද කාර්ය භාරයෙන් විශාල වූ මුහුදු බෙදුම නිසාමය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජන්ම භූමිය වූ භාරත දේශයෙන් බුදු දහම ශීඝ්‍ර ලෙස පසුබැසීමට ලක්‌වූ අතර එම බුද්ධ ධර්මය ශ්‍රී ලංකාව තුළ බබලන්නට වූයේ දහමේ හේතු ඵල නිර්මල පදනමත් එමගින් ජනිත වූ සංස්‌කෘතික ලබැඳියාවත්, මුහුදු බෙදුම නිසා ගොඩබිම් ද්වය වෙන්විමත් නිසාය.

    වර්තමානයේ දී ශ්‍රී ලංකාවෙහි සහ ශ්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාව නැවත තර්ජනයකට ලක්‌ කරන මතවාද හා බලවේග ඉන්දියාවේ තමිල්නාඩුවෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ උතුරුකරයෙන්ද දැඩි ලෙස මතුවෙමින් පවතී. උතුරු පළාත් සභාව සෘජුවම එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංස්‌ථා සමග සම්බන්ධතා ගොඩනැඟීමට යත්න දරමින් සිටියි. සති කිහිපයකට පෙර උතුරු පළාත් ආණ්‌ඩුවක්‌ ගැනද ජාත්‍යන්තර සංවිධාන මගින් සඳහනක්‌ කෙරින.

    ශ්‍රී ලංකාවේ ස්‌වෛරී භාවය හා භෞමික අඛණ්‌ඩතාව සම්බන්ධයෙන් මෙවැනි සැක සංකා මතුවෙමින් පවතිද්දී එම කාර්යයට දේශපාලනිකව ජාත්‍යන්තරව ආර්ථිකව ආධාර කරන මෙන්ම දැන හෝ නොදැන හෝ හිටපු එල්ටීටීඊ සටන්කරුවන්ට ක්‌ෂේම භූමියක්‌ සපයන ඉන්දියාවේ තමිල්නාඩුව හා ශ්‍රී ලංකාවේ උතුරුකරය භෞමිකව සම්බන්ධ කිරීමක්‌ සේ සැලකිය හැකි පාලමක්‌ ගොඩනැඟීම අනුවනකමකි. දූපතක භූගෝලීය විශේෂත්වය නිසා වසර දහස්‌ ගණනක්‌ බිළිඳෙකු ළමා වියේ සිට තාරුණ්‍ය හා මැදි වයස දක්‌වා වැඩඩන්නාක්‌ සේ වැඩුණු ශ්‍රී ලාංකීය අනන්‍යතාව නමැති පෞරුෂත්වය පාලම ගොඩනැඟුණු පසු දශක දෙක තුනකින් පමණ විපරිත කරන්නා වූ ෙ€දනීය අවාසනාවන්ත ක්‍රියාවකි.

    සියලුම ශ්‍රී ලාංකිකයන් ඉන්දු - ශ්‍රී ලංකා පාලම් යෝජනාව ලත්තැන ලොප් කිරීමට අප නායකයන් පෙළඹවිය යුතුය. කාලාන්තරයක්‌ තිස්‌සේ

    ශ්‍රී ලාංකීය ජනතාව ලත් අත්දැකීම් නම්, උගත් පාඩම නම් ශ්‍රී ලංකා ඉන්දීය මිතුදම ස්‌ථාවරව පවත්වාගත හැක්‌කේ දෙරට පාලමකින් යා කිරීමෙන් නොව ස්‌වභාවික මුහුදු බෙදුම එසේම පවත්වාගෙන යැමෙනි. ඈත්වීම ආදරය වැඩිකරයි යන ඉංග්‍රීසි ආප්තෝපදේශය වසර දෙදහස්‌ පන්සියයක සාර්ථක ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා මගින් ඔප්පු කර පෙන්වා තිබේ.

    මුදල් කෝටි ප්‍රකෝටි ගණනක්‌ වැය කරමින් පරිසර සමතුලිතතාව විනාශ කරමින් දිගු කලක්‌ තිස්‌සේ වර්ධනය වූ දෙරට සබඳතාව ප්‍රශ්නකාරී තත්ත්වයකට ඇද දමන්නේ මන්ද? දිවි හිමියෙන් අප මුතුන් මිත්තන් අනාදිමත් කාලයක සිට වර්ධනය කරමින් අගය කළ දූපතකට ආවේනික වූ ශ්‍රී ලාංකික පෞරුෂත්වය හා අනන්‍යතාව පලුදු කිරීමට මඟපාදන පාලම් සෑදීම නුසුදුසුය.

    එම්. එල්. වික්‍රමසිංහ
    එක්‌සත් ජාතීන්ගේ සංවිධානයෙහි
    (විශ්‍රාමික) ජාත්‍යන්තර සිවිල් සේවා නිලධාරි


    fea2.jpg


    Source: Divaina
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,203
    8,959
    113
    Dubai
    මේක කියවලා බලන්න. මේ හැම දෙයක්ම වෙන්නේ අපිට ආදරේට නෙවෙයි කියලා මතක තියා ගන්න
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    පැටියා;18830211 said:
    විසඳුම මොකක්ද? මහින්දව අගමැති කරන එකද? :eek:

    අපෝ නෑ..බය නැතිව ඉදපන් බන්.ඔය ඉතින් උඹ තාමත් වෙව්වලනවානෙ.මහින්ද ගැන හිතන්න එපා.මහින්ද ෆෝභියාව තාමත් හොද නෑනෙ.හෙට උදේ වෙද්දි මූට මොනවා වෙයිද මන්ද. පව් අසරණයා.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,203
    8,959
    113
    Dubai
    මහින්දව නෙවෙයි බන් රනිල් හෝ මොකා අගමැති කරත් අල්ලපු රටේ සක්කිලියොන්ට මේ වැඩේ කරන්න දෙන්න හොද නෑ. අපේ පර දේශපාලුවො එදා ඉදලා මේ රටට කෙලවන්නමයි හැදුවේ.. අපි හැමොම එකතු වෙලා මේ වගේ පාහර වැඩ වලට ඉඩ නොදී අපේ රට රැක ගැනීමයි කල යුත්තේ. අපි දෙපැත්තකට බෙදිලා අරූ නිල් අරූ කොල මූ රතු කියලා මරා ගන්නකොට ඒකෙන් වාසිය ඉන්දියාව වගේ පර සක්කිලියොන්ට
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපෝ නෑ..බය නැතිව ඉදපන් බන්.ඔය ඉතින් උඹ තාමත් වෙව්වලනවානෙ.මහින්ද ගැන හිතන්න එපා.මහින්ද ෆෝභියාව තාමත් හොද නෑනෙ.හෙට උදේ වෙද්දි මූට මොනවා වෙයිද මන්ද. පව් අසරණයා.
    :rofl: නෑ වටේ යන්නෙ නැතුව කෙලින්ම ඇහුවේ ඒකද මූ කියන්නෙ කියලා කන්ෆර්ම් කරගන්න. තප්පුලන්න එපා බයියා පැරදුනේ ජනවාරි 8 :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්දව නෙවෙයි බන් රනිල් හෝ මොකා අගමැති කරත් අල්ලපු රටේ සක්කිලියොන්ට මේ වැඩේ කරන්න දෙන්න හොද නෑ. අපේ පර දේශපාලුවො එදා ඉදලා මේ රටට කෙලවන්නමයි හැදුවේ.. අපි හැමොම එකතු වෙලා මේ වගේ පාහර වැඩ වලට ඉඩ නොදී අපේ රට රැක ගැනීමයි කල යුත්තේ. අපි දෙපැත්තකට බෙදිලා අරූ නිල් අරූ කොල මූ රතු කියලා මරා ගන්නකොට ඒකෙන් වාසිය ඉන්දියාව වගේ පර සක්කිලියොන්ට
    එල එල රනිල් අගමැති වුනාට පස්සෙ අපි උද්ගොෂණයක් කරමු ලිප්ටන් වට රවුමෙ ඔය සම්බන්ධව. චන්දෙන් පස්සෙ මේ ත්‍රෙඩ් එක බම්ප් කරලා කට්ටියව එකතු කරපං මාත් එන්නං :cool:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,203
    8,959
    113
    Dubai
    පැටියා;18830252 said:
    එල එල රනිල් අගමැති වුනාට පස්සෙ අපි උද්ගොෂණයක් කරමු ලිප්ටන් වට රවුමෙ ඔය සම්බන්ධව. චන්දෙන් පස්සෙ මේ ත්‍රෙඩ් එක බම්ප් කරලා කට්ටියව එකතු කරපං මාත් එන්නං :cool:

    දේශපාලනේ මගේ ලග නෑ බන්. අවුරුදු 10කටත් වැඩී මම චන්දේ දාලා නෑ. චන්දේ තියෙන කාලේ මම ලංකාවේ නෑ. මේ පාරත් මම ලංකාවේ නෑ. නමුත් ලබන සතියේ මම ලංකාවේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දේශපාලනේ මගේ ලග නෑ බන්. අවුරුදු 10කටත් වැඩී මම චන්දේ දාලා නෑ. චන්දේ තියෙන කාලේ මම ලංකාවේ නෑ. මේ පාරත් මම ලංකාවේ නෑ. නමුත් ලබන සතියේ මම ලංකාවේ
    එල එල ලංකාවට ඇවිත් ඕගනයිස් කරපංකො හෙමිං සීරුවෙ ඈ :D
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    පැටියා;18830247 said:
    :rofl: නෑ වටේ යන්නෙ නැතුව කෙලින්ම ඇහුවේ ඒකද මූ කියන්නෙ කියලා කන්ෆර්ම් කරගන්න. තප්පුලන්න එපා බයියා පැරදුනේ ජනවාරි 8 :rofl:
    අද අගෝස්තු 17 බන් අද ජනමතය වෙනස්.හැබැයි ‍ෆොනිල්ට මේපාර විපක්ෂනායක කමත් නැතිවෙන හැඩයි.ජෙප්පොන්ගෙ බලය වැඩි වෙලා තියන්නෙ.හැබැයි රටම දිනන්නෙ මහින්ද.විපක්ෂ නායක අනුර විය හැකියි. පොඩි පොඩි හේතු කීපයක් නිසා කියන්නෙ.හැබැයි මම මේකට නම් කැමතියි.විපක්ෂ බලය ජේවීපී උනාම හොදයි.යුඑන්පී එකට වඩා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අද අගෝස්තු 17 බන් අද ජනමතය වෙනස්.හැබැයි ‍ෆොනිල්ට මේපාර විපක්ෂනායක කමත් නැතිවෙන හැඩයි.ජෙප්පොන්ගෙ බලය වැඩි වෙලා තියන්නෙ.හැබැයි රටම දිනන්නෙ මහින්ද.විපක්ෂ නායක අනුර විය හැකියි. පොඩි පොඩි හේතු කීපයක් නිසා කියන්නෙ.හැබැයි මම මේකට නම් කැමතියි.විපක්ෂ බලය ජේවීපී උනාම හොදයි.යුඑන්පී එකට වඩා.
    කුරුවල් නොවී බලං ඉඳපං අද රෑ 12 විතර වෙද්දි පෙරහැරේ කස කාරයෝ එනවා. එතකොට බලාගනිං කවුද විපක්ෂ නායක වෙන්නෙ කියලා දැං කලබල නොවී :P
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පැටියා;18830252 said:
    එල එල රනිල් අගමැති වුනාට පස්සෙ අපි උද්ගොෂණයක් කරමු ලිප්ටන් වට රවුමෙ ඔය සම්බන්ධව. චන්දෙන් පස්සෙ මේ ත්‍රෙඩ් එක බම්ප් කරලා කට්ටියව එකතු කරපං මාත් එන්නං :cool:

    Ara sanga ta captain kamin ain wenna epa kiyala karapu udgoshane wage thiyei da danne na? :P :rofl:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මුන් තාම රාජ කාල වල ලගින්නේ මොකද මන්ද ? උබ හිතාගෙන ඉන්නේ මිනිස්සු වනර යුගයට අපහු යනවා කියලද ? රජ කාලවලනම් රාජ්‍යන් විසින් රාජ්‍යන් ආක්‍රමණය කරලා පාලන ප්‍රධේශ ලොකු කරගත්තා ,නව අධිරාජ්‍යවාදය කියල එකකුත් තියනවා තමයි එත් එක වෙන්නේ ඔය රාජ කලේ උන වගේ නෙවෙයි .බෙදුම්වධි යුද්දයක් අපහු ඇවිත් මේක සැපයුම් මාර්ගයක් වෙයි කියල කියනවද ?.. යකෝ දුපත් නොවන සියලු රටවල් එතකොට බෙදිලද තියෙන්නේ ? බුදු ධහම රැකුණේ දුපතක් නිසානම් බුදුදහමටත් වැඩිය පරණ හින්දු ආගම දුපත් නොවන ඉන්දියාවේ රැකුණේ කොහොමද ? රටක් බෙදෙන්නේ නැතුව තියාගන්ඩ දේශපාලන වාසි ගන්ඩ පුලුවන් තරම් ආගම්වාදය ජාතිවාදය වගේ නුගත් වානර සංකල්ප වපුරලා හරියන්නේ නැ . එහික ප්‍රතිපත්තීන් වල ඉදල හැමෝම එකම මට්ටමෙන් සලකන්න ඕනි ..අනික මිනිස්සුන්ගේ ජිවන මට්ටමයි විසේශයෙන් අධ්‍යාපනේ / ආකල්ප දියුණු වෙනඩ ඕනි ..එකයි ගොඩක් දියුණු රටවල මේවගේ ලබ්බේ ප්‍රශ්න නැත්තේ ...