ශ්‍රේෂ්ඨතමයාගේ සමුගැන්ම

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ශ්‍රේෂ්ඨතමයාගේ සමුගැන්ම

    12638566241.jpg

    වර්ෂ 1942 ජනවාරි 17 වනදා අමෙරිකාවේ කෙන්ටුකී ප්‍රාන්තයේ ලුවිස්විල් නගරයේ මෙතොදිස්ත කතෝලික නිකායට අයත් පවුලක එක් පිරිමි දරුවෙකු උපත ලැබීය.කැසියස් ක්ලේ වූ ඔහු පසු කලෙකදී මොහොමඩ් අලී ලෙස තම මුල් නම වෙනස් කර ගත්තේය.ඒ ඉස්ලාම් දහම වැළඳ ගැනීමත් සමගයි.එතැන් පටන් මොහොමඩ් අලී වූ ඔහු ලොව විශිෂ්ඨතම බොක්සිං ක්‍රිඩකයා දක්වා ගමන් ඇරඹීය.

    hTvxklA.jpg

    960 දී රෝම ඔලිම්පික් උළෙලේදී ලයිට් හෙවිවේට් අංශයෙන් රන් පදක්කම දිනූ ඔහු 1964, 1974 සහ 1978 වසරවල ලෝක හෙවිවේට් ශූරයා බවට පත් විය​. 1974 දී එවකට ලෝක හෙවිවේට් ශූරයා වූ ජෝර්ජ් ෆෝර්මන්ට අභියෝග කළ අලී, එවකට සයරේ නමින් හැඳින්වුන වත්මන් කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අගනුවර වූ කින්ශාසා නගරයේදී පැවැති සුප්‍රසිද්ධ බොක්සිං තරඟයකදී ඔහු පරාජය කළේය​.

    The Rumble in the Jungle නමින් හැඳින්වෙන මෙම තරඟය 20 වන සියවසේ අනර්ඝම ක්‍රීඩා තරඟය ලෙස ද සැළකේ. තරඟය නැරඹීමට රැස් වූ පිරිස 60,000 කි.

    1YE7ZEp.jpg

    මොහොමඩ් අලී අසහාය ක්‍රීඩකයකු වන්නේ ඔහු ලොව වටා සිටි සියලු අභියෝගකරුවන්ට නෙලාගෙන නෙලාගෙන ගිය නිසා නොවේ. ඔහු තමා විශ්වාස කළ දෙය වෙනුවෙන් සටන් කළ බැවිනි.

    සිය බොක්සිං ජීවිතයේ මුල් කාළයේ ආවේගශීලී පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ හෙතෙම පසු කළෙක​, විශේෂයෙන්ම ඉස්ලාම් දහම වැළඳගත් පසු, වෙනස් පුද්ගලයකු බවට පත් විය​. ඉස්ලාම් දහම විකුණා ත්‍රස්තවාදයෙහි නිරත වන්නන්ට ඔහුගේ දර්ශනය අභියෝගයක් විය.

    VTltcdf.jpg

    1967 දී වියට්නාම් යුද්ධයට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ ඔහු කියා සිටියේ සිය ආගමික දර්ශනය ඒ සඳහා ඔහුට ඉඩ නොදෙන බවයි.

    "මගේ ආගමේ ප්‍රධාන ලෙසම භාවිතාවන සුබ පැතීම අස්සලාම් අලයික්කුම් යන්නයි. එහි තේරුම ´ඔබට සාමය උදා වේවා!´ යන අදහසයි" යුද්ධයට විරුද්ධව සුප්‍රසිද්ධ දේශනයක් කරමින් ඔහු කියා සිටියේය​.

    leVtQ6B.jpg

    එක්සත් ජනපද රජය ඔහුට හමුදාවට බැඳීමට නියෝග කළ අතර එයට ඔහු එරෙහි වූ විට බොක්සිං ක්‍රීඩාව ද තහනම් කර ඔහු සිර කරන ලදී. එම තීරණයට එරෙහිව ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ඔහු එහිදී රජයට එරෙහිව නඩු කියා ජය ගත්තේය​.

    පාකින්සන් රෝගයෙන් දිගු කළක් පෙළෙමින් සිටි අලී 1996 ඔලිම්පික් ගිනි සිලුව දල්වන අවස්ථාව අතිශය සංවේදී දසුනක් වූ බව එය හැබැහින් හෝ රූපවාහිනී තිරය ඔස්සේ සජීවීව නැරඹූවෝ පිළිගනිති.

    අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ෆොනෙස් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එතැන් පටන් බොක්සිං ක්‍රීඩාවට ආදරය කළ මොහොමඩ් අලී ජීවිතයට ආදරය කළ සුවහසක් ජනයා සෝ සුසුම් හෙළීය.

    දීර්ඝ කාලයක් මුළුල්ලේ ස්වසන ආබාධයකට ලක්ව සිටි අලි මිය යන විට ඊට ප්‍රතිකාර ලබා ගැනීම සදහා රෝහල් ගත කර සිටි බව සදහන්ය.ලෝක හෙවිවෙයිට් බොක්සිං ශුරතාව තෙවරක් ජයග්‍රහණය කර ඇති ඔහු එම දක්ෂම දැක්වූ පළමු
    ක්‍රීඩකයා ද වෙයි.

    වර්ෂ 1964 දී ප්‍රථම වරට හෙරිවේට් ශුරතාව දිනූ අලි ඉන් අනතුරුව 1974 සහ 1978 වර්ෂවලදී එම දක්ෂතාව දැක්වීමට සමත් වුණි.වර්ෂ 1981 දී බොක්සිං ක්‍රිඩාවෙන් සමුගත් මොහොම්මඩ් අලි ඒ වන විට තරඟ 61දී ජයග්‍රහණ 56ක් වාර්තා කර තිබුණි.

    කෙසේ වුවද ඔහු දිගුකලක සිට පාකින්සන් නැමැති මොළයේ රෝගයකට ගොදුරු වී සිටියේය.
    වර්ෂ 1984 දී පාකින්සන් රෝගයට ගොදුරු වී ඇති මොහු වසර 30කට වැඩි කාලයක් එම රෝගය හේතුවෙන් ඔහු පීඩා විදි බවද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේය.

    වසර 27ක් ම බොක්සිං වළල්ලේ රජු ලෙස කිරුළ පැළදීමට මෙම අනභිභවනීය ක්‍රීඩකයා 1960 දී සැහැල්ලු බර පංති ඔලිම්පික් රන් පදක්කමද පසු කලෙක ලෝක හෙවිවේට් ශූරතාව (ලෝහ අධිබර කුසලාන ජයග්‍රහණය) තෙවරක්ද යනාදී වශයෙන් ඔහු ජය වාර්තා කර තිබිණි.

    වර්ෂ 2005 දී ඔහු ඇමෙරිකාවේ ධවල මන්දිරයේදී එවකට ජනාධිපති ජෝර්ජ් බුෂ් අතින් නිදහස සඳහා වන ජනාධිපති පදක්කමෙන් ද පිදුම් ලැබීය.බොක්සිං වළල්ලේදී මෙන්ම ඉන් පිටතදීද සුවහසක් ලෝක ජනතාවගේ ගෞරවාදරයට පත් මෙම අසහාය ක්‍රීඩකයා මිය යනතුරු දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් පිහිටවීය.

    බොක්සිං ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතමයාගේ අභාවයෙන් ලොවම කම්පා වී ඇති බව අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාද පවසා සිටියේය. හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් ද අලීගේ මරණය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබුණි.

    1974 දී අලී සමග තරග වැදුණු සුපිරි බොක්සිං ක්‍රීඩක ජෝර්ජ් ෆෝර්මන් පවසන්නේ තම ජීවිත කාලය තුළ හමුවූ විශිෂ්ටතම මානවයා මොහොමඩ් අලී වන බවයි.

    Re877wC.jpg
    [/IMG]​

    අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මොහොමඩ් අලී ජීවිතයෙක් සමු ගත්තේය.ඒ බොක්සිං ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතමයාගේ සමුගැන්ම ලෙස මුළු ලෝකයාටම සටහන් තබමිනි.

    අනුවාදයකි-ඩේලිමේල් ඇසුරිනි
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    12638566241.jpg

    .........කැසියස් ක්ලේ වූ ඔහු පසු කලෙකදී මොහොමඩ් අලී ලෙස තම මුල් නම වෙනස් කර ගත්තේය.ඒ ඉස්ලාම් දහම වැළඳ ගැනීමත් සමගයි...........................:(:(:(:(:(

    ....."මගේ ආගමේ ප්‍රධාන ලෙසම භාවිතාවන සුබ පැතීම අස්සලාම් අලයික්කුම් යන්නයි. එහි තේරුම ´ඔබට සාමය උදා වේවා!´ යන අදහසයි" යුද්ධයට විරුද්ධව සුප්‍රසිද්ධ දේශනයක් කරමින් ඔහු කියා සිටියේය​.:rofl::rofl::rofl::rofl:

    මොහොමඩ් අලී යනු විසිෂ්ටයෙකි ! එහි කිසිදු විවාදයක් නොමැත !!! නමුත් ඉහත ලිපියේ දම්පාටින් දක්වා ඇත්තේ ඉවසීමට නොහැකිම කොටසයි ....එහි කොළපාටින් දක්වා ඇත්තේ සබුද්ධික මිනිසෙකු ලෙස මේපොලොවේ ජිවත්වන්නෙකුට වැඩිපුරම සිනහයන (පු*න්) කොටසයි ...

    *** හොද ලිපියකි
    Rep is given
     
    • Like
    Reactions: sbanurada

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඔහු ඉස්ලාම් වැළඳ ගත ඇත්ත හේතුව දන්නේ කවුරුන්ද?
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    13412912_958743870910941_1652634840413997602_n.jpg

    ‘සමනලයෙක් සේ සැහැල්ලූවෙන් පියාඹා යමින්, මී මැස්සෙක් සේ රිදෙන්නට විදීම’ (Float Like A Butterfly – Sting Like a Bee) ස්වකීය කී‍්‍රඩා විලාශය කර ගත් ඔහු ක‍්‍රීඩා පිටියේ වීරයෙක්. බොක්සිං ක‍්‍රීඩාවේ පතළ නමක් ඇති ලෝක පූජිත ක‍්‍රීඩකයෙක්. තමන් සහභාගි වූ ප‍්‍රධාන පෙළේ බොක්ෂිං තරග 61න් 56ක් ම ජයග‍්‍රාහීව නිමා කරන්නට සමත් වුණ ඔහු මොහොමඞ් අලී… 1960 වර්ෂයේ සැහැල්ලූ බර පන්තියේ ඔලිම්පික් රන් පදක්කම දිනූ ඔහු තුන් වතාවක් ම ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා බවට පත් වුණා. 1978 වර්ෂයේ ක‍්‍රීඩා දිවියෙන් විශ‍්‍රාම ගන්නා තුරු විසි හත් වසරක් ම බොක්සිං වළල්ලේ අපරාජිත විරුවා වූයෙත් මොහොමඞ් අලී.

    ඔහු සමානාත්මතාවය අගයන ලෝකයේත් වීරයෙක්. කළු – සුදු වර්ගවාදයට එරෙහිව ප‍්‍රසිද්ධියේ හඬ නැගූ, කළු ජාතිකයෙකු වීම නිසා සුදු ජාතිකයන්ට වෙන් වූ අවහන්හලකට ඇතුළු වීමට ඉඩ නො ලැබීමෙන් ලද නිග‍්‍රහය හමුවේ තමන් සතු වූ ඔලිම්පික් රන් පදක්කම ඇමෙරිකාවේ ඔහියෝ ගඟට විසි කර දැමූ කෙනෙක්… මේ සියල්ල හරහා ලෝකයේ ප‍්‍රකට නාමයක් සනිටුහන් කළ අලී අද රෝගී භාවය නිසා බොහොම දුර්වල ශරීර තත්ත්වයකයි පසු වෙන්නේ.

    මිට මොළවා එල්ල කරන අලීගේ වේගවත් මුෂ්ටි පහර ප‍්‍රබල ප‍්‍රතිවාදීන් සැණෙකින් බිම ඇද වට්ටවන්නට තරම් ශක්තිමත් වුණා. එ් වගේ ම බොක්සිං වළල්ලේ දී මේ ශක්තිමත් මිනිසා ව බිම හෙළන්නට කිසිදු ප‍්‍රතිවාදියෙකු සමත් වූයේ නැහැ. එහෙත් අද ඔහු මාංශ පේශි දුර්වලව ගිය පාකින්සන් රෝගියෙක්. අනෙකා බිම වට්ටවන්නට තබා තමන්ගේ කටයුතු තනිව කර ගන්නටත් අද ඔහුට අපහසුයි. දශක හතරකට පෙර පෑ හපන්කම් කිසිවක් අද ඔහුගේ ජීවිතය පවත්වා ගන්නට උපකාරී වන්නේ නැහැ… එදා බොක්සිං වළල්ලේ ඔහු ජය කෙහෙළි නංවන ආකාරය දැක බලා උද්දාමයට පත් වෙමින් ඔල්වරසන් දුන් කිසිවෙකුත් අනාගතයේ දවසක මොහොමඞ් අලී මේ වගේ දුර්වල කායික ස්වභාවයකට පත් වී අසරණ වනු ඇති බවක් කිසි ලෙසකින්වත් සිතන්නට නැහැ. එහෙත් උපන්නා වූ සියලූ සත්වයන්ට පොදු ජරාවට පත් වීමෙන්, ව්‍යාධියෙන් එල්ල වන පහරවල් වළක්වන්නට අලීගේ ජවසම්පන්න අතීතය සමත් වූයේ නැහැ…

    මේ තමයි ලෝකයේ පොදු ඉරණම. උපන් සත්වයාගේ ආයුෂය ඉක්මනින් ගෙවී යනවා. සවිමත් යෝධයන් සේ ලෝකයේ නැගී සිටිය මිනිසුන් බෙලහීන දුර්වලයන් බවට පත් වී ඇද වැටෙනවා. අප මොන තරම් අකැමැති වුවත්, විරුද්ධ වුවත් එය සිදු නො වී වළකින්නේ නැහැ. සවියෙන්, ජවයෙන් පිරී ගත් ජීවිත කාලය තුළ අප රැුස් කරන කිසිම දෙයක් අපව මේ ඉරණමෙන් ගලවා ගන්නේ නැහැ.

    සවි ශක්තිය නො අඩුව ම තිබුණ කාලයේ දී අලී සිය කුසලතාවයන් උපයෝගී කරගෙන ජයග‍්‍රාහකයෙක් වුණා. ගරු නම්බු නාම, වස්තුව, ප‍්‍රසිද්ධිය, කීර්තිය උපයා ගත්තා. ලක්ෂ සංඛ්‍යාත ලෝක ජනකායක් තුළ වීරයෙක් බවට පත් වුණා. එ් කිසිවක් අද ඔහුව ඍජුව නැගිටුවන්නට සමත් වී නැහැ. එ් හැකියාවන්, කුසලතාවයන්, ජයග‍්‍රහණයන් කිසිවක් ලෙඩ ඇඳින් ඔබ්බට ගමන් කොට නැහැ. ඉතින් මරණයට මුහුණ දෙන්නට එයින් උපකාර ලැබීමක් ගැන කවර කථා ද?

    මේ තමයි ලෝක ස්වභාවය. කිසිවෙකුට කිසි දෙයකින් වෙනස් කළ නො හැකි අනිත්‍ය වසඟයට ඔබ අප සෑම ඇසිල්ලක ම බඳුන් වෙනවා. අත දරුවා වැටී වැටී ඇවිදින කාලයේ දී, දුවන පනින සෙල්ලම් කරන කාලයේ දී අපට සිතෙන්නේ ‘එයා දැන් ලොකුයි’ කියලයි… එ් දරුවා අම්ම තාත්තට වඩා උසින් මහතින් වැඩෙන කොට, ජීවිතේ නොයෙකුත් ජයග‍්‍රහණ ලබන කොට අම්මා තාත්තට දැනෙන්නේ රටක් රාජ්‍යයක් දිනුවා කියලයි. තරුණ වයසෙදි ඔය තරම් ම ජවාධිකව උන්නු තමන් දැන් අබල දුබල වෙලා කියන කාරණය දෙමව්පියන්ට සිහි වෙන්නේ නෑ. අද අබල දුබල වෙලා ඉන්න දෙමව්පියෝ විට අවුරුදු කිහිපයකට කලින් තමන් වගේ ම ශක්ති සම්පන්නව හිටියා කියලා දරුවන්ට සිහි වෙන්නෙත් නෑ. එ් නිසා හැම කෙනෙක් ම එක ම ඉලක්කයක් හොයාගෙන නො නවතින තරගයක නියැළෙනවා. එ් ඉලක්කය ගෙවල් – දොරවල්, වත් පොහොසත්කම්, හොඳ රැුකියාවක්, හොඳ දරු පවුලක් වෙනුවෙනුයි වෙන් වෙන්නේ. එ් දේවල් ම හොයපු, එ් දේවල් අඩු නැතිව ම ලබපු අයත් මැරෙනවා. එ් දේවල්වලින් හැම අතින් ම අඩුපාඩු වුණු අයත් මැරෙනවා. මරණයේ දී මේ දෙපිරිසේ වෙනසක් නෑ. ඔවුන් හැම කෙනාට ම ගෙනියන්න ඉතිරි වෙන්නේ කළ හොඳ – නරක දෙක පමණයි… අවසානයේ මළවුන් අතරට ගිය ඔවුන් සිහිපත් කර කථා කරන්නට තිබෙන්නෙත් කළ හොඳ – නරක ගැන පමණයි…

    මෙන්න මේ කාරණය තේරුම් ගන්න කෙනා මරණයට මුහුණ දෙන මොහොත කවදා කොතැන එළඹුණත් එ් මොහොතෙදි පිහිට පිණිස වස්තු සම්භාරයක් රැස් කර ගත්තු කෙනෙක් බවට පත් වෙනවා. දැන උගත්කම්, වත් පොහොසත්කම්වලින් නෙමෙයි එ් වස්තුව සමන්විත වෙන්නේ. ගුණ යහපත්කම් සහ දියුණු කරන ලද සිතයි මරණ මංචකයේ දී අප කාටත් පිහිට සලසන්නේ.

    එ් නිසා ජීවිතේ මුලින් ම දිනා ගන්න ඕන ඉලක්කය වෙන්නේ යහපත් සිතක් සහ ධාර්මික ජීවිතයක්. හරි හම්බ කරලා, දරු මල්ලෝ හදලා එ් ඉලක්කයට යන්න හිතන්න එපා. හරි හම්බ කරන්න කලින්, දරු මල්ලො හදන්න කලින්, අවුරුදු තිහ – හතළිහ – පනහ වෙන්න කලින් අපි මැරෙන්න පුළුවන්. අද හවස් වෙන්න කලින්, හෙට එළි වෙන්න කලින් අපි මැරෙන්න පුළුවන්. එ් නිසා අද ම, මේ දැන් ම සිත යහපතේ පිහිටුවා ගන්න. පමා වෙන එක ම එක මොහොත කල්ප ගණනාවක් පුරාවට සතර අපාය මහ ගෙදර කර ගනිමින්, දුක් වැළපීම් උරුම කර ගනිමින් යළිත් යාමට සිදු වන මහා ප‍්‍රමාදයට අපව ඇද වට්ටවනවා. එ් නිසා එ් කෙලෙස් මුල් දැන් ම නසා දමන්න. සිතින්, කයින්, වචනයෙන් තමන්ටත් – අනුන්ටත් යහපතක් වන දෙයක් මිස අන් දෙයක් නම් කරන්නට එපා. බොහොම කෙටි කලකට අප ලැබූ මේ මිනිසත් භවයේ උතුම් වූ ක්ෂණ සම්පත්තිය මුණ ගැසුණු මොහොතේ තවත් නම් ප‍්‍රමාද වන්නට එපා.

    කයින් ප‍්‍රබලයන් ලොව කොයි මොහොතක හෝ ඇද වැටෙනවා වුණත් සිතින් ප‍්‍රබලයන් එ් සියලූ ඇද වැටීම්වලින් නිදහස් වන බව නිතර සිහි කරමින් අපි සිත දියුණු කරමු. යහපතේ ම හැසිරෙමු…

    තෙරුවන් සරණයි!

    (https://www.facebook.com/8424452125...2445212540808/958743870910941/?type=3&theater)
     
    • Like
    Reactions: hackerzero

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    චගු;20258000 said:

    tfs..rep+

    thanks machoo