ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදත් නියෝගයක් - තවත් ඡන්දයක් 💪💪💪💪

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,185
    34,794
    113
    මේක නම් ඇත්තටම රටට වැඩක් නැති ඡන්දයක්. රටට බරක්.
    නිකං බොරුවට පළාත් සභා ටිකක් නඩත්තු කරනව රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින්. ඉන්දියාවෙන් ආව සීන් නේ මේව. මේ මැතිවරණ කොහොමත් අවලංගු කරන්න ඕන.

    Edited:
    වැරදීමක්, පළාත් පාලන ඡන්දය අනිවාර්යෙන්ම අවශ්‍යයයි පළාත් සභා ඡන්ද එක්ක පැටලවාගෙන මම.
    පළාත් පලාන අනිවා තිබිය යුතුයි. පළාත් සභා කියන්නේ නම් ඉතිං තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීලගේ ගෑනුන්ට දරුවන්ට නෑදෑයින්ට පාර්ලිමේන්තු එන්න ප්‍රැක්ටිස් වෙන්න, රිහර්සල් කරන්න
     
    • Like
    • Love
    Reactions: chami2015 and NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    පළාත් පලාන අනිවා තිබිය යුතුයි. පළාත් සභා කියන්නේ නම් ඉතිං තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීලගේ ගෑනුන්ට දරුවන්ට නෑදෑයින්ට පාර්ලිමේන්තු එන්න ප්‍රැක්ටිස් වෙන්න, රිහර්සල් කරන්න
    ඒක තමයි බං මම ඒ දෙක පටලවාගෙන, මොකද මේ පළාත් සභා මගුලටත් නඩු වගයක් ගියා, ඒකට කළින් හිටපු මැතිවරණ කොමසාරිස්තුත් අනං මනං කිව්ව නේ. මම හිතුවෙ ඒකෙ නඩු තීන්දුවක් කියල මොකද ඔළුවට ගියේම නෑ පළාත් පාලන(ප්‍රාදේශීය සභා) එච්චර පරක්කු උනා කියල.

    පළාත් පාලන නම් අනිවාර්යෙන්ම තියන්න ඕන.

    ඒත් ඉතිං ඕක මේ හදිස්සියේ ඕන නෑ. එක ළඟ තුනක් තියන්න වෙනව නේ. ජනාධීපතිවරණය, පාර්ලිමේන්තු & පලාත් පාලන
     
    • Like
    Reactions: NRTG

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ඕන අනිවාර්යෙන්ම ඒකෙන් නේ නගර සභා වලට ගමට කෙනෙක් තෝරගන්නෙ
    why is it needed? Everything is going smooth in my area.

    පළාත් පලාන අනිවා තිබිය යුතුයි. පළාත් සභා කියන්නේ නම් ඉතිං තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීලගේ ගෑනුන්ට දරුවන්ට නෑදෑයින්ට පාර්ලිමේන්තු එන්න ප්‍රැක්ටිස් වෙන්න, රිහර්සල් කරන්න
    why is it needed? Everything is going smooth in my area. everything is done by gov servants.
    ------ Post added on Aug 22, 2024 at 12:58 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,808
    113
    Homagama
    වැඩක් නැහැ නේ බන්
    ජනාධිපතිට නඩු දාන්න බැරි රටක් නේ මේ
    මොන තීරණ දුන්නත් වැඩක් නැහැ
    වෙලාව කනවා විතරයි
    1)පෙර නඩු තින්දුවක් තියන එක ඉදිරියේදි මේ ගේම ගහන්න බැරි වෙන්න ඉතාම වැදගත්.

    2) රනිල්ට මේ ව්‍යවස්ථා විරෝධි කියන උසාවියෙන්ම දුන්න ලේබලය මේ වෙලාවේ අවාසියි. නීතිය රැක්කා මානව හිමිකම් රැක්කා කියන එක කියන හැම පාරම මේකෙන් දමලා ගහන්න පුලුවන්. අනික හරියට මේක විපක්ෂය පාවිච්චි කලොත් රනියාව වේදිකාවේ නස්තන් කරන්නපුලුවන්. මොකද රනියාගේ පැත්තට මේක සාදාරණිකරණය කරන්න ලේසි නැ. CoC වෙනවා
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,084
    198,570
    113
    Colombo, Sri Lanka
    මොකාව කොහේට වියදම් කරලා චන්දෙ දීලා යැව්වත් මුන් හැම එකාම කරන්නේ අපේ බදු වලට තට්ටු කරලා උන් හැදෙන එක. අපිටත් රටටත් වැඩක් නැහැ. ඉක්මනටම මේ සිස්ටම් එක තමයි හදන්න ඕනේ
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    මොකාව කොහේට වියදම් කරලා චන්දෙ දීලා යැව්වත් මුන් හැම එකාම කරන්නේ අපේ බදු වලට තට්ටු කරලා උන් හැදෙන එක. අපිටත් රටටත් වැඩක් නැහැ. ඉක්මනටම මේ සිස්ටම් එක තමයි හදන්න ඕනේ
    ඔව් මේක නම් සහතික ඇත්ත. සිස්ටම් එක තමයි වෙනස් වෙන්න ඕන. පක්ෂ වලට වහල්කම් කරන එවුන්ගෙ මොල පෑදෙනකල් ඒක කරන එක බොරුවක් ඉතිං
     
    • Like
    Reactions: NRTG

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    රනිලා සල්ලි නැ කියලා පරදිනවාට බයේ නීතිවිරෝධිව කල්දාපු පලාත් පාලන ඡන්දය ක්ලදැමිම වැරදි කියලා අද SC එක තිරණය කරලා තියනවා.

    මෙහිදි මැතිරණ කොමිසම වගේම මුදල් අමත්‍යවරයා ලෙස රනිලුත් වැරදි කියලා SC එක තිරණය කරලා.

    ඉක්මනට ඡන්දයක් ඒවි තව මේ තින්දුවේ හැටියට.
    වැරද්දක් කලාම දඩුවමක් නැද්ද ?
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,808
    113
    Homagama
    ඔව් මේක නම් සහතික ඇත්ත. සිස්ටම් එක තමයි වෙනස් වෙන්න ඕන. පක්ෂ වලට වහල්කම් කරන එවුන්ගෙ මොල පෑදෙනකල් ඒක කරන එක බොරුවක් ඉතිං
    මිනිස්සු කෝටි 2කේම මොල පැදෙනකං ඉදලා සිස්ටම් හදන්න ගියොත් හැමදාම මෙතන. මොකද ඕක කවදාවක් වෙන්නැති නිසා.

    සිස්ටම් හැදෙන්න ඕනා උඩ ඉදන් යටට. ඕක මිනිස්සුත් තේරුම් ගත්ත දවසක රටට දෙයක් වෙයි
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    මිනිස්සු කෝටි 2කේම මොල පැදෙනකං ඉදලා සිස්ටම් හදන්න ගියොත් හැමදාම මෙතන. මොකද ඕක කවදාවක් වෙන්නැති නිසා.

    සිස්ටම් හැදෙන්න ඕනා උඩ ඉදන් යටට. ඕක මිනිස්සුත් තේරුම් ගත්ත දවසක රටට දෙයක් වෙයි
    ඇයි යට ඉඳන් උඩට හැදිල තියෙන ඒව දැකලම නැද්ද?
    මම කියන්නෙ යට ඉඳන් උඩටත් සිස්ටම් හදන්න පුලුවන්. මොකද උඩට යන්නෙත් යට ඉන්න එවුන්ම තමයි නැතුව පිටසක්වලින් එන්නෙ නෑ නේ බං උඩට.
    මේක මෙහෙම Easy කතා කරන්න පුලුවන් ටොපික් එකක් නෙමෙයි
     
    • Like
    Reactions: Tricle_Buwa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,808
    113
    Homagama
    ඇයි යට ඉඳන් උඩට හැදිල තියෙන ඒව දැකලම නැද්ද?
    පොඩි පොඩි ඇප්ලිකේෂන්ස් හා රාජ්‍ය යාන්ත්‍රණය කියන්නේ දෙකක්.
    යට ඉදන් උඩට "රටක සිස්ටම්" හදන්න ගියොත් වෙන භෞතික හා සාමාජිය හායනය හා බලපැම් වැඩි. එකට දරන්න වෙන කොස්ට් එක වැඩි.
    පොඩි මිනිහාගෙන් රටවල් වෙනස් කරන්න ගියාම සැහෙන්න කොස්ට් දරලා අන්තිමේදි වසර 50කින් විතර බිදවැටුනු රටවල් සැහෙන්න තියනවා.

    මම කියන්නෙ යට ඉඳන් උඩටත් සිස්ටම් හදන්න පුලුවන්.
    රාජ්‍ය සැලැස්ම හදන හැටි කියන්න යට ඉදන්.
    මොකද උඩට යන්නෙත් යට ඉන්න එවුන්ම තමයි නැතුව පිටසක්වලින් එන්නෙ නෑ නේ බං උඩට.
    ඒකට මිනිස් බුද්ධිමත් වෙනකං වල්බාවය නැති වෙනකං ඉන්න ඕනා නැ.

    මේක මෙහෙම Easy කතා කරන්න පුලුවන් ටොපික් එකක් නෙමෙයි
    ඔව් ඒක ඇත්ත. නැත්තම් කලබලේට සමහරුන්ට ලියන්නෙ කියවලා වත් නෙවෙයිනේ. ඒක හොදා. අපි දිගට කතා කරන එක.
     
    • Haha
    Reactions: Honda.putha

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,854
    18,712
    113
    ජනාධිපතිවරණයන් පස්සෙ, පාර්ලිමේන්තු මැතිවරණය ට කලින් පලාත් පාලන මැමැතිවරණය තිබ්නොත් NPP එකට වාසියක් වෙනව මේ නඩු තීන්දුවෙන්
     
    • Like
    Reactions: emoji diaries

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වැඩක් නැහැ නේ බන්
    ජනාධිපතිට නඩු දාන්න බැරි රටක් නේ මේ
    මොන තීරණ දුන්නත් වැඩක් නැහැ
    වෙලාව කනවා විතරයි

    දන්න විදියට සිවිල් නඩු විතරයි බැරි, මුලික අයිතිවාසිකම් පුළුවන්. ඒකනේ මේ දාලා තියෙන්නේ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    රනිලා සල්ලි නැ කියලා පරදිනවාට බයේ නීතිවිරෝධිව කල්දාපු පලාත් පාලන ඡන්දය ක්ලදැමිම වැරදි කියලා අද SC එක තිරණය කරලා තියනවා.

    මෙහිදි මැතිරණ කොමිසම වගේම මුදල් අමත්‍යවරයා ලෙස රනිලුත් වැරදි කියලා SC එක තිරණය කරලා.

    ඉක්මනට ඡන්දයක් ඒවි තව මේ තින්දුවේ හැටියට.
    පොන්න තීරණයක් ඔහොම හෙමින් ගිහින් පලාත්පාලන ඉන්දීය උගුල අහෝසි කරානම්ඉවරයි උබල ලෝක හරක්
    මහින්ද රාජපක්ෂ ගත්ත හොඳ තීරණය ක්
    13 බලාත්මක වෙනව පලාත් පාලනය තිබුනා ම
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,808
    113
    Homagama
    පොන්න තීරණයක් ඔහොම හෙමින් ගිහින් පලාත්පාලන ඉන්දීය උගුල අහෝසි කරානම්ඉවරයි උබල ලෝක හරක්
    මහින්ද රාජපක්ෂ ගත්ත හොඳ තීරණය ක්
    13 බලාත්මක වෙනව පලාත් පාලනය තිබුනා ම
    Here We Go Dragon GIF by CBC

    පොන්න තීරණයක් කියලා උසාවියටත් අපහසය කරලා තියෙන්නේ කලබලේ වැඩි කමට. ප්‍රා.ස, නා.ස හෝ පලාත් සබා නොදන්න ලොන්තයෝ එකාතකින් හිරේ දාලා ජනතා බදු මුදලින් කල්දේරම් බත් කවන එකත් රටට අපරාධයක්.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    පොඩි පොඩි ඇප්ලිකේෂන්ස් හා රාජ්‍ය යාන්ත්‍රණය කියන්නේ දෙකක්.
    යට ඉදන් උඩට "රටක සිස්ටම්" හදන්න ගියොත් වෙන භෞතික හා සාමාජිය හායනය හා බලපැම් වැඩි. එකට දරන්න වෙන කොස්ට් එක වැඩි.
    පොඩි මිනිහාගෙන් රටවල් වෙනස් කරන්න ගියාම සැහෙන්න කොස්ට් දරලා අන්තිමේදි වසර 50කින් විතර බිදවැටුනු රටවල් සැහෙන්න තියනවා.

    රාජ්‍ය සැලැස්ම හදන හැටි කියන්න යට ඉදන්.

    ඒකට මිනිස් බුද්ධිමත් වෙනකං වල්බාවය නැති වෙනකං ඉන්න ඕනා නැ.

    ඔව් ඒක ඇත්ත. නැත්තම් කලබලේට සමහරුන්ට ලියන්නෙ කියවලා වත් නෙවෙයිනේ. ඒක හොදා. අපි දිගට කතා කරන එක.
    හරි මෙහෙම පටන්ගමු,
    අපි හැමෝම දැන් අවුරුදු 70 ගානක් තිස්සෙ උඩ හදන්න නේ ට්‍රයි කරේ? ඉතිං හැදුනද? වැඩක් උනාද? එකම පක්ෂ ටික කැරකි කැරකි තියෙනව එදා ඉඳලම.
    මම කියන්නෙ රටක් ගොඩ යන්නෙ Education වලින්, ඒක තමයි අංක 1. රටක් වට්ටන්න ඕන උනාම ඒක තමයි ඕනම රටක මුලින්ම අත තියන්නෙ අධ්‍යාපනයට. අපේ රටෙත් උඩ ඉන්න අය හරි කැමතියි රටේ මිනිස්සු මෝඩයො වෙනවට. එතකොට තමයි උංට පැවැත්මක් තියෙන්නෙ.

    මුලින්ම හිතපං තමන් කාපු ටොපි කොලයක් හරියට කුණු කූඩෙට දාන්නෙ නැති, පාරක පිලිවෙලට යන්නෙ නැති, පාරවල් වල තියෙන දේවල් හොරකම් කරන රටක උඩ හැදුනත් වැඩක් තියේද කියල? මුලින්ම මිනිස්සුන්ට Discipline තියෙන්න ඕන. ඒවයින් තමයි පටන් ගන්න ඕන. මේ අතරෙ තව ගොඩක් දේවල් තියෙනව, ඊට පස්සෙ මිනිස්සුන්ගෙ ඔළුවට යන්න ඕන රට රන් වෙන්නෙ අපේ බදු සල්ලි වලින් කියල. අන්න ඒ හැඟීම රටේ ජනතාවගෙන් 1%කටවත් ගිහිං ඇති කියල උඹ හිතනවද? මම කියන්නෙ නෑ. රටේ දැනෙන්න බදු ගෙවන මිනිස්සුන්ට විතරයි ඒක දැනිල තියෙන්නෙ. අනිත් කාටවත් තාම තේරුමක් නෑ අපේ බදු සල්ලි වලින් තමයි මේව ඔක්කොම රන් වෙන්නෙ කියල. අන්න ඒ හැඟීම මිනිස්සුන්ට ගිය දවසට රජයට බලපෑම් කරන්න පටන් ගන්නව. රජයට බලපෑම් කරන්න පටන් ගන්න මුල්ම තැන රාජ්‍ය ආයතන. දැන් මිනිස්සු AG Office එකකට ගිහිල්ල උනත් පෝලිම් වල උන්ගෙ කුණු කතා අහගෙන ඉන්නව, හොස්පිට්ල් එකකට ගියාම එතැන ඉන්න එවුන්ගෙන් බැනුම් අහනව, තමන්ගෙ බදු සල්ලි වලින් මේ ආයතන රන් වෙන්නෙ කියන එක ඔළුවට ගියපු දවසට මිනිස්සු ඕව තමන්ම හදාගන්නව. ඒක ඉබේටම වෙන දෙයක් විස්තර කරන්න දෙයක් නෑ.
    රජයෙ ආයතන ටික හැදෙද්දි නිකංම රාජ්‍යතන්ත්‍රය හැදෙන්න පටන් ගන්නව. මේක මේ විදියට තමයි උඩට යන්නෙ. මොලේ තියෙන, Discipline තියෙන මිනිස්සු ඉන්න රටක් හරි ලස්සනයි.

    අනිත් එක තමයි තමන් හම්බකරගෙන කන්න ඕන කියන කන්සෙප්ට් එක ඔළුවට යන්න ඕන. මේක තමයි මිනිස්සුන්ගෙ නැත්තෙ, මිනිස්සු ඡන්දෙ දාන්නෙ ගැලරිය පිනවන්න දෙන ටෝක්ස් වලට. අරෙක දෙනව මේක දෙනව කිව්ව ගමන් දානව. තම තමන් හරියට හම්බකරගෙන හැදෙන්න ඕන, එතකොට තමයි රටක් ආර්ථිකමය වශයෙන් පවර්ෆුල් වෙන්නෙ. ව්‍යවසායකයො බිහිවෙන්නෙ එහෙම රටක. ඒ වගේ රටවල් තමයි දියුණු වෙන්නෙ. නැතුව සහනාදාර මානසිකත්වයෙන් හිටියොත් වලපල්ලට යන එක තමයි වෙන්නෙ.

    දැන් ඡන්දෙ ගැන කතා කරොත්,
    උඹල ඔය ඡන්දෙ දෙන්නෙ (හෝ වහල්කම් කරන්නෙ) හානිය අවම පක්ෂයකට මිසක් Perfect පක්ෂයකට නෙමෙයි. ඒක තේරුම් ගන්න මුලින්ම. උඹ හොඳ තැනක ඉන්න කෙනෙක් නිසා මම හිතන්නෙ නෑ උඹට ඒක නොතේරනව ඇති කියල. මම ඒකයි කිරියෙ පුන පුනා කියන්නෙ 2020න් පස්සෙත් දේශපාලන පක්ෂ කරේ තියාගෙන වහල්කම් කරනව නම් ඌ පට්ට මෝඩයෙක්. මේ ඡන්දෙ ඉල්ලන එකෙක්වත් හොඳ නෑ. සජිය කොහොමත් මෝඩයෙක්, නාමල්ල ගැන කතා කරල වැඩක් නෑ නේ කෙරුවාව දැනගත්ත නේ, රනිල් උනත් මේ සිස්ටම් එක ඇතුලෙ ඇති වෙන්න කාලයක් ඉඳල ෆේල් උන චරිත, ඒ වගේම භයානකයි, අනුරත් මේ හැම එකාටම කඩේ ගියපු මේක අස්සෙම ඉන්න තවත් එක චරිතයක්, උන් 3%ට වැටිල තිබ්බෙ ඒ නිසා නේ, පාර්ලිමන්ට් එකේ ආසන 40 ගානක් තිබිල 3ට බස්ස ගත්තෙ කෙරුවාව නිසා නේ. ඔතැන ඉන්න එකෙක්වත් පුම්බන්න ඕන චරිත නෙමෙයි. මිනිස්සු එක්ක වාද විවාද කරගෙන ගහමරාගෙන කඩේ යන්න තරම් වටින එකෙක්වත් ඔය ඡන්දෙ ඉල්ලන ගොඩේ නෑ. මම ඒකයි කියන්නෙ.

    වෙනත් කතාවක්,
    මේකෙ මම Analyze කරපු දේවල් වලට රිදිල මාත් එක්ක Personal arrears හදාගත්ත කීප දෙනෙක් ඉන්නව. පොලිටික්ස් ප්‍රශ්න නිසා එහෙම ඇරියස් හදාගන්න ඕන නෑ. එහෙම හදාගන්න වටින චරිත නෙමෙයි මේ ඉලෙක්ෂන් වල ඡන්දෙ ඉල්ලන්නෙ. අනිත් එක මම Analyze කරල තියෙන්නෙ ඒක මගේ Hobby එකක්. මම කිරිය ඇතුලෙ මෙයිට වඩා දේවල් Analyze කරල ඇති. මිනිස්සුන්ට වැදගත් වෙන දේවල්. මේක මම දේශපාලන ඇහැකින් කරපු දෙයක් නෙමෙයි, කාට හරි ඒ Analyze කරපු දේවල් ගැන ප්‍රශ්නයක් තියෙනව නම් Facts එක්ක ඒ අදාල තැන් වල කතා කරන්න, එහෙම කතා නොකරපු අය තමයි හැංගිලා ගහන්නෙ.

    සාරාංශය:
    මිනිස්සු බුද්ධිමත් වෙද්දි නිකංම උඩට හොඳ මිනිස්සු තේරිල යයි, ඒ බුද්ධිමත් මිනිස්සු අතරෙන් කිහිප දෙනෙක් උඩට යයි. සිස්ටම් චේන්ජ් එකක් මේ වගේ රටක උඩ ඉඳල කරන්න අමාරුයි. උඩ අන්ත Corrupt වෙලා තියෙන්නෙ. ඒව හදන්න තියා හිතන්නවත් බෑ. හදන්න ඕන කෙනෙක්ට ඒ Corrupt වූන සිස්ටම් එක ඇතුලෙ එවුන් එන්න දෙන්නෙත් නෑ. ඕකුං ඔක්කොම එකයි.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    අඩෝ ඉතිං මේක රටේ නීතිය කැඩුවා කියලනේ කියන්නේ.. එකත් ජනතාවගේ පරමාධිපත්‍ය... අපිට දඩ කොලයක් සෙට් උනත් රස්සාවක් ගන්න බෑ, මුන් මෙච්චර වැරදිකාරයෝ වෙලත් ජනාධිපතිකමට ඉල්ලනවනේ...
    රනිලා විතරක් නෙවෙයි මයිත්‍රී ලොක්කත් මේවගේ වැරදිකාරයෙක් කරනේ උසාවියෙන්..
     
    Jim Carrey Reaction GIF
     
    • Haha
    Reactions: Honda.putha

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    මගේ රස්සාවත් කම්පියුටර් ආශ්‍රිත දේවල් නිසා සාමාන්‍ය කෙනෙක්ට වැඩිය ගොඩක් ස්පීඩ් ටයිප් කරන්න පුලුවන් බං. මේ වගේ වැදගත් දේකට අකුරු ටිකක් නාස්ති කරා කියල අවුලක් නෑ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,808
    113
    Homagama
    දීර්ඝ පිලිතුරක් ලියලා තිබ්බට ඇත්තට
    ම වටේ යනවා විතරයි නේ බං. ලංකාවේ රට හදනවා කියලා කියන හැමොගෙම අවුල ඕක. ඩිරෙක්ට් උත්තර නැති හැලි තියෙන්නේ.

    මේ විදිහට සිස්ටම් එක කල්පයක් ගිහින් වත් හැදනේනේ නැ.

    මම ක්‍රමය ඇහුවේ එකට උත්තරය දිලත් නැ. එනිවේ
    හරි මෙහෙම පටන්ගමු,
    අපි හැමෝම දැන් අවුරුදු 70 ගානක් තිස්සෙ උඩ හදන්න නේ ට්‍රයි කරේ? ඉතිං හැදුනද? වැඩක් උනාද? එකම පක්ෂ ටික කැරකි කැරකි තියෙනව එදා ඉඳලම.
    නැ මිනිස්සු උඩ හදන්න ට්‍රයි කලේ නැ. ඉල්ලපු එක එක පිරිසකට ඡන්ද දුන්නා. උන්ව වෙනස් කලේ නැ අවුරුදු 70 යනකං.
    මම කියන්නෙ රටක් ගොඩ යන්නෙ Education වලින්, ඒක තමයි අංක 1. රටක් වට්ටන්න ඕන උනාම ඒක තමයි ඕනම රටක මුලින්ම අත තියන්නෙ අධ්‍යාපනයට. අපේ රටෙත් උඩ ඉන්න අය හරි කැමතියි රටේ මිනිස්සු මෝඩයො වෙනවට. එතකොට තමයි උංට පැවැත්මක් තියෙන්නෙ.
    අධයාපනය වෙනස් කරන ප්‍රතිපත්තිය හදන්න ඕනා පාර්ලිමෙන්තුවෙන්. ඒක මිනිස්සුන්ට කරන්න බැ. ඒක ගමේ මිනිහට කරන්න බැ. එකට විශේඥෂ දැනුම අනිවර්යයයි.

    මුලින්ම හිතපං තමන් කාපු ටොපි කොලයක් හරියට කුණු කූඩෙට දාන්නෙ නැති, පාරක පිලිවෙලට යන්නෙ නැති, පාරවල් වල තියෙන දේවල් හොරකම් කරන රටක උඩ හැදුනත් වැඩක් තියේද කියල? මුලින්ම මිනිස්සුන්ට Discipline තියෙන්න ඕන. ඒවයින් තමයි පටන් ගන්න ඕන.
    ඩිසිප්ලින් හදන් නිතිය ශක්තිමත් වෙන්න ඕනා. නිතිය හදන්නේ පාර්ලිමෙන්තුවෙන්. ක්‍රියාත්මක කරන්නේ උසාවියෙන්.
    ලොකේ රටවල් වල ඩිසිප්ලින් කියන දේ හැදෙන්නේ නීතිය දැනන විදිහට තදින් ක්‍රියාත්මක වෙන්න ගත්ත නිසා.

    නැත්ම් මිනිස්සු තමන්ගේ ජාන වලින්ම සිරවෙලා ඉන්න කැමති පිරිසක් නෙවෙයි. දුටුතැනින් රිංගනවා. මිනිස්සු එකට තියාගන්න නීතිය අවශයයි.

    අංක 1 නිතිය ශක්තිමත් කිරිම. ඒක කල හැක්⁣කේ ඉහල සිටයි. පහලට නීති හදන්න දුන්නොත් යන්නේ අර්බුධයකට.

    මේ අතරෙ තව ගොඩක් දේවල් තියෙනව, ඊට පස්සෙ මිනිස්සුන්ගෙ ඔළුවට යන්න ඕන රට රන් වෙන්නෙ අපේ බදු සල්ලි වලින් කියල. අන්න ඒ හැඟීම රටේ ජනතාවගෙන් 1%කටවත් ගිහිං ඇති කියල උඹ හිතනවද? මම කියන්නෙ නෑ. රටේ දැනෙන්න බදු ගෙවන මිනිස්සුන්ට විතරයි ඒක දැනිල තියෙන්නෙ. අනිත් කාටවත් තාම තේරුමක් නෑ අපේ බදු සල්ලි වලින් තමයි මේව ඔක්කොම රන් වෙන්නෙ කියල. අන්න ඒ හැඟීම මිනිස්සුන්ට ගිය දවසට රජයට බලපෑම් කරන්න පටන් ගන්නව.
    බදු අනපනත් මුදල් බලය තියෙන්නේ ඉහලට. සාමාන්‍ය මිනිස්සුන්ට හදන්න බලයක් නැ. බලයක් දිය යුතුත් නැ.

    හැමෝම ආස බදු නොගවා ඉන්න. හෙට ලක්ෂයට අඩු අයට අදායම් බදු ගහනවා කිව්ව ගමන් ඔය බද්දෙන් මේ ලංකාවේ හැම ගෙදරම තවුතිසාව හදනවා කිව්වත් මිනිස්සු කැමති වෙන්නේ නැ තමන්ගේ පොකට් එකෙන් සල්ලි කැපනවාට. විශේෂයෙන්ම උබ කියන්නෙ යට ඉදන් හදනවා කියලානේ. ඒ මිනිස්සුන්ට අලුත් බදු හදුනවා දිලා බලන්නකෝ. බදු කියන්නේ හැමොටම රිදෙන දැනෙන දෙයක්.

    බදු අධ්‍යාපනය අනිවා⁣ර්යයෙන්ම අවශ්‍යයි. නමුත් එහෙම කියලා බදු දැනුම ලබාගත්ත පමණින් ගෙවන බදු වලින් මොනා කරනවා කිව්වත් සාමාන්‍ය පොදු ජනයා බදු ගෙවන්න හිත හදාගන්නේ නැ. ඒවා සුරංගනා කතා. බදුවලට පුලුවන් ආන්ඩු පෙරලන්න.

    බදු දැනුම දෙමු. ඇත්ත මතක තියාගමු.

    රටට ගැලපෙන සාධාරණ බදු ප්‍රතිපත්තිය ඉහලින් ඒ කියන්නේ පාර්ලිමෙන්තුවෙන් හදනවා. ඒක ක්‍රියාත්මක කරනවා. එකත් කරන්නේ ⁣කොහෙන්ද? උඩ ඉදන්.

    මහපොලවේ දේශපාලනේ කතා කරමු රට හදන්න ඉන්නවානම්.

    රජයට බලපෑම් කරන්න පටන් ගන්න මුල්ම තැන රාජ්‍ය ආයතන. දැන් මිනිස්සු AG Office එකකට ගිහිල්ල උනත් පෝලිම් වල උන්ගෙ කුණු කතා අහගෙන ඉන්නව, හොස්පිට්ල් එකකට ගියාම එතැන ඉන්න එවුන්ගෙන් බැනුම් අහනව, තමන්ගෙ බදු සල්ලි වලින් මේ ආයතන රන් වෙන්නෙ කියන එක ඔළුවට ගියපු දවසට මිනිස්සු ඕව තමන්ම හදාගන්නව. ඒක ඉබේටම වෙන දෙයක් විස්තර කරන්න දෙයක් නෑ.

    රජයෙ ආයතන ටික හැදෙද්දි නිකංම රාජ්‍යතන්ත්‍රය හැදෙන්න පටන් ගන්නව. මේක මේ විදියට තමයි උඩට යන්නෙ. මොලේ තියෙන, Discipline තියෙන මිනිස්සු ඉන්න රටක් හරි ලස්සනයි.
    රාජ්‍ය ආයතන පොදු මිනිස්සුන්ට ඕනා විදිහට පාලනය කරන්න බැරිය. ඔහෙම උනොත් රට ඇනාකියකට යන්නේ. ඒකට අවශය කෝඩ් ඔෆ් කන්ඩක්ට් එක ඕන වෙන්නේ උඩින්.

    හැබැයි ඒකට යම් ජනතා මැදිහත් විමක් විය යුතුයි. හැබැයි ඔවා වල වැඩ කරන්නෙත් උබ ඔය යට ඉදන් හදනවා කියන මිනිස්සු. ඒ මිනිස්සුව හරියට ඩිසිප්ලින් තියාගන්න නම් නිතිය එන්න ඕනාත් කොහෙන්ද? උඩින්මයි.

    තම තමන් හරියට හම්බකරගෙන හැදෙන්න ඕන, එතකොට තමයි රටක් ආර්ථිකමය වශයෙන් පවර්ෆුල් වෙන්නෙ
    🤣🤣🤣 ආර්ථික විද්‍යාව ලෙෆ්ට්.

    ව්‍යවසායකයො බිහිවෙන්නෙ එහෙම රටක. ඒ වගේ රටවල් තමයි දියුණු වෙන්නෙ.
    ව්‍යවාසකයෙක් බිහිවෙන්න අවශ්‍ය දේශපාලන ආර්ථික වටපිටාව හැදිය යුත්⁣තේ ඉහල සිට. පහලට ඕවා කරන්න ශක්‍යතාවක් නැ. දිය යුතුත් නැ.
    නැතුව සහනාදාර මානසිකත්වයෙන් හිටියොත් වලපල්ලට යන එක තමයි වෙන්නෙ.
    සහනාධාර ලැබිය යුතු පිරිසක් ඉන්නවා. උබ යට ඉදන් හදන්න කතා කරනවා. නමුත් උබ වෙනස් කරන්න හදනවායි කියන යට ඔකට එකග නැ. ඔය තිරණයත් ගන්න ඕනා උඩින්මයි. ඒ කියන්නේ හදන්න ඕනා උඩ ඉදන්.

    දැන් ඡන්දෙ ගැන කතා කරොත්,
    උඹල ඔය ඡන්දෙ දෙන්නෙ (හෝ වහල්කම් කරන්නෙ) හානිය අවම පක්ෂයකට මිසක් Perfect පක්ෂයකට නෙමෙයි. ඒක තේරුම් ගන්න මුලින්ම. උඹ හොඳ තැනක ඉන්න කෙනෙක් නිසා මම හිතන්නෙ නෑ උඹට ඒක නොතේරනව ඇති කියල. මම ඒකයි කිරියෙ පුන පුනා කියන්නෙ 2020න් පස්සෙත් දේශපාලන පක්ෂ කරේ තියාගෙන වහල්කම් කරනව නම් ඌ පට්ට මෝඩයෙක්. මේ ඡන්දෙ ඉල්ලන එකෙක්වත් හොඳ නෑ. සජිය කොහොමත් මෝඩයෙක්, නාමල්ල ගැන කතා කරල වැඩක් නෑ නේ කෙරුවාව දැනගත්ත නේ, රනිල් උනත් මේ සිස්ටම් එක ඇතුලෙ ඇති වෙන්න කාලයක් ඉඳල ෆේල් උන චරිත, ඒ වගේම භයානකයි, අනුරත් මේ හැම එකාටම කඩේ ගියපු මේක අස්සෙම ඉන්න තවත් එක චරිතයක්, උන් 3%ට වැටිල තිබ්බෙ ඒ නිසා නේ, පාර්ලිමන්ට් එකේ ආසන 40 ගානක් තිබිල 3ට බස්ස ගත්තෙ කෙරුවාව නිසා නේ. ඔතැන ඉන්න එකෙක්වත් පුම්බන්න ඕන චරිත නෙමෙයි. මිනිස්සු එක්ක වාද විවාද කරගෙන ගහමරාගෙන කඩේ යන්න තරම් වටින එකෙක්වත් ඔය ඡන්දෙ ඉල්ලන ගොඩේ නෑ. මම ඒකයි කියන්නෙ.
    උබලා පොදු මිනිහා දිහා බලලා නොවයි කතා කරන්⁣නේ. මම දිනපතා ඔය වගේ මිනිස්සු හමුවන කෙනෙක්. පොදු මිනිහාට⁣⁣ බරසාර දේශපාලනය අර්ථය සත්‍යය කියන දේ එච්චර වැඩක් නැ. උන් ඉන්නෙ ඊට වඩා ප්‍රශ්න ගොඩක. ජිවිතේ ගැන. එදාවෙල ගැන කැම ගැන.

    උන්ට සතුටු වෙන්න විදිහක් නැ. කන්න බොන්න විදිහක් නැ. ආතල් එකක් අරන් නැ. සිරාවට එාහම මිනිස්සු මිලියන ගානක් මේ රටේ ඉන්නේ.

    එහෙම උන්ට මේ දෙන හාල් කිලෝ එක රුපියල් 5000 උනත් වටිනවා. උබලා මේ ⁣හදාගත්ත බබල් වලින් පිට ගැන කල්පනා කරපං. අපි මේ කතා කරන නීතිය ව්‍යවස්තාව සිස්ටම් එක උන්ට ග්‍රික් ලතින් වගේ.

    එහෙම උන් පක්ෂ වලට ක⁣ඩේ යන එක අහන්න දෙයක් නැ. එහෙම මිනිස්සුන්ව වෙනස් කරනවාට වඩා ඉතාම පහසු හා පැට්‍රිකල් දේ ඉහලින් වැඩක් කරන්න පුලුවන් පිරිසක් පත් කරන එක.

    ඒකට මිනිස්සුන්ව යොමු කරවාගන්න පුලුවන හරි ⁣දේශපාලන සැලැස්මක් තියනවානම්.

    මුලින්ම යට ඉදන් රට හදන්න කතා කරනවානම් කරුණාකරලා රට ගැන රටේ ඩෙමොග්‍රැෆිය හදාරන්න.

    වෙනත් කතාවක්,
    මේකෙ මම Analyze කරපු දේවල් වලට රිදිල මාත් එක්ක Personal arrears හදාගත්ත කීප දෙනෙක් ඉන්නව. පොලිටික්ස් ප්‍රශ්න නිසා එහෙම ඇරියස් හදාගන්න ඕන නෑ. එහෙම හදාගන්න වටින චරිත නෙමෙයි මේ ඉලෙක්ෂන් වල ඡන්දෙ ඉල්ලන්නෙ. අනිත් එක මම Analyze කරල තියෙන්නෙ ඒක මගේ Hobby එකක්. මම කිරිය ඇතුලෙ මෙයිට වඩා දේවල් Analyze කරල ඇති. මිනිස්සුන්ට වැදගත් වෙන දේවල්. මේක මම දේශපාලන ඇහැකින් කරපු දෙයක් නෙමෙයි, කාට හරි ඒ Analyze කරපු දේවල් ගැන ප්‍රශ්නයක් තියෙනව නම් Facts එක්ක ඒ අදාල තැන් වල කතා කරන්න, එහෙම කතා නොකරපු අය තමයි හැංගිලා ගහන්නෙ.
    අදාල නැති කචකචයක්.

    සාරාංශය:
    මිනිස්සු බුද්ධිමත් වෙද්දි නිකංම උඩට හොඳ මිනිස්සු තේරිල යයි, ඒ බුද්ධිමත් මිනිස්සු අතරෙන් කිහිප දෙනෙක් උඩට යයි. සිස්ටම් චේන්ජ් එකක් මේ වගේ රටක උඩ ඉඳල කරන්න අමාරුයි.
    බැ. ලංකාවට මිනිස්සු බුද්ධිමත් වෙනකං බලන්න ඉන්න කාලයක් නැ. ලංකාවේ මිනිස්සු බහුතරකට අවම iq එක ඕවා කරන සැහෙන කල් යනවා.

    හොදම හා වෙගවත්ම විකල්පය 50%කුත් එකක් ලෙස වැඩක් කරගන්න පුලුවන් පිරිසක් යවලා නීති අනපනත් උඩ ඉදන් හදන එක.

    උඩ අන්ත Corrupt වෙලා තියෙන්නෙ. ඒව හදන්න තියා හිතන්නවත් බෑ. හදන්න ඕන කෙනෙක්ට ඒ Corrupt වූන සිස්ටම් එක ඇතුලෙ එවුන් එන්න දෙන්නෙත් නෑ. ඕකුං ඔක්කොම එකයි.

    උඩ අන්තය කරප්ට් නම් කොහොමද බං යට ඉදන් හදන්නේ.
    උන් උඩ වෙනස් කරන්න දෙන්නැ මොන කැරැල්ල ආවත්. ⁣පොඩි චුන් එකක් දිලා යට විප්ලවය තලා පෙලා දානවාමයි.
    ඒකයි ඔලුව වෙනස් කරන්නම ඕනා. ඔලුව නැතුව කදට ගමනක් නැ.

    සොරිටු සේ මචං මේක රාජ්‍ය පාලනයේ අතාර්කිකම කතාවක්.. සිරාම මනෝ ලෝක ලියවිල්ලක්. පැට්‍රිකල් ලෙකෙට වරෙන්.