ශ්‍රේෂ්ඨාධිකරණය අවට විශේෂ පොලිස් ආරක්ෂා&

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,165
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    ශ්‍රේෂ්ඨාධිකරණය අවට විශේෂ පොලිස් ආරක්ෂා&

    මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන බව වාර්තා වේ.

    පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීති වීරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් වැඩිදුර විභාගය අද (13) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදු කිරීම හේතුවෙන් මෙලෙස ඒ ආශ්‍රීතව ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වන්නේය.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශව 13ක් විසින් ඊයේ (12) දිනයේ අදාළ පෙත්සම් ගොනුකර තිබුනේය.

    අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම්වලට අදාළ කරුණු දැක්වීම එම නීතිඥවරුන් විසින් ඊයේ දිනයේ සිදුකළ අතර අද දිනයේදී නීතිපතිවරයා විසින් ඒ පිළිබද කරුණු දැක්වීමට නියමිතයි.

    adaderana.lk