ශ්‍රේෂ්ඨාධිකරණය ජනපති නියෝගයක් අත්හිටුවයි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය ඊයේ (05) අතුරු නියෝගයක් නිකුත් කළේය.

    මෙම අතුරු නියෝගය ලබන 24 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත් කරනු කර ඇත.

    මෙම රෙගුලාසි ක්‍රියාත්මක වීම වළක්වා ලන අතුරු නියෝගය නිකුත් කරන්නැයි ඉල්ලා මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් සලකා බලමින් ශේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝග නිකුත් කළේය.

    මුර්දු ප්‍රනාන්දු , යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලිණි.

    මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වන රුවන් ලක්නාත් ජයකොඩි , කවින්ද්‍යා ක්‍රිස්ටෝපර් තෝමස්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු හා ශිරාන් සනුර නමැත්තන් ගොනු කොට ඇති මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ සිටී.

    පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් කියා සිටින්නේ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 12 වැනි දින නිකුත් කරන ලද අංක 2218/68 /2021 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් එම පනතේ 27 වැනි ඡේදය යටතේ අංක 01 නමින් “ දැඩි අන්තවාදි මතවාදයන්ගෙන් මුදාගැනීම් නමින් රෙගුලාසියක් ප්‍රකාශයට පත් කර ඇති බවය.

    මෙම රෙගුලාසි යටතේ ඔනෑම පුද්ගලයකු අධිකරණ ක්‍රියාවලියකින් තොරව අත්අඩංගුවට ගෙන, පුනරුත්ථාපනයට යොමු කළ හැකි බවද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

    මේ හේතුවෙන් පුද්ගලික නිදහසට දැඩි ලෙස තර්ජන එල්ල වන බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් කියා සිටිති.

    මෙම රෙගුලාසි හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 ,11 , 12.1 ,12.2 , 13.1 ,13.2 , 13.4 , 13 .5 ,13.6 ,13.1 (ආ) , 14.1 (ඈ) සහ 17 යන වගන්තී සෘජුවම උල්ලංඝනය වන බැවින් , මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , තමන්ගේත් රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩ වන බවට ප්‍රකාශ කරන ලෙසත් , මෙම රෙගුලාසිය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් ලෙසත් පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.

    Source: https://www.lankadeepa.lk/news/ශ්‍රේෂ්ඨාධිකරණය-ජනපති-නියෝගයක්-අත්හිටුවයි/101-596419
     
    • Like
    Reactions: hasithayad

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , තමන්ගේත් රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩ වන බවට ප්‍රකාශ කරන ලෙසත් , මෙම රෙගුලාසිය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් ලෙසත් පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති

    Bomba gahannath nidahasa denna one :P
     
    • Haha
    Reactions: Kodiya97

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,271
    113
    අදිකරණය ස්වාධීන නෑ කියල කව්ද කියන්නෙ? :unsure: :unsure: :unsure:
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    පුනරුත්ථාපනය කරන්න ඕනේ නෑ සහරාන්ව සුදු වෑන් එකකින් ගෙනිහින් අංගොඩ දැම්මනන් ඇති......
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මෙම රෙගුලාසි යටතේ ඕනෑම පුද්ගලයකු අධිකරණ ක්‍රියාවලියකින් තොරව අත්අඩංගුවට ගෙන, පුනරුත්ථාපනයට යොමු කළ හැකි බවද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.


    මේකනම් මූ චීනේ කොපි කරලා කරන්න හදපු වැඩක්..චීනේ හොංකොං වලට දාපු security law ඵකෙත් මේ වගේම දෙයක් තියෙන්නෙ..මේකෙ තියෙන භයානකකම ලංකාවේ ඉන්න බයි ගොබ්බයොන්ට නම් තේරුම් ගන්න බෑ.උන් හිතයි දැන් අධිකරණයෙන් ගෝඨාබයට රට හදන්න දෙන්නෙ නෑ කියලා..ඕනම පුද්ගලයෙක් කියන්නෙ අන්තවාදියෙක්, ත්‍රස්තවාදී අදහස් තියෙන ඵකෙක්ම නෙමෙයි.උඹලට මට වුනත් ඒක අදාලයි..ඒ කියන්නෙ රජයට විරුද්ධව උද්ඝෝෂණ කරන රජයට විරුද්ධව මත පල කරන උන්වත් ඔය වගේ අරෙස්ට් කරන්‍න පුළුවන්.ඒක තමා ප්‍රධානම අරමුණ..ඕක නිසා තමා චීනෙන් හොංකොං වලට security law ඵක දැම්මට පස්සෙ ගොඩක් උන් ඒ රටිනුත් ගියේ, අැමරිකාවෙන් හොංකොං වලට sanction දැම්මේ..

    මූ ලංකාවත් චීනේ කරන්න යන්නෙ ටික ටික.චීනෙන්ම දෙන්න අැති අයිඩියා ඵක..කොරෝනා වලින් කෙලවෙලා ඉන්න වෙලේ ඕක ගේන්න අැත්තෙ වැඩේ කරගන්න.මේ වගේ වෙලාවක ඕක ගෙනාවොත් ලේසි වෙයි කියල හිතල වෙන්න අැති..මිනිස්සු පණ බේරගන්න ට්‍රයි කරනව මිසක් ඕවා ගැන හොයන්න වෙලාවක් නෑනේ..
     
    • Like
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,393
    113
    දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි

    දැඩිද නෝමල්ද කියල තීරණය ගන්න කෙනා මතනෙ ඩිපෙන්ඩ් වෙන්නෙ. මේ වගේ ලිමිට් නැති නීති වලට ආවැඩුව වගේ නෙවෙයි තමන්ට කැරකිච්ච වෙලාවට.
     
    • Like
    Reactions: topkollek

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,124
    113
    Kottawa
    අන්තිමේදි දෙමලට බාරදෙන්න උනා අපේ මානව හිමිකම් රකින එක :sick:

    I See You Ryan GIF by Yellowstone


    - senal
     
    • Haha
    Reactions: topkollek

    Similar threads