ශාප ලත් දියමන්තිය

ben

Member
Nov 17, 2006
268
27
0
Dehiwala
ශාප ලත් දියමන්තිය

හෝප් ශාප ලත් දියමන්තියක්‌ද?
hope.jpg


පුරාවෘත්තයට අනුව සැලකෙන්නේ හෝප් දියමන්තිය එහි අයිතිකරුට අවාසනාව ගෙන එන බවටයි. මීට වසර 58 කට පෙර ස්‌වභාවික ඉතිහාසය පිළිබඳ ස්‌මිත්සෝනියන් ජාතික කෞතුකාගාරය මේ මහානුභාවසම්පන්න නිල් පාට දියමන්තිය තම කෞතුක භාණ්‌ඩ එකතුවට එකA කර ගත්තා. මේ තාක්‌ කාලයක්‌ කෞතුකාගාරයේ කල දවස හොඳින් ගෙවී යාම නිසා තමන් හෝප් ශාපයෙන් නිදහස්‌ බවක්‌ පෙනී යන්නේ යෑයි ඔවුන් තම වෙබ් අඩවියේ දක්‌වනවා.

ඇත්තටම හෝප් ශාපලත් දියමන්තියක්‌දැයි සොයා බැලීමෙදි එය අයිතිකර ගත් තැනැත්තන් මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම් පිළිබඳ පුවත් රාශියක්‌ තිබෙනවා. විද්වතුන් නම් විශ්වාස කරන්නේ එම කතාවලින් බොහොමයක්‌ අලෙවියකදි හොඳ වටිනාකමක්‌ ඇති කිරීමට ගලේ විවිධ අයිතිකරුවන් විසින්ම වරින් වර ගෙතූ ඒවා විය හැකි බවටයි. ශාපයෙ ආරම්භය ලෙස වඩාත් ප්‍රචලිතව ඇති පුවතම එයට නිදසුනකි. ඒ කතාවට අනුව මුල් දියමන්තිය 1653 දී ෂොන් බැප්ටිස්‌ට්‌ ටැවනියෙ නම් ප්‍රංශ වෙළෙන්දෙකු ඉන්දියාවේ දේව ප්‍රතිමාවක ඇසකින් ගලවා ගත්තකි. ඒ අපරාධය නිසා පසු කාලයේ ඔහුට බල්ලන්ගේ සපා කෑමට ලක්‌ව අවාසනාවන්ත මරණයක්‌ අත් විඳින්නට වූයේ යෑයි පැවසෙනවා. නමුත් එය මිත්‍යා කතාවකි. ඔහු ප්‍රංශයට ගොස්‌ හොඳ මිලකට 14 වන ලුවී රජුට එය විකූණා ඇති අතර විශ්‍රාමයාමෙන් පසුව රුසියාවෙදී සාමාන්‍ය මරණයකට මුහුණ දී ඇත. කිසිවෙකුත් ඒ කියන දේව ප්‍රතිමාව සොයා ගෙන නැති නිසා සහ අනෙක්‌ ඇසේ ගල ගැන සඳහනක්‌ නොවන නිසා මේ වෙළෙන්දාගේ කතාව සම්බන්ධයෙන්ද විද්වතුන්ට ප්‍රශ්න පවතී.

දියමන්තියෙ අයිතිකරුවෙකු ලෙස 14 වන ලුවී රජු සම්බන්ධයෙන් විපතක්‌ දකින්නට නොලැබෙනවා. නමුත් ඔහුගෙන් පැවතෙන්නෙකු වූ 16 වන ලුවී රජු දියමන්තියෙ උරුමක්‌කාරයා වූ විට ඒතරම් වාසනාවන්ත වී නැහැ. ප්‍රංශ විප්ලවයේදි ඔහු සහ දේවිය වූ මාරි ඇන්ටොයිනට්‌ රැජිනගේ හිස්‌ ගසා දමනු ලැබුවා. දියමන්ති ඇතුළු රාජ්‍ය ආභරණ සොරුන් විසින් කොල්ලකනු ලැබුවා.

ඉන්පසු නැවත දියමන්තිය එළියට පැමිණියේ දශක දෙකකට පසුවයි. ඒ මුල් ගලින් කැපූ ගලක්‌ ලෙසිනි. ලන්ඩනයෙන් මතු වූ එය 1839 දී හෙන්රි පිලිප් හෝප් මිලදී ගත්තා. දියමන්තියට හෝප් යන නම ලැබුණේ ඉන් පසුවයි. ගලේ ශාපය හෙන්රිව අත හැරියත් ඔහුගෙන් පැවත එන්නෙකු වූ ෆ්රැන්සිස්‌ හෝප් සාමිවරයාගෙන් පලිගත්තා. ඔහු ගලේ අයිතිකරු වූයේ වයස අවුරුදු 21 දියි. ෆ්රැන්සිස්‌ හෝප් සාමිවරයා ඇමෙර්කානු නාට්‍යකාරියක හා විවාහ වී පමණට වඩා වියදම් ජීවිතයක්‌ ගත කළ අයෙකු වුණා. ඒ නිසාම සියළු දේ නැති වී දියමන්තියද විකුණා අවසානයේ බංකොලොත් වුණා. ඔහුගේ බිරිඳද ඔහු හැර ඔහුගේ විරුද්ධකරුවකු හා ගොස්‌ තිබුණා.

ඉන්පසු හෝප් දියමන්තිය කීප දෙනෙකුගෙම අතට මාරු වී ඇමෙරිකානු මැණික්‌ වෙළෙන්දෙකු වූ පියරෙ කටියෙ අතට පත් වුණ අතර දියමන්තියෙ ශාපය ඔහුව අත හැරිය බවක්‌ පෙනෙනවා. සමහර ශාප කතාවන් දියමන්තියෙ අලෙවිය වෙනුවෙන් ඔහු ගෙතූ

ඒවා යෑයි ඉතිහාසඥයන් සැක කරනවා. 1912 දී ඔහුගෙන් හෝප් දියමන්තිය මිලදී ගත් වොෂින්ටනයේ ධනවත් සුරූපිනියක වූ එවලන් වොල්ෂ් මැක්‌ලීන් එතැන් පටන් අවාසනාවන්ත විපත් වලට මුහුණ දුන්නා. ඇගේ පුතා රිය අනතුරකින් මරණයට පත් වුණ අතර දුව දිවි නසා ගත්තා. ඇගේ සැමියා ඇය අතහැර වෙනත් ගැහැණියක හා ගිය අතර අවසානයේ ඇයට උන්මත්තකාගාරයකට යාමට සිදුවුණා. ස්‌මිත්සෝනියන් කෞතුකාගාරය පෙන්වා දෙන පරිදි අන් හැමෝටම වඩා හෝප් දියමන්තියේ කල්පිත ශාපය හුවා දක්‌වන්නා බවට එවලන් වොල්ෂ් මැක්‌ලීන් පත් වී තිබෙනවා.

මැක්‌ලීන් වතුයායෙන් හෝප් දියමන්තිය මිලදී ගත් මැණික්‌ වෙළෙන්දෙකු වූ හෙන්රි වින්ස්‌ටන් 1958 දී එය ස්‌වභාවික ඉතිහාසය පිළිබඳ ස්‌මිත්සෝනියන් ජාතික කෞතුකාගාරයට විකූණූ අතර ශාපයෙන් මිදී සිටීමටද සමත් වුණා. හෝප් දියමන්තිය නිසා කෞතුකාගාරයෙද ප්‍රසිද්ධිය වැඩි වී තිබෙනවා. කොහොම නමුත් කෞතුකාගාරයට දියමන්තිය රැගෙන ගිය තැපැල්කරුගේ ජීවිතය අවුල් වූ බව වාර්තා වෙනවා. ඔහු මාරාන්තික නොවන නමුත් රිය අනතුරකට මුහුණ පෑවා. එයින් කෙටි කලකට පසු ඔහුගේ බිරිඳ සහ බල්ලා මිය ගිය අතර නිවසද ගිනි ගැනීමට ලක්‌ වුණා.

ඉන්පසු මේ වෙනතෙක්‌ අවාසනාවන්ත සිදුවීමක්‌ වාර්තා නොවූයේ සමහර විට හෝප් දියමන්තියෙ ශාපය අවසාන වී තිබෙන නිසා වන්නට පුලුවන්. එහෙමත් නැතිනම් ඇත්තටම එවැනි ශාපයක්‌ නැති නිසා වන්නටත් පුලුවන්. වාර්තා වී ඇති විපත් දියමන්තිය හා සම්බන්ධයක්‌ නැති ඒ අයගේම ජීවිත වල අවාසනාවන්ත සිදුවීම් සහ ඒ අතරට එක්‌ කළ ගෙතූ කතාවන් වීමටද හැකියාවක්‌ තිබෙනවා. කොහොම නමුත් මේ කථා දියමන්තියෙ වෙළඳ වටිනාකමට නම් වාසියක්‌ වී තිබෙනවා. අද එහි වටිනාකම ඩොලර් බිලියන කාල ඉක්‌මවනවා.
hope1.jpg


නිල්මිණි රාජපක්‍ෂ රදලගේ
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බොහොම ස්තූතියි සහෝ මේ දැනුම අපිත් එක්ක බෙදා ගත්තට ඒත් පොඩි අඩු පාඩුවක් දැක්කා.මෙච්චර කතා කරපු දියමන්තියේ පොටෝ කෑල්ලකුත් ත්‍රෙඩ් එකේ තිබුණ නම් වටිනාකම තවත් වැඩි වෙයි නේද..

    කොහොමත් දියමන්ති වල ආරම්භය හරිම අවාසනාවන්ත කතා ජීවීත කීයක් නම් නැති වෙලා ඇතිද.. මට නම් දියමන්ති කියපු ගමන් ඔළුවට ඉස්සෙල්ලම එන්නේ සොලමන් රජුගේ දියමන්ති ආකර ගැන ලියවුණු කතාවයි Blood Diamond ‍ෆිල්ම් එක යි තමා.

    බොහොම ස්තූතියි..