මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා වඳ සැත්කම්වලට සම්බන්ධය යනුවෙන් දිවයින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයක් 2019 වසරේ පාස්කු ප්‍රහාරයට සති කිහිපයකට පසු පළවිය. රට පුරා ඉස්ලාම් ආගමික සිද්ධස්ථානවලින් කඩු මතු වූයේ ද, විවිධ වහබ්වාදී අන්තවාදීන් පිළිබඳ තොරතුරු මතු වූයේ ද මෙම සමයේ ය. එවන් කාල වකවානුවක මෙවන් ප්‍රවෘත්තියක් ජාතික පුවත්පතක ප්‍රධාන ශීර්ෂ පාඨය යටතේ පළවීම සියලූදෙනාගේ අවධානය යොමු වූ කරුණක් විය. මේ පුවත පළ වී දින කිහිපයකට පසු මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා අත්අඩංගුවට පත්විය. පාස්කු ප්‍රහාරයෙන් සති දෙකකට පමණ පසු ඔහුගේ ගිණුමට රුපියල් මිලියන 400 ක පමණ මුදලක් එක් වරම ලැබී ඇති බව සඳහන් විය. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චුදිතයකු සතුව ක්‍රෙඩිට් කාඩ් 10 ක් තිබුණු අතර ඒවා මොහොමඩ් ෂාෆි ගේ නමට ලබා ගත් ඒවා බවට හෙළිදරව් විය. දැඩි ඉස්ලාම් අන්තවාදීන් තමන්ගෙ නළලේ කළු පැහැති ලප දෙකක් බිම නැමදීමෙන් ඇතිකරගන්නා බවත් ෂාෆි ද එවැනි පුද්ගලයෙකු බවත් සමාජයේ අදහස් පළ විය. වැඩිදුර පරීක්ෂණ සඳහා ෂාෆි වෛද්‍යවරයා ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට පත්විය. මේ සමගම කුරුණෑගල ශික්ෂණ රෝහල මූලික විමර්ශනයක් ඇරඹූ අතර එම විමර්ශනයෙන් පහත කරුණු හෙළිදරව් විය.
2109.05.25 දින සිට 2019.06 22 දක්වා ෂාෆිගේ සැත්කම්වලින් පසු ප්‍රශ්න පැන නැගි බවට පැමිණිලි කල මව්වරුන් ගණන 767 කි. ඉන් එක් අයකු හැර අන් සියල්ල සිංහල මව්වරුන්ය. එකක් මුස්ලිම් කාන්තවකගෙනි. ඇයගේ ද සැමියා සිංහලය. කුරුණෑගල රෝහලේදී ඔහු සීසර් සැත්කම් 4372 සිදු කර ඇත. ඉන් 3479 (80%) සිංහල මව්වරුය. 860 මුස්ලිම්ය. 33 ක් දෙමළය. සිංහල මව්වරුන්ට සහ මුස්ලිම් මව්වරුන්ට සීසර් සැත්කම් කිරීමේදී සිංහල මව්වරුන්ට ඉතා අඩු කාලයකදී සැත්කම සිදු කරයි. සිංහල මව්වරුන්ගේ ගර්භාෂ බිත්තිය මසන්නේ මැහුම් ස්තර 1 කිනි. මුස්ලිම් මව්වරුන්ට මැහුම් ස්තර 2 ක් හෝ එක ස්තරයක් සමග අමතර මැහුම් යොදයි. සැත්කමෙන් පසු අනික් වෛද්‍යවරු නොකරන අයුරට රළු ආකාරයට ගෝස් ටවල් යොදා ගෙන පෙරිටෝනියම් කුහරය පිරිසිදු කරයි. මේ රළු ක්‍රියාදාමය නිසා සැත්කම්වලින් පසු මුත්‍රා වාහිනී හානිවීම්, ගර්භාෂ ඉවත්කිරීම්, පසු ප්‍රසව රුධිර වහනයවීම් අනෙක් සීසර් සැත්කම්වලට සාපේක්ෂව බෙහෙවින් වැඩිය.
ඒ සමඟම මෙම කාරණය පිළිබඳ වහා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස කුරුණෑගල ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා සහ මහජනතාව ඉල්ලීමක් කළේය. අතුරලියේ රතන හිමි, විමල් වීරවංශය, චන්න ජයසුමන, උදය ගම්මන්පිල, සරත් වීරසේකර ඇතුළු පිරිසක් ද එවන් පරීක්ෂණයක් කඩිනම්ව කරන ලෙස ඉල්ලීම් කළේ ය. මුලික පරීක්ෂණයෙන් මෙවන් කාරනා හෙළිදරව් වී තිබියදී ජාතික සංවිධාන සමග දීර්ඝ කාලයක් කටයුතු කල වෛද්‍ය විද්‍යාව ගැන මහාචාර්යවරයකු වූ චන්න ජයසුමනට මේ ගැන සිය අදහස පවසන මහා සංඝරත්නය සහ ලෙස ජාතික සංවිධාන ඉල්ලා සිටියහ. ඔහුගේ අදහස වුයේ වෛද්‍යවරු විසින්ම සිදු කර ඇති මුලික පරීක්ෂණයෙන් හෙළිදරව් වී ඇති තොරතුරු සත්‍යනම් එය දරුණු අපරාධයක් බවත්, මේ ගැන නිසි විමර්ශනයක් කර වැරදිකරුවන්ට දඩුවම් ලබා දිය යුතු බවත්ය.
මේ කරුණු ජනමාධ්‍යවල ප්‍රසිද්ධ වීමත් සමග කුරුණෑගල ප්‍රදේශයේ මව්වරුන් ගණනාවක් ෂාෆි වෛද්‍යවරයා පිළිබඳව පොලිසියට පැමිණිලි කරන්නට විය. සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියද රතන හිමි-විමල්-උදය චන්න-සරත් ඇතුළු කණ්ඩායමේ කිසිවකු හෝ මව්වරුන්ට බලපෑමක් කළ බව දැනගන්නට නැත. ඔවුන් පොලිසියට බලපෑමක් කළ බව ද දැනගන්නට නැත. ඔවුන් රෝහලේ සිදුකළ පරීක්ෂණයට බලපෑමක් කළ බව ද දැනගන්නට නැත. එවන් බලපෑමක් කරන්නට එකල ඔවුන්ට දේශපාලන බලයක්ද නොවීය. සෞඛ්‍ය ඇමති වුයේ රාජිත සේනාරත්නය.
පාස්කු ප්‍රහාරය එල්ල වූ තිබූ වටපිටාවක, පල්ලිවලින් කඩු මතු වෙමින් තිබූ වටපිටාවක, මව්වරු සිය ගණනක් පැමිණිලි කර තිබු වටපිටාවක, මූලික විමර්ශණයෙන් භයානක කරුණු හෙළිදරව් වී තිබු පසුබිමක, ෂාෆි මුල්‍ය විශුද්ධිකරණ චෝදනාවට ලක් වූ වටපිටාවක, පොලිස් පරීක්ෂණ කටයුතු සඳහා පැමිණෙන විට ෂාෆි නිවසේ CCTV කැමරා දර්ශන සියල්ල මකා දමා තිබු පසුබිමක. එවකට පැවති රජය ඔහුව ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. මෙවන් චෝදනාවක් එල්ල වූ වෛද්‍යවරයෙක් වැඩ තහනම් කළ යුතු වුව ද වැඩ තහනම් නොකර අනිවාර්යෙන් නිවාඩු යැවීය. පරීක්ෂණ භාරව සිටි CID නිලධාරියකු විශ්මයජනක ලෙස ෂාෆිට ඇප ලබා දීමට කටයුතු කළේය. මෙවන් වටපිටාවක සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ස්වාමීන්වහන්සේලා සහ රතන හිමි-විමල්-උදය චන්න ඉල්ලීමක් කෙරේ නම් එහි කිසිදු වරදක් හෝ අසාධාරණයක් නැත.
ය යුතු නැත.
@2osama waren ponnaya